Translate

Translate

Tuesday, March 25, 2014

ඡන්ද චණ්‌ඩි 125 ක්‌ දැලේ

අනිත් අයත් 29දාට පෙර අල්ලනවා
- එස්‌එස්‌පී ගාමිණී නවරත්න කියයි

හේමන්ත රන්දුණු

බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය අවසන් වීමට පෙර මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා "දිවයින" ට ඊයේ (25 වැනිදා) පැවසීය.

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සම්බන්ධ අපේක්‍ෂකයන් තිදෙනකු ඇතුළු 125 දෙනෙක්‌ මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටිති. ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සම්බන්ධ තවත් සියයකට ආසන්න පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ද නවරත්න මහතා කියා සිටියේය.

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරත වී සැඟවී සිටින සැකකරුවන් සියලු දෙනා ලබන 29 වැනිදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සියලුම පොලිස්‌ ස්‌ථානවලට පොලිස්‌ මූලස්‌ථානය නියෝග කර ඇත.

පළාත් සභා මැතිවරණයේ ඊයේ වන විට ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සම්බන්ධ පැමිණිලි 128 ක්‌ ලැබී ඇති බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

මේ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අපරාධකරුවන් හෝ මැරයන් හෝ සම්බන්ධ කර නොගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා සියලුම අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment