Translate

Translate

Tuesday, May 27, 2014

මේ මරණය හැර තවත් මරණ තිබේද..?

මේ මරණය හැර තවත් මරණ තිබේද..?

මේ මරණය හැර තවත් මරණ තිබේද..?ගිනිගත් ගෙයකින් නික්‌ම පලා යන්නවුන් මෙන් මේ දුක්‌බර සංසාරයෙන් නික්‌ම පලා යන සත් පුරුෂයෝම සසරේ බියකරු මරණය ඉක්‌මවා ගියෝ නොවේද? එනම් ඔවුන්ගේ ඒ අමානිවන් ගමන බෙහෙවින් මැ සිදු වූයේ ජීවිතය තුළ බියකරු මරණය එක්‌ වරක්‌ තුළ නොව දහස්‌ සුවහස්‌වර සිදුවන්නාවූ විපතක්‌ බව තේරුම් ගැනීමෙනි.
සංසාර ගත සත්වයන්ගේ ජීවිතය තුළ මරණය සිදුවන්නේ එක්‌වරක්‌ පමණෙකැයි ලෝකයා සිතාගෙන සිටින ආකාරයයි. එය සමාජ සම්මුතිය අනුව ඔබ සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන සත්ත්ව හෝ පුද්ගල ජීවිතයේ අවසානයයි. පරවී ගිය මලට කොතෙකුත් පැන් ඉස්‌සද එය යළි කවරදාකවත් නොපිබිදෙන්නාක්‌ මෙන් මරණයට ගොදුරු වූ ජීවිතයද කවර පිළියමකින්වත් කවදාවත් ආයෙත් ජීවිතය ලබන්නේ නැත.
සැබවින්ම ලෝකයා සිතන කල්පනා කරන මේ මරණය හැරුණු කොට ජීවිතයක්‌ තුළ තවත් අප්‍රමාණ මරණ සිදුවන්නේය. එය සසර ජීවිතය තුළ වන්නා වූ නාම රූප දෙක තුළම සිදු වන්නා වූ මරණය නැත්නම් බිඳ වැටීමයි. වරක්‌ ගත් ආහාරයක්‌ තුළින් සත්වයකුගේ රූප කාය තුළ හට ගන්නේ අලුත් රූප කලාපයකි. එය ඒ සත්වයාට මද වේලාවක්‌ යන තෙක්‌ සුඛ වේදනාවක්‌ ලබා දෙයි. එහෙත් ඉන් ඉක්‌බිතිව කාලය මරණයට පත් වෙන විට එම අලුත් සුවදායි රූප කලාපයද දිරාපත් වී මරණයට ගොදුරුවේ. ශරීරය තුළ දුක්‌ වේදනා හට ගන්නේ ඒ නිසාය. මේ ආකාරයෙන්ම ශරීරයේ අයහපත් රූප ඉපදීමෙන්ද සත්වයාට අනන්ත දුක්‌ පීඩාවලට මුහුණ පෑමට සිදු වේ. අයහපත් රූප කලාප හටගන්නේ එතෙක්‌ පැවති යහපත් වූ රූප කලාප මොහොතක්‌ නෑර මරණයට පත් වන නිසාය.
තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කාලයට මඳක්‌ සැදැහැවත් බව පෙරටු වූ සිතින් ගමන් කරන්න. ඒ සම්මා සම්බුදුන් ධරමාන කාලයෙහි විසූ පූතිගත්ත තිස්‌ස තෙරුන් වහන්සේ ඔබට සිහිකළ හැකිද? බියකරු කර්මයේ දුඃත විපාක ලැබෙන තුරු උන්වහන්සේගේ ශරීරයෙහි වු මනාරූප කලාප රැඳී තිබිණි. කර්මයේ විපාක ක්‍රියාත්මක වීමත් සමගම එහිමි සිරුර පුස්‌කා ගිය පැණි කැවුමක්‌ සේ තුවාල වී, විරූපී වී අප්‍රමාණ දුක්‌ වේදනාවන්ගෙන් පිරී ඉතිරී ගියේය. එසේ සිදු වූයේ ඒ තුළ වූ යහපත් රූප කලාප මොහොතකින් මරණයට පත් වී නොමනා රූප කලාප හටගත් නිසාය. සත්වයකුගේ ස්‌කන්ධ පංචකය තුළ පවතින ගිණිය නොහැකි තරම් වූ රූප කලාප මෙසේ මරණයට පත්වන්නට කර්ම විපාකාබාධ පැමිණෙන තෙක්‌ම ඉන්නට වුවමනා නැත. ඇත්තෙන්ම ඒ ක්‍ෂණික මරණය මොහොතින් මොහොත මොහොතින් මොහොත සෑම තත්ත්පරයකදීම සිදු වෙයි. කර්ම විපාක එළඹීමෙන් සිදුවන්නේ එය වෙනත් අතෙකට පෙරළීම හා එයින් නිපැයෙන මහා දුක්‌ වේදනා හැඩි දැඩිකරලීම පමණෙකි. මේ වූ කලී නිරෝගී යෑයි කල්පනාකරන්නහුගේ ජීවිතය හෙවත් ස්‌කන්ධයන් රෝගයෙන් නැත්නම් ව්‍යාධි දුඃඛයෙන් මරණයට පත්වන ආකාරයයි.
මේ භයංකර සාංසාරික ස්‌වභාවය නොතිර ජීවිතය හා නිරන්තරයෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට ඇදෙද්දී එය තවත් අනේක තත්ත්වයට ගොදුරු වෙමින් මරණයට පත් වේ. ඒ අනුව මෙලොව එළිය දකින ළදරුවාගේ ස්‌කන්ධයක්‌ ඒ කාලය තුළ මරණයට පත් වී වෙනත් ස්‌වභාවයක්‌ ඇති කරයි. ඉන් ඉක්‌බිතිව ඒ එක්‌ එක්‌ අවධීන් මරණයට පත් වී තවත් සංසාර ජීවන අවස්‌ථා ගණනාවක්‌ ජනිත කරන අතර අන්තිමට පත්වන ස්‌කන්ධමය තත්ත්වය පෙර පැවතියාටත් වඩා සම්පූර්ණයෙන්ම වෙනස්‌ ස්‌වරූපයක්‌ බවට පත්වේ.
මේ හා සමගම සත්ත්ව ස්‌කන්ධයන් තුළ පෙර පැවති මහත් වූ ශක්‌තීන් ජරා දුක නමැති වධකයා විසින් එක පැහැර මරා දමනු ලබයි. එවිට එතෙක්‌ හොඳින් පෙනුණු ඇසෙහි ඒ පෙනීම මිය ගොසිනි. කණෙහි තියුණු ඇසීම දුබල වී ගොසිනි. දෑත දෙපය වලංගු නැත. සම රැළි වැටිලාය. කෙස්‌ පැසිලාය. දත් වැටිලාය. නොයෙක්‌ වේදනාවන් විසින් මුළු ශරීරයම වෙලා ගනු ලැබ තිබේ. කාලය විසින් සිදුකරනු ලැබූ මේ සියල්ල එක්‌වර ඇසි පිය හෙළන පමණෙකින් සිදු වූ දේ නොවේ. අතිශය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පංච ස්‌කන්ධය තුළ වූ රූප කලාපයන් මොහොතින් මොහොත මොහොතින් මොහොත දිරා මරණයට පත්වීමෙන් සිදු වූ දේය. මෙලෙස ස්‌කන්ධ තුළ සිදුවන මරණ නැතහොත් විකෘතිමය රූප කලාප ඇතිවීම විශේෂයෙන් සත්වයිනට දරාගත නොහැකි දුකක්‌, ශෝකයක්‌ උරුමකර දෙයි. මේ හෙයින්ම මොහොතින් මොහොත ඔවුන්ගේ මානසික සොම්නසද මිය යන්නේය.
පස්‌දෙනෙකුන් වූ ස්‌කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය හෙවත් නිර්වාණය වෙත පමුණුවන සම්‍යක්‌ කල්පනය නැති බොහෝ අය මේ සොම්නස මරණයට පත් කර ගන්නා අනෙක්‌ අයුරක්‌ ද තිබේ. ඒ එක්‌ එක්‌ ස්‌කන්ධයන් තුළ පවත්නා තමනට ප්‍රිය මනාප රූප කලාප සදාතනික යෑයි සිතා ගන්නා ඔවුන් ඒවා අයත් කර ගැනීමට යාම තුළිනි. එබඳු භික්‌ෂුවක්‌ තථාගත සම්මා සම්බුදුරාජණන් වහන්සේ ධරමාන කාලයේද වැඩ වාසය කළේය. ඔහු සිරිමා නමැති රූමත් ගණිකාවට කාමච්ඡන්දයෙන් තදින් බැඳී සිටියේය. එය කෙතරම් බලවත් වී ද යත් හෙතෙම දන් වැලඳීම පවා අතහැර දමා සිටියේය. හේ යාන්තම් සෝවාන් ඵලයට පත්ව සංසාර දුකින් ගොඩවෙන මඟට පැමිණියේ ඒ අමා මෑණියන් වහන්සේ සදෙසා වදාළා වූ නිවන් දහමෙහි අසිරිමත් බව දැකීමෙනි.
මේ ආදී වශයෙන් බලන කල සත්වයාගේ සංසාර ජීවිතය හා සම්බන්ධ වු පංචස්‌කන්ධයම ඔවුන්ගේ මාරයා බව අපැහැදිලි නොවේ. එනම් යමෙකු මේ පංචස්‌කන්ධය ලැබුවහොත් ඔහුගේ ජීවිතය තුළ අනන්ත මරණ සිදුවන්නට බාහිරින් මාරයෙකු හෝ උපක්‍රමයක්‌ අවශ්‍ය නැත. එයම එවැන්නාට අප්‍රමාණ මරණය ගෙනෙන්නේය. රූපං කෝ රාධ මාරෝ වේදනා, මාරෝ සඤ්ඤා, මාරෝ සංඛාරා, මාරෝ විඤ්ඤාණං මාරෝ යනුවෙන් දේශනා කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සත්වයාගේ ස්‌කන්ධ පහ එකම මරණයක්‌ ලෙස දක්‌වා වදාළේ එහෙයිනි.
සාමාන්‍යයෙන් මාරයා ලෙස හඳුන්වන්නේ ජීවිතය නසා වනසා අවසන්කර දමන්නාය. මෙබඳු මාරයෝ ලෝකය තුළ අද ද අප්‍රමාණ සිටිති. විශේෂත්වයක්‌ වන්නේ ඔවුන් අතින් සත්වයිනට එක්‌වරක්‌ පමණක්‌ මිය යන්නට සිදු වීමයි. එසේ වූවත් පංච ස්‌කන්ධය නමැති රුදුරු මරුවාගෙන් සත්වයාට මරණීය විපත උරුම වන්නේ එක්‌ වරක්‌ නම් නොවේ. අනවරාග්‍ර වූ සංසාරය තුළ අනන්ත මරණ ගණනකට මේ ස්‌කන්ධ පංචකය නමැති මාරයා නිසා සත්ත්වයිනට ගොදුරු වෙන්නට සිදුවේ. එහෙයින් අතීත සංසාරය දෙස ඔබට හැරී බැලිය හැකි නම් ඔබ කොතෙක්‌ මරණ සංඛ්‍යාවකට ගොදුරු වී දැයි ඔබට පෙනෙනු ඇත. එසේ පෙනුණහොත් ඒ මරණ හැම එකක්‌ම සුවදායක ලෙස සිදු නොවූ බවද ඔබට වැටහී යනු ඇත්තේය. එනම් ඒ අතර වූ ඇතැම් මරණ සොර සතුරන් පහර දීමෙන් සිදු වූ මරණයි. ඇතැම් ඒවා ගිනි ගැනීම්වලින් සිදු වූ මරණයි. තවත් සමහර මරණ දියේ ගිලීමෙන්, නපුරු සතුන් දෂ්ට කිරීමෙන් සිදු වී තිබේ. එමෙන්ම අකුණු වැදීමෙන් ද්වේෂයන්, ශෝකයන් දරාගත නොහැකිව වස විෂ බීමෙන්, දරුණු රෝගවලින් රාජ දඬුවම්වලින් ඔබ ගත කළ අති දීර්ඝ සංසාරයේ අනේකප්‍රකාර මරණ සංඛ්‍යාවක්‌ හිමි වී තිබේ.
මෙලෙස සිදුවන සම්මුති මරණය එක්‌ පසෙකින් සත්වගට හිමිකර දෙන්නේ දුක්‌ ටිකකි. එතෙකුදු වුවත් අටලෝ දහම වැනි ලෝක ධර්මතාවන්ගේ පෙරළි නිසා ඔවුනට ඊට වඩා සුවහසක්‌ දුක්‌ තැවුල්වලට මුහුණ පෑමට සිදු වේ. ඒ අනුව බොහෝ ධන සම්පත් කෙරෙන් ශෝභමාන වී සිටින අය හිටි අඩියේ අන්ත දුප්පත් කම්, දිළිඳු කම්වලට ඇද වැටෙති. පටාචාරාවන්ගේ කතාව මහ ධන සිටු පුත්හු ගේ කථාව මෙයට නිදසුන් කතා කිහිපයකි. මෙයින් සත්වයින් විඤ්ඤානය තුළින් මිය යන්නේ සහස්‌ සුවහස්‌වරය. රූප කලාපයන් මෙන්ම මේ වූ නාමයන්ද මොහොතකුදු ඉතිරි වී නොතිබේ. ක්‍ෂණයකින් බිඳ වැටී මරණය වැලඳ ගනී. අතීතයේ ඇති වූ ඒ සියල්ලම ඒ අනුව එහිදීම නිරුද්ධ වී වර්තමානයට නොපැමිණියේය.
ඇත්තෙන්ම සාංසාරික සත්වයාගේ පස්‌ දෙනෙකුන් වූ ස්‌කන්ධයන්ගේ සිදු වන මේ නිමාවක්‌ නැති මරණ සියල්ල නිසා ඔවුන්ගේ පස්‌කඳ එකම දුක්‌ පිඩක්‌ වී තිබෙන්නේ කුමක්‌ නිසාද? නෛෂක්‍රම්‍ය සංඛ්‍යාත විදර්ශනා කුසලයෙන් ඔවුන්ට සංසාරයෙන් එතෙරට (නිවනට) නික්‌ම යාගත නොහැකි නිසාය. ස්‌කන්ධ පංචකය සුබය. සුඛදායකය යනාදී වශයෙන් කල්පනා කිරීම ඔස්‌සේ ඔවුන් නීවරණයන් මඟින් පැරද වීම තුළ මෙසේ ඔවුහු තව තවත් සංසාරයේ දුර ඈතටම ගමන් කරති. සදාතනික වූ මේ මාර පාසයෙන් මිදී ජාතියක්‌, ජරාවක්‌, ව්‍යාධියක්‌, මරණයක්‌ නැති අමා නිවන වෙත ඔවුනට පිවිස ගත හැක්‌කේ කවර ධර්ම ප්‍රතිපදාවක්‌ පූරණය කිරීමෙන්ද? සංසාරයෙහි කෙළවරක්‌ නැති දුක්‌ දොම්නස්‌වලට හේතු වන සකර දම් තතු (සංස්‌කාර/ හේතු නිසා හට ගත් ලෝකයට අයත් සියල්ල ) ගැන නුවණින් මෙහිදී මෙනෙහි කළ යුතුය. 
එනම් සංස්‌කාරයෝ හට ගනිති. ක්‍ෂණයක්‌ ක්‍ෂණයක්‌ පාසා දිරීමට ලක්‌ වෙති. ඉන් ඉක්‌බිතිව ඔවුහු අවසානයේ මරණය වැළඳ ගනිති. එහෙයින් ඒවායේ තණ්‌හාවෙන් දැඩිව අල්වා ගත යුත්තක්‌ නැත්තේමය. මෙසේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානයට ලංවන්නහුගේ චක්‌ෂුද්වාරයෙන් ගලන අපවිත්‍ර කෙලෙස්‌ නවතින්නේය. සෝතද්වාරයෙන් ගලන කෙලෙස්‌ නවතින්නේය. ඝානද්වාරයෙන් ගලා හැලෙන කෙලෙස්‌ නවතින්නේය. ජිවිහාද්වාරයෙන් මෙන්ම කායද්වාරය හා මනෝද්වාරයෙන් ගලන කෙලෙස්‌ ද නවතින්නේය. ලෝකෝත්තර මාර්ගඥානයෙන් මෙසේ කෙලෙස්‌ තවන්නහුට ඒ අමා නිවන් දුර නොවේ.
සුගත් වීරසූරියDivaina

