Translate

Translate

Wednesday, February 12, 2014

වෑවලදෙනියේ රාජා මියයයි
සිරිල් විමලසුරේන්ද්‍ර
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව කලක්‌ වැඩම කළ 'වෑවලදෙනියේ රාජා' ඇතා අඟහරුවාදා ඊයේ (11 දා) අලුයම මිය ගියේය.

මහනුවර පල්ලේකැලේ ශ්‍රී දළදා මාලිගාව ඇත් පංතියේදී ප්‍රතිකාර ලබමින් සිටි රාජා ඇතා මියගොස්‌ තිබේ.

කලක්‌ රෝගාතුරව සිටි ඇතා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස්‌ මත පශු වෛද්‍ය විශේෂඥයන් විසින් ප්‍රතිකාර ලබා දෙන ලදී.

වෑවලදෙනිය "රාජා" ශ්‍රී දළදා මාලිගාව වාර්ෂික ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කිරීමට තරම් සුදුසු ඇතුන් කීපදෙනා අතර සිටි එක්‌ ඇතෙකි.

"රාජා" ඇතා කෑගල්ල වෑවලදෙනිය පුරාණ විහාරස්‌ථානාධිපති හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගේ භාරයේ සිටියදී ශ්‍රී දළදා මාලිගාව ඇත් පංතියට ලබා දී ඇත.

වෑවලදෙනියේ "ඇතා" කුඩා අවදියේදී එවකට අමාත්‍ය පදවියක්‌ දරමින් සිටි පී. බී. ජී. කලුගල්ල මහතා විසින් වෑවලදෙනිය පුරාණ විහාරාධිපතිව වැඩ විසූ තාඹුගල ශ්‍රී සෝරත නාහිමියන් වෙත පූජා කළ බව පැවසේ. ඇතා පූජා කිරීම 1974 වර්ෂයේදී සිදු වූ බව සඳහන්ය.

"රාජා" ඇතා මහනුවර ඇසළ පෙරහැරේ ගමන් කිරීම 1976 සිටම වසරක්‌ පාසා ගමන් කර ඇත. දියවඩන නිලමේ පදවිය දරමින් සිටි අභාවප්‍රාප්ත ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ සමයේ සිට හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න සහ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන්ගේ පදවි කාලයන්හි ද මහනුවර ඇසළ පෙරහැරේ ගමන් කිරීමේ වාසනාව "රාජා" ඇතා හිමිකරගෙන සිටියේය.

දළදා මාලිගාව පෙරහැරේ විවිධ ස්‌ථානවල මෙන්ම දැලේ ගමන් කිරීමේ සහ ධාතු කරඬුව වැඩම කරමින් උඩුවියන් යට හා පාවාඩ මත බැතිමතුන්ගේ සාධු හඬ මධ්‍යයේ ගමන් කිරීමේ වාසනාව "රාජා" ලබා සිටියේය.

වෑවලදෙනියේ "රාජා" ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහනුවර පල්ලෙකැලේදී ඊයේ (11 දා) පස්‌වරුවේ සිදුවිය.

No comments:

Post a Comment