Translate

Translate

Saturday, March 29, 2014

අපට ගැළපෙන සංහිඳියාවක් ගේනවා

ඇමෙරිකාවට ඕනෑ විදියට නොවේ

අපට ගැළපෙන සංහිඳියාවක් ගේනවා

ජනපති කියයි
ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ඇමෙරිකාව ලංකාවට විරුද්ධව ඉදිරිපත් කළ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කරන නමුත් අපි අපේ රටේ අපටම ගැළපෙන ක්‍රමවේදයක් අනුව සංහිඳියාව ඇතිකර ගැනීමට කටයුතු කරන්නේ යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියයි.
ඒ එෆ් පී පුවත් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත අමල් ජයසිංහ මහතා සමඟ සිදුකරන ලද සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් දක්වා සිටියේය.
27 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් සමුළුවේදී යෝජනාව සම්මත කරගැනීම ගැන අදහස් දක්වමින් ජනාධිපතිතුමා මෙම ප්‍රකාශය කළේය.
මානව හිමිකම් කවුන්සිලය අපට විරුද්ධව ලබා ගත් මේ තීන්දුව නිසා අපි සැලෙන්නේවත් අධෛර්යයට පත් වන්නේවත් නැතැයි ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර සිටියේය.
ඇමෙරිකාව අපට විරුද්ධව මේ යෝජනාවට යුරෝපා ඡන්ද එකතු කරගෙනයි සටන ඇරැඹුවේ. අපි පටන්ගත්තේ බින්දුවෙන්. කොහොම නමුත් අපි අපේ රටේ අපටම ගැළපෙන හා රටට සුදුසු ක්‍රමවේදයක් අනුව සකස් කර ගත් සංහිඳියාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. මේ සංහිඳියා කටයුතුවලදී අපි අපට අපේ රටට විසඳුම් ලැබිය යුතු කෙටි කාලීන මධ්‍ය කාලීන ප්‍රශ්න විසඳාලමින් තවදුරටත් එම ප්‍රශ්න විසඳමින් කටයුතු කරනවා. දිගුකාලීන ප්‍රශ්න විසඳුම්වලටත් අප ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ඉන්දියාව මෙවර අපට ගියවර මෙන් විරුද්ධ නොවී මධ්‍යස්ථව කටයුතු කිරීම ගැන සතුටු වන බව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇත.

No comments:

Post a Comment