වැලිකඩ සිරකරුවන්ට සක්විතිගෙන් ඉංග‍්‍රීසි පන්තියක්..

වැලිකඩ සිරකරුවන්ට සක්විතිගෙන් ඉංග‍්‍රීසි පන්තියක්..

වැලිකඩ සිරකරුවන්ට සක්විතිගෙන් ඉංග‍්‍රීසි පන්තියක්..රුපියල් මිලියන දහසකට වැඩි මුදල් වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින සක්විති නොහොත් වීර කුමාර රණසිංහ විසින් සිරකරුවන්ට ඉංග‍්‍රීසි ඉගැන්වීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.
සක්විති මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින අතර එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදී ඇති බන්ධනාගාර උසස් නිළධාරියෙකු හමුවේ ඔහු මේ බව පවසා තිබේ.
කෙසේ වෙතත් සක්විතිගේ මෙම ඉංග‍්‍රීසි ඉගැන්වීමේ ඉල්ලීම සම්බන්ධයෙන් බන්ධනාගාර උසස් නිළධාරියෙකු කියා සිටියේ ඔහු පත්ව සිටින මානසික තත්ත්වය පිළිබඳව සලකා බලන විට මෙය හොඳ යෝජනාවක් බවය.

ඇමති විමල් ආණ්ඩුවෙන් බැස්සොත් අපි පිළිගන්නවා

ඇමති විමල් ආණ්ඩුවෙන් බැස්සොත් අපි පිළිගන්නවා

ඇමති විමල් ආණ්ඩුවෙන් බැස්සොත් අපි පිළිගන්නවාඇමති විමල් වීරවංශ ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුවේම නොසිට ඉන් එළියට බහින්නේ නම් පිලිගන්න සූදානම් යයි එජාප බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
බුත්තලදී පැවති ජනහමුවක් අමතා අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
‘විමල් දැන් ආණ්ඩුව කඩන් වැටෙනවා කියනවා. වරාය පුස්සක් කියනවා. ආණ්ඩුව බංකොළොත් වෙලා කියනවා. එහෙම කියමින් අද ජනාධිපතිත් එක්ක තේ බොන්න ගිහින්.
ඔය බොරු උපවාස බොරු ජවනිකා වැඩක් නැහැ. මව්බිම බේරගන්නවා කියන පචවලට අහු වෙන්න එපා. කැබිනට්ටුවෙන් එළියට එන්න. අපි ගරු කරන්නනම්. අපි කියන ඒවා අපි කරලා පෙන්වන්නම්.
ජනාධිපතිටවත් ජාත්‍යන්තරයේ සහයෝගයක් නැහැ.හම්බන්තොට සංවර්ධනය කරන කොට එහි ජනතාවට රක්ෂාවල් හම්බවුණේ නැහැ. ගම්උදා හදනකොට කී දෙනෙකුට රක්ෂාවල් ලැබුණද.
අද විකල්ප දෙකයි තියෙන්නේ.කැසිනෝවයි කුඩු ගෙන්වීමයි.
ජාතියේ පියා,පොත් දුන් පියා,මහවැලියේ පියා,නිවාස දස ලක්ෂයේ පියා බිහිකළේ එක්සත් ජාතික පක්ෂයයි. කුඩු පියා,කැසිනෝ පියා,පිං පියා වගේ අය මේ ආණ්ඩුවෙන් බිහිකරලා ඉන්නවා’

මට රටවල් පහක ගෙවල් තියෙනවා.. සිදුහත් කුමරුට මාලිගා තුනක් තිබුණා..

මට රටවල් පහක ගෙවල් තියෙනවා.. සිදුහත් කුමරුට මාලිගා තුනක් තිබුණා..


මට රටවල් පහක ගෙවල් තියෙනවා.. සිදුහත් කුමරුට මාලිගා තුනක් තිබුණා..
තමාට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය සහ ස්විට්සර්ලන්තය යන රටවල් පහේ ගෙවල් පහක් තිබෙන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
ඔහු එසේ කීවේ පසුගියදා ඇමෙරිකාවට ගිය ගමනේදී ඇමෙරිකානු ඩොලර් දසලක්‍ෂයකට එරටින් නිවෙසක් මිලදී ගැනීමට යන බවට මාධ්‍යවල පළවූ පුවත සත්‍යයක්දැයි කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
රටවල් පහකින් ගෙවල් පහක් මිලදී ගන්නට තරම් මුදල් කොහෙන්දැයි ‘මව්බිම’ විමසූ විට ඇමැතිවරයා කීවේ ඒ රටවල සිටින තමාගේ මිතුරන් හා ඥාතීන් තමාගේ ආරක්‍ෂාව සඳහා එම ගෙවල් තමාට ලබාදී තිබෙන බවයි.
‘ආරක්‍ෂාව’ සඳහා යැයි කියන්නේ ජීවිතයට කිසියම් අනතුරක් හෝ තර්ජනයක් තිබෙන බවක්දැයි ප්‍රශ්න කරද්දී ඇමැති මර්වින් සිල්වා මහතා පැවැසුවේ කරදරයක් වුවහොත් කියායි. එහෙත් තමාට කාගෙන්වත් තර්ජනයක් හෝ ප්‍රශ්නයක් නැති බවද ඔහු කීය.
සිද්ධාර්ථ කුමාරයාට රම්‍ය, සුරම්‍ය හා සුබ නමින් මාලිගා තුනක් තැනුණු අතර මර්වින් සිල්වාට රටවල් පහක මාලිගා පහක් ඇතැයිද ඔහු කීවේය.
හිත හොඳ මිනිසුන්ට, මනුස්සකම් දන්නා මිනිසුන්ට මනුෂ්‍ය ලෝකයේ පරිත්‍යාග ලැබෙන බව පැවැසූ ඇමැතිවරයා අනේපිඬු සිටුතුමා බුදුන් වහන්සේට ජේතවනාරාමය පූජා කළ අතර විශාඛා දේවිය මේල පලඳනාව විකුණා වේළුවනාරාමය පූජා කළ බවද කීවේය.
ලෝකය පුරා මගේ මිත්‍ර, ඥාති චේන් එකක් තියෙනවා. මට ලංකාවේ ප්‍රශ්නයක් නෑ. මම මැරෙන්නෙත් ලංකාවේ. මළාට පස්සේ යළි රුහුණේ ඉපදිලා කැලණියට එනවා යැයි මර්වින් සිල්වා මහතා පැවැසීය.
- මව්බිම

කොටි අරමුදල් ජාලයේ තිදෙනා මැලේසියාවෙන් දිවයිනට

කොටි අරමුදල් ජාලයේ තිදෙනා
මැලේසියාවෙන් දිවයිනට
කීර්ති වර්ණකුලසූරිය

කොටි ජාත්‍යන්තර අරමුදල් ජාලයේ ප්‍රධානීන් තිදෙනකු ඊයේ (26 වැනිදා) සවස මැලේසියාවේ ක්‌වාලාලාම්පූර් නගරයේ සිට විශේෂ ගුවන් යානයකින් කොළඹ ගෙන එනු ලැබීය.
ශ්‍රී ලංකාවෙන් ගිය බුද්ධි අංශ කණ්‌ඩායමක්‌ වෙත මෙම කොටි ක්‍රියාකාරීන් තිදෙනා මැලේසියානු පොලිසිය විසින් භාරදී තිබේ.

