Translate

Translate

Tuesday, March 11, 2014

ඇමරිකානු ප‍්‍රහාරක යානා යුක්රේනය වටා





ඇමරිකාව විසින් පෝලන්තයට F-16 ප‍්‍රහාරක යානා 12ක් සහ 300ක භට පිරිසක් යවනු ඇතැයි වාර්තා වේ.
පෝලන්ත ආරක්ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශක ජැචෙක් සොන්ටා පවසා ඇත්තේ මීට වඩා කුඩා පරිමාණයේ යුධ අභ්‍යාසයක් සඳහා සැලසුම් කර තිබූ නමුත් යුක්රේනයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය මත ඇමරිකාව සමග සිදුකරන අභ්‍යාසයේ විශාලත්වය වැඩිකිරීමටත් එය කඩිනමින් පැවැත්වීමටත් තීරණය කළ බවයි.
පෝලන්තයේ ඇමරිකානු හමුදා රැඳවීම සඳහාවූ තීරණය ඇමරිකානු ආරක්ෂක ලේකම් චක් හෙගල් සහ පෝලන්ත ආරක්ෂක ඇමති ටොමාස් සිමොනියැක් අතර පැවැත්වූ දුරකථන සංවාදයකදී ගෙන ඇතැයි පැවසේ.
පෝලන්ත ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ මෙය පෝලන්ත ඇමරිකානු සහයෝගිතාවය ඉහළ නංවනු ඇති බවයි.  ඇමරිකානු ප‍්‍රහාරක යානා මධ්‍යම පෝලන්තයේ ලාස්ක් ගුවන් හමුදා කඳවුරේ රඳවා තැබෙනු ඇත.
යුක්රේනයේ බටහිර අසල්වැසියා වන පෝලන්තයේ වෝර්සෝ අගනුවර සිට කියෙව් දක්වා ඇති දුර ප‍්‍රමාණය කිලෝමීටර් 700ක් පමණි.
මේ අතර ලිතුවේනියාවටද ඇමරිකානු F-15 ප‍්‍රහාරක යානා 4ක් යවනු ඇතැයි වාර්තා වේ.
ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ යුක්රේනය වෙත එල්ලවී ඇති රුසියානු බලපෑම් සහ කලිනින්ග‍්‍රාද් ප‍්‍රදේශයේ මිලිටරි හැසිරීමට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම තීරණය ගනු ලැබූ බවයි.

No comments:

Post a Comment