Translate

Translate

Tuesday, March 25, 2014

මළ පසු කළ යුතු දේ මර්වින් කියයි

තමන් මිය ගිය දිනක භෂ්මාවශේෂ තැන්පත් කළ යුතු ස්මාරකය ඉදිකිරීම මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා බොරැල්ල කනත්තේ දී අද ඇරැඹීය.
තමන් මිය ගිය පසු භෂ්මාවශේෂ වලින් කොටසක් උපන් ගම වන බෙලිඅත්තට ද, තව කොටසක් කැලණිය රජ මහා විහාරය අසලින් කැලණි ගඟේ පා කළ යුතු බවත්, අනෙක් කොටස බොරැල්ල කනත්තේ තැන්පත් කළ යුතු බවත් ඔහු තම ඥාති හිතමිතුරන්ට උපදෙස් දුන්නේය.
මීට වසර කීපයකට පෙර මිය ගිය මව වන කුසුමාවතී සිල්වා මහත්මියගේ භෂ්මාවෂේෂ ද කනත්තේ තැන්පත් කැරිණි.
ප්‍රියතම ගායක එච් ආර් ජෝතිපාලගේ ස්මාරකය අසලින් ඔහුගේ ස්මාරකය ඇත.
පිටිදූවේ සිරිධම්ම හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ කිහිප නමක් ද වැඩ සිටියහ.

No comments:

Post a Comment