මොවුන් 2004 සිට කොටි සංවිධානය වෙනුවෙන් අරමුදල් එකතු කර ඇති බව හෙළි විය. 
මැලේසියාවේ සොලොන්ගාර් ප්‍රාන්තයේ නිවසක රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෝදි දිවුරුම් දීමේ උත්සවයට ගිය මහින්දට විරෝධ:වයිකෝ දැලේ

මෝදි දිවුරුම් දීමේ උත්සවයට ගියමහින්දට විරෝධ:වයිකෝ දැලේ
කීර්ති වර්ණකුලසූරිය සහ අකිත පෙරේරා

ඉන්දියාවේ නව අගමැති ලෙස නරේද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගිවීමට විරෝධය පළකරමින් එකී උත්සවය කඩාකප්පල් කිරීම සඳහා එම්. ඩී. එම්. කේ. පක්‍ෂයේ නායක වයිකෝ දැරූ උත්සාහය ව්‍යර්ථ කළ පොලිසිය ඊයේ (26 දා) ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

වයිකෝ ඇතුළු කොටි හිතවාදී ආධාරකරුවන් නවදිල්ලියේ පැවැත්වූ මෙම විරෝධතාව නිසා පොලිසිය හා විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම්කාරී වාතාවරණයක්‌ ඇති වී තිබේ.

තමා අත්අඩංගුවට ගැනීම ගැන බයක්‌ නැතැයි වයිකෝ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද්‍රවිඩ ජනතාව ඝාතනය කරන බවට වයිකෝ මෙම විරෝධතාවේදී චෝදනා නගා තිබේ.

මේ අතර තමිල්නාඩුවේ ටී නගර්හි භාරත ජනතා පක්‍ෂ මූලස්‌ථානය වට කළ කොටි හිතවාදී සිසුන් පිරිසක්‌ අතරින් හතළිස්‌ දෙනකු තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දිවුරුම් දීමේ උත්සවයට ඇරයුම් කිරීමට විරෝධය දක්‌වමින් මෙකී කොටි හිතවාදීන් භාරතීය ජනතා පක්‍ෂ මූලස්‌ථානය වෙත පැමිණ තිබේ.

මෙම කොටි හිතවාදී සිසුන් ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචද්‍රන්ගේ නමින් ශිෂ්‍ය සංවිධානයක්‌ද පිහිටුවා ගෙන ඇත.

තමිල්නාඩු භාරතීය ජනතා පක්‍ෂ මූලස්‌ථානය වටකළ කොටි හිතවාදී සිසුන් නෝර්වේහි තෙදියවන් කණ්‌ඩායමට අයත් බවත් මෙම වැටලීම මෙහෙයවා ඇත්තේ තෙදියවන්ගේ උපදෙස්‌ මත බවත් වාර්තා වී තිබේ.

Friday, May 23, 2014

භාරතට කුඩු චෝදනා නැගී යයි හිරුණිකාගෙන් ඇමති චම්පිකට දොස් මුරයක්

භාරතට කුඩු චෝදනා නැගී යයි හිරුණිකාගෙන් ඇමති චම්පිකට දොස් මුරයක්

භාරතට කුඩු චෝදනා නැගී යයි හිරුණිකාගෙන් ඇමති චම්පිකට දොස් මුරයක්තම පියා වන භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍රගේ මරණින් පසු රටේ මත්කුඩු, මත්ද්‍රව්‍ය වෙළඳාම අකර්මණ්‍ය වූයේ යයි ඇමති පාඨලී චම්පික රණවක විසින් කරන ලද ප‍්‍රකාශයකට බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර විරෝධය පල කරයි.
ඇය පවසන්නේ ඇමතිවරයා විසින් ප‍්‍රකාශ කල යුතුය තිබුණේ දුමින්ද සිල්වාගේ හදීසි රට යෑම රට යෑමෙන් පසු රටේ මත් කුඩු  අකර්මණ්‍ය වූ බවයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මෙසේද කීවාය.
‘පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී මේ කුඩු සම්බන්ධයෙන් කරලා තියෙන ප්‍රකාශය ගැන. එකක් ඔහු ඒ කියපු ප්‍රකාශය පැහැදිලි නෑ බලන් ඉන්න සාමාන්‍ය ජනතාවට වැරදි විදියට අර්ථ කථනය වෙන්න පුලුවන්.
මොකද මගේ තාත්තා ගේ නම කියලාම කියලා තියෙනවා මගේ තාත්තා‍ගේ මරණෙන් පස්සේ කුඩු, මත්ද්‍රව්‍ය වෙළඳාම අකර්මණ්‍ය වෙලා කියලා. එහෙම නෙමෙයි ඒක කියන්න ඕනේ ඒ ප්‍රකාශය කියන්න ඕනේ දුමින්ද සිල්වාගේ හදීසි රට යෑම, රට යෑමෙන් පස්සේ දුමින්ද සිල්වා මගේ තාත්තාගේ මරණෙන් පස්සේ දකින්න නොලැබුණයි පස්සේ තමයි මේ කුඩු වෙළඳාම අකර්මණ්‍ය උනේ කියන එක තමයි කියන්න ඕනේ.
ඉතින් මම හරියට කණගාටුවෙනවා එකක් ඔය පාඨලී චම්පික රණවක මහත්තයලා ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනත් පක්ෂයක් විදියට එකතු වෙන්න කළින් ඉඳන් තමයි මගේ තාත්තා අතිගරු ජනාධිපතිතුමා එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගොඩ නගන්න හිටපු සාමාජිකයෙක් මුල ඉඳන් විශේෂයෙන් ඝාතනය වෙච්ච,මිය ගිය පුද්ගලයෙක්ට මේ වගේ ප්‍රකාශයක් කරපු එක මම මෙතෙක් කල් මුළු රටක්ම පාඨලී චම්පික රණවක ඇමතිතුමා සහ ඒ පක්ෂය දිහා ඉතාමක් ලොකු බලාපොරොත්තු තියාගෙන ,මුළු රටම බලා‍ගෙන හිටියා.
හැබැයි මේ ප්‍රකාශෙන් පස්සේ වැදගත්. අර අපි බලන කෝණය වෙනස් උනා කියලා මම විශ්වාස කරනවා ,මොකද ඔවුන් ප්‍රතිපත්තියක් තියාගෙන කටයුතු කරන පුද්ගලයෝ නම් ඔවුන් හරි දේ ,සත්‍ය කතා කරන පුද්ගලයෝ නම් ඔය ප්‍රකාශ ඔය විදියට නෙමෙයි කියන්න ඕනේ’

ඇයි යකෝ මට ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි.. මේව මගේ තාත්ත හම්බ කරපු සල්ලි

ඇයි යකෝ මට ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි.. මේව මගේ තාත්ත හම්බ කරපු සල්ලි

ඇයි යකෝ මට ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි.. මේව මගේ තාත්ත හම්බ කරපු සල්ලිතමන්ට ඇමරිකාවෙන් නොව ලෝකයේ සියළු රටවල්වලින් ගෙවල් මිලදී ගත හැකි යයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ බෙලිඅත්තේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ සිය පියාගෙන් තමාට විශාල ධනස්කන්ධයක් උරුමව ඇති බවයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මෙසේද අදහස් පල කලේය.
‘මං දැක්ක වෙබ් වල දාල තිබුණ මං කෝටි ගාණක ගෙයක් ගන්න ගියා කියලා. මං අහනව දාපු එවුන්ගෙන් ඇයි යකෝ මට ගෙවල් ගන්න බැරි..අපේ තාත්තා බෙලි අත්තෙ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඉතින් මට මොකෝ ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි. මං කියනව මාධ්‍යයට මං එක ගෙයක් නෙමේ ලෝකෙ පුරාම ගන්නව ගෙවල්

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ‘නීතීඥ’ කම ගැන සැකයක්

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ‘නීතීඥ’ කම ගැන සැකයක්

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ‘නීතීඥ’ කම ගැන සැකයක්නීතීඥයෙකු ලෙස පෙනී සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ නීතීඥ භූමිකාව ගැන සොයා බැලීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර තිබේ.
‘පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නීතීඥවරයෙකු ලෙස පෙනී සිටිමින් වැදගත් කරුණුවලදී අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ගැටලු සහගතයි. ඔහු තමන් නීතීඥවරයෙකු යැයි කියාගන්නවා. ඒ අතර අල්ලේ පැලවෙන බොරු කියනවා. තමන් නීතීඥයෙක් යැයි කියාගන්න ගමන් බොරු කියන්න බැහැ’ එම සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පවසයි.
නීතීඥ වෘත්තීය වගකීම් සහගත වෘත්තියක් බවත් අජිත් රෝහණ මහතාගේ වෘත්තීමය හැසිරීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ යුතු බවට තම සංගමය අදහස් කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

සුදු කොඩි සිද්ධිය ගැන ප‍්‍රබල සාක්‍ෂි ලැබුණා – යෂ්මින් සුකා

සුදු කොඩි සිද්ධිය ගැන ප‍්‍රබල සාක්‍ෂි ලැබුණා – යෂ්මින් සුකා

සුදු කොඩි සිද්ධිය ගැන ප‍්‍රබල සාක්‍ෂි ලැබුණා – යෂ්මින් සුකාඑල්ටීටීඊ සංවිධානය හා ශ්‍රී ලංකා හමුදාව අතර පැවති අවසන් යුද ගැටුම් සමයේ සිදු වූ බව කියන සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් නව  සාක්‍ෂි ලැබී ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කල කමිටුවේ සාමාජිකා යෂ්මින් සුකා ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු අවශ්‍යතාවය මෙම නව සාක්‍ෂි මඟින් තවත් වැඩිකර ඇතැයිද ඇත සඳහන් කරයි.
කොටි සංවිධානයේ පොලිස් ප්‍රධානියාක්, ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය වැසියෙකුටත් යටත්වීමට අවසර ලබා නොදෙන බව රජයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇති බව පවසන ඇය මෙය ජාත්‍යන්තර වශයෙන් විශාල මානව හිමිකම් උල්ලංඝනයක් බවද පෙන්වාදී ඇත.

ගෝටා ගොඩවාය ඇමරිකාවෙන් බේරා ගනී…

ගෝටා ගොඩවාය ඇමරිකාවෙන් බේරා ගනී…

ගෝටා ගොඩවාය ඇමරිකාවෙන් බේරා ගනී…ගොඩවාය මුහුදු තීරයේ හමු වු ඉපැරණි දැවමය නෞකාව ආශ‍්‍රිතව පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය ඇමරිකානු සමාගමකට විකුණමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගෙනගිය අත්තනෝමතික ක‍්‍රියා පිළිවෙත පිළිබදව අමාත්‍ය විමල් වීරවංශ මහතා මැදිහත්ව කරුණු දැක්වීමෙන් අනතුරුව අදාල තීරණය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්හිටුවීමට තීරණය කර ඇත.
2008 දී මෙරට මුහුදු පුරාවිද්‍යාඥයින් විසින් සොයාගනු ලැබු ආසියානු ශාන්තිකර කලාපයෙන් මෙතෙක් හමුවු වී ඇති පැරණිතම මුහුදු පුරාවිද්‍යා කේෂත‍්‍රය හා එම නෞකාවේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු ප‍්‍රංශයේ වෙසෙන මහාචාර්යවරයෙකුගේ මෙහෙයවීම මත ඇමරිකානු සමාගමකට පවරා තිබේ.
පුදුමයට කරුණක් නම් මෙම පර්යේෂණ කටයුතු වලින් ලාංකීය මුහුදු පුරාවිද්‍යාඥයින් හා සංරක්ෂක පර්යේෂකයින් ඉවත් කර සියලුම පර්යේෂණ අයිතිවාසිකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා ඇමරිකානු සමාගමක් වෙත පවරා ගැනීමයි.
මෙම පර්යේෂණ හා පුරාවස්තු ගොඩනැගීමේ කටයුතු සඳහා සුදුසුකම් ලත් ලංකාවේ සංරක්ෂකයින් සහභාගි කරවා නොගත් අතර, ඒ පිළිබඳව විවිධ පාර්ශවයන් විසින් දැක් වු විරෝධය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොසලකා හරින ලදි.
මෙම පර්යේෂණ කටයුතු සඳහා විදේශීය විද්‍යාඥයින් සහභාගී වන බව පැවසුවද කිසිදු විද්‍යාඥයකු මේ සඳහා සහභාගී නොවු අතර, විදේශීය විශ්ව විද්‍යාල වල උපාධිය හදාරන ශිෂ්‍යයින් විසින් ක්ෂේත‍්‍ර කටයුතු මෙහෙය වන ලදි. එපමණක් නොව මෙම පර්යේෂණ සම්බන්ධ තොරතුරුවල අයිතිය ඇමරිකානු සමාගම වෙත පවරා ගැනීමේ ගිවිසුම් වලට ද අත්සන් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබිණි. තවද රටේ ආරක්ෂාවට බරපතල ලෙස බලපාන මෙම කැනීම් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයද සහභාගී කරවාගෙන නොතිබිණි.
සමාජයේ විවිධ පාර්ශව වලින් සහ විවිධ විද්‍යාර්ථින් ගෙන් මේ සදහා එල්ල වු බොහෝ විරෝධය තඹයකටවත් මායිම් නොකර පුරාවිද්‍යා පනතේ ඇති විධිවිධාන අනුව තමන්ට ලැබී ඇති බලය අනිසි ලෙස භාවිතා කරමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ගෙන ගිය මෙම විනාශකාරී වැඩපිළිවෙල නවතාලීමට ගෙන ඇති තීරණය ඉතා ශ්‍රේෂ්ඨ එකක් බව ලංකීය පුරා විද්‍යා කේෂත‍්‍රයේ ප‍්‍රවීණයෝ පවසති.
මෙතෙකින් නොනැවතී මෙරට ජනතාව සතු මෙම වටිනා පුරාවිද්‍යා කේෂත‍්‍රය(වැඩබිම) නැවත එහි හිමිකරුවන් වෙත ලබාදීමටත් එහි පර්යේෂණ කටයුතු ලාංකීය මුහුදු පුරා විද්‍යාඥයින් සහ සංරක්ෂක පරීක්ෂකයින්ට කරගෙන යාමටත් ලැබෙන තොරතුරු ලංකාවේ දේපල ලෙස සලකා කටයුතු කිරීමටත් ඉඩ සලසාදීමට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ද ගරු ආරක්ෂක ලේකම්තුමාගේ මැදිහත්වීමෙන් සිදුවනු ඇතැයිද මේ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස බලාපොරොත්තු වේ.

ඊළඟ මැතිවරණයෙන් පසු ආණ්ඩුව නටවන්නේ මමයි..

ඊළඟ මැතිවරණයෙන් පසු ආණ්ඩුව නටවන්නේ මමයි..ඉදිරි මැතිවරණයෙන් පසු රටේ තීරක බලවේගය තම පක්‍ෂය බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ බිංගිරිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ඔහු එහිදී මෙසේද කීය.
‘තවත් මාස තුනක් පමණ ඉදිරියට තියෙන නිසා ඊළගට අපි ප‍්‍රචාරක රැස්වීම් ආරම්භ කරනවා. අනිවාර්යෙන්ම රජයේ ඡන්ද හැත්තෑපන් දහසක්වත් ගැලවෙනවා. ශ‍්‍රී.ලං.නි.ප. බුලත් කොළයට තිබෙන ඡන්දයි ඒවා. මේ විදියට බලනකොට තව අවුරුද්දක්වත් යනකොට මහ මැතිවරණයක් එන කාලය වෙනකොට මේ ආණ්ඩුවෙන් තව ඡන්ද ලක්ෂ පහක්වත් ගැලවීමට හැකි වුණොත් මේ ආණ්ඩුව අවසන් ගමන් යනවා. එහෙම වුණොත් ආයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් ජීවිතේට බලයට එන්නේ නෑ.
පක්ෂය ගොඩනැගුවා බණ්ඩාරණායක, පක්ෂයට වළ කැපුවා රාජපක්ෂ. ඒ ගැන අපිට කනගාටුවක් ඇති වෙනවා. මේ ගමන යනකොට අපි දකිනවා අද වෙනකොට මේ රටේ තිබෙන දේශපාලන තත්ත්වය කොහොමද කියලා. මේ වනවිට ලක්ෂ හතක පමණ ඡුන්ද ප‍්‍රමාණයක් අපට තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණෙන් රටපුරා ඡන්ද ලක්ෂ පහක්විතර ඇති. අපේ පක්ෂය ඉහළින්ම තිබෙනවා.
මම ජනාධිපතිවරණයට තරග කරන කාලේ, අපි දෙමළ සන්ධානයේ තිබුණ ලක්ෂ දෙකහමාර, මුස්ලිම් කොංග‍්‍රසයේ ලක්ෂ එකහමාර, ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු ලක්ෂ එකහමාර මගේ ඡන්ද තීරණාත්මක ඡන්ද හැටියට අපි දැක්කා. ඒවා නැතිවම බැරි ඡන්ද වෙලා තිබුණා. මට ලොකු විශ්වාසයක් තිබෙනවා ලබන වසරේදී මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණයකට යනකොට අපේ ඡුන්ද අඩුම වශයෙන් ලක්ෂ දහයක්වත් වෙලා තියෙයි. කවුරු තරග කළත් මේ මැතිවරණ වලදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ඡන්ද තීරණාත්මකයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ අමතක කරලා මැතිවරණවලට මුහුණ දෙන්න බැරි වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය කියන එක තීරණාත්මක බලවේගය බව දැන් රජයට වැටහෙන්න පටන් අරන් තිබෙනවා’

දුමින්ද සිල්වා කොලොන්නාව හිරුණිකාට තහනම් කරයි..

දුමින්ද සිල්වා කොලොන්නාව හිරුණිකාට තහනම් කරයි..

දුමින්ද සිල්වා කොලොන්නාව හිරුණිකාට තහනම් කරයි..පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා විසින් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියට කොළොන්නාව ආසනය නොනිල මට්ටමින් තහනම් කලාපයක් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.
පසුගියදා පැවති වැල්ලම්පිටිය විමලාරාම පන්සලේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය සඳහා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට ද ආරාධනා කළ යුතු යැයි සංවිධායක මණ්ඩලයේ සිටි අයෙකු යෝජනා කර ඇති අතර එහිදී ක්ෂණිකව පිළිතුරු දෙමින් දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ හිරුණිකා පැමිණෙන්නේ නම් තමන් ඊට සහභාගි නොවන බවයි.
කොළොන්නාවේ ආසන සංවිධායකවරයා තමන් බවද පවසා ඇති මන්ත‍්‍රීවරයා හිරුණිකා සහභාගි වන කිසිදු උත්සවයකට තමන් සහභාගි නොවන බවද සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් සංවිධායකයන් විසින් අවසානයේ මන්ත‍්‍රීවරයාගේ විරෝධය මත හිරුණිකා මන්ත‍්‍රීවරියගේ නම ආරාධිත ලැයිස්තුවෙන් කපා හැරීමට තීරණය කර තිබිණ.

Thursday, May 22, 2014

විල්පත්තුවේ පදිංචි කිරීමට එරෙහි හරිත ව්‍යාපාරයේ පෙත්සම ජුනි 25 විභාගයට

විල්පත්තුවේ පදිංචි කිරීමට එරෙහි 
හරිත ව්‍යාපාරයේ පෙත්සම ජුනි 25 විභාගයට
සරත් ධර්මසේන

යුද්ධයෙන් අවතැන්වූ මුස්‌ලිම් පවුල් නැවත පදිංචි කරවීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින විල්පත්තුව අභයභූමිය ආශ්‍රිතව පිහිටි කැලෑ ඉඩම් අක්‌කර 2388 ක්‌ පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය ගොනු කළ පෙත්සම පිළිබඳව වගඋත්තරකරුවන් උසාවි කැඳවා සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට අභියාචනාධිකරණය ඊයේ (21 දා) තීරණය කළේය. පෙත්සම් විභාගය ලබන ජුනි 25 දා පැවැත්වේ. 

වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර සතරසිංහ, කර්මාන්ත සංවර්ධන ඇමැති රිෂාඩ් බදියුදීන් ඇතුළු වගඋත්තරකරුවන්ට එදින උසාවියේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී. එම්. යූ. ඩී. බස්‌නායක, පුරාවිද්‍යා කොමසාරිස්‌ ආචාර්ය සෙනරත් දිසානායක, වන ජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක, මධ්‍යම පරිසර අධිකාරිය, දැව සංස්‌ථාවේ සභාපති, ඉඩම් කොමසාරිස්‌ ජනරාල් පෙත්සමේ නම් සඳහන් සෙසු වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සම්කරු කියා සිටින්නේ රක්‍ෂිත ඉඩම් කිසිදු කාර්යයක්‌ සඳහා පැවරීමට හෝ අන්සතු කිරීමට වනසංරක්‍ෂණ අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට නීතියෙන් බලයක්‌ පැවරී නැති බවය.

කැලෑ ඉඩම් එළි පෙහෙළි කිරීමෙන් පරිසරයට හා එම පෙදෙස්‌වල පිහිටි ඉතා පැරණි පුරාවස්‌තුවල ජීව විවිධත්වයට හානියක්‌ වන බවත් අලි මිනිස්‌ ගැටුම් තවත් වර්ධනය විය හැකි බවත් පෙත්සම්කරු කියයි.

මන්නාරම මුලතිව් සහ වව්නියාව දිස්‌ත්‍රික්‌කවල පිහිටි කැලෑ ඉඩම් අවතැන්වූ මුස්‌ලිම් පවුල් නැවත පදිංචි කරවීම සඳහා පවරමින් එවක සිටි වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල් වරයා විසින් 2013.02.14 දින යෑවූ ලිපිය බලරහිත කරන ලෙසත් පෙත්සම් විභාගය පවත්වා අවසන් තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරන තුරු එම ඉඩම් එළිපෙහෙළි කිරීම හෝ ගොඩනැඟිලි ඉදිකිරීම තහනම් කරමින් අතුරු නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා හමුවේ පෙත්සම සලකා බැලිණි.

අධිනීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

විශ්වාස භංගයෙන් රජය දිනුම් පක්‍ෂව ඡන්ද 57 යි විරුද්ධව ඡන්ද 151 යි විමල්ලා, පාඨලීලා පාර්ලිමේන්තු නොඑති

විශ්වාස භංගයෙන් රජය දිනුම්පක්‍ෂව ඡන්ද 57 යි විරුද්ධව ඡන්ද 151 යි
විමල්ලා, පාඨලීලා පාර්ලිමේන්තු නොඑති
කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය රාජ්‍යයක්‌ බවට පත් කිරීමෙන් හා ජනතාවගේ සුබසාධනය තහවුරු කිරීමට රජය අපොහොසත්ව ඇතැයි පවසමින් එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ආණ්‌ඩුවට එරෙහිව ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව ඊයේ වැඩි ඡන්ද 94කින් පරාජයට පත්විය.විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව ඡන්ද 57 ක්‌ද, විරුද්ධව ඡන්ද 151 ක්‌ද ලැබිණි.

ආණ්‌ඩු පක්‍ෂයේ සාමාජිකයෙක්‌ වන ජාතික හෙළ උරුමයේ ඇමැති පාඨලී චම්පික රණවක මහතා සහ අතුරලියේ රතන හිමිද, ජාතික නිදහස්‌ පෙරමුණේ ඇමැති විමල් වීරවංශ සහ නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතාද විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡන්දය දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ද්‍රවිඩ ජාතික සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය ගෙන ආ විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශය කළහ.

මෙම විශ්වාස භංග යෝජනාව පෙරේදා 

(20 දා) සහ ඊයේ (21 දා) දෙදින පුරා විවාද කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම ඊයේ සවස 5.00 ට සිදු කෙරිණි.

මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසිය යුතු බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතාගෙන් ඉල්ලා සිටියේය. 

මේ අනුව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීම සිදු කෙරිණි.

