Translate

Translate

Saturday, March 29, 2014

SL will do the right thing despite the arm twisting: GL Solid backing from Asia

Of the 13 Asian countries in the UN Human Rights Council, only the Republic of Korea voted in support of the US-sponsored resolution calling for an investigation by the office of the UN High Commissioner for Human Rights on accountability issues during Sri Lanka’s war between 2002 and 2009, External Affairs Minister G.L. Peiris noted on Friday.

Peiris stressed that what had happened was not at all helpful, making a difficult situation more difficult. But that’s not going to stop Sri Lanka from doing the right thing because of arm twisting.

``Of the 36 countries co-sponsoring the resolution, 31 were from Europe and two from North America. Australia and New Zealand, though invited to co-sponsor, declined,’’ Peiris said. ``Of the 13 African countries in UNHRC, only four voted in favour. Of the 13 European countries in the Council, only the Russian Federation voted against.’’

Peiris also said that the degree of pressure that had been exerted, particularly by the US and the UK, in drumming up support for the US resolution was ``unbelievable.’’ The voting pattern had very little to do with the Sri Lanka situation and was all about bilateral relations. ``It was horrendously and obviously politicized.’’

On the plus side, countries like India and Japan had abstained. Members of the Gulf Cooperation Council had been supportive with Saudi Arabia and the UAE voting against and Kuwait abstaining.

There had been compelling objection to the inclusion of paragraph 10, the crux of the resolution, and the decision to press the matter to a vote proved correct. India and Indonesia joined those who wanted Para 10 out with the voting 23 for and 14 against with 10 abstentions. Thus the `nays’ plus the abstentions was ahead of the `ayes.’

Asked what Sri Lanka would do if investigators want to come here for their work, the minister said ``we’ll react when the time comes.’’

All this could have been resolved very easily if we were willing to have an inquiry ``that would yield the result they desire,’’ the minister said. He stressed that the way India voted meant a lot to us. ``They had the courage of their convictions. We appreciate that.’’

Peiris described the resolution as ``absolutely obnoxious from several points of view’’ with implications going far beyond the Sri Lanka situation. The UN Human Rights Commissioner has been authorized to carry out an investigation into a country which had never been the case before.

The original draft resolution called for an investigation to be ``led’’ by Navi Pillay’s office. But later the word ``led’’ was dropped the high commissioner had been mandated to investigate.

There was no budget in UNHRC for such an investigation and, as pointed out by Pakistan, if the money for this purpose was coming from those who were sponsoring the resolution, it would be ``tainted.’’

``It’s very unhealthy,’’ Peiris said. ``Lot of the money comes from the people who are pursuing us.’’

(The Council was told that allocations from the existing budget would be requested to fund the exercise which is estimated to cost well over a million US dollars.)

The minister accused Pillay of already having made up her mind and without any compunction said as much for all the world to hear.

Within weeks of the war ending there had been strident calls for international investigations which had been repeated at regular intervals. It had been pointed out to Pillay that she was on the record saying that Sri Lanka had acted ``under the guise of terrorism’’. She had first said she couldn’t have said that but when confronted with her own statement had indicated that she had been in New York when that statement was issued.

When the high commissioner’s report last year was circulated, Sri Lanka’s comments were included as part of the document. This year, Pillay’s office had refused to follow this procedure and when the precedent was point out, had said that what happened last year was a mistake.

60% - 63% voter turnout at Western and Southern PC poll below expectations

By Franklin R. Satyapalan

With polling closing at 4 pm yesterday, the average turnout of voters to elect representatives to the Western and Southern Provincial Councils was in the range of 60% to 63%, elections secretariat sources said.

"There is no precise percentage that can be arrived at soon after voting closes, but this figure is the closest we can come to on a general assessment of the voting pattern", a senior officials said.

The election was largely peaceful with no major incidents reported from the two provinces, police and election officials said.

Voting was relatively less enthusiastic and below expectations, the election sources said.

Elections Commissioner, Mahinda Deshapriya said that except for a few minor sporadic incidents, the PC elections were concluded on a peaceful note in the six districts of the Southern and Western provinces.

Additional Commissioner Elections (Provincial and Local ) R. N. A. L. Ratnayake said the official announcement on the results of the Preferential (PR) votes of individual candidates would be announced by Monday morning.Ballot boxes, sealed in the presence if Chief Presiding Officers (CPO’s) and agents of political parties and independent groups, were transported under armed police security to the 549 counting and 59 postal counting centers.

Deputy Elections Commissioner (Administration) M. M. Mohammed said that the main counting centers in the Colombo district were Royal College, D. S. Senanayake and Isipathana Vidyalaya. The counting of postal votes started at 5.30 pm yesterday.

A total 102 members will be elected from the three districts of the Western Province — 40 each from the Colombo and the Gampaha districts and 22 from the Kalutara district.

The party which receives the highest number of votes in the two provinces would receive two bonus seats. This means the Western Provincial Council would comprise 104 members and the Southern Provincial Council 55 members.

Altogether, 53 members will be elected from the Southern Province — 22 from Galle, 17 from Matara and 14 from the Hambantota district.

ඉන්දියාව ඡන්දෙ නොදෙන බව කී පුවත සැබෑ වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ගෙනෙනු ලබන යෝජනාවට ඉන්දියාව විරුද්ධ වන බවට සිළුමිණ දින 53 කට කලින් පළ කළ පුවත සැබෑවක් වී ඇත.
දෙස් විදෙස් මාධ්‍යයන් ඇමෙරිකානු යෝජනාවට ඉන්දියාව ඡන්දය දෙනු ඇතැයි පසුගිය බදාදා දක්වාම අනාවැකි පළ කරමින් සිටියදී 2014 පෙබරවාරි මස 02 දා සිළුමිණ පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් මෙම යෝජනාවේදී ඉන්දීය විරෝධය මතුවෙනු ඇතැයි වාර්තා කර තිබිණි.
මේ අනුව ජිනීවා හි මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ඉකුත් 27 වැනිදා පැවැති ඡන්ද විමසීමේදී පකිස්ථානය විසින් ඉදිරිපත් කරන ලද ඇමෙරිකානු යෝජනාවේ 10 වැනි වගන්තිය ඉවත් කළ යුතු ය යන යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඉන්දියාව ඇමෙරිකානු යෝජනාව පිළිබඳ ඡන්ද විමසුමේදී ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ඉන්දියාව මෙවැනි ස්ථාවරයකට එනු ඇතැයි කිසිවෙකුත් නොසිතූ මොහොතක සිළුමිණ පුවත්පත ඇමෙරිකානු යෝජනාව පිළිබඳව ඉන්දීය දේශපාලන නායකයින් මුල සිටම දැක්වූ ප්‍රතිචාරයන් කෙරෙහි විශේෂ විමර්ශනයක් සිදුකර පෙබරවාරි මස 2 වැනිදා මෙම පුවත පළකර තිබිණි.

අපට ගැළපෙන සංහිඳියාවක් ගේනවා

ඇමෙරිකාවට ඕනෑ විදියට නොවේ

අපට ගැළපෙන සංහිඳියාවක් ගේනවා

ජනපති කියයි
ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ඇමෙරිකාව ලංකාවට විරුද්ධව ඉදිරිපත් කළ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කරන නමුත් අපි අපේ රටේ අපටම ගැළපෙන ක්‍රමවේදයක් අනුව සංහිඳියාව ඇතිකර ගැනීමට කටයුතු කරන්නේ යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියයි.
ඒ එෆ් පී පුවත් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත අමල් ජයසිංහ මහතා සමඟ සිදුකරන ලද සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් දක්වා සිටියේය.
27 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් සමුළුවේදී යෝජනාව සම්මත කරගැනීම ගැන අදහස් දක්වමින් ජනාධිපතිතුමා මෙම ප්‍රකාශය කළේය.
මානව හිමිකම් කවුන්සිලය අපට විරුද්ධව ලබා ගත් මේ තීන්දුව නිසා අපි සැලෙන්නේවත් අධෛර්යයට පත් වන්නේවත් නැතැයි ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර සිටියේය.
ඇමෙරිකාව අපට විරුද්ධව මේ යෝජනාවට යුරෝපා ඡන්ද එකතු කරගෙනයි සටන ඇරැඹුවේ. අපි පටන්ගත්තේ බින්දුවෙන්. කොහොම නමුත් අපි අපේ රටේ අපටම ගැළපෙන හා රටට සුදුසු ක්‍රමවේදයක් අනුව සකස් කර ගත් සංහිඳියාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. මේ සංහිඳියා කටයුතුවලදී අපි අපට අපේ රටට විසඳුම් ලැබිය යුතු කෙටි කාලීන මධ්‍ය කාලීන ප්‍රශ්න විසඳාලමින් තවදුරටත් එම ප්‍රශ්න විසඳමින් කටයුතු කරනවා. දිගුකාලීන ප්‍රශ්න විසඳුම්වලටත් අප ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ඉන්දියාව මෙවර අපට ගියවර මෙන් විරුද්ධ නොවී මධ්‍යස්ථව කටයුතු කිරීම ගැන සතුටු වන බව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ රටවල් කිහිපයක් කටයුතු කරන ආකාරය හේතුවෙන් ජාතීන් අතරේ සංහිඳියාව ගොඩනගා ගැනීම අසීරු වී ඇති බව විදේශ ඇමැති ජී.එල්. පීරිස් මානව හිමිකම්. කොමසාරිස් නවී පිල්‍ලේට දන්වා ඇත.
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කටයුතු කරන ආකාරය සහ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව කෙරේ සෘනාත්මක බලපෑමක් ඇතිවන අන්දමින් සොයා බැලීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වෙසෙමින් බෙදුම්වාදී
පිළිවෙතක් වෙනුවෙන් පෙනී සිටින පිරිස් වඩාත් දර දඬු ආකාරයකට කටයුතු කරන බව ඇමැති ජී.එල්.පීරිස් මානව හිමිකම් කොමසාරිස් නව පිල්ලෙට කියා සිටි බව ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
 වෙනත් රටවල මැතිවරණ අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ශ්‍රී  ලංකාව දේශපාලන පාපන්දුවක් සේ යොදා ගැනීම කනගාටුවට කරුණක් බව විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කොමසාරිස්වරියට පෙන්වා දුන් බව තානාපති කාර්යාලය පවසයි.
 දෙමළ ජනතාව බහුලව වෙසෙන විදේශ රටවල දේශපාලනඥයන් එම ජනයාගේ ඡන්ද ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ තත්ත්වය ඔවුන්ට වාසිදායක ලෙස පාවිච්චි කරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම අවධාරණය කර ඇත.
පැතුම් වික්‍රමරත්න

මගේ ඡන්දය කාටද?

මගේ ඡන්දය කාටද?

මගේ ඡන්දය කාටද?

