Translate

Translate

Thursday, March 6, 2014

‘‘පෝට් සිටි” ව්‍යාපෘතියේ තොරතුරු සඟවා නෑ



‘‘පෝට් සිටි” හෙවත් වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය තොරතුරු අනාවරණය කර තිබේ.

හෙක්ටයාර 233ක මුහුදු ප්‍රදේශයක් ගොඩකරමින් සිදුකරන අදාළ ව්‍යාපෘතිය මෙරට ඉතිහාසයේ වැඩිම මුදල් ආයෝජනයක් සිදුවන ව්‍යාපෘතිය වන අතර ඒ සඳහා පොලිය ද ඇතුළුව අමෙරිකානු ඩොලර් මිලියන 1918ක් වැය වන බව වරාය අධිකාරිය පවසයි.

සියලු පහසුකම් සහිතව ඉදිවන එම නගරයේ ෆෝමියුලා වන් වර්ගයේ ධාවන පථයක් ඉදි නොකරන අතර ධාවන තරග පැවැත්විය හැකි ආකාරයේ මාර්ග පද්ධතියක් සකස් කරන බව එම අධිකාරිය පෙන්වාදෙයි.

ව්‍යාපෘතිය පැවරී ඇති සමාගම තෝරා ගැනීමේ දි විධිමත් ක්‍රමවේදයන් අනුගමනය කර කැබිනට් මණ්ඩලයේ සහ නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

දියකඩනයක් ඉදිකිරීමේ දී කිසිදු අධ්‍යයනයක් සිදුකර නොමැති බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වා දෙන්නේ ඊට අදාළ සියලු පාර්ශවික සහ තාක්ෂණික වාර්තා ලබාගෙන ඇති බවයි.

අදාළ ව්‍යාපෘතිය සිදු කිරීමේ දි අත් දැකීම් සහ තාක්ෂණික ඥාණයක් ඇති ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට එය පැවරී ඇති බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

හෙක්ටයාර 233න් 125ක් රජයට හිමිවන අතර ඉතිරිය 99 අවුරුදු බදු මත ආයෝජන සමාගමට ලබාදීමට නියමිතය.

ඉන් සින්නක්කර අයිතිය සඳහා ලබාදෙන්නේ හෙක්ටයාර 20ක ප්‍රමාණයක් පමණක් බව ද වරාය අධිකාරිය පෙන්වාදෙයි.

ව්‍යාපෘතිය මගින් වරාය අධිකාරියට අති විශාල මුදලක් ලැබෙන අතර අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු සැඟවීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

‘‘පෝට් සිටි ‘‘ හෙවත් වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයන් පැන නැගී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 

No comments:

Post a Comment