Translate

Translate

Thursday, March 6, 2014



අධිවේගී මාර්ගයේ ලයිට්‌ වී ගොවිතැනට වින කරයි
ගල්පාත - සෝමවීර අමරසේකර 

දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුම අසල ඇති ගැලනිගම වෙල්යායේ ගොයම් පිදීම හතර ආකාරයකට සිදුවෙන බැවින් ගොවීන් විශාල කරදරයකට මුහුණ දී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

ඉතා සශ්‍රිකව පැවැති මෙම වෙල්යායට මෙම කළ දසාව ලැබුවේ මීට වසර කීපයකට ආසන්න කාලයකදී බව ඔවුහු පවසති. සමහර ගොයම් පැසී අවසන් වීමත්, තවත් තැනක අඩක්‌ පීදුනු ගොයම් ද තවත් තැනක පිදීමට ආසන්න ගොයම් ද ඇති බවත් පැවැසීය.

මෙම වෙල්යායට සමාන්තර අධිවේගී මාර්ගය ඉදිවී ඇති අතර මාර්ගය අසල කුඹුරුවල ගොයම් තවමත් තද කොළ පාටින් ද, මාර්ගයට ඈත් වන්නට ඈත්වන්නට ගොයම් ඉතාමත් දුඹුරු පාටින් ද දිස්‌වෙමින් තිබෙන බව දැක ගත හැක. මේ නිසා ගොයමට නොයෙක්‌ කෘමි උවදුර ඇති වීමටත් ඒවාට විශාල ලෙස මුදල් වියදම් කිරීමටත් වී බොල් වීමත්, ඔවුන් මුහුණ දී ඇති ගැටලු බව පෙන්වා දෙති. මීට අමතරව එකවර ගොයම් කපා ගැනීමට නොහැකි බවද ප්‍රකාශ වෙයි.

ගොවින් මේ පිළිබඳව සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දී ඇති අතර ගොවීන් දැනුවත් කර ලයිට්‌ එළිය වැටෙන හරියේ වී වර්ග තුනක්‌ වපුරා අත්හදාබැලීමක්‌ කර ඇත. ඒ ක්‍රමයෙන් වැඩක්‌ වී නැත. ගොවින් පවසන්නේ කුඹුරුවලට මේ කරදරය සිදුවූයේ පාරට ලයිට්‌ දාපු දවස්‌වල ඉඳළයි.

No comments:

Post a Comment