Tuesday, March 25, 2014

තුන්නානට මර බිය


දැන් මේ ගම්වල පිරිමි පුළුටක් නැහැ. ඔක්කෝම බයට ගමෙන් පිටවෙලා හැංගිලා ඉන්නේ. ගම හැමතැනම සීඅයිඞීකාරයෝ. මේ කතා කරන්නෙත් බයෙන්. නම්, ගම් මුකුත් දාන්න එපා. අපිව ත‍්‍රස්තවාදීන්ට අන්ත කරලා තියෙන්නේ.’’
මේ තුන්නාන ගමේ ඇත්තෙකි. වයසක උන්දෙකි. මේ ගම් හතර අතේම ගෙවල්වල සිටිනුයේ වයසක පිරිමි සහ ගැහැනුය. පහළොව දහසයේ තරුණයාගේ සිට සියල්ල ගම හැර ගොස්ය. ඒ ගමේ ප‍්‍රශ්නයට විසඳුම් සොයන්නට ගොස් නැති ප‍්‍රශ්නයක් ඔවුන්ගේ හිස මත කඩා වැටී ඇති නිසාය. බොරැුල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ මරණයත් සමග සියල්ල කණපිට පෙරළී ගොස්ය. කොටින්ම තුන්නාන අවට ගම්මානවල ජනයාට අද සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාටත් වඩා අකරතැබ්බකි.
පහත්ගම, හංවැල්ල, තුන්නාන ප‍්‍රදේශවල මේ දිනවල රජ කරනුයේ අන්ධකාරය මුසු බියකි. හැම නිවසක්ම තම පිරිමි දරුවා, ස්වාමියා රැුගෙන යාදෝ බියකින් වෙලී වෙව්ලයි. අපේ අනන්‍යතාව තුන්හතර පොළකින්ම තහවුරු කොට බැලූවේද එබැවිනි.
‘‘තරහවෙන්න එපා. දැන් අපිට කාවවත් විශ්වාස නැහැ. ඒකයි මාධ්‍ය හැඳුනුම්පත ඉල්ලූවේ.’’ තරුණියක් අපෙන් සමාව අයැදීය.
සැබැවින්ම පහත්ගම අවට ගම්මානවල මේ බිය ලොකු අනතුරක සේයාවක් බව එහි ගිය අපට තහවුරු විය. ගම්මු එදිරි වූ ෆැක්ටරිය ආරක්ෂා කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පුරවා ගත් ට‍්‍රක් රථයක්ද, පොලිස් කැරලි මර්දන ඒකකයේ දස දෙනකුගෙන් පමණ යුක්ත කැබ් රථයක්ද, පොලිසිය පුරවාගත් පොලිස් රථ දෙකක්ද ෆැක්ටරිය දොරකඩ පාර මුර කරයි. මේ සාමකාමී උද්ඝෝෂණයක නියැළි පෙදෙසක්ය. එය එක්වරම යකා නටා සුණුවිසුණු කළේද මේ පිරිසමය. අද ඔවුන් ඒ බිම්කඩ බදුගෙන ඇත. ටික දුරක් එනවිට වත්තේ කඬේ පහුකරන සැණින් හමුවන රබර් වත්තෙහි කපා බිම හෙළුෑ රබර් ගස් දෙකක කඳේ යට කොටස්ය. ඒ පොලිස් නිලධාරියා මතට පතබෑවුණු ගස් දෙකය. එහි ඉහළින් මියගිය පොලිස් නිලධාරියාගේ රුව රැුගත් ලොකු දැන්වීමකි.
‘‘ඔය ගස්දෙක කපලා දාලා තිබුණේ. ඒත් වයර්වලට බරවෙලා බිමටම වැටිලා නැහැ. මිනිස්සුන්ට ගහලා එලවලා පාර සුද්ද කරනකොට ඔය ගස් දෙකේ අතු කපලා තියෙන්නේ පොලිසියේ අයමයි. එතකොට මියගිය රාළහාමි ඒ කඳ යටින් රිංගලා. රිංගන කොටම අර කපන ගහ රාළහාමිගේ ඇඟට වැටිලා. මේ කපන වෙලේ ඇතැම් පොලිස් කට්ටිය යන්න එපා කියලත් තියෙනවා. ඒත් මේ රාළහාමි අහන්නේ නැතිව යටින් රිංගලා. ඕක එතන හිටපු රාළහාමිලා දන්නවා. තව දෙන්නෙක් තුවාල වුණා කියනවා. ඒ අතු කප කපා හිටපු දෙන්නා. ඒ දෙන්නාට ලොකු තුවාලයක් වෙලා නැහැ කියලයි ආරංචි. මේ මුකුත් අද කියන්නේ නැහැ. අද කියනවා ගමේ මිනිස්සු ගහක් කපලා පොලිස් නිලධාරියාගේ ඇඟට දැම්මා කියලා. මේවා හෙණ ගහන කතා මහත්තයෝ. අපේ කොල්ලෝ බිලිගන්න කියන කතා.’’ ඔහුගේ වයසට වේදනාව ඔරොත්තු නොදෙන ගාණය. සැබැවින්ම සිදුවූයේ මියගිය පොලිස් නිලධාරියා කඳ යටින් රිංගීම බව ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුම අපට කී මුත් මොවුන් එකී රහස තමා සන්තකයේම තබාගන්නේ පොලිසියට අවශ්‍ය පොලිස් නිලධාරියාගේ මරණයට අදාළව බිලි කිහිපයක් ගැනීම පමණක් බව හොඳාකාරවම දන්නා නිසාය.
‘‘අපි ෆැක්ටරියෙන් යන එන සේවකයකුටවත් අවහිර නොවන විදිහට උපවාසය කළේ. ඒ බව පාදුක්කේ පොලිසියත් දන්නවා. ඒත් ඉහළින්ම ආපු නියෝගයකට එකපාර පොලිසියයි විශේෂ කාර්ය බලකායේ කට්ටියයි කැරලි මර්දන අයයි ඔක්කොම පලයන් කියලා කෑගහලා කුණුහරුපයෙන් බැන්නා. පොඩි අය වඩාගෙන හිටපු ගෑනු හිටන් තල්ලූ කරලා එකපාරම ගහන්න පටන් ගත්තා. මිනිස්සු ඔළුව හැරුණු අතේ දිව්වා. ගෑනුන්ට විතරක් නෙමෙයි පොඩිවුන්ටත් ගැහැව්වා. ගෑනුන්ට ගහනකොට එක රාළහාමි කෙනෙක් කෑගැහැව්වා ගෑනුන්ට ගහන්න එපා කියලා. ඇහැව්වේ නැහැ. පන්න පන්න ගැහැව්වා. සමහරුන්ට අමාරුයි. ඒත් ඉස්පිරිතාලයටවත් යන්න බෑ අත්අඩංගුවට ගත්තොත්. එදා කට්ටියක් පන්සලට දිව්වා. දුවලා බුදුගෙයි හැංගුණා. බුදුගෙයි දොරට පයින් ගහලා ඇරගෙන ඇවිත් ඇතුළේ අයට එතනදීම ගැහැව්වා. ඔය මියගිය රාළහාමිත් බුදුගෙට රිංගලා මිනිස්සුන්ට හොඳටම ගැහැව්වා.’’
ඇය කර්මය ගැනද සිහිකරන්නට වූවාය. එදා රතුපස්වලදී පල්ලියේ සැඟවුණු මිනිසුන් සොයා පල්ලියට පැන දොරගුළු බිඳ පල්ලියටද වෙඩි තබා එහි හැංගී සිටියවුන්ට නොසෑහෙන්නට පහරදී යකා නැටූවුන් මෙදා තුන්නාන ගමේදීත් එසේම කළෝය. මේ පල්ලිය වෙනුවට පන්සලය.
වතුර
රතුපස්වල නම ලංකාවම දැනගත්තේ වතුර ඉල්ලා මියැදුණු මිනිසුන් විසූ ගමක් ලෙසය. තමන් ස්වාභාවිකව ලද පානීය ජලය කර්මාන්තශාලාවක් නිසා අපිරිසිදු වූ කල ලෙඩ රෝග බෝවන්නට පටන් ගත් කල මිනිස්සු තම ජීවිතයට අත්‍යවශ්‍ය වූ පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළහ. එහි ප‍්‍රතිඵල ලෙස ජීවිත තුනක්ද බිලිවිය. ඒ මේ වත්මන් ආණ්ඩුවේ මර්දනීය ස්වභාවයේ වෙඩි උණ්ඩවලටය. කොටින්ම අවම බලය පාවිච්චි කිරීම නිසාය.
තුන්නාන සිදුවන්නේද එයමය. එනම් කර්මාන්තශාලාව නිසා තම ස්වාභාවික ජලය අපවිත‍්‍ර වීමය. බැලූ බැල්මට එකම ගැටලූවය. එපමණක්ද නොව මේ කර්මාන්තශාලාවද නිවුන් සොහොයුරන්ය. රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්තශාලාව ඉවත් කරන්නට සිදුවිය. එය තුන්නාන ගමෙත් සිදුවුවහොත් කුමක් සිදුවේද? එනිසා වෙනම උපායකින් මැදිහත්වීමට ආණ්ඩුව සිතීය. වයස් භේදයක් නොසලකා පන්න පන්නා පහරදීමෙනි. එයට ප‍්‍රතිචාර ලෙස ගම්මුන්ද ගල්මුල් එල්ල කොට ඇත. එක පේළියට පාර අද්දර රබර් ගස් පිරුණු මේ පෙදෙසේ රබර් ගස් කපා පාරට හෙළනුයේ උද්ඝෝෂණයේ රඟ රටට පෙන්වන්නටය. එය නිවැරදියැ’යිද වැරදියැ’යිද අපි නොකියමු. කිසිදු උද්ඝෝෂණයක් සාමකාමී නොවන බැවිනි. ජිනීවාවලට බැණ වදිනමෙරට උද්ඝෝෂණ සාමකාමීද? පානීය ජලය ඉල්ලා උපවාසයේ නියැලෙනවුන්ට පන්න පන්නා පහරදෙන කල කට අයා අතපය හකුළුවාගෙන සිටිත්ද? 