Tuesday, May 20, 2014

අමුණුගම ලොකු හපන්කමක.. ඩොලර් මි. 600ක ණයක් අරන්

අමුණුගම ලොකු හපන්කමක.. ඩොලර් මි. 600ක ණයක් අරන්

අමුණුගම ලොකු හපන්කමක.. ඩොලර් මි. 600ක ණයක් අරන්ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉතා අඩු පොළී අනුපාතයක් යටතේ ඩොලර් දස ලක්ෂ 600 ක් ලබාදීමට අනුමත වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
මෙම මුදල ආසියානු සංවර්ධන බැංකුව සහන පොළී අනුපාතය යටතේ ලංකාවට දෙන විශාලතම ණය මුදල බව ද අමාත්‍ය අමුණුගම මහතා කියයි.
ජල සම්පාදන ව්‍යාපෘති, මාර්ග සංවර්ධනය හා වෙනත් විශේෂ යටිතල පහසුකම් සඳහා ශ‍්‍රී ලංකාවට දෙන මෙම ණය මුදල යෙදවිය හැකි බව ද ඇමතිවරයා සඳහන් කරයි.
ඉකුත් වසරේ ආසියානු සංවර්ධන බැංකුව දුන් ණය මුදල් සියයට සියයක්ම උපරිම ලෙස භාවිත කළ බවට ඔප්පු වී ඇති නිසා මෙම ණය මුදල අනුමත කර ඇති බව බැංකුවේ නියෝජිතයා තමාට පැවසූ බව ද අමුණුගම මහතා කියයි.

රටේ ජනතාවගෙන් 40%කගේ දිනක ආදායම රුපියල් 250යි..

රටේ ජනතාවගෙන් 40%කගේ දිනක ආදායම රුපියල් 250යි..

රටේ ජනතාවගෙන් 40%කගේ දිනක ආදායම රුපියල් 250යි..රටේ ජනතාවගෙන් 40% කගේ දිනක ආදායම රුපියල් 250 වැනි සුළු මුදලක් බවත් එම දුප්පත් ජනතාව වෙනුවෙන් රාජ්‍ය වියදමින් වෙන්වන්නේ 1% ක් වැනි සුළු කොටසක් බවත්, අඩු ආදායම්ලාභි ප්‍රජාව නගා සිටුවීම වෙනුවෙන් පහළට ආදායම් ගලා යන මාර්ග ඇති කිරීම ඕනෑම රජයක වගකීමක් බවත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරින් 57 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා නවතම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
මෙම උත්සවය මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවති අතර, මේ සඳහා රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා මූල්‍ය දායකත්වය ලබා දී තිබෙන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා සභාපතිත්වය දරණ පංචායුධ පදනම විසිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා
‘මෙම  ලැප්ටොප් පරිගණක ලබාදෙන්න  මීට කලින් අවස්ථා 2 කදී සූදානම් කළත් ඒ අවස්ථා 2 හිදීම කුමන හෝ බාධාවක් මත ඉටුකරන්න බැරිවුණා. කඩුවෙල ප්‍රදේශයේ ග්‍රාමසේවක නිලධාරී මහත්ම මහත්මීන්ට පසුගිය වසරේදී ගමන්මලු හා  ජංගම දුරකථන ලබාදුන්නාට පසුව ගහපු පෙත්සම් තොගය බැලුවහම, ගිය ප්‍රවෘත්ති දිහා බැලුවහම මේ වැඩසටහනත් රාජ්‍ය නිලධාරීන්ට දෙන අල්ලසක් හැටියට ඇතැමුන්ට අර්ථකථනය කරන්න පුළුවන්. තමුන්නාන්සේලා දන්නවා තමුන්නාන්සේලාට අල්ලස්දීලා ජනතාවට සේවය කරන්න කියලා අපිටකියන්න උවමනාවක් නැහැ. අද රාජ්‍ය සේවයේ ඉතා ප්‍රබල කටයුත්තකට කරගහලා සිටින පිරිසක් හැටියට මේ  ආර්ථික සංවර්ධන නිලධාරීන් අපි දකින්නේ. මේ රටේ 40% ක්ජීවත්වන්නේ දවසක ආදායම ඇමරිකානු ඩොලර් 2 ක් නැතිනම් රුපියල් 250 ක් පමණ උපයන මිනිස්සු. ඒ 40% වෙනුවෙන් වගකියන්න ඉන්නෙ, ඒ 40% වෙනුවෙන් කැපවෙලා වැඩි ආදායම් උපයන මට්ටමේ රටවැසියන් හැටියට පෙරළන්න වැඩකටයුතු කරමින් සිටින ප්‍රධානතම බලකාය හැටියට අපි දකින්නේ මේ ආර්ථික සංවර්ධන නිලධාරීන්. ඔබ සියලුදෙනාම පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය ලබලා රාජ්‍ය සේවයට ඇතුළත් වුණේ අර 40% වෙනුවෙන් වැඩකරන්න. 40% කගේ දවසක ආදායම රුපියල් 250 නම්  ඉතිරි 60% සම්පූර්ණයෙන්ම ඊටවඩා යහපත් කියලා අපි සිතන්න ඔන නැහැ. ඒ 60% නුත් සැළකිය යුතු ප්‍රතිශතයක් ඊට වඩා ඉහළ ආදායමක් ලැබුවත් ඔවුන් ඉන්නෙත් අභියෝග කන්දකට මුහුණ දෙමින්. ඒ නිසා ඒ ප්‍රජාව වෙනුවෙන් පහළට  ආදායම් ගලාගෙන යාමට සැළැස්වීම ඕනෑම රජයක ප්‍රධාන වගකීමක්. දිවිනැගුම වැඩසටහන හරහා වුණත් සිදුවන්නේ එම පෙර සඳහන් කළ දිනක ආදායම රුපියල් 250 ක් පමණ වන පහළ ආදායම් ලබන 40% ක ජන සමාජයට ප්‍රාග්ධනය ගලාගෙන යන මාර්ගයක් ඇතිකිරීමයි. තමුන්නාන්සේලා දන්නවා ගමට සල්ලි එන්නේ මොන ආකාරයට ද කියලා. ඒ 40% යේ සිටින තරුණ දරුවෙක් රාජ්‍ය සේවයට ගියොත් ඔහු ලබන වැටුප ගමට එනවා.
ඒ වගේම සහනදායී ණය යෝජනා ක්‍රමයක් ලෙස ණය ටිකක් ගත්තොත් ඒ ණය ප්‍රමාණය ගමට එනවා. එසේ නැතුව දවසකට රුපියල් 250 ක ආදායම උපයන පුද්ගලයන්ගේ  ඒ සමාජ කොටසට විශාල ලෙස මුදල් ගලාඑන මාර්ග නිර්මාණය වෙලා නැහැ. අපි දන්නවා, අපේ රටේ බැංකු ක්‍රමය දිහා බලන විට එම බැංකු ක්‍රමය පහල පංතිවලට හිතවාදී ප්‍රතිපත්ති අනුව ඇතිවුණු බැංකු ක්‍රමයක් නොවේ. ඒ 40% අමතක කරපු බැංකු ක්‍රමයක් අපේ රටේ පවතින්නේ. මිනිසුන්ගේ තැන්පතුවලට 6% ක පමණ පොළියක් දීලා ඒ මුදල් තව කෙනෙකුට  ලබාදෙන විට 13% හෝ 14% පොළියක් ලබනවා. වාණිජ පදනමේ නම්  17% කටත් වඩා පොළියක් බැංකු ලබා ගන්නවා. නමුත් මිනිසුන්ගේ තැන්පතුවලට බැංකු ලබාදෙන්නේ 6%  ක පොළියක්. මේ තරම් විශාල පරතරයක් අපේ රටේ බැංකු පවත්වාගෙන යනවා. ඒ නිසා පහළ ආදායම්ලාභී 40% ට බැංකු හරහා ණය ප්‍රාග්ධනය ගලාගෙන යන්නේ  නැහැ. වගා ණයක් ගොවි ණයක් ලබාදෙන්නේ නැහැ. බැංකුකරුවන් විසින් ත්‍රීරෝද රථ සහ ඩීමෝ බට්ටා ලොරි ගන්න ණය දෙනවා. ඒවා ගෙවාගන්න බැරි වුණාම වාහන උස්සාගෙන යනවා. එහෙම නොවෙයි. පහළ සමාජ පන්තිවලට ප්‍රාග්ධනය ගලාගෙන යන මාර්ග නිර්මාණය වන්න ඕන. අද මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය සිදුවෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය මඟින් පමණක් මෙම 40% ජන කොටසකට ආදායම් ගලාගෙන යන්නේ නැහැ. එය හොඳයි ඉදිරියේදී වන පරිවර්තනයක් දිහා බලාගෙන සිදුකරන්න. නමුත් මෙම 40% කොටසටමුදල් ගලාගෙන එන මාර්ග මේ රටේ අඩුයි. රාජ්‍ය වියදමින් 1% පමණ වැඩි කොටසක් එදා සමෘද්ධිය අද දිවි නැඟුම යන වැඩසටහන් හරහා ප්‍රාග්ධනය දුප්පතුන් අතරට  ගලාගෙන යන්නේ. පොහොර සහනාධාරය 3% පමණ මුදලක් රාජ්‍ය වියදමින් වෙන්වෙනවා.  නමුත් පොහොර සහණාධාරය දුප්පතුන්ට  ලැබෙන්නේ නැහැ. කෙළින්ම එය සමාගමකට ලැබෙන්නේ. සමාගම අඩු මිලට පොහොර ලබාදෙනවා. ගමට සල්ලි වැඩි වැඩියෙන් ගලාඑන ක්‍රමවේද ඇතිකළොත් තමයි  මේ රටේ ආර්ථිකයේ අපි විශ්වාස කරන සැබෑ ප්‍රබෝධයක් ඇතිවෙන්නේ. ගමට සල්ලි ගලන්නේ නැති මොන භෞතික දියුණුවක් පිළිබඳ අපි  සාකච්ඡා කළත් එයින් අපිට නියම ප්‍රතිඵලය හා  ප්‍රයෝජන ලැබෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.
ගමට සල්ලි ගලන්නේ නැති මොන භෞතික දියුණුවක් පිළිබඳව අපි සාකච්ඡා කළත් හොඳම ප්‍රතිඵලය ලබාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. වැදගත්වන්නේ රටවැසියා ආර්ථිකය ගොඩනගන්නේ රටවැසියා වෙනුවෙන්. ඒ නිසා ඔවුන්ගේ අතට මුදල් ප්‍රවාහය වන ආකාරයන් ගණනාවක් මේ රටට ඕන. ඒ 40% නියෝජිතයෝ ඔබ. ඒ 40% ඉදිරියට ඔසවන්න මහන්සි වන අය ඔබ. ඒ නිසා තාක්ෂණික වශයෙන් සවිබල ගැන්විය යුත්තේ ඔබ නොවේ නම් වෙන කවුද? ඒක තමයි අපි මේ දෙස බලපු කෝණය. බොහෝ දෙනෙක් ගමේ ප්‍රජාව සමඟ මතුවෙන රැකියාවලට කැමති නැහැ.  පුටුවක වාඩිවෙලා වඩාත් සැප පහසු විදිහට රැකියාව කිරීමට වැඩි දෙනෙක් කැමති. ඔබ ඒ ආකල්පය තිබෙන හිරකාරයෙක් නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබ ගමේ ජනතාවගේ සහයෝගය, ආදරය දිනාගෙන වැඩකරනා පිරිසක්. ඒ නිසා ඔබට තමයි ලබාදිය යුතු ශක්තිය ප්‍රධාන වශයෙන් ලබාදිය යුත්තේ.  ඒ නිසා තමයි  පංචායුධ පදනම මඟින්  මේ ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම සඳහා සම්පූර්ණ පිරිවැය දරලා තමුන්නාන්සේලාට එය ලබාදීමට කටයුතු කරලා තියෙන්නේ. දැන් මේ පරිගණකයෙන් චැට් කර කරා ඉන්නේ නැතිව, ෆේස් බුක් ගිහිල්ලා  අතරමං වෙන්නේ නැතිව ස්කයිප් ගිහිල්ලා බෙල්ලේ වැල දාගන්න වෙන කටයුතු කරන්නේ නැතිව සුදුසු දේ සඳහා භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ උපකරණය පරිස්සමෙන් පාවිච්චි කරලා තමුන්නාන්සේලාගේ වසමේ ඇති සියලු දත්ත ඇතුළත් කරගෙන, වසමේ ඇතුළේ  වියයුතු පරිවර්තන මොනවාද කියා සැලසුම් ඇතුළත් කරගෙන ඕනෑම අවස්ථාවක තමන්ට අයත් වසමේ තත්ත්වය, නියම විත්‍රය, පිංතූරය නියම දත්ත ඉදිරිපත් කරන්න ශක්තිය ඇතිවිය හැකි විය යුතුයි.
වසමට මොනවද ඉටුවිය යුත්තේ කියා කෙනෙක් ප්‍රශ්න කළ විට ඕනෑම වෙලාවක එයට උත්තර දියහැකි සූදානමක්  සහිත කණ්ඩායමක් බවට තමුන්නාන්සේලා පත්වෙයි කියන  විශ්වාසය අපට තිබෙනවා. මම හිතන්නේ ලංකාවේ පළමු වතාවට තමයි  ආර්ථික සංවර්ධන නිලධාරීන්ට  මේ විදිහේ දිරිගැන්වීමක් සිදුවෙන්නේ.  මෙම පරිගණකය රුපියල් 70,000 ක් පමණ වෙනවා.  මෙම පරිගණකය මගින් අදාල සුදුසු රාජකාරි සඳහා  භවිතා කරන්න.  ඒ නිසා අපි මේ පරිගණකය ලබාදෙන්නේ  මෙම වැඩකොටස සාර්ථකව කරන්න.  කලින් සඳහන් කළ 40% වෙනුවෙන්  අවංකව වැඩකරන්න.  ඒ මිනිස්සු වෙනුවෙන් කැපවෙලා වැඩකරන්න.  ඔබ දිරිගැන්වීම සඳහා  අපි මේ පරිගණක ප්‍රදානය කළේ.  අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ටත් මේ විදිහේ  සහයෝගයන් ඉදිරියේදී ලැබේවි.  ඒ සඳහා මෙය හොඳ ආරම්භයක් වේවි.  ආර්ථික සංවර්ධන නිලධාරීන්  වසමෙන් ඉවත් වෙන විට  හෝ වෙනත් වසමකට මාරුවන විට හරිනම් ඒ වසමේ ජනතාව හඩන්න ඕන. ඒ තරම් ජීවමය බැඳීමක්  ගම්වල මිනිසුන් සමඟ තමුන්නාන්සේලා ඇති කරගත යුතුයි. එබඳු ශක්තියක් ගොඩනගාගෙන  අඩුආදායම්ලාභී ප්‍රජාව ඉහළට ඔසවන්න රජය දරණ මහා ප්‍රයත්නයට දායකත්වය ශක්තිය ලබාදේවි’ යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
- Con. Media

සීනි ‘ලොන්ඩරියෙන්’ මතු වන ආණ්ඩුවේ දැක්ම

සීනි ‘ලොන්ඩරියෙන්’ මතු වන ආණ්ඩුවේ දැක්ම

කන ‘සීනි’ වස වෙන කතාව මෙන්න…පසුගියදා අණ්ඩුව ඉතා ආන්දෝලනාත්මක ලෙස උපාය මාර්ගික ආයෝජන පනත යටතේ කැසිනෝ පහසුකම් සහිත හෝටල් ව්‍යාපෘති 03 ක් අනුමත කරන්නට යෙදුනි. සංචාරක ක්‍ෂේත‍්‍රයේ ඩොලර් මිලියන 1000 ක විදේශ ආයෝජන වෙනුවෙන් රටේ ගෞරවණීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සිත් රිදවීමට තරම් ආණ්ඩුව නිර්භීත බව ඒ තුළින් පෙන්නුම් කළේය. ආණ්ඩුව එම තීන්දුව ගැනීමේදී කැසිනෝ ව්‍යාපාරය පුළුල් කිරීමට ඉඩ නොදෙන ලෙස උන්වහන්සේලා විසින් කරන ලද  ඉල්ලීම තුට්ටුවකට මායිම් කළේ නැත. ඒවා එසේ සිදුවන්නේ ජනාධිපතිවරණයක් කටලග තිබියදීය. ඇත්තවශයෙන්ම එම හෝටල් ඉදිකිරීමට වසර 04  කාලයක් ගත වේ.කැසිනෝ ආරම්භ කෙරෙනවා නම් කෙරෙන්නේ ඉන් පසුවය. නමුත් ආයෝජකයින් එම නීතිමය ආවරණය ලබා ගැනීම පුර්ව කොන්දේසියක් ලෙස ඉදරිපත් කිරීම නිසා ආණ්ඩුව ඒ ආකාරයට දේශපාලන වශයෙන් අමාරුවේ වැටුණු බව පිළිගත හැක.
එසේවුවත් දැන් පෙනෙන ආකාරයට කැසිනෝ වලට අවසර දීම සදහා වෙනම පනතක් ක‍්‍රියාත්මක වන තත්වයක් යටතේ ඒ පිළිබදව අදාල නියෝග වල නිශ්චිතව සදහන් නොවීම නිසා ආයෝජකයාට ලැබෙන සහතිකය ගැටලූ සහගත විය හැක. විදේශ ආයෝජන වලට අදාලව ආණ්ඩුව දේශපාලන සාධක සැලකිල්ලට නොගත්තද ආයෝජකයෝ එම සාධක විශේෂිතව සැලකිල්ලට ගනිති. කැසිනෝ වලට ඉඩ නොදෙන බව ආණ්ඩුව වක‍්‍රවත් විපක්‍ෂය ඍජුවත් ප‍්‍රකාශ කොට ඇති තත්වයක් යටතේ ආයෝජකයින් තම ආයා්ජන පිළිබදව දෙවරක් සිතා බැලිමට බොහෝ ඉඩකඩ ඇත. එසේවුවහොත් ඇතිවන්නේ ගහපු පදේකුත් නැති බෙරේ පළුවකුත් නැති දේශපාලන තත්වයකි. මේ පටලැවිලි සිදුවන්නේ ආණ්ඩුවට විදේශ ආයෝජන පිළිබදව පැහැදිලි උපාය මාර්ගික ස්ථාවරයක් නොමැති කම නිසා බව පැහැදිලිව පෙනේ. වෙනත් වචන වලින් කියනවා නම් එවැනි දේ සිදුවන්නේ දේශපාලන සාධක වලින් ව්‍යුක්තව ආර්ථිකය කළමනාකරනය කිරීමට ගන්නා උත්සාහය නිසාය. කෙසේවෙතත් අප රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා සුදුව, දුරාචාරය සහ බාල සතුට විකිණීම හැර අන් විකල්පයක් නැතැයි සිතන ආණ්ඩුවකට එවැනි අර්බුද වලට පිළිතුරු නැතිවීම සොභාවික තත්වයකි.
එම පුර්විකාව අවශ්‍ය වන්නේ ආණ්ඩුව තවත් එවැනිම ආර්ථික සහ පාරිසරික වශයෙන් විනාශකාරී ව්‍යාපෘතියකට අවසර දීමේ විපාක පෙන්වා දීම සදහාය. විදේශ ආයෝජකයින්ට සහන ලබාදීම සදහා ආයෝජන මණ්ඩල පනත තිබියදී ආණ්ඩුව උපාය මාර්ගික සංවර්ධන පනත නමින් නව පනතක් ගෙන එන්නේ අදාල සහන තවදුරටත් වැඩි කිරීමටය. අලි මදිවාට හරක් කිව්වා සේ දැන් ආණ්ඩුව සැරසෙන්නේ එම නව පනත යටතේ රටේ  සීනි නිෂ්පාදන කර්මාන්තය දියුණු කරනවා වෙනුවට සීනි සේදීමේ කර්මාන්ත ශාලාවක් ඇති කිරීමටය. ඩොලර් මිලියන 220 ක ආයෝජනයක් රට තුළට ගෙන ඒම සදහා මෙම හාස්‍යජනක කර්මාන්තය ස්ථාපිත කිරීමට යන්නේ හම්බන්තොට වරාය ආශ‍්‍රිතවය. එහිදි මෙම ඉන්දියානු සමාගම පොරොන්දුවන ආයෝජනය රටතුළට ගෙන එන බවටද සහතිකයක් නැත. මීට පෙර ඉන්දියානු තෙල් සමාගම සිදු කළ ආකාරයට දේශීය බැංකු හරහා මෙම අරමුදල් වලින් වැඩි කොටස ලබා ගැනීමටද ඉඩ ඇත.
මෙම ආයෝජකයින්ට වසර 10 ක් සදහා ආදායම් බදු සහන, තීරු බදු සහන සහ වැට් බදු සහන පමණක් නොව විදේශීය සේවකයින්ගේ වැටුප් සදහාද බදු සහන ලබා දී ඇත. ඒ අනුව පෙනී යන්නේ ආයෝජන මණ්ඩල පනත යටතේ ලබාදිය හැකි සහන වලට අමතරව උපාය මාර්ගික සංවර්ධන පනත යටතේද විශාල සහන ප‍්‍රමාණයක් ලබාදී ඇති බවය. උපාය මාර්ගික පනත යටතේ සහන ලබා දුන්නත් කැසිනෝ ආයෝජනය මෙන්ම මෙම ආයේජනය තුළද බරපතල උපාය මාර්ගික පටලැවිල්ලක් ඇත.
ලෝකයේ කිසිදු රටක සීනි නිෂ්පාදනයක් නැතිව ‘සීනි සේදීම’ උපාය මාර්ගික කර්මාන්තයක් ලෙස සැලකීමට හේතුවක් නැත. එවැන්නක් කිසිසේත්ම ආර්ථික සක්‍යතාවයට අනුව රටකට වාසි සහගත වන්නේ නැත. යම් රටක නිපදවන සීනි ඒවා නිපදවන කර්මාන්ත ශාලාවේ සිට වෙනත් රටකට ප‍්‍රවාහනය කොට ඒවා සේදීම වැනි සුළු වටිනාකම් එකතු කිරීමකින් පසුව නැවත ප‍්‍රවාහනය කිරීම යනු ඉතා පැහැදිලිවම අකාර්යක්‍ෂම නිෂ්පාදන ක‍්‍රියාවලියකි. නමුත් පාරිසරික නීති වලින් රංගා යාම, බදු සහන යටතේ වෙළදපල ආක‍්‍රමණය කිරීම, බදු වංචා කිරීම සහ මධ්‍යසාර ව්‍යාපාරය වැනි වෙනත් ව්‍යාපාරයකට මගපාදා ගැනීම වැනි හේතු මත මෙවැනි විද්ශ ආයෝජන ස`දහා ඉල්ලූමක් ඇතිවේ.  ඊට අමතරව දේශීය ඒජන්තවරුන්ට ලැබෙන කොමිස් ප‍්‍රමාණය මතද ඒවා  දිරිගැන්වේ.
ඉතා සරලව ගතහොත් සීනි සේදීම හෙවත් පිරිපහදුව යනු දුඹුරු සීනි සුදු සීනි බවට පත් කිරීමය. ඇත්තවශයෙන්ම නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළ අපද්‍රව්‍ය එකතුවීම ආදී ගැටලූ නොමැති කර්මාන්තශාලාවක නිපදවන දුඹුරු සීනී පරිභෝජනය කිරීම සුදු සීනි පරිභෝජනයට වඩා සෞඛ්‍යයට හිතකර බවට ලෝකයේ ප‍්‍රබල පිළිගැනීමක් ඇත. අප රටේ පවා දුඹුරු සීනි සුදු සීනි වලට වඩා මිලෙන් වැඩි වන්නේ ඒ නිසාය. දුඹුරු සීනි සුදු කෙරෙන්නේ සල්පියුරික් අම්ලය වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කරමිනි. එම පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය මගින් සිදුවන පරිසර දුෂණය නිසා බොහෝ රටවල එවැනි කර්මාන්තශාලා සදහා බරපතල කොන්දේසි පැනවේ. එම නීතිමය බාධක නිසා එවැනි කර්මාන්ත සදහා වන පිරිවැයද වැඩිවේ.
ආයෝජන වලදී පාරිසරික නීති රීති සහ දීර්ඝකාලීන ආර්ථික වාසි වලට වඩා කෙටිකාලීනව රටට ඇතුල්වන ඩොලර් ප‍්‍රමාණය දෙස බලා තීන්දු ගන්නා  අප වැනි රටවල් දෙස ‘කසල කර්මාන්ත’ ආයෝජකයින් බැල්ම හෙලන්නේ ඉහත සදහන් කළ හේතු නිසාය. ඊට අමතරව අප රටේ දළ වශයෙන් වසරකට ඩොලර් මිලියන 550 ක පමණ සීනි වෙළදපලක් ඇත. ඒ අනුව බදු රහිතව ආනයනය කරන ‘අපිරිසිදු’ සීනි ‘පිරිසිදු’ කිරීම මගින් දේශීය සීනි වෙළදපල සම්පුර්ණයෙන්ම අත්පත් කර ගැනීමට එම ආයෝජකයින්ට ඉඩ  ලැබේ. වෙනත් වචන වලින් කියනවා නම් ඩොලර් මිලියන 220 ආයෝජනයක් ගෙන ඒමෙන් එක් වසරකදී එම ප‍්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි වෙළදපලක් අත්පත් කර ගැනීමට ඉඩ ලැබේ. එවැනි වාසනාවක් ශ‍්‍රී ලංකාව වැනි කොමිස් කාක්කන්ගේ පාරාදීසයක මිස වෙනත් රටකදී ලැබේද ?
