Translate

Translate

Tuesday, March 25, 2014

ජිනීවා යෝජනාව අද

ජිනීවා යෝජනාව අද


ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් 5ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන ඒමට නියමිත යෝජනාවේ නවතම සංශෝධිත කෙටුම්පත මේ වන විට ප්‍රකාශයට පත්වී ඇත.මෙම කෙටුම්පත අද (26) දින ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත අවසන් නිල යෝජනාවලියටබොහෝදුරට සමාන වනු ඇති බවද තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම කෙටුම්පතෙහි විශේෂත්වය වන්නේ ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීම හා එය නියමිත කාලවකාවනුවකට යටත් කිරීමයි.මේ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා වසරක කාලයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන මෙන් මෙම යෝජනාවලිය මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
මීට පෙරාතුව ප්‍රකාශයට පත්වූ කෙටුම්පත්වල පරීක්ෂණයට ලක්කෙරෙන කාල නිර්ණයක් සඳහන් නොවුණද මෙම කෙටුම්පත් කාල නිර්ණයක් සඳහන් කර තිබිම විශේෂත්වයකි. මේ යෝජනාවෙන්, යුද්ධයේ අවසන් සමයේ මෙන්ම ඊට පසුව සිදුවූ වැදගත් සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටද ඉඩහසර ලබාගෙන ඇති බව දේශපාලන විශ්‍ලේශකයන්ගේ අදහසයි.
මෙම යෝජනාවලිය අද (26) දින මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට (27) දින පැවැත්වේ.
පැතුම් වික්‍රමරත්න

No comments:

Post a Comment