අද මාධ්‍ය ඔස්තාද්ලා ජනතාවට ප‍්‍රශ්න විසඳන්න (උද්ඝෝෂණ හරහා) දී සිටීම උචිත නැතැ’යි යන තැන සිට ලියති. එදා රතුපස්වල මියගිය තිදෙනාට නොහෙළුෑ කඳුළු මෙදා පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙළති. මේ ලියවිලි කාටද? අපට ජනතාවගේ ලේ කෝප කිරීමේ යටි අරමුණක් නැත. එහෙත් මේ ලෙස ජනයා පීඩාවට පත්කිරීම නම් අනුමත කළ නොහැකිය. ජනතාවගේ මූලික අවශ්‍යතාව ජලයය. තම ස්වාභාවික ජලය අපිරිසිදු වන්නේ නම් එයට සාධාරණයක් ඉල්ලීම වරදක්ද? වතුර ඉල්ලූ ජනයාට පොලිස් කැරලි මර්දන ඒකකය අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කිරීම අනුමත කළ හැකිද? වතුවලට පැන කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළ හැකියැ’යි ඇත්තේ කුමන නීතියකද යන්න ප‍්‍රශ්න නොකර සිටිය හැකිද? පොලිස් නිලධාරියා මිය ගියේය. ඔහු එම ස්ථානයට ආවේ මේ ගම්මුන්ට නොසෑහෙන්න බැටදී එලවන්නටය. කපා දමා තිබූ ගහක් ඉවත් කිරීමේදී මේ සිද්ධිය වී ඇතැ’යි ප‍්‍රසිද්ධ රහස වුවත් එය වෙනතකට ගෙන ගම්මුන් දඩයම් කොට කර්මාන්තශාලාව බේරාගැනීමේ තැතක් හීනියට ක‍්‍රියාත්මක වන බව පැහැදිලිය. අද තුන්නාන ජල ප‍්‍රශ්නයක් නැත. ඇත්තේ මියගිය පොලිස් නිලධාරියකුගේ ප‍්‍රශ්නයකි. ඒ තුන්නානෙන් පිට ප‍්‍රශ්නය ව්‍යාප්ත වී ඇති සැටිය.
ෆැක්ටරිය
ලෝකයේ බොහෝ රටවල් අතර මෙරට රබර් අත්වැසුම් නිෂ්පාදනයට හිමිව ඇත්තේ 5%ක කොටසකි. එයද අයත් වනුයේ හේලීස් සමාගමටය. එය මෙරට සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේය. ඔහු සහ ආණ්ඩුව අතර ඇත්තේ දැඩි බැඳීමකි. එබැවින් හේලීස් සමාගමට අයත් රබර් ආශ‍්‍රිත නිෂ්පාදන කරන ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගම රැුකගැනීම ආණ්ඩුවේද පරමාර්ථය වී ඇති බව බැලූ බැල්මට පැහැදිලිය.
වැලිවේරිය රතුපස්වල, පහත්ගම තුන්නාන සහ කොට්ටාව බ‍්‍රාහ්මණගම මේ ඩිප් ප්‍රොඩක්ට්ස් ආයතනයේ කර්මාන්තශාලා ඉදිව ඇත. මේවා හරහා ලොකු ආදායමක් මෙරටට ගෙන එනවාද විය හැකිය. ඒ ගැන විවාදයක් නැත. මේ හරහා රැුකීරක්ෂා විශාල ප‍්‍රමාණයක් නිර්මාණය වී ඇතැ’යි යන්නද ගැටලූවක් නොවේ. එය වෙනත් දෑකට වුණත් එසේමය. එසේ කියා අතිබහුතර මිනිස් ප‍්‍රජාවකගේ අයිතීන් අහිමි කළ හැකිද? ඕනෑම සමාගමක් මුලින් ආරම්භ කරනුයේ පරිසර හිතකාමී ස්වභාවයකිනි. එහෙත් කල්යත්ම එවැනි ක‍්‍රමවලින් හීනියට ලිස්සා යනුයේ එවැනි ක‍්‍රම මිල අධික බැවිනි. 
මධ්‍යම පරිසර අධිකාරිය තුන්නානේදී කියනුයේ මේ ජලය අපිරිසිදු වන්නේ ෆැක්ටරිය නිසා නොව වැසිකිළි හරහා මතුවන ඊකොයිල් බැක්ටීරියාව නිසා බවය. වැසිකිළි වළවලින් එන බැක්ටීරියාවට පවා කර්මාන්තශාලාව බියවනුයේ ඇයි? රතුපස්වල තත්ත්වය තුන්නානට උදාකර නොගන්නටය. මේ පරිසර අධිකාරියේ තීන්දු ගම්මු පිළිනොගනිති. ගම්මු කී කල ගම්මුන් කවුදැ’යි පරිසර අධිකාරියට විමසිය හැකිය. ගම්මු වූ කලි ඔය හැම ක්ෂේත‍්‍රයකම පිරිස්වල එකමුතුවකි. ඔවුන් කළ බාහිර පරීක්ෂණවල තීන්දුව පරිසර අධිකාරියේ තීන්දුවලට පටහැනිය. එබැවින් තම පරම්පරා වෙනුවෙන් ජලය රැුකගැනීමට මිනිස්සු පාරට බැස්සෝය.
දේශපාලනය
ජනතාව මුලින් මේ ගැටලූවට එකතු වන විට එහි පෙරමුණ ගෙන තිබුණේ ගමේ පන්සලේ හාමුදුරුවන් බවත් ඒ හිමිද රතුපස්වල තෙරිපැහැ හිමි මෙන් මරාගෙන මැරෙන තැන සිටි බවත් පවසන ගම්මු අද හාමුදුරුවන් ෆැක්ටරිය වෙනුවෙන් අදහස් ප‍්‍රකාශ කරන තැනට පත්ව සිටින බවත් කියතිි. කෙසේ වෙතත් මුල් රැුස්වීම පාදුක්ක පොලිසියේ සහභාගිත්වයෙන් ගමේ දේශපාලකයන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා ඇත්තේ මීට මාස කිහිපයකට පෙරය. එහිදී මේ සඳහා නඩුවක් ගොනු කළයුතුයැ’යි ඉල්ලීම ඉදිරිපත් කොට ඇත්තේ දේශපාලකයන්ය. ඒ පක්ෂ පාට භේදයකින් තොරවය. ඒ සඳහා (නඩුවට) මුල් ගාස්තුව ලෙස රු. 10,000 මුදලක් පිරිනමා ඇත්තේ අවිස්සාවේල්ල ආසනයේ ආණ්ඩුවේ සංවිධායක සාලිය සොයිසාය. (විජිත් විජයමුණි සොයිසාගේ සහෝදරයාය.) ගම්මු පෙරට එන්නේ ඒ හයියෙනි. පොලිසියේ රැුකවරණයෙනි. මුල් උද්ඝෝෂණය මීට මාස කිහිපයකට පෙර කර්මාන්තශාලාව ඉදිරිපිට සිදුකරද්දී එයටද පාට පක්ෂ භේදයකින් තොරව දේශපාලකයන් සහභාගි වී ඇත. එහිදී ජවිපෙ ක‍්‍රියාධරයකු වන ලාල්කාන්ත මහතාද එක්වී ඇත. අද මේ උද්ඝෝෂණ පිටුපස කුමන්ත‍්‍රණයක් ඇතැ’යි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කෑමොර දෙන්නේ එබැවිනි. ගම්වල මිනිසුන් විවිධ දේශපාලන අදහස් දරනු ඇතිමුත් ජලය අවශ්‍යතාව වෙනුවෙන් පෙනීසිටීමේදී ඔවුන් සිටිනුයේ එක මතයකය. එනම් සැමට පිරිසිදු ජලය අවශ්‍යය යන තැනය. එහෙත් දැන් සිදුව ඇත්තේ වතුර වෙනුවට ඇෙඟ් ලේ වතුර කරගෙන ජීවත්වීමටය. ඒ පොලිස් නිලධාරියාගේ මරණය පෙරට විත් මොවුන් දඩයම් කරන බැවිනි.
එක් පොලිස් නිලධාරියකු පවසා තිබුණේ ඔවුන් බලා සිටියදීම ‘චේන් සෝ’ (ගස් කපන ස්වයංක‍්‍රීය යන්ත‍්‍රය) එකකින් තුන්දෙනෙක් ගස් කැපූ බවය. එසේ නම් එය දැක දැක එතනට ගියේ මන්ද? අනෙක් අතට මෙතරම් පොලිස් බලකායක් ඇස්පනාපිට එවැනි චණ්ඩිකමක් කළහැකි නම් ඒ තිදෙනා අද ජීවතුන් අතරය. ජල ප‍්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර සියල්ලට මුහුණදීගත නොහැකිව සී සී කඩ දිවූ පන්සලේ සැඟවුණු මිනිසුන් අතර මේ යෝධයන් තිදෙනා පොලිසිය සතයකට මායිම් නොකොට ගස කපා දැමුවා යන බේගල් කාට ඇදබාන්නේද? මේ බේගල් හරහා මෙල්ල කරනුයේ බියවද්දනුයේ තුන්නාන ජනයාය. ඒ හරහා යටපත් කරනුයේ ඔවුන්ගේ ජල ප‍්‍රශ්නය නොවේද? පොලිස් ආරක්ෂාව මතින් ෆැක්ටරිය වැඩය. ඊට සහායට කැරලි මර්දනයද විශේෂ පොලිස් බලකායද සිටිති. පොලිස් රථ නිතර නිතර එහාට මෙහාට තුවක්කු රැුගෙන රථවලින් ඉගිලෙයි. මේ මෙහෙයුම හරහා ෆැක්ටරිය සුරැුකි ගම්මු අනාරක්ෂිතව වල්වැදී ඇත්තෝය. ආණ්ඩුවේ අභිප‍්‍රාය දැන් ඉටුවී හමාරය. රතුපස්වලට අණ දුන් අයකු නැතිවා සේම තුන්නානටද අණදුන් කෙනකු නැතුවා විය හැකිය.
දඩයම
පොලිස් දේහය ඉදිරියට ගෙන තුන්නාන දඩයම පටන් ගෙන ඇත. දැන් සොයනුයේ උද්ඝෝෂකයන් නොව ගස් කැපූවුන්ය. ඇතැම් පුවත්පත් තවත් ගස් තිහක් බාගෙට කපා ඇතැ’යි කෙප්ප ලියති. ඇසින් දැක බලා ලියන්නේ නම් මෙවැනි දේ නොලියනු ඇත. ඇතැම්විට අප එහි ගියද අප නොදැක්කා විය හැකිය. එවැන්නක් ඒ පැත්තේ මිනිස්සුද නොදනිති. කපා දැමූ ගස් කපා දමා අහවරය. ඒවායේ යටි කඳ ඒ තැන්වලමය. මේ කෙප්ප හරහා ගස් කැපූවුන් යන සැකය මුල්කරගෙන ගම්මුන් පැහැර ගන්නට නියමිතය.
ආණ්ඩුවේ එකම පරමාර්ථය ෆැක්ටරිය රැුකගැනීමය. එය මේ ගම් කිහිපයක ජනයාට වඩා මිල අධිකය. කොටින්ම වටිනේය. එබැවින් රතුපස්වල පරාජය තුන්නාන තුළ ආණ්ඩුව අත් නොවිඳනු ඇත. එයට පොලිස් නිලධාරියාගේ මරණය ආණ්ඩුව ආශිර්වාදයක් කරගෙන ඇත.
තුන්නාන, පහත්ගම අවට වැසියන්ට සැඟවෙමින් දිවිගෙවන්නට සිදුව ඇත. එළිපිටට එන කලටද මුනිවතින් සිටින්නට සිදුවනු ඇත. දැන් ෆැක්ටරිය ජයගෙන ඇත. ආණ්ඩුව ජයගෙන ඇත. එහෙත් රතුපස්වල ජනයා කළ දේ තුන්නාන ජනයාට කළහැකිදැ’යි යන්න ගැටලූසහගතය. ජලය කෙසේ වෙතත් ඔවුන් මේ දිනවල ඉන්නේ පණ බයෙන්ය.
-