ඒ සියල්ලටම වඩා මෙම සීනි සේදීමේ ක‍්‍රියාවලිය තුළ සීනි සහිත අපද්‍රව්‍ය ප‍්‍රමාණයක්ද නිපදවෙන බැවින් ඒවා ප‍්‍රයෝජනයට ගන්නා මුවාවෙන් මෙම ආයෝජකයින් එතනෝල් මධ්‍යසාර නිෂ්පාදනයද ආරම්භ කරනු ඇත. එහිදී ඔවුන් අපද්‍රව්‍ය ඵලදායී ලෙස ප‍්‍රයෝජනයට ගැනීම ගැන කථා කළත් ආනයනික සීනි ඍජුව යොදා ගනිමින් මධ්‍යසාර කර්මාන්තය වර්ධනය කිරීමට කටයුතු කරනු ඇත. බදු සහන යටතේ මධ්‍යසාර පෙරීම සීනි සේදීමට හෝ නිපදවීමට වඩා ලාභදායක බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව මේ ආයෝජකයින් ‘එන්නේ මොකාටදැයි’ වටහා ගැනීමට මේ රටේ ජනතාවට අමාරු විය නොහැක.
ඒ සියළු දුෂිත ක‍්‍රියාකාරකම් වල අනර්ථයට අමතරව සීනි සේදීමට ගන්නා රසායනික ද්‍රව්‍යය වරාය ආශ‍්‍රිත මුහුදට මුදාහැරීම නිසා විශාල පාරිසරික විනාශයක්ද සිදුවනු ඇත. එම තත්වය අනාගතයේදී වරායේ ජාත්‍යන්තර පිිළිගැනීමටද නිශේධාත්මකව බලපානු ඇත. කෙසේවෙතත් ලෝකයේ කීර්තිමත් වරායවල් 10ට ඇතුල්වීමේ විභවය සහ වාසනාව සහිත හම්බන්තොට වරායේ ප‍්‍රතිරූපයට ආණ්ඩුව සහ විපක්‍ෂය එකට එක්ව සිදුකොට ඇති අඟතියට සාපේක්‍ෂව බලන විට එම පරිසර විනාශය සුළු දෙයක් ලෙසද වාද කළ හැක.
සිංගප්පූරු ඔත්තුකරුවන්ට සේවය කරන අප රටේ ඉහළම රාජ්‍ය නිලධාරීන් විසින් හම්බන්තොට වරාය ‘පුංචි’ කළාසේම විපක්‍ෂයද කියා සිටින්නේ වතුර යට ගල කැඞීමට නොහැකි නිසා වරාය නාන තටාකයක් කළයුතු බවය. කොළඹ වරායේ ගල් කැඩූ ආකාරය නොදන්නා විපක්‍ෂය රටට හතුරු ප‍්‍රකාශ කරන්නේ බාල ප‍්‍රචාරය ලබාගැනීම සඳහා බව පැහැදිලිව පෙනේ. ආණ්ඩුවක් සහ විපක්‍ෂයක් එකට එක්ව උපාය මාර්ගික වශයෙන් රටකට ඉතාම වැදගත් ව්‍යාපෘතියක් අවතක්සේරු කිරීම පිළිබඳව ලෝකයේ හොඳම උදාහරණය සපයන්නේ හම්බන්තොට වරාය බවට සැකයක් නැත. ඒ නිසාම සීනි සේදීමේ කසල කර්මාන්තය පිළිබඳව විපක්‍ෂය හඬක් නඟනු ඇතැයි සිතිය නොහැක.
ඊට අමතරව මෙම සීනි ලොන්ඩරිය ආරම්භ වී කෙටිකලෙකින් පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වැසී යාමටද බොහෝ දුරට ඉඩ ඇත. මේවන විට ඒවා රජයට පවරා ගැනීමෙන් පසුව පවත්වාගෙන යාමේ ගැටළුවකට මුහුණ දීම නිසා රජය මඟින් මො.ටො. එකකට රු. 30,000 ක සහනාධාරයක් ලබාදේ. එම සහනාධාර ප‍්‍රමාණය දෙගුණයක් කළද සීනි ලොන්ඩරිය හමුවේ ඒවාට තරඟ කළ නොහැකි බව පැහැදිලිය. දැනටමත් පැලවත්ත සමාගම උක් වගාකරන භූමි ප‍්‍රමාණය අවම මට්ටමකට සීමා කොට ඇති තත්වයක් තුළ එම සමාගමට හිස එසවීමට ඇති ඉඩ කල සීමා සහිත වේ. මේවන විට සෙවනගල කර්මාන්තශාලාව අඹරන්නේ කුඩා ගොවීන්ගෙන් මිළදී ගන්නා උක් පමණී. සීනි මිල පහත වැටීම සමඟ ගොවියාට ගෙවන මිල අඩුවන බැවින් සෙවනගලද ඉතා කෙටිකාලකින් වැසීයනු ඇත.
සමහර විට රජය දේශපාලන අපවාදයෙන් බේරීම සඳහා බදු ගෙවන මහජනතාවගේ අරමුදල් වලින් සහනාධාර දෙමින් එම කර්මාන්තශාලා කෙටි කලක් පවත්වාගෙන යාමටද ඉඩ ඇත. එසේ වුවහොත් එම සහනාධාරයද සීනි ලොන්ඩරිය පවත්වාගෙන යාම සඳහා ලබාදෙන සහනාධාර ලෙස සැලකිය හැක. එහෙත් මොලේ කළඳක් ඇති ආයෝජකයකු එම තත්වය යටතේ නව සීනි නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට ඉදිරිපත් නොවනු ඇත. ඒ අනුව කන්තලේ කර්මාන්තශාලව නැවත පටන් ගැනීමද සිහිනයක් පමණක් බවට පත්වනු ඇත. අක්කර 20,000 ක භූමියක් ප‍්‍රයෝජනයට ගතහැකි කන්තලේ සීනි කර්මාන්තශාලාව නැවත ආරම්භ කළහොත් 10,000 කට අධික රැුකියා අවස්ථා ලබාදිය හැකි අතර රටේ සීනි අවශ්‍යතාවයෙන් 20% නිපදවිය හැක.
කන්තලේ සීනි කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීම සඳහා ආයෝජනය කළ යුත්තේ රැපියල් මිලියන 3000 ක් පමණී. එනම් දළ වශයෙන් ඩොලර් මිලියන 25 කි. එම මුදල් ප‍්‍රමාණය අප රටේ කඩුවෙල සිට කෙරවල පිටිය දක්වා ඉදිකරන පිට වට රවුම් පාරේ කි.මි. 1/2 (භාගයක්) ඉදිකිරීම සඳහා වැයවන මුදලටත් වඩා අඩු මුදලකි. කෙසේවෙතත් රටේ සමස්ථ සීනි ප‍්‍රමාණය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 200 ක ආයෝජනයක් බවට ගනන් බලා ඇත. එනම් එම ප‍්‍රමාණය සීනි සේදීමේ කර්මාන්තශාලාවේ ආයෝජනයටත් වඩා අඩු ප‍්‍රමානයකි. රටේ සීනි නිෂ්පාදන කර්මාන්තය උපාය මාර්ගිකව ස්ථානගත කිරීම පිලිබඳව රජයේ දැක්මට අදාල ඛේදවාචකයේ තරම ඒ තුළින් පැහැදිලි වේ.
බොහෝ විට මෙම සීනි ලොන්ඩරියේ අයිතිවරුවන් සහ දේශීය කොමිස් කාක්කන් ආයෝජනයේ ප‍්‍රමාණය විශාලකොට පෙන්වන්නේ උපාය මාර්ගික පනත යටතේ සහන ලබාගැනීමට විය හැක. එහෙත් සීනි නිපදවීමේ මහා පරිමාන කර්මාන්තශාලාවක් සඳහා ඩොලර් මිලියන 25 ක් වැයවන විට සීනි ලොන්ඩරියක් සඳහා මිලියන 220 ක් වැය වන්නේ කෙසේද? ඒ අනුව සේදීම සඳහා මිලදීගන්නා සීනි තොග හෙවත් අමුද්‍රව්‍යය මිලදී ගැනීම සඳහා වන පිරිවැයද මෙම ඊනියා ආයෝජනයට ඇතුල්කොට ඇති බව පෙනේ.
මේ සියල්ල අනුව පැහැදිලි වන්නේ සීනි ලොන්ඩරිය නැමැති යක්‍ෂ පැටියා උපදින්නේ දේශීය සීනි කර්මාන්තය නමැති මව මරාගෙන බවය. විදේශ ආයෝජන නාමයෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයට සිදුකරන විනාශය පිළිබඳව මේ අවසාන පැයේදී හෝ රජය තේරුම් නොගතහොත් එම වැරදි නිවැරිදි කිරීමට ඔවුනට කිසි දිනෙක ඉඩක් නොලැබෙනු ඇත. එසේම එම වරදේ සාපයෙන් ගැලවීමටද ඉඩක් නොලැබෙනු ඇත. මෙම තත්වය ඉදිරියේ බකතපස් රකින විපක්‍ෂයටද එම සාපයෙන් හරි අඬක් හිමිවනු ඇත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

එහෙයියන් නොවුණාම කාපු බීපු තැන් හොයන්න ආයතනවලට කඩා පනිනවා… චෝගම් බෙන්ස්වලට වුණු දේ… සුදු බණ්ඩාගේ හා පුංචි බණ්ඩාගේ රෙදි ගැලවෙන කතාව..

එහෙයියන් නොවුණාම කාපු බීපු තැන් හොයන්න ආයතනවලට කඩා පනිනවා… චෝගම් බෙන්ස්වලට වුණු දේ… සුදු බණ්ඩාගේ හා පුංචි බණ්ඩාගේ රෙදි ගැලවෙන කතාව..

