Translate

Translate

Thursday, March 6, 2014

පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි?


අතීතයේදී පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට යොදා ගෙන ඇති බව කියන ස්ථානයක් අනුරාධපුර නුවර වැවේ ජලය සිදී ගිය ප‍්‍රදේශයකින් මතුව තිබේ.
මෙම කොටසේ මැටියෙන් තනා පුළුස්සා ඇති උළු කැට හා සමාන ලක්‍ෂණ ඇති කොටස් එක්තරා රටාවකට සිටුවා ඇති අන්දම දක්නට ඇත.
මීටර් හතළිහක පමණ ප‍්‍රදේශයක් පුරාවට මෙම රටා දැකිය හැකි අතර නුවර වැවේ නවීකරණ කටයුතු සඳහා පැමිණි බර වාහන යන්ත‍්‍ර සූත‍්‍ර මේ මතින් ගමන් කිරීම නිසා මැටි සහිත කොටස් විශාල ප‍්‍රමාණයක් කැඞී බිදී ප‍්‍රදේශය පුරා විසිරී පවතී.
තවමත් ජලය පවතින ප‍්‍රදේශවලද මෙම රටාවන් දක්නට ඇති අතර එක් රටාවක් මීටර දෙකක පමණ විශාලත්වයෙන් යුක්තය.
එකිනෙකට සමීපව පිහිටා ඇති රටා කොටස් හතරක් පමණ මේ වන විට දක්නට ඇති අතර මේවා සම්බන්ධව විවිධ මත පළවෙමින් තිබේ.
මෙම ස්ථානය පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට අතීතයේදී යොදාගෙන ඇතැයි එක් කතාවකින් කියවෙන අතර තවත් පිරිසක් පවසන්නේ අතීතයේදී මෙහි පුද පූජා පවත්වා ඇති බවය.

No comments:

Post a Comment