සීගිරි සුදු තිරුවානා කඩන්න කැටපිලර්

සීගිරිය සීගිරිමුල්ලේ ගල්වළක සුදු තිරිවානා නිධිය කැනීමට අනවසරයෙන් කැටපිලර් යොදා ඇතැයි පොලිසිය ද ගැමියෝ ද කියති.
එවැනි කැටපිලර් යන්ත්‍රයක් හා රියදුරෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සුදු තිරිවානා පිටරට යැවීම සඳහා සකස් කරන බව දැනගන්නට ඇත.
සුදු තිරිවානා කැනීමට බලපත්‍ර ඇතත් කැටපිලර් යෙදීමට බලපත්‍ර ලබා ගෙන නැති බව ව්‍යාපාරික සිරිල් ආරියරත්න මහතා පිළිගනී.
තමා ප්‍රදේශයේ පිරිසකට රැකියා රැසක් මේ ගල් වළෙන් ලබා දී ඇතැයි කියන ඔහු එම ගල් වළේ වැඩ නතර කරන බව ද කියයි.

මෙන්න ඉස්තරම් පළතුරු බීම

කෑමට නුසුදුසු ආනයනික දොඩම් ඇතුළු පළතුරු කිලෝ 25000ක් පිටකොටුව ගුණසිංහපුර කඩයකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
පළතුරු බීම නිෂ්පාදනය සඳහා මෙම පළතුරු අලෙවි කරන බව ද අධිකාරිය බවසයි.
ගම්පහ පදිංචි එම ව්‍යාපාරිකයාට නඩු පැවරීමට යයි.

මළ පසු කළ යුතු දේ මර්වින් කියයි

තමන් මිය ගිය දිනක භෂ්මාවශේෂ තැන්පත් කළ යුතු ස්මාරකය ඉදිකිරීම මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා බොරැල්ල කනත්තේ දී අද ඇරැඹීය.
තමන් මිය ගිය පසු භෂ්මාවශේෂ වලින් කොටසක් උපන් ගම වන බෙලිඅත්තට ද, තව කොටසක් කැලණිය රජ මහා විහාරය අසලින් කැලණි ගඟේ පා කළ යුතු බවත්, අනෙක් කොටස බොරැල්ල කනත්තේ තැන්පත් කළ යුතු බවත් ඔහු තම ඥාති හිතමිතුරන්ට උපදෙස් දුන්නේය.
මීට වසර කීපයකට පෙර මිය ගිය මව වන කුසුමාවතී සිල්වා මහත්මියගේ භෂ්මාවෂේෂ ද කනත්තේ තැන්පත් කැරිණි.
ප්‍රියතම ගායක එච් ආර් ජෝතිපාලගේ ස්මාරකය අසලින් ඔහුගේ ස්මාරකය ඇත.
පිටිදූවේ සිරිධම්ම හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ කිහිප නමක් ද වැඩ සිටියහ.

යුනයිටඩ් මෝටර්ස්‌ සමාගම MG6 මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දෙයි


යුනයිටඩ් මෝටර්ස්‌ ලංකා පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක්‌ වන යුනිමෝ එන්ටප්‍රයිසස්‌ ලිමිටඩ්, බ්‍රිතාන්‍ය අද්විතීය ඉංජිනේරු තාක්‍ෂණයෙන් නිර්මිත MG6 මෝටර් රථය පසුගියදා මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය.

21 වන සියවසේ කීර්තියට පත් මෝටර් රථ මාදිලියක්‌ වන MG6 1990 දශකයේදී තම අවසාන මෝටර් රථ මාදිලි පෙළ වෙළෙඳපොළට නිකුත් කරන ලදී. 

ඉන් වසර 16කට පසුව නවීන තාක්‍ෂණය මුසුව නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් වන ප්‍රථම සුඛෝපභෝගි මෝටර් රථය වන්නේ ප්‍රෙෘඪ අතීතයකට හිමිකම් කියන වර්තමාන සාමාජිකයා වන MG6 මාදිලියයි. අතීතයේ MG නාමය ප්‍රකට වූයේ වේගවත්, බලසම්පන්න මෙන්ම විවෘත වහල සහිත මෝටර් රථ මාදිලි පෙළකටයි.

සියලුම MG6 මාදිලි ලීටර 1.6 ටර්බෝචාඡ් පෙට්‌ට්‍රල් එන්ජිමකින් හා වේග 5 මැනුවල් ගියර් පද්ධතියකින්, ෆ්රන්ට්‌ වීල් ඩ්‍රයිව් ක්‍රමයෙන් ධාවනය වේ. ඉදිරිපසට මැක්‌ ඵර්සන් සස්‌පෙන්ෂන් යොදා ඇති අතර Z ඇක්‌සල් මල්ටි ලින්ක්‌ස්‌ පසුපසට යොදා ඇත.

විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුත් වාහන රැසක්‌ මෙරටට වෙළෙඳපොළට හඳුන්වාදී ඇති තම ව්‍යාපාරය අතීතයේ මෙරට බෙහෙවින් ජනප්‍රිය වූ මෝටර්ථයක්‌ වූ MG මෝටර් රථ නැවත මෙරටට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බව මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ යුනයිටඩ් මෝටර්ස්‌ පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරි චානක යටවර මහතා පැවසීය.

හඳුන්වා දෙනු ලැබූ MG6 මෝටර් රථය පැරණි MG මෝටර් රථ පාරිභෝගිකයන්ටත් නව පරපුරේ තරුණයන්ට හා ස්‌පෝර්ට්‌ මාදිලි සඳහා කැමැත්තක්‌ දක්‌වන අය අතර බෙහෙවින් ජනප්‍රිය වේවි යෑයි තමන් විශ්වාස කරන බවද චානක යටවර මහතා මෙහිදී කියා සිටියේය.

යුනයිටඩ් මෝටර්ස්‌ පීඑල්සී සමූහ ප්‍රධාන විධායක නිලධාරි චානක යටවර, යුනිමෝ එන්ටප්‍රයිසස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හා ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ මහේෂ් ගුණතිලක යන මහත්වරු නව MG6 මෝටර් රථය හඳුන්වාදුන් අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

ඡායාරූපය - කමල් බෝගොඩ

යානයට මොකද වුණේ?

ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උපදේශක
කපිතාන් එල්මෝ ජයවර්ධන 'දිවයින' ට කියයි

අජිත් අලහකෝන්
අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය කිසිසේත්ම පැහැර ගැනීමකට ලක්‌වීමට (හයිජැක්‌ කිරීමකට) ඉඩක්‌ නැති බව ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවකු වන කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා පවසයි.

තම ජීවිතයෙන් සෑහෙන කාලයක්‌ ගුවන් යානා තුළත් ආකාසයේත් කාලය ගත කර ඇති මේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු කපිතාන්වරයා විශ්‍රාම යැමෙන් පසුව සිංගප්පූරු ආයතනයකට සම්බන්ධවී ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කාර්යභාරයක දැන් යෙදී සිටීති.

මැලේසියානු ගුවන්යානය පිළිබඳ කපිතාන් ජයවර්ධන මෙසේ කියයි.

"අපි දැනට දන්නේ මේ ගුවන් යානය අතුරුදන්වී ඇති බව පමණයි. වරින්වර නොයෙක්‌ අදහස්‌ විවිධ රටවල්වලින් පළවූවත් ඒ එකක්‌වත් ස්‌ථිර එකක්‌ නෙවි.

"ගුවන් නියමුවකු මොන දේකට බිය නැතිවුණත් තමන් පදවන යානයේ "ගින්නක්‌ ඇති වූවොත්" යන්න ගැන නිතරම විමසිල්ලෙන් සිටින්නට ඕන. ඉලෙක්‌ටි්‍රක්‌ සර්කිට්‌වලින් මෙම ගිනි ඇති වෙන්න පුළුවන්."

"මේ ගුවන් යානයත් රේඩාර් එකෙන් නොපෙනී ගියාට පසුව තවත් පැය 4 ක්‌ 5 ක්‌ ගමන් කළ බව කියනවා. එක්‌වරක්‌ යානය ආපසු හැරුණු බවත් කියනවා. නමුත් යානය රේඩාර් එකෙන් නොපෙණුනාට පස්‌සේ ගියේ කොහේටද කියන එක පැහැදිලි නැහැ."

"ගුවන් යානයට නගින විට මගීන්ට නිතරම කියනවා තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාවිරහිත කර තබන්න. (දෙෙ කරන්න) කියලා. මේ යානයෙත් දෙසිය තිස්‌ ගණනක්‌ ගමන් කර තිබෙනවා. දැන් හැමෝම ළඟ ජංගම දුරකථන තිබෙන නිසා අපිට හිතන්න පුළුවන් මේ මගීන්ගෙන් අඩුම තරමේ දෙසීයක්‌ ළඟවත් ජංගම දුරකථන තිබුණා කියා. ඒවා ක්‍රියාවිරහිත කර තිබ්බත් ඕනෑ වෙලාවකට "ඕන්" කරගන්න පුළුවන්. මේ යානයට මගීන් දැනුවත්ව යම්කිසි ඇබැද්දියක්‌ සිදුවුණා නම් මේ මගීන් ඒ බව තමන්ගේ ජංගම දුරකථනවලින් ලෝකයේ සිටින තම නෑදැ හිතුමිතුරන්ට අනිවාර්යයෙන්ම දන්වනවා. නමුත් මෙහි මගීන් එවූ කිසිම එස්‌එම්එස්‌ පණිවිඩයක්‌ ලෝකයේ කාටවත්ම ලැබිලා නැහැ. ඒ බව ස්‌ථිර වශයෙන්ම අපිට හිතාගන්න පුළුවන්.

"ඇමෙරිකාවේ සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරය (ඉංග්‍රීසියෙන් කියන්නේ නයින් ඉලෙවන්" කියලා) ඔබට මතක ඇති. එදින මම හොංකොං සිට සැන් ප්‍රැන්සිස්‌කෝ දක්‌වා ගුවන් යානයක්‌ පදවමින් එහි පයිලට්‌ ලෙස කටයුතු කරමින් සිටියා. ඇමෙරිකාවේ 9/11 ත්‍රස්‌ත ප්‍රහාරය සිදුවූ විගස ඇමෙරිකාවේ සියලුම ගුවන් තොටුපළවල් වසා දැම්මා. නමුත් මේ බව එදා මම දැනගන්නට ඉස්‌සෙල්ලා මගේ යානයේ සිටි මගීන් දැනගෙන සිටියා. ඒ ඔවුන්ට ලැබුණු "එස්‌එම්එස්‌" මගින්.

"ගුවන් යානයේ ගින්නක්‌ සිදුවුණා නම් ඔදංසජ ඔමබැs (ටොක්‌සික්‌ ටියුන්ස්‌) මගින් දුමක්‌ එනවා. එවිට යානයේ එන්ජින් එකක්‌ කැරකෙනවා. එහෙම වුණත් යානය ඉදිරියටම ඇදී ගිහින් කඩා වැටෙනවා.

"ගුවන් යානයේ 'නහය' ඉස්‌සුණා නම් යානය ඔටෝ පයිලට්‌ ඉහළට යනවා. අඩි 35,000, අඩි 36,000 සිට අඩි 45,000 පමණ දක්‌වා යනවා. ඊට පසු ආපසු 'නහය' බිමට හැරී කෙළින්ම බිමට එනවා. මේ යානයේ එහෙම දෙයක්‌ද සිදුවී ඇති බව වාර්තා වන්නේ නැහැ.

"අපි හිතමු අපි කොළඹ සිට ලන්ඩන් බලා යනවා කියලා. එහෙම යනවිට පයිලට්‌ හැමවිටම කල්පනා කරන්නේ හදිසියක්‌ වුණොත් මම මේ යානය කොයි ගුවන් තොටුපළටද පහත් කරන්නේ කියලා."

නමුත් මේ කිසිම දෙයක්‌ මේ ගුවන් යානයෙන් අපිට දැන ගන්නට ලැබී නැති නිසා මේ ගුවන් යානය පිළිස්‌සී මහා සාගරයට කඩා වැටෙන්නට ඇතැයි කියා අපට සිතන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා අවසන් වශයෙන් පැවැසීය. 

වකුගඩු මාරයා මොනරාගලට බැල්ම හෙළයි

පැල්වත්ත ප්‍රදේශයෙන් වකුගඩු රෝගීහු 400 ක්‌ හඳුනා ගැනේති

මොනරාගල - නයන ඉහළගෙදර

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ මේ වනවිට වකුගඩු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යයි.

මේ වනවිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇත්තේ බුත්තල හා වැල්ලවාය යන ප්‍රදේශවලිනි. බුත්තල, පැල්වත්ත ජනාවාස ප්‍රදේශවල ශීඝ්‍රයෙන් වකුගඩු රෝගය පැතිරීම සිදුවේ.

මේ වනවිට ලිදාරාව ගම්මානයේ පුද්ගලයන් 21 ක්‌ මියගොස්‌ ඇති අතර රෝගීන්aa 45 ක්‌ වාර්තාවී ඇත. මෙම රෝගය පැල්වත්ත ජනාවාස ප්‍රදේශවල ශීඝ්‍රයෙන් පැතිර ගොස්‌ ඇති අතර දැනට හඳුනාගත් වකුගඩු රෝගීන් 300 ත් 400 ත් අතර පිරිසක්‌ සිsටින බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම වකුගඩු රෝගය වැඩි වශයෙන් පැතිර යන්නේ අධික කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා ගොවිතැන් කරන ප්‍රදේශවල බව සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පවසයි

ඇමැතිවරයා කෑම බීම දෙන බව වනජීවී නිලධාරීහු කියති

ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති
- ඇමැතිවරයා කෑම බීම දෙන බව වනජීවී නිලධාරීහු කියති



විල්පත්තුව වනෝද්‍යානයේ අනවසරයෙන් පිරිස්‌ පදිංචි වී සිටින අයුරු හා ඔවුන්ට ජලය සපයන අයුරු ඡායාරූපවලින් දැක්‌වේ.
සාලියවැව - සුබසිංහ බණ්‌ඩාර

මුස්‌ලිම් ජාතික ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසක්‌ නීති විරෝධි අයුරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් උතුරු විල්පත්තුව මොල්ලිකුලම ප්‍රදේශයට ඇතුල් වී එහි බලහත්කාරයෙන් පදිංචි වී ඇතැයි වනජීවී අංශ පවසයි.

මෙසේ පදිංචි වී සිටින්නේ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ එක්‌තරා ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසකි. මේ වන විට පවුල් 150 කට අයත් 250 ත් 300 ත් අතර පිරිසක්‌ වනෝද්‍යාන රක්‍ෂිතය ඩෝසර් කොට තාවකාලික කූඩාරම් ගසා පදිංචි වී සිටිති.

මෙසේ පදිංචි වී සිටින පිරිසට අවශ්‍ය ආහාර හා ජලය මෙම ඇමැති වරයා රජයේ වාහන යොදාගෙන සපයන බව වනජීවී අංශ පවසයි. මෙසේ රැඳී සිටින පිරිස්‌ පවසන්නේ පසුගිය යුද සමයටත් පෙර සිට තමන් මොල්ලිකුලම ප්‍රදේශයේ පදිංචි වී සිටි බවත් යුද්ධය හේතුවෙන් තමන් මෙම ප්‍රදෙAශය හැර ගියත් යුද්ධය නිමා වී ඇති වාතාවරණයක්‌ තුළ තමන්ට මෙම ප්‍රදේශය යළි ලබා දිය යුතු බවත් ය.

එහෙත් මේ පිළිබඳ අප වෙත කරුණු අනාවරණය කළ වනජීවි අංශ පෙන්වා දුන්නේ අපේ රටේ

ඉපැරැණි ශිෂ්ටාචාරයට අයත් (වසර 30000 ටත් එහා) නෂ්ඨාවශේෂ විල්පත්තුව තුළ තැන්පත්ව ඇති අතර එවන් තත්ත්වයක්‌ තුළ ජන කණ්‌ඩායම් පැමිණ අයිතිවාසිකම් කීවොත් එම ශිෂ්ටාචාරය විනාශ වන බවත් ය.

මේ වටිනාකම තේරුම්ගත් නිසා සුදු පාලකයන්ගේ කාලයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය, ජාතික වනෝද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ බව පෙන්වා දෙන වනජීවී අංශ වැඩිදුරටත් පවසා සිටියේ මේ නිසා මෙම ජාතික උරුමය ජන කණ්‌ඩායමකට හෝ ජන කණ්‌ඩායම් කිහිපයකට පමණක්‌ අයිති එකක්‌ නොව සමස්‌ත රටේ අනාගත පුරවැසියා සතු මිල කළ නොහැකි සම්පතක්‌ බවයි.

රජය මේ සම්බන්ධ වහා අවධානය යොමු කළ යුතුව ඇතැයි වනජීවි අංශ වැඩිදුරටත් අවධාරණය කළේය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

අද අපි මුහුණදී තිබෙන්නේ ඉතිහාසයේ දැවැන්තම ආර්තික කඩා වැටීමටයි
- ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

ප්‍රසාද් විද්‍යාරූප - අකුරැස්‌ස

අද සාමාන්‍ය ජනතාවගේ වළල්ල, මගුල් මුද්ද තියෙන්නේ බැංකුවේ, එහෙම නැත්නම් උකස්‌ කඩේ. ආර්ථිකය නැගලලු. නැගලා නෙමෙයි බැහැල. අද අපි මුහුණදීලා තියෙන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික කඩා වැටීමකට. ඒනිසා මේ ආණ්‌ඩුවට තවදුරටත් ඡන්දය දීලා ශක්‌තිමත් කරලා ඉස්‌සරහට ගෙනියන්න ඕන ආණ්‌ඩුවක්‌ නෙවේ යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දෙනියායේ පැවැති ජනහමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් කථා කළ ඒ මහතා මෙසේද කීය.

පසුගිය ජනවාරි මාසයේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙව්වේ ලංකා බැංකුවෙන් ණය අරන්. මහා භාණ්‌ඩාගාරයේ ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 26 දාට මේ ගිනුමේ සල්ලි සතයක්‌වත් නෑ. සතයක්‌වත් නැත්නම් තව හොඳයි. වෙලා තියෙන්නේ දශ ලක්‍ෂ 76000 ක්‌ බැංකුවට ණයයි. ආණ්‌ඩුවට වෙච්ච සෙතේම නේද අපිටත් වෙලා තියෙන්නේ.

දැන් ආණ්‌ඩුව සල්ලි හොයන්න අත්‍යාවශ්‍ය ආහාරපාන වලට දඩ ගහනවා. ලෝකේ කිසිම රටක ජනතාවගේ ආහාර පාන වලට දඩ ගහන්නේ නෑ. අපි කඩේට ගිහින් කොත්තමල්ලි ග්‍රෑම් 250 ක්‌ ගෙනාවොත් රුපියල් 50.50 ක ආණ්‌ඩුවට දෙන්න ඕන. සුදු ළුEණු ග්‍රෑම් 500 කට රුපියල් 20 ක්‌ දෙන්න ඕන. සීනි 500 කට රුපියල් 15 ක්‌ දෙන්න ඕන. පරිප්පු 500 කට රුපියල් 11 ක්‌ දෙන්න ඕන. කහකුඩු 100 කට රුපියල් 20.20 ක්‌ දෙන්න ඕන. සූදුරු ග්‍රෑම් 100 කට රුපියල් 12 ක්‌ දෙන්න ඕන.

මැද පෙරදිග වගේ රටවල අවුරුදු දහයක්‌ ගියත් ආහාර පාන වල මිලේ වෙනසක්‌ වෙලා නෑ. ඒකට අපේ රටේ රුපියල් පහට තිබුණ ටී එක රුපියල් 35 යි. රුපියල් 3.50 ට තිබුණ කිඹුලා බනිස්‌ එකක්‌ දැන් කාපු කාලයක්‌ මතක නෑ. අද කිරි පිsටි පැකට්‌ එකක වැඩිපුර තියෙන්නේ බදු. ඒ නිසා මේකට දැන් කියන්න ඕනේ කිරිපිටි නෙමෙයි බදු පිටි පැකට්‌ එක කියලයි. කිරිපිටි පැකට්‌ එකටත් බදු ගැහුවට පොඩි දරුවෙක්‌ දැක්‌කම සමහරු බොරු සෙනෙහසක්‌ පෙන්වනවා. බදු ගහන ආණ්‌ඩුව ඊට පස්‌සේ ගහනවා දඩ.

මෝටර් සයිකල් ත්‍රීවිල් වලට තුන් ගුණයක බද්දක්‌ රේසිං කාර් 19 ට සම්පූර්ණ බදු සහනයම දුන්නා. රේසිං කාර් දහ නමයේ වටිනාකම ලක්‍ෂ 933 යි. බදු ගැහුවනම් ලක්‍ෂ 2022 ක බද්දක්‌ වදින්න තිබුණා. සූදුරු කොත්තමල්ලි සීනි පරිප්පු සීනි ටිකට බදු ගහන ආණ්‌ඩුව රේසිං කාර්වල බදු අයින් කරනවා. එක පැත්තකින් නාස්‌තිය. අනිත් පැත්තෙන් රටේ නීතියක්‌ නෑ. මුළුමණින්ම රටේ නීතිය කඩා වට්‌ටලා.

ඉස්‌සර කුඩු ගෙනාවේ ඊයම් කොලයක ඔතලා. කරුංකා ගෙඩියක්‌ සයිස්‌ එකේ ගුලි දෙකතුනක්‌ ගිලලා එයාර් පෝට්‌ එකෙන් පැනලා වස්‌ති කරලා ගන්න පුළුවන්. දැන් එන්නේ කන්ටේනර් පිටින්. ඉස්‌සර කුඩු බිස්‌නස්‌ කලේ නිකං මුදලාලිලා. දැන් බිස්‌නස්‌ කරන්නේ කවුද.

රටේ ඇමැතිවරු අරක්‌කු මුදලාලිලා. වයඹ ලේබල් එකෙන් එනවා. හිඟුරාන ලේබල් එකෙන් එනවා. මෙහෙම ගියොත් අපේ දරුවන්ට අත්වන ඉරණම මොකක්‌ද? මේක වෙනස්‌ කලේ නැත්නම් අපේ දරුවන්ට අනාගතයක්‌ නෑ. අවුරුදු හැට හයක්‌ තිස්‌සේ අලියට අතට අලියට පුටුවට ආණ්‌ඩු මාරු වුණත් මොකද වුණ සෙතේ. මන්ත්‍රී ඇමැති වෙනවා. ඇමතිගේ ගෙවල් ලොකු වෙනවා. වාහන ගන්නවා. තේ වතු කුරුඳු ගන්නවා. දරුවෝ රට යවනවා. ආපසු ලංකාවට ගෙන්වනවා.ආයේ ඡන්දෙට දානවා. මේ ක්‍රමේ වෙනස්‌ කරන්න ඕන.

ඒක වෙනස්‌ කරන්නම් ජනතා විමුක්‌ති පෙරමුණ බලයට ගේන්න ඕන. සමහරු කියනවා අපි එදා ඉඳලම යූඇන්පී, ශ්‍රී ලංකා කියලා. ඉතින් පක්‌ෂේ මාරු කරන්නේ කොහොමද කියලා. ඒ වුනාට නායකයෝ ඒ පැත්තට මේ පැත්තට පනිනවා. මේ අය පැන්න නම් අපිට පක්‍ෂ මාරු කරන්න හොඳ නැද්ද? හැට හය අවුරුද්දක්‌ මේ රටට වෙච්ච නස්‌පැත්තිය විපත්තිය හොඳටම ඇති. මේක නවත්වන්න ජනතා විමුක්‌ති පෙරමුණ බලයට පත් කරන්න.

හම්බන්තොට මැතිවරණ ව්‍යාපාරය නතර කළා

හම්බන්තොට මැතිවරණ ව්‍යාපාරය නතර කළා
- ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා

නිමල් හේමසිරි - රදම්පල සිසිල් රුවනාර - වලස්‌ගල අතිරේක

තම පක්‍ෂයේ ආධාරකරුවන්ට පහර දෙමින් ජීවිත හා දේපළ විනාශ කරන බවට තර්ජනය කරමින් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය තුළ රාජ්‍ය ත්‍රස්‌තවාදය මුදා හැර ඇති නිසා එම දිස්‌ත්‍රික්‌කයට මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇතුළු නොවීමට තම පක්‍ෂය තීරණය කළ බව (24 දා) දහවල් දික්‌වැල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ මහතා තවදුරටත් අදහස්‌ දක්‌වමින් - අපි පළාත් සභා මැතිවරණය සඳහා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ රැස්‌වීම් 12 ක්‌ තියන්න තීරණය කළා. මීට පෙර රැස්‌වීම් 9 ක්‌ සඳහා අපි නීත්‍යනුකූලව අවසර ඉල්ලුවත්, අපට අවසර ලැබුණේ නෑ. අපි ගුලුගහ හන්දියේ රැස්‌වීමක්‌ තියන්න අවසර ඉල්ලුවා ලැබුණේ නෑ. බෙලිඅත්තේ ගැටමාන්නේ රැස්‌වීමක්‌ තියන්න හදන කොට එතැනට ආපු මේ රටේ පාලකයාගේ හා ඔහුගේ පුත්‍රයාගේ අනුගාමිකයෝ අපේ ආධාරකරුවන්ට පොලිසිය බලා සිටියදී පහර දෙමින්. ජීවිත තර්ජන එල්ල කරමින් ආයුධ සන්නද්ධව කටයුතු කළා. පොලිසිය කිසිදු පියවරක්‌ ගත්තේ නෑ. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ද එහි සිටියා.

මේ තත්ත්වය තුළ අපේ ආධාරකරුවන්ගේ ජීවිත හා දේපළ විනාශ කරන බවට තර්ජන දිගින් දිගටම පැමිණියා. අපි පොලිස්‌පතිතුමාට පැමිණිලි කළත් එයා කියනවා, සාමාන්‍ය තත්ත්වය යටතේ දේශපාලනඥයන්ට දෙන ආරක්‍ෂාව දෙන්න පුළුවන් කියලා. අපිට මැතිවරණය භාර නි. පොලිස්‌පතිවරයා කියනවා ආරක්‍ෂාව දෙන්නම් කියලා. නමුත් ලිතව ඉල්ලුවාම එය ප්‍රතික්‍ෂේප කළා. ඒ ගැන ඔහුට විශ්වාසයක්‌ නෑ.

මේ තත්ත්වය තුළ අපි දකුණේ හා බස්‌නාහිර ජනතාවගෙන් ඉල්ලා සිටියා. මෙම මැතිවරණයේදී රාජ්‍ය ත්‍රස්‌තවාදය ප්‍රතික්‍ෂේප කරමින් තම ඡන්දය පාවිච්චි කරන ලෙස රජය කිසිසේත්ම සාධාරණ මැතිවරණයක්‌ තියන්නේ නෑ. පක්‍ෂවලට සමාන ලෙස සලකන්නේ නෑ. රාජ්‍ය දේපළ හා මාධ්‍ය අයුතු ලෙස යොදා ගනිමින් කටයුතු කරනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ, ප්‍රජාතන්ත්‍රවාදී භික්‌ෂු සංවිධානයේ මහලේකම් බියගම සුසීල හිමි, මාතර දිස්‌ත්‍රික්‌ නායක ජනිත් විපුලගුණ, හම්බන්තොට දිස්‌ත්‍රික්‌ නායක දේවක වීරසිංහ යන මහත්වරු ද අදහස්‌ දැක්‌වූහ. අනෝමා ෆොන්සේකා මහත්මියද මෙම අවස්‌ථාවට සහභාගි වූවාය.


ප්‍රචාරක කටයුතු අදින් අවසන්

ප්‍රචාරක කටයුතු අදින් අවසන්

රනිල් ධර්මසේන

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලට ප්‍රචාරක කටයුතු සිදුකිරීම සඳහා ලබා දී තිබූ කාලය අද (26 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිස්‌ත්‍රික්‌ක බලප්‍රදේශවල පිහිටුවා ඇති ප්‍රචාරක කාර්යාල හා පෝස්‌ටර්, බැනර් හා කටවුට්‌ ගලවා ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා සියලු පක්‍ෂ ලේකම්වරුන්ට හා ස්‌වාධීන කණ්‌ඩායම් නායකයන්ට ලිතව දැනුම් දී ඇත.

අපේක්‍ෂකයකුට දිස්‌ත්‍රික්‌කයක එක්‌ කාර්යාලයක්‌ හා සිය නිවස කාර්යාලයක්‌ ලෙසත් පවත්වාගෙන යා හැකි අතර පක්‍ෂයකට එක්‌ මධ්‍ය කාර්යාලයක්‌ පමණක්‌ අද සිට පවත්වාගෙන යැමට අවසර ලබා දී තිබේ.

හෙට (27 වැනිදා) සිට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකම සම්බන්ධීකරණ කාර්යාල පිහිටුවා අදාළ ප්‍රදේශවල සිදු විය හැකි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්‍ෂණිකව පාලනය කිරීමට කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්‌වරයා පියවර ගෙන ඇත.

මැතිවරණය පැවැත්වෙන ලබන 29 වැනිදා දිනයට පැය 48 කට පෙර එනම් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ප්‍රචාරක කටයුතු නැවැත්වීමට ක්‍රියා කළ යුතු අතර එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කොමසාරිස්‌වරයා පොලිසියට උපදෙස්‌ දී තිබේ.
 

ඡන්ද චණ්‌ඩි 125 ක්‌ දැලේ

අනිත් අයත් 29දාට පෙර අල්ලනවා
- එස්‌එස්‌පී ගාමිණී නවරත්න කියයි

හේමන්ත රන්දුණු

බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය අවසන් වීමට පෙර මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා "දිවයින" ට ඊයේ (25 වැනිදා) පැවසීය.

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සම්බන්ධ අපේක්‍ෂකයන් තිදෙනකු ඇතුළු 125 දෙනෙක්‌ මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටිති. ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සම්බන්ධ තවත් සියයකට ආසන්න පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ද නවරත්න මහතා කියා සිටියේය.

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරත වී සැඟවී සිටින සැකකරුවන් සියලු දෙනා ලබන 29 වැනිදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සියලුම පොලිස්‌ ස්‌ථානවලට පොලිස්‌ මූලස්‌ථානය නියෝග කර ඇත.

පළාත් සභා මැතිවරණයේ ඊයේ වන විට ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සම්බන්ධ පැමිණිලි 128 ක්‌ ලැබී ඇති බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

මේ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අපරාධකරුවන් හෝ මැරයන් හෝ සම්බන්ධ කර නොගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා සියලුම අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රු 50000/- ක ශරීර ඇප හා රුපියල් 25000/- පුද්ගලික ඇප මත මුදා හරිමින්  සැප්තැම්බර් මස 09 වැනිදා යළිත්හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ

සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ

 සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ

altපක්ෂයේ පරාජයනුත්,එහි ක්‍රියාකලාපයනුත් පිළිබඳව කලකිරීමෙන් පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තමා තීරණය කළ බව නාරම්මල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රෝහණ දිනපූර්ණ මහතා පවසයි. ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් සහ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.අඟහරුවාදා (25)නාරම්මල ප්‍රාදේශීය සභා රැස්වීම එහි සභාපති ඩී.එම් සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර විපක්ෂ නායක රෝහණ දිනපූර්ණ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එවා තිබිණි. අදාල ඉල්ලා අස්වීමේ ලිපි මැතිවරණ කොමසාරිස් වරයාටත්,පක්ෂ ලේකම්වරයාටත් යැවූ බව පැවසේ.
කේ.ඒ ජයසූරිය 

වැඩිම මනාප ගන්නේ ගීතාද අනර්කලීද නදීෂාද?

වැඩිම මනාප ගන්නේ ගීතාද අනර්කලීද නදීෂාද?


බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවලට තව ඇත්තේ දින කීපයකි. ඒ දින කීපයෙන් පසුව ඉහළම මනාප ලබා ගනිමින් ජයග්‍රහණය කරන්නේ කුමන අපේක්ෂකයින් දැයි සැකහැර දැන ගැනීමට අපට හැකිවනු ඇත.කෙසේ වෙතත් මෙවර පැවැත්වෙන මැතිවරණයෙදී කාගෙත් අවධානයට පාත්‍රවී සිටින අපේක්ෂකයන් කීප ‍පොළක්ම සිටිති.ඔවුන් අතරිනුත්  වැඩිකතාබහක් පවතින්නේ ජනප්‍රිය කලාකරුවන් කලාකාරියන් ගැනය. එයිනුත් පසුගිය කාලයේ විශාල කතාබහකට ලක් වූයේ මැතිවරණයට තරග කරන ජනප්‍රිය නිළියන්ය. දකුණු පළාත් සභාවට තරග කරන ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ, එමෙන්ම අනර්කලී ආකර්ෂා සහ නදීෂා හේමමාලි මේ දිනවල පුවත් මවන්නියන් බවට පත්ව සිටින්නෝය. මේ තිදෙනා අතරින් වැඩිපුර මනාප ගනු ඇත්තේ ගීතා කුමාරසිංහද, අනර්කලී ආකර්ෂාද එසේත් නැතිනම් නදීෂා හේමමාලි ද යන්නද කාගේත් කුතුහලයට පාත්‍ර වූ කාරණාවක් බවටද පත්ව තිබේ. ඒ ගැන නිශ්චිතව යමක් පැවසීම පහසු කටයුත්තක් නොවේ. 
මන්දයත් ඔවුන් තිදෙනාම එකම මට්ටමේ ජනප්‍රිය නිළියන් තිදෙනෙකු වන නිසාය.
ගීතා, අනර්කලී සහ නදීෂා අතරින් වඩා ප්‍රවීණ මට්ටමක සිටින්නේ ගීතා කුමාරසිංහය. ඇය සිනමා ක්‍ෂේත්‍රය තුළ අත්දැකීම් සම්භාරයක් ඇති තැනැත්තියකි. ගීතා  පවසන ආකාරයට ඇය දේශපාලනය කළේ අද ඊයේ නොවේ. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිටම ඇය දේශපාලනයට සම්බන්ධව සිට ඇත. වෙනසකට තිබුණේ ප්‍රසිද්ධියේ දේශපාලනය නොකිරීම පමණකි.
කෙසේ හෝ දැන් ඇය පවසන ආකාරයට ඇය ඒ දවස්වල සිටි ‘නිළි ගීතා’ නොවේ. තම බල ප්‍රදේශය එසේත් නැත්නම් දකුණේ බෙන්තර, ඇල්පිටිය ආසනයේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්නට ආ දේශපාලනඥවරියකි. සමාජ සේවිකාවකි. සමාජ ප්‍රශ්න හඳුනාගත් තැනැත්තියකි. ජනතාවගේ දුක හඳුනන කාන්තාවකි.
ගීතා මේ පණිවුඩය රැගෙන යමින් ගමට යන්නීය. තම ඡන්ද දායකයින්ට කතා කරන්නීය. එහෙත් මෙම පළාත් සභා මැතිවරණයේදී ඇය හමුවේ අභියෝග බොහොමයක් ඇති බවද රහසක් නොවේ.
“ගීතා කුමාරසිංහ මහත්මියට විරුද්ධ පක්ෂයේ අයට වඩා පහර දෙන්නේ තමන්ගේම පක්ෂයේ අය. ඒකයි ප්‍රශ්නේ. හැබැයි ඇයත් ‍ලේසියෙන් අරින්නේ නැහැ. ඒවාට උත්තර දෙමින්, අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට යනවා” 
මෙසේ පවසන්නේ බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ ඡන්දදායකයෙකි.
දකුණේ ඡන්දදායකයින් සමග කතා කිරීමේදී බොහෝ අය පවසන්නේ ගීතා කුමාරසිංහ මෙවර පැවැත්වෙන මැතිවරණයෙන් ඉහළින්ම ජය ගන්නා බවය.Anarkaliඑමෙන්ම වැඩිම මනාප ලබා ගන්නා පස් දෙනා අතරට ඇය පැමිණෙන බවද බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇති බව පෙනේ.
“හැබැයි ඇය තව ටිකක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන. සමහර වෙලාවට ඇයට ටිකක් කේන්ති යනවා.  ප්‍රසිද්ධ රැස්වීම්වලදීත්  කේන්තියෙන් කතා කරන අවස්ථා තියෙනවා. ඒක ඇයට අවාසියි. ගැහැනියක් හැටියට ඇය ඡන්ද දායකයන්ගේ අනුකම්පාව ලබා ගන්න කටයුතු කළා නම් ජයග්‍රහණය තවත් තහවුරු වෙයි කියල කියන්න පුළුවන්.”
ගීතා කුමාරසිංහ පසුගිය මහ මැතිවරණයට තරග කොට පරාජයට පත්වූවාය. නමුත්   එම පරාජය ගැනද ඇයට කියන්නට යමක් තිබේ. ගීතා පවසන්නේ එදා තමන්ගේ මනාප සොරකම් කළ බවයි. කුමන්ත්‍රණකාරී ලෙස තමා පරාජයට පත්කළ බවයි. 
ඒ මොන කුමන්ත්‍රණ සහ යටිකූට්ටුකම් තිබුණත් ගීතා  බෙන්තර ඇල්පිටිය බල ප්‍රදේශය අතහැර දැමුවේ නැත. ඇය එකදිගට සමාජ සේවයේ නිරත වූවාය. “මම දේශපාලනයට ආවේ හම්බ කරන්න නමෛයි. මට ජීවත් වෙන්න ඕන තරම් සල්ලි තියෙනවා. මට ඕන මිනිසුන්ට සේවයක් කරන්නයි.” ගීතා එසේ පවසයි. ඇයගේ මේ කියුම් කෙරුම්වලට ජනතාව කෙසේ පිළිතුරු දේ දැයි අපි බලා සිටිමු.
ගීතා කුමාරසිංහ හැරුණු කොට මැතිවරණයට තරග කරන ඉතිරි නිළියන් දෙදෙනාම ඉදිරිපත්ව සිටින්නේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම ජනප්‍රිය නිළියන් දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග කරන බව අපි දනිමු. ඒ අනර්කලී ආකර්ෂා සහ නදීෂා හේමමාලිය.
අනර්කලී මාතරට එන්නේ ගාල්ලෙනි. ඇය පසුගිය වතාවේ දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරියක් ලෙස ජය ලබන්නේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි. මේ නිසාම අනර්කලීට ඇත්තේ බලවත් අභියෝගයකි. ඒ ඇය මතෛක් සේවය කළ, එමෙන්ම පුරුදු පුහුණු ඡන්ද බලප්‍රදේශය අතහැර අලුත්ම ප්‍රදේශයකට පැමිණීම නිසාය.
“අනර්කලීට මේ ප්‍රදේශය අලුත්. එයා කතාබහ කරන විදිහ පවා අපේ පළාත්වල අයට අලුත්. මේක මේ පළාතේ ඡන්දදායකයන් කොයි විදිහට පිළිගනීද කියලා අපිට බලන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ පළාත්වල පරණ පුරුදු දේශපාලනඥයන් පවා ඇයව එක දිගට විවේචනය කරනවා. වාග් ප්‍රහාර එල්ල කරනවා”. අප සමග අදහස් දැක්වූ මාතර ප්‍රදේශයේ ඡන්දදායකයෙක් පැවසීය. “මේ තත්ත්වය අවබෝධ කරගත් නිසාදෝ ඇය හැසිරෙන්නේ බොහොම ඉවසීමෙන්”.  මාතර දිස්ත්‍රික්කයේ මැදහත් ඡන්දදායකයෝ පවසති.
“බල්ලෝ කොයි තරම් හඳට බිරුවත්, හඳ කඩා ගෙන වැටෙන්නේ නැහැ. මමත් එහෙමයි. මට කොයි තරම් දෙනා බැන්නත් මම ඒ අය සමග රණ්ඩු කර ගන්න යන්නේ නැහැ. අනික මම දකුණට උඩින් පාත් වුණු කෙනෙක් ‍නෙවෙයි. මගේ අම්මා තාත්තා දෙන්නම කඹුරුපිටියේ. ඉතින් මට මාතරට එන්න nadeeshaඅයිතියක් තිබෙනවා”අනර්කලී පවසයි.  තමන්ගේම පක්ෂයේ අය විවිධ ප්‍රශ්න මතුකරද්දී ඇයද නොසැලී ඉදිරියට යමින් සිටින බව පෙනේ. ඒ සටනින් ඇයට කුමන ප්‍රතිඵලයක් ලැබෙනු ඇත්ද යන්න තව දින කිහිපයකින් දැකගත හැකි වනු ඇත.
මාතරට ඉදිරිපත්ව සිටින අනෙක් ජනප්‍රිය නිළිය වන්නේ එජාපයෙන් තරග වදින නදීෂා හේමමාලිය. පළමුවරට මැතිවරණයකට ඉදිරිපත් වන නදීෂාට ඡන්දදායකයින් කුමන ප්‍රතිඵලයක් හිමි කරදෙනු ඇත්ද යන්න ගැනද බොහෝ දෙනා කුතුහලයෙන් බලා සිටියි.
“මමත් දකුණේ කෙනෙක්. එහෙම නැතිව පැරෂුට් එකකින් මෙහාට පාත් වුණු කෙනෙක් ‍නෙවෙයි. අනික මම පබා වගේ කොබා පෙන්නන්නේ නැහැ. මම කැපුවත් කොළ. කවදාවත් පක්ෂය මාරු කරන්නේ නැහැ”. නදීෂා හේමමාලි මේ ආකාරයට පවසන්නේ ඇයද එජාපයෙන් ඡන්ද ලබා පසුව ආණ්ඩුවට එක්වනු ඇතිද යන සැකය බොහෝ දෙනකු විසින් පසුගිය කාලයේ මතුකරන ලද නිසාය. සැබැවින්ම මේ ආකල්පය නදීෂා විසින් ජයගත යුතුව ඇති ප්‍රබල අභියෝගයකි.
“හැබැයි ඇය බොහොම අපූරුවට ජනතාවට සමීප වෙලා මේ කාරණය පැහැදිලි කර දෙනවා. ඇය වටා බොහෝ ජනතාවක් එක්වී සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.  දකුණේ කාන්තාවන් ඇයගේ රැස්වීම්වලට එන බව පෙනෙනවා. ඒ වගේම ඇයට හොඳ කථිකත්වයක් තිබෙන බවත් පෙනෙනවා” එසේ පැවසුවේ අප සමග අදහස් දැක් වූ මාතර ප්‍රදේශයේ ඡන්දදායකයෙකි.
තත්ත්වය මෙසේ වුවත් ගීතාට, අනර්කලීට හා සමානව නදීෂාටද තම පිලෙන් ප්‍රබල විරෝධතා හා කෙනෙහිලිකම් මතුව තිබෙන බව පෙනෙන්නට තිබේ. නාම යෝජනා බාර දීමෙන් පසු නදීෂා ප්‍රසිද්ධියේ කළ “මමත් මංගල මන්ත්‍රීතුමාගේ කුරුඳු ‍පොලු හමුදාවට බැඳුනා” යන ප්‍රකාශයට රනිල් හා මංගල විරෝධී පිල ප්‍රබල ප්‍රචාරයක් ලබා දෙමින් ඇගේ ජයග්‍රහණයට අකුල් හෙළන ආකාරය පෙනෙන්නට තිබෙන බවද වාර්තා වෙයි.
මේ සියලු අභියෝග ජයගනිමින් ගීතා කුමාරසිංහ, අනර්කලී ආකර්ෂා සහ නදීෂා හේමමාලි කවර ප්‍රතිඵලයක් ලබා ගනිවිද යන්න ලබන 30 වැනි දින වනවිට  ජනතාවට දැනගන්නට හැකි වනු ඇත.
සමන් ප්‍රියංකර නම්මුනිගේ

ජිනීවා යෝජනාව අද

ජිනීවා යෝජනාව අද


ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් 5ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන ඒමට නියමිත යෝජනාවේ නවතම සංශෝධිත කෙටුම්පත මේ වන විට ප්‍රකාශයට පත්වී ඇත.මෙම කෙටුම්පත අද (26) දින ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත අවසන් නිල යෝජනාවලියටබොහෝදුරට සමාන වනු ඇති බවද තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම කෙටුම්පතෙහි විශේෂත්වය වන්නේ ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීම හා එය නියමිත කාලවකාවනුවකට යටත් කිරීමයි.මේ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා වසරක කාලයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන මෙන් මෙම යෝජනාවලිය මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
මීට පෙරාතුව ප්‍රකාශයට පත්වූ කෙටුම්පත්වල පරීක්ෂණයට ලක්කෙරෙන කාල නිර්ණයක් සඳහන් නොවුණද මෙම කෙටුම්පත් කාල නිර්ණයක් සඳහන් කර තිබිම විශේෂත්වයකි. මේ යෝජනාවෙන්, යුද්ධයේ අවසන් සමයේ මෙන්ම ඊට පසුව සිදුවූ වැදගත් සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටද ඉඩහසර ලබාගෙන ඇති බව දේශපාලන විශ්‍ලේශකයන්ගේ අදහසයි.
මෙම යෝජනාවලිය අද (26) දින මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට (27) දින පැවැත්වේ.
පැතුම් වික්‍රමරත්න

Wednesday, March 19, 2014

colombo weather ලංකාවෙ කාලගුනය මෙතනින් බලමු

colombo weather  ලංකාවෙ කාලගුනය මෙතනින් බලමු

click here  today weather report






මීගහවත්තේ නිවෙසක
බෝම්බ ගබඩාව අල්ලයි
සිසුන් 5 දෙනෙක්‌ අත්අඩංගුවට

හේමන්ත රන්දුණු

ගම්පහ මීගහවත්ත නාරන්වල ප්‍රදේශයේ නිවසක පෙට්‍රල් බෝම්බ ඇතුළු අවි ආයුධ ගබඩාවක්‌ පවත්වාගෙන ගිය ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අපොස සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් පස්‌දෙනකු පානදුර වලාන දූෂණ මර්දන අංශය මගින් පෙරේදා (18 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.කිසියම් පිරිසක්‌ වෙත ප්‍රහාරයක්‌ එල්ලකොට මහා විනාශයක්‌ කිරීම සඳහා මේවා රැස්‌ කරන්නට ඇතැයි සැක කෙරේ. පෙට්‍රල් බෝම්බ සියල්ල නිෂ්පාදනය කර ඇත්තේ ද සැකකාර පාසල් ශිෂ්‍යයන් විසින් බවත් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම අවි ගබඩාව පවත්වාගෙන ගිය එක්‌ ශිෂ්‍යයකුගේ මවද පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. පාසල් ශිෂ්‍යයන් පවත්වාගෙන ගිය අවි ගබඩාවේ තිබී පෙට්‍රල් බෝම්බ 8 ක්‌, කඩුවක්‌, විශාල ප්‍රමාණයේ මන්නා පිහියක්‌, වෑද්දුම් කර විශේෂයෙන් සකස්‌ කළ යකඩ බට කීපයක්‌ තිබූ බව පොලිසිය පවසයි.

පොලිස්‌ මූලස්‌ථානය වෙත ලැබුණු තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පෙරේදා සවස මීගහවත්ත නාරන්වල ප්‍රදේශයේ නිවසක්‌ වටලා තිබේ.

ඒ අවස්‌ථාවේ කඩු මන්නා පිහි සහ යකඩ ආයුධ සමග පාසල් ශිෂ්‍යයන් සිව්දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට හැකි විය.

පසුව මෙම ශිෂ්‍යයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී නිවස හිමිකරුගේ පුත්‍රයා නිවසේ වහළයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. එම ශිෂ්‍යයා වහළයේ සඟවාගෙන සිටි පෙට්‍රල් බෝම්බ 8 ක්‌ ද සොයා ගැනීමට පොලිසිය එහිදී සමත් විය.

සැකකාර ශිෂ්‍යයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිs වී ඇත්තේ යාබද ඉඩමක අලුතින් ඉදිකරන නිවසක පෙදරේරුවන් කණ්‌ඩායමක්‌ සමග දින කීපයකට උඩදී ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර ආරවුලක්‌ හටගෙන ඇති බවයි.

එහිදී නිවස හිමිකරු ඔවුන්ගෙන් පහර කෑමට ලක්‌ව රෝහල් ගත කර තිබේ. මෙම පහරදීම සිදු කළ පෙදරේරුවන් ආපසු ගොස්‌ ඇත්තේ නැවතත් නිවසට පහර දීමට පැමිණෙන බවට තර්ජනය කරමිනි.

මෙම පෙදරේරුවන් කණ්‌ඩායමෙන් එල්ල විය හැකි ප්‍රහාරයකට මුහුණ දීම සඳහා පාසල් ශිෂ්‍යයා තම පංතියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් සමග එක්‌වී පෙට්‍රල් බෝම්බ සකස්‌ කර ඇත.

පසුව ඔහු තම මිතුරන් ද නිවසට කැඳවාගෙන දින දෙකක්‌ තිස්‌සේ රැකවල් ලාගෙන සිට ඇත්තේ පෙදරේරුවන් කණ්‌ඩායම තමන්ට පහරදීමට එනතුරුය.

පොලිස්‌ නිලධාරීන් මෙම නිවස වටලා අවි ආයුධ අත්අඩංගුවට නොගන්නට මීගහවත්ත ප්‍රදේශයේ මහා විනාශයක්‌ සිදුවීමට ඉඩ තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශිෂ්‍යයකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මෙසේ පාපොච්චාරණය කර ඇත.

"අපේ නිවසට යාබද ඉඩමේ ලොකු ගෙයක්‌ හදනවා. ඒ ගේ හදන බාස්‌ලා වතුර ගත්තේ අපේ ගෙදර ළිඳෙන්.

වතුර ගෙනියන්න එනහැම වෙලාවෙකදීම බාස්‌ලා අපේ ගෙදර ඉන්න ගෑනු අයට අනවශ්‍ය විහිලු කරනවා. මේ ප්‍රශ්නය දුරදිග ගිහින් ගැටුමක්‌ දක්‌වා වර්ධනය වුණා.

බාස්‌ලා අපේ තාත්තට හොඳටම ගැහුවා. එයා මේ වෙනකොට ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා.

අපිට ගහපු බාස්‌ලා ආපහු ගියේ ආයෙත් ඇවිත් අපේ පවුලම විනාශ කරනවා කියලා තර්ජනය කරමින්.

ඒ නිසයි අපි තීරණය කළේ බාස්‌ලා අපිට ගහන්න ආවොත් ඒ අයට පහර දෙමු කියලා" යෑයි සැකකාර පාසල් ශිෂ්‍යයා පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙම ශිෂ්‍යයන් සකස්‌ කර තිබූ පෙට්‍රල් බෝම්බවලින් මහා විනාශයක්‌ වීමට ඉඩ තිබූ බව වලාන දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා පවසයි.

සැකකාර ශිෂ්‍යයන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මීගහවත්ත පොලිසිය වෙත භාරදී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් පස්‌දෙනා පසුගියදා මහත් ආන්දොලනයට ලක්‌ වූ ගම්පහ පාසලේ නොව වෙනත් පාසලක අධ්‍යාපනය ලබන අය බව පොලිසිය පවසයි.

පානදුර වලාන දූෂන මර්දන අංශයේ ස්‌ථානාධිපති දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.
බෝල්ට්‌ ඇණවල දමා කුඩු කිලෝ 36 ක්‌ ගෙනා
පාකිස්‌තානු කුඩු රජා දැලේ


හේමන්ත රන්දුණු

හෙරොයින් කුඩු කිලෝ 36 ක්‌ බෝල්ට්‌ ඇණ ඇතුළත දමා මෙරටට ගෙනා මහා පරිමාණයේ කුඩු ජාවාරම්කරුවකු වන පාකිස්‌තානු ජාතිකයා පෙරේදා (18 වැනිදා) නුවර ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.පාකිස්‌ථානයේ සිට මෙම ජාවාරම්කරු ගෙන එනු ලබන කුඩු මෙරට බෙදාහරිනු ලබන ප්‍රධාන නියෝජිතයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පාකිස්‌ථානු ජාතිකයා සැඟවී සිටි ස්‌ථානය සොයා ගත් බව වැටලීම සිදුකළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මෙම පකිස්‌ථානු කුඩු ජාවාරම්කරු මීට පෙර තුන් වතාවක්‌ මහා පරිමාණයෙන් මෙරටට කුඩු ගෙන්වා ඇති බවද මෙම වැටලීම් සිදුකළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ විශේෂ කණ්‌ඩායම මගින් අනාවරණය කරගෙන තිබේ.

කුඩු රැගෙන එනු ලැබූ කන්ටේනරය පරීක්‍ෂා කර එම කුඩු තොගය රේගු නිලධාරින් විසින් සොයා ගනු ලැබූ දිනයේත් මෙම පාකිස්‌ථානු ජාතිකයා රේගුවට පැමිණ ඇත. ඔහු එසේ පැමිණ ඇත්තේ කුඩු කන්ටේනරය මුදා ගැනීමටය. එහෙත් කුඩු තොගය හසුවූ බව දැනගත් මෙම ජාවාරම්කරු හෙමින් සීරුවේ එතැනින් පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.

දකුණේ ප‍්‍රභූ ඝාතනයකට කොටි සැරසේ..


කොටි සංවිධානය විසින් මෙරට ප‍්‍රභූවරයෙක් ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවට ආරක්‍ෂක අංශ හෙළිකරගෙන තිබේ.
මේ බව හෙළිව ඇත්තේ පසුගියදා කොටි සංවිධානය ප‍්‍රතිසංවිධානය සඳහා උත්සාහ දැරූ බවට ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් කල ප‍්‍රශ්ණ කිරීම් වලිනි.
පසුගිය දින කිහිපයේ 30 දෙනෙකු පමණ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර දෙමළ ඩයස්පෝරාවේ ගෝබි සහ බාලේන්ද්‍රන් ජයකුමාර් නොහොත් ‘අප්පන්’ නමැති අය මෙහි ප‍්‍රමුඛයන් ලෙස කි‍්‍රයාකර තිබේ.
කොටි ප‍්‍රතිසංවිධානය සඳහා ස්විස්ටර්ලන්තයෙන් ආධාර ලැබෙන බවටද ආරක්ෂක අංශ සැක පළ කරයි.