එහෙයියන් නොවුණාම කාපු බීපු තැන් හොයන්න ආයතනවලට කඩා පනිනවා… චෝගම් බෙන්ස්වලට වුණු දේ… සුදු බණ්ඩාගේ හා පුංචි බණ්ඩාගේ රෙදි ගැලවෙන කතාව..රටට සාමය රැගෙන ආ රණවිරු පරපුරට සැබෑ ලෙස කෘතගුණ සැලකිය හැක්කේ රණවිරු සමරු හා ගුණ කථනවලින් නොවන බවත් එසේ කළ හැක්කේ සාමට ප‍්‍රතිලාභ ලැබෙන නව ආර්ථික මොඩලයකට මේ රට හැරවීමෙන් පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
පසුගිය 18 වන දා කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ‍්‍රවණාගාරයේදී ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කළ රණවිරු සමරු උත්සවයේදී සමරු දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘අද මැයි මාසයේ 18 වැනිදා. මීට පෙර නම් මැයි මාසයේ බොහෝ දෙනකුගේ ජීවිතවලට බලපාන දිනයක් බවට පත්වෙලා තිබුණෙ මැයි මාසයේ 01 වැනිදා. ගම නගරය කියා වෙනසක් නැතිව වැඩ කරන ජනතාවගේ සංවිධාන අති විශාල සංඛ්‍යාවක් තම තමන්ගේ පෙළපාලිවල කොළඹට පැමිණෙනවා. එදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරන දිනය තමයි අපි කාගේත් අවධානය දිනාගත් සුවිශේෂී දිනය බවට පත් වෙලා තිබුණෙ.
නමුත් 2009 වර්ෂයේ මැයි මාසයේදී මෙතෙක් මැයි මාසයන්ට නොතිබුණු වීරත්වයක්, ප‍්‍රතාපවත් බවක්, ඒ ගැන අගයක් නිර්මාණය කරන්න අපේ ආරක්‍ෂක අංශයන්ට හැකි වුණා. සේනාධි නායකයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ අභීත නායකත්වය, ඒ වගේම ආරක්‍ෂක ලේකම්තුමාගේ දියුණු කළමනාකාරීත්වය යටතේ, ආරක්‍ෂක ප‍්‍රධානීන්ගේ කැපවීම හා රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ දැවැන්ත යුදමය ජයග‍්‍රහණය මේ මහපොළොවට උරුම වුණා.
මෑත අතීතයේ මහා සමාජයක් එක්ව පාරමීදම් පිරුවානම් ඒ මේ දිනය උදාකර ගැනීම වෙනුවෙන්. බස් රථ බෝම්බ ඇතුළු වෙනත් ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් මියගිය දකුණේ දරුවන්ගේ අම්මලා, ඒ වගේම තමන්ගේ දරුවගේ කරේ බලෙන් සයනයිඞ් කරල එල්ලලා අරන් යද්දි හූල්ලපු උතුරේ අම්මලා ආදී මේ සෑම කෙනෙක්ම එක එක තැන්වල ඉඳගෙන මේ දිනය පිළිබඳ සිහින දුටුවා.
ඒ දිනය උදාකරන්න අපේ රටේ 2005 දී ඓතිහාසික ජනවරමට පුළුවන් වුණා. එදා ඒ ඓතිහාසික ජනවරමෙන් බලාපොරොත්තු වුණේ සාමය. වික‍්‍රමසිංහ මහත්තයා යෝජනා කරපු ආකාරයේ සාමය නොවෙයි. අභීතවත්, ගෞරවාන්විත සාමය. නින්දිත පාවාදීම මගින් උදාවන නිවට සාමය වෙනුවට සතුරාට සෘජුව මුහුණදීම මගින් උදාවන ස්ථිරසාර සාමය. ඒ සාමය උදාවෙන දවස තමයි මෑත ඉතිහාසයේ අපේ රටේ ජනතාව බලාගෙන සිටි දවස. එතෙක් අපට අර ‘ගොඩෝ උන්නැහේ’ එනකන් බලන් ඉන්නවා වගේ හැමදාම ප‍්‍රවෘත්ති බල බලා මියගිය මිනිසුන්ගේ මිනී ගණන් කර කර බිහිසුණු ලෙස මියගිය මිනිසුන්ගේ සිරුරුවල කොටස් දැක දැක ඉන්න වුණා. ඒ විතරක් නොවෙයි අපිට ඒ පිළිබඳ වාර්තා කරන්න බලා ඉන්න මාධ්‍ය ආයතනවල ගොදුරු බවටත් පත්වන්න සිදු වුණා. මේ රටේ පොදු ජනතාව බලාගෙන හිටියෙ මේ දිනය කවදා හෝ ඉතා ඉක්මනින් උදාවෙයි කියලා.
එදා 2005 ජනවරම නිර්මාණය නොවුනා නම් අපට මෙසේ අභිමානවත්ව සමරන්න මැයි 18 වැනිදාවක් නිර්මාණය වෙන්නේ නැහැ. එසේ නම් කුමන හෝ දිනයක් නිර්මාණය වේවි, ජාතියේ හදවත පසාරු කරන, වේදනාවෙන් බරිත කරන දිනයක් තමයි එහෙනම් මේ පොළොවට උරුම වීමට තිබුණේ. එක් රාජ්‍යයක් බිඳ වට්ටා උපන් අනෙක් රාජ්‍යයක උපන්දිනය තමයි එසේ නම් මේ බිමට සැමරීමට නියමිත වෙලා තිබුණෙ. 2005 ඒ ඓතිහාසික ජනවරම නිර්මාණය වූයේ සුපුරුදු රජුන් තනන්නන් එක පැත්තක සිටියදීය. එතෙක් රජුන් නොතනන්නකු ලෙස සිටි ජවිපෙ ඒ ඓතිහාසික ජනවරම නිර්මාණය කිරීමට දායක වුණා. ‘ජනතා විමුක්ති පෙරමුණ රජුන් තනන්නට සම්මාදම් වන පක්‍ෂයක් වශයෙන් නොවෙයිනෙ ඊට පෙර ඉතිහාසයේ සැලකුවේ.
හැමතිස්සෙම බලය එන්නේ කාටද කියලා බලලා ඒ පැත්තට මුක්කුව ගහලා වරදාන දිනාගැනීමේ රජුන් තනන්නන් 2005 ජනවරම නිර්මාණය කරන්න හිටියෙ නැහැනෙ. එතෙක් රජුන් නොතැනූ අය ඒ රජු තනන ව්‍යාපෘතියට 2005 බැස්සා. ඒ 2005 ඓතිහාසික ජනවරම නොලැබූනා නම් අද අපි සමරන්නේ නිදහසේ උපන්දිනය නොවෙයි මව්බිම දෙපළු කොට බිහි වූ නව රාජ්‍යයක උපන්දිනය. එහෙනම් ජාතියට වේදනාකාරීව මතක් කරගන්න වෙන්නේ, ‘අද අපේ රට දෙපළුවූ දවස නේද?’ කියලා. අපට හොඳින් පැහැදිලියි මැයි 18 වැනිදාවක් නිර්මාණ වුණේ 2005 ජනවරම මත පදනම්ව. ඒ නිසා තමයි අපි කියන්නේ 2005 ජනවරම සංතෘප්ත ජනවරමක් කියලා. එය බලාපොරොත්තු වූ මූලික අරමුණු මුදුන්පත් කරගත් ජනවරමක්.
2005 ජනවරම බටහිර රටවල් කුමන අතපෙවීම් කළත් ඒ ගත්තු තීරණය මත ඉදිරියට යනවා විනා ආපසු නොහැරෙන බලවේගයක් නිර්මාණය කළ ජනවරමක්. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කොළඹ නාගරික පැලැන්තියේ නිර්මාණයක් නොවෙන නිසාත් ග‍්‍රාමීය ජන සමාජ මූලයන්ගේ නිර්මාණයක් වන නිසාත් ඒ අභියෝගාත්මක හා අවදානම් සහිත කාර්යයට එදා නායකත්වය දුන්නා.
හැබැයි එතුමාට වුණත් 2005 දී බලයට එන්න වෙන බලවේගයක් පෙනුණානම් ඇතැම්විට මේ ඓතිහාසික පිම්ම නොපනින්න තිබුණා. කොහොම වුණත් මේ අවස්ථාවේදී මට මතක්වෙනවා ඉතාම වැදගත් කාරණයක්. ඒ තමයි රිවිරැුස මෙහෙයුම. 1995 දෙසැම්බර් මාසයේදී මගේ මතකය අනුව එදා අපේ ආරක්‍ෂක හමුදාව යාපනය ඇල්ලූවා. ඒක එදා දැවැන්ත ජයග‍්‍රහණයක්. මට මතකයි දිවංගත රත්වත්තේ මහතා ‘සපුමල් කුමාරයා’ වශයෙන් භෞතීස්ම කරනු ලැබුවා ඒ රිවිරැුස මෙහෙයුමෙන් පසුව.
ඊළගට ආරක්‍ෂක හමුදා සැලසුම් කළා යාපනය අල්ලලා තනියෙන් තියාගන්නවාට වඩා ඉන් ඉදිරියට යන්න. ඔවුන් හිතුවා ඒ 9 මාර්ගය අල්ලන්න. ඒ වැඬේ කරන්න ආරක්‍ෂක හමුදාව තක්සේරු කළා 50,000ක් තරුණයො අඩුම තරමින් හමුදාවට බැඳෙන්න  ඕනෙ කියලා. ඔබටත් මතක ඇති ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් ශබ්දවිකාශන යන්ත‍්‍ර බැඳගෙන ගමින් ගමට ගියා. ‘ඉදිරියටම යව් හෙළයිනි ඉදිරියටම යව්’ වැනි පැරණි ගීත තැටි වාදනය කරමින් තමයි ගමට ගියේ. ඒ ශබ්ද විකාශන යන්ත‍්‍ර ගමට ගියාට ඒවා මේ කුරුඳුවත්ත පැත්තේ කොහෙවත් ගියෙ නැහැ. එහෙම ගමට ගියේ අර 50,000 හොයා ගෙන. හැබැයි එච්චර විශාල ප‍්‍රචාරක ව්‍යාපාරයක් කළත් එදා හමුදාවට අලූතින් බැඳුනේ 6000යි.
එහෙත් 2005 ජන වරමෙන් පසු ජාතික බලවේගයන්ගේ තිබූ ඒකායන, නොපසුබස්නා අරමුණත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් ලැබුණු අභීත නායකත්වයත් නිසා ආරක්‍ෂක හමුදාවට මේ යුද්ධය ආරම්භ කළාට පසු ඒ කියන්නේ මාවිල්ආරු සොරොව්ව විවෘත කරන සටන පටන්ගත්තාට පස්සෙ, 2008 අග කිලිනොච්චි අල්ලනකොට එක්ලක්‍ෂ හැත්තෑපන්දහසකට වඩා අලූතින් තරුණයන් හමුදාවට බැඳිලා තිබුණා. ශබ්ද විකාශන යන්ත‍්‍ර බැඳගෙන ගමේ නොගියත් ඒ එක්ලක්‍ෂ හැත්තෑපන්දහස බැඳිලා තිබුණෙ. එයට රූපවාහිනිය හරහා විකාශය වූ රණවිරුවන් උත්තේජනය කරන ප‍්‍රචාරක ව්‍යාපාරය රුකුලක් වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කෝටම වඩා ප‍්‍රබල සාධකය තමයි මෙතන තිබුණු ජාතික බලවේගයන් මතින් ගොඩනැ`ගුණු දැවැන්ත විශ්වාසය. එදා 1995 රිවිරැුස මෙහෙයුමෙන් යාපනය අල්ලලා 50,000ක් හමුදාවට බඳවගන්න ගියා. ඒ අස්සෙන් ‘තවලමයි’, ‘සුදුනෙළුමයි’ ගියා, ‘තවලමයි, සුදුනෙළුමයි’ ඇන්ජින් එක, එක පැත්තකට යනවා. යුද්දෙ ඇන්ජින් එක තව පැත්තකට යනවා. එහෙම තියාගෙන 50,000ක් හොයනවා, 50,000ක් හොයපු හමුදාවට 6000ක් බැඳෙනවා. ඒ අනුව පැහැදිලියි, මේ පරස්පරය 2005 ජන වරමත් එක්ක මේ ආණ්ඩුව ඇතුළේ නිර්මාණය කරන්න බැරිවුණා. ඒකට හේතුව ජාතික බලවේගයන්ගේ දැවැන්ත බලපෑම් සහගත භූමිකාවත් ඒ ක‍්‍රියාදාමය ඇතුළේ තිබුණා. ඒ නිසා පරස්පර විරෝධයක් තිබුණෙ නැහැ. මේ රටේ දරුවන්ට පෙනුනා මේ පාර මේ වැඬේ කරන්නෙ ඉවර කරන්න කියලා. ඒ විශ්වාසය ඔවුන්ට තිබුණා. දැවැන්ත මානසික සංග‍්‍රාමයක් දියත් කරන්න පුළුවන්කම තිබුණා, ජාතික බලවේගයන්ගේ ශක්තිය මතින්. ඒ සියල්ලේ ප‍්‍රතිඵලය වුණේ එක්ලක්‍ෂ අනූපන්දහසක්(195,000) කිලිනොච්චිය අල්ලලා ඉවරවෙනකොට හමුදාවට බැඳීම. සමහර විට ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් පවා බලාපොරොත්තු නොවෙන්නැති එතරම් තරුණ සහභාගීත්වයක් යුද්ධය සඳහා ලැබෙයි කියලා. මේ අලූතින් බැඳුණු 19,5000 අතර සිටි තරුණයා තමයි බොහෝ වෙලාවට යුද්ධයේ ඉදිරියෙන්ම ගියේ. අන්තිම සටන යනකොට වලලා තිබුණු බිම්බෝම්බ නිශ්ක‍්‍රීය කරන්න වෙනත් ක‍්‍රමයක් නