Translate

Translate

Wednesday, March 12, 2014

ඖෂධ සමාගම්වලින් කප්පම් ඉල්ලන
සෞඛ්‍ය ලොක්‌කෙක්‌ ගැන පැමිණිලි


ඒමන්ති මාරඹේ

නියමිත ප්‍රමිතියට අනුව ඖෂධ විලවුන් හා ළදරු නිෂ්පාදන නිපදවන සමාගම්වලට තර්ජනය කර රුපියල් මිලියන ගණනින් මුදල් අල්ලස්‌ ලබා ගැනීමේ ජාවාරමක්‌ පිළිබඳව ඖෂධ කර්මාන්තකරුවන් පිරිසක්‌ විසින් ඉකුත් සඳුදා (10දා) සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කර තිබේ. අදාළ සමාගම් නියමිත ප්‍රමිතියෙන් සිය නිෂ්පාදන නිපදවා තිබුණද ඒවා නිසි ප්‍රමිතියකින් තොර බවට ව්‍යාජ ප්‍රචාර කර ඒවා තහනම් කිරීමේ මුවාවෙන් එක්‌තරා සෞඛ්‍ය ආයතන ප්‍රධානියෙකු විසින් රුපියල් මිලියන ගණනින් මුදල් අල්ලස්‌ ලබා ගන්නා බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම තත්ත්වයට වගකිව යුතු සෞඛ්‍ය ආයතන ප්‍රධානියාට එරෙහිව නිසි පියවර නොගන්නේ නම් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් කටයුතු කරන බවද ඖෂධ කර්මාන්තකරුවන් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත දැනුම් දී තිබේ.

මෙකී සෞඛ්‍ය ආයතන ප්‍රධානියා හොඳ තත්ත්වයේ නිෂ්පාදන සපයන සමාගමක්‌ මසකට තෝරා ගෙන එම සමාගමේ නිෂ්පාදන ප්‍රමිතියෙන් තොර බැවින් ඒවා තහනම් කරන බවට තර්ජනය කර රුපියල් මිලියනයක පමණ මුදලක්‌ සමාගමෙන් අල්ලස්‌ ලෙස ලබා ගන්නා බවට පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මුදල් අල්ලස ලබා ගැනීමෙන් පසු අදාළ සමාගමට හොඳ තත්ත්වයේ සහතිකයක්‌ ලබා දී නිසි පරිදි තම කටයුතු පවත්වාගෙන යැමට ඉඩ දීමට මෙම ආයතන ප්‍රධානියා පෙළඹී තිබේ.

ඉකුත් වසරේද මෙවැනි හොඳ තත්ත්වයේ නිෂ්පාදන, ළදරු නිෂ්පාදනයන් හා ළදරු කිරි විස්‌කෝතු නිපදවන ප්‍රසිද්ධ සමාගමකින් ඉහත කී ප්‍රධානියා අල්ලස්‌ ලබා ගෙන ඇතැයි පැවසේ.

No comments:

Post a Comment