Translate

Translate

Sunday, March 16, 2014

ජර්මනියේ හේග් යුධ අධිකරණයට නම් ගෙනියන්නේ නෑ


සංහිඳියාවට ඇති හොඳම මාවත සාමය බවත්, යුද්ධය යනු භේදය සඳහා ඇති හොඳම මාවත බවත් යුද්ධ අවසන් කොට ජනකොටස් ඒකරාශීව සංහිදියාව දෙසට ඇදෙන මේ රටේ ඒ මෝදුවෙම්න් පවතින සංහිදියාව විනාශ කිරීමට විශාල බලවේගයක් මෙරටට එරෙහිව ක්‍රියාත්මකවන බව ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ මහල් නිවාසවල කළමනාකරණ සංස්ථා නියෝජිතයන්ගේ ‘ප්‍රථම සම්මේලනය’ට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
මෙම සම්මේලනය ඊයේ දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා,
‘ඹබ සියලුදෙනා දන්නවා ඔවුන් ජිනීවා වලට අරන්එන යෝජනාව සංහිඳියාව ඉස්සරහට දාල තමයි ගේන්නේ. දැන් හෙට අනිද්දා වෙනවිට ඔවුන් ඒ යෝජනාව බාරදීමට සූදානම් වෙනවා. එදා උඩරට රාජධානිය යටත් කරගැනීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් උඩරටට ඇතුළු වුණේ නායක්කර් වඩුග රජාගේ කුරිරු සැහැසි පාලනයෙන් සිංහල ස්වදේශික ජනතාව බේරා ගැනීමට ඔවුන් උඩරටට යන බව ජනතාවට අඟවමින්. අද බටහිර රටවල් ලංකාව ඇතුළට කඩා වැදීමට පාවිච්චි කරන්නේ එහි අනෙක් පැත්ත. සිංහල බහුතර පාලනයෙන් පීඩා විදින උතුරේ ජනතාව පිළිබඳ කිඹුල් කඳුළු හෙලමින් තමයි ඔවුන් අද මැදිහත් වෙන්නේ.
එහෙම සිංහල ජනාතාව පිළිබඳ කිඹුල් කඳුළු හලමින් එදා සුද්දන් උඩරටට ගියත් ඔවුන් ඇහැලේපොළට උඩරට ඔටුන්න දුන්නේ නැහැ. සුද්දම ඒ ඔටුන්න දාගත්ත. දෙමළ වඩුග රජාගේ පාලනයට එදා  ඉංග්‍රීසි විරුද්ධ උණානම් අද ඒකේ අනෙක්පැත්ත. ඇත්ත කතාවනම් මේ අධිරාජ්‍යයවාදීන් කිඹුල් කදුළු හෙළන්නේ මේ රටේ ජනාතාව වෙනුවෙන් නොවෙයි. එදා උඩරට සිංහලයින් පිළිඹඳ කිඹුල් කදුළු හෙළුවට එදා උව වෙල්ලස්සේ පුණ්‍ය භූමියේදී සිංහලයින් දස දහස් ගණන් ඔවුන් පෙති පෙති ගහල මැරුවා. ඉන් නොනැවතී ගම්පාළු ප්‍රතිපත්තිය අනුගමනය කරමින් උව වෙල්ලස්ස සශ්‍රීක ගම්මානවල  හරකබාන, ගේදොර වතුපිටි සියල්ල ඔවුන් ගිනිබත් කළා. ඒ විතරක් නොවෙයි යන්තම් ගැටවර වයසේ සිටි සියළුම පිරිමි දරුවන් ඉංග්‍රීසින් විසින් ඝාතනය කරනු ලැබුවා. 1815දී උඩරට සිංහල ජනතාව පිළිබ කිඹුල් කදුළු හෙලලා උඩරට අල්ලාගත් සුද්දා 1818 වනවිට සංහලයින්ට සැලකුවේ අන්න ඒ ආකාරයෙන්. ඒ සැලකිල්ල ඔවුන් අවසන් කළේ මොණරවිල කැප්පෙටිපොළ නිළමේ තුමාවත් මරාදැමීමෙන් අනතුරුයි.
අද මෙතනත් වෙන්නේ එයමයි. අද සිංහල බහුතර පාලනය කුරිරුයි පීඩාකාරියි කියනවා. උතුරේ දෙමළ ජනතාව පිළිබද කිඹුල්කදුළු හෙළනවා. හැබැයි ඒ කිඹුල් කදුළු හෙළන්නේ ඔවුන්ගේ වැඩේ කරගන්න මිසක් මේ ජනතාවට අවශ්‍ය සාධාරණය ඉටුකිරීමට නොවෙයි.
එදා ත්‍රස්ත බලයෙන් සෑදීමට ගිය වෙනම රාජ්‍යය නිර්මාණය කිරීමට නොහැකිවූ නිසා ඔවුන් අද බලන්නේ ලෝකය වටේට සිටින දෙමළ ඩයස්පොරාව කුල්මත් කරල, උනන්දුකරලා මොනම අයුරින් හරි අද මේ ඇතිවෙමින් පවතින සංහිදියාව නැතිකරන්න. පසුගිය කාලයේ මේ කොළඹ නගරය කියන්නේ මරු සිටින තැනක්. මරු හොල්මන් කළ තැනක්. ඒ වගේම මේ නොළඹ නගරය මරුත්එක්ක නින්දට ගිය මරුත් එක්ක උදයට අවදිවූ මිනිස්සුන්ගෙන් පිරුණු තැනක්. ඒත් අද කොළඹ නගරය කියන්නේ මරු සිටින තැනක් නොවෙයි. නමුත් විදේශ බලවේග වලට අව්‍යශ කොළඹ නගරය පමණක් නොවෙයි, මේ මුළු රටම යළිත් මරු සිටින තැනක් බවට පත්කිරීමටයි.
එල්.ටී.ටී.ඊ.පෝස්ටර් වගයක් සමග අල්ලගත්ත පුද්ගලයෙකුගෙන් ලද තොරතුරුමත කිළිනොච්චියේ එක් තැනකට ගොස් වලලා තිබුණු අවි ආයුධ තොගයක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ. එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් සඟවා තිබූ අවි ආයුධ තොගයක්. ඒ වගේම අල්ලන්න ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් පොලිසියට වෙඩිතියලා පලාගියා. ඒ කියන්නේ මේ ආයුධ ආයිත් පත්තු කරන්න බලාගෙන ඒවා පොළව යට සඟවාගෙන පිරිසක් සිටිනවා කියන කාරනයයි. එහෙම සිටින අයට ජීවය දීමට කොටි ඩයස්පෝරාවක් සිටිනවා. නැවත අවි ආයුධ දරණ හිංසාකාරී ත්‍රස්ත දේශපාලනයක් ඇතිකරල මේ ගොඩනැගෙන සංහිදියාව විනාශකරන්න බටහිර රටවල් අනුබල දෙනවා ජිනීවා යෝජනා ගෙනල්ලා. දෙමළ අතිමහත් බහුතර ජනාතාවකට යළිත් ගැටුම් පිරුණු අනාගතයක් අවශ්‍ය වන්නේ නැහැ. මේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජනකොට්ටාසයකටම අවශ්‍ය වන්නේ සාමය. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය යි ගොඩනැගෙමින් පවතින සංහිදියාව.
අපි මොරටුව මහල් නිවාස සංකීර්ණයවසර ගණනකට පසුව මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළා. පසුගිය තෛයිපොංගල් උත්සවය මොරටුව සොයිසාපුර මහල් නිවාස  සංකීර්ණයේ දි පැවැත්වුණා.  එහිදි විශේෂ සිදුවීමක් සිදුවුණා. ඒ තෛයිපොංගල් උත්සවය පිළිබඳ සොයිසාපුර ජනතාවගේ වෙන කවරදාටත් වඩා විශාල උනන්දුවක් තිබුණා. එදා  සිංහළ, දෙමළ, මුස්ලිම් සියළුම ජනතාව මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ක්‍රීඩාපිටියට ආව. ඉන්පසුව අතිවිශාල ජන සහභාගීත්වයකින් තමයි සොයිසාපුර මහල් නිවාස යෝජනා ක්‍රමයේ ඒ තෛයිපොංගල් උත්සවය පැවැත්වුණේ. එම උත්සවේදී දෙමළ ගුරුමහත්මියක් කතා කළා. මේ මහල් නිවාස යෝජනාක්‍රමය නවීකරණය කිරීමෙන් අළුතවුනේ මහල් නිවාස ගොඩනැගිලි විතරක් නොවෙයි  ඒ තුළින් මේ මහල් නිවාස යෝජනාක්‍රමයේ වැසියන්ගේ හදවත් ද අළුත්වුණා කියලා එතුමිය කිව්වා. ඒ නිසයි මෙවර තෛයිපොංගල් උත්සවයට මෙච්චර ජන සහභාගීත්වයක් ලැබුනේ කියලත් එතුමිය පැවසුවා.
අන්න එහෙම තමයි සංහිදියාව ඇති වෙන්නේ. බටහිර රටවල් දන්නවා යළිත් මේ සංහිදියාව ඇතිවෙන බව. ඒ නිසා තමයි මේ පොළොව යට වලලා තියෙන අවි ආයුධ යළි එළියට එන්නේ. ඒ නිසා තමයි කොටි 3000ක් ජිනාවා නුවර ප්‍රීතිඝෝෂා නගන්නේ. ඒ නිසා තමයි අවි ආයුධ ගන්න ගිය පොලිස් නිලධාරීන්ට වෙඩිතියනල දුවන්න ආත්ම විශ්වාසය ඒ පුද්ගලයන්ට ලැබෙන්නේ.
ඒ නිසා මේ රටේ යළිත් මෝදුවෙමින් පවතින සංහිදියාව විනාශකරලා මේ රට මරු සිටින රටක්, මේ කොළඹ මරු සිටින කොළඹක් බවට පත්කරන්න තමයි ඒ බටහිර බලවේග වලට අවශ්‍ය. මෙතන බෝමබ පත්තුවෙනකොට, රට අස්ථාවර වෙනකොට ඔවුන්ට රජ මගුල්. සංහිදියාව තමයි ඔබ තමුන්නාන්සේලාට, අපට ජයග්‍රහණය ගෙනදෙන්නෙ. යාපනය දක්වා අධිවේගී මාර්ගය හෙට දවසේ නිර්මාණ වන්නේ, නොහැදූ අධිවේගී මාර්ග සියල්ලම වැඩ නිමවෙමින් යන්නේ, උතුරේ දැවැන්ත භෞතික සංවර්ධනයක් සිදුකොට තියෙන්නේ මේ සාමය නිසයි.
තවමත් බිදුණු සිත්, තැවුල්, වේදනාබර මතකයන් ඇති. ඒත් ක්‍රමාණුකූලව කාලයා විසින් ඒවා සුවපත්කරාවි. සංහිඳියාව ගොඩනැගෙන්නේ අන්නඒ ආකාරයටයි. නමුත් ඒ ගොඩනැගෙමින් යන සංහිදියාව නතර කරල කොළඹ නගරය යළි මරුසිටින දිශාවක් බවට පත්කිරීමට තමයි ඔබාමා ඇතුළු ඒ බටහිර බලවේගවලට අවශ්‍ය වෙලා තියෙන්නේ.
මොන දේශපාලන මත දැරුවත් සාමය අපි හැමෝටම අවශ්‍යයි. දිනාගත් සාමය සිංහල, දෙමළ, මුස්ලිම් අපි කාටත් අයිතියි. අධිවේගී මාර්ගයක් හැදුවාම ඒකේ යන්නේ අණ්ඩුවට ඡන්දෙදීපු අය විතරක් නොවෙයි. රට ස්ථාවර උනොත් ඒකේ වාසිය අපි කාටත් ලැබෙනවා. ඒ වගේම රටක් බෙලහීනවුනොත්, අස්ථාවර උනොත් ඒකේ අවාසියත් අපි කාටත් ලැබෙනවා. ඒ නිසා වාසිය බෙදාහාදාගන්න අනාගතයක් සොයාගෙන යනවාද,  එසේත් නොමැතිනම් බටහිරට අවශ්‍ය ආකාරයෙන් බෙදාහාදාගන්න අනාගතයක් සොයාගෙන යනවද කියා අප සිතිය යුතුයි.
එහෙත් අද අවශ්‍ය වෙලා තියෙන්නේ සාමයෙන්, දියුණුවෙන්, සංහිදියාවෙන් ලැබෙන වාසියයි. ඒක තමයි අද ඔබට ලැබුණේ. යුද්ධය තියෙන අවධියේදී මෙබඳු ප්‍රතිසංස්කරණයන් කරන්න අපට හැකියාවක් නැහැ. සාමයෙන් සංහිදියාවෙන් ලැබුණු වාසිය තමයි මේ මහල් නිවාස නවීරණය කිරීම තුළින් පෙනෙන්නේ. සාමය තමයි, සංහිදියාව තමයි දියුණුව, සංවර්ධනය, ප්‍රගතිය ගමට, රටට, නගරයට, ගෙනෙන්නේ. ඒ තත්වය නැතිකර දමමින් යළිත් අඳුරු අතීතය වර්ථමානයට, අනාගතයට කැඳවීමට තමයි බටහිර රටවල් ඉව අල්ලමින් සිටින්නේ. එදා උඩරට සිංහලයා ගැන කිඹුල් කඳුළු හෙළුව, අද දෙමළ ජනතාව පිළිබඳ කිඹුල් කඳුළු හෙළනවා. ඒත් අපි  දැනගත යුතුයි ඔවුන් එන්නේ ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට බව.
ඒ නිසා අපි සියළුදෙනා ජාතික අභියෝගයකදී මහල් නිවාස වාසීන් නොව, මේ රටට ආදරය කරන රටවැසියන් වශයෙන් එකට එකතුවිය යුතුයි. අපි එසේ කළ යුත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජන වර්ගයකට අයිති වුණත් අපි මේ පොළවේ ඉපදිච්ච මේ පොළවේ මියයන මිනිසුන් වශයෙනුයි. කතාකරන භාෂාවෙන් හා සංස්කෘතික අනන්‍යතා අතින් විතරයි අපි අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. අනෙක් හැම භෞතික ලක්ෂණයකින්ම අපි සමානයි.
විරුද්ධ පක්ෂයේ මහත්වරු එක් එක් අයුරින් ඒ හතුරු බටහිර මෙහයුම සාධාරණීකරණය කරන්නෙ කොන්ත්‍රාත් බාරගෙන තියෙනාවා. ඔවුන් හදන්නෙ ඒහි බැරෑරුම්කම වහන්න. ඊයෙ පෙරේදා එක්කෙනෙක් කියනවා ජර්මනියේ හේග් නුවර තියෙන අන්තර්ජාතික අපරාධ අධිකරණයට රටේ ජනාධිපතිතුමාව ගෙනියන්න වෙන්නේ නැහැ කියලා. ඒක බොරු කතාවක්. හේග් නුවර තියේන්නේ ජර්මනියේ නෙමෙයි. එහෙත් ඔහු කියනවා ජර්මනියේ හේග් නුවර තියෙන අපරාධ අධිකරණයට ගෙනියන්න වෙන්නේ නැහැ කියා. ජර්මනියේ හේග් නුවර  අධිකරණයටනම් ජනාධිපතිතුමාව ගෙනියන්න වෙන්නේ නැහැ තමයි. මොකද එහෙ එහෙම එකක් නැති නිසා. එහෙත් ඔවුන් ඒවගේ කතා කියලා බලන්නේ කොහොමෙන් හරි මේ අවධානම, අනතුර අවම කරලා පෙන්නන්න. ප්‍රශ්නෙ වෙන්නේ අන්තර්ජාතික අපරාධ අධිකරණයට ගෙනියනවද නැද්ද කියනඑක නෙමෙයි, ඒකෙන් තීන්දුව දුන්පසු විදුලිපුටුවට ගෙනියනවද නැද්ද කියන කාරණය නොවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝක මතයක් හදමින් දිනාගත්ත සාමය අහිමි කර යළී මේ රට දෙපළු කිරීමේ පාර තමයි මේ කපන්නේ. එල් ටී. ටී.ඊ. එකේ. ආයුධ වලින් කපපු පාර අපි වැහුවා. දැන් බලනවා යූ.එන්. ඕ. එකේ බලය පාවිච්චි කරල අළුත පාරක් ඒ දිශාවටම කපන්න “ යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
- Con. Media
SAN_3232SAN_3300

No comments:

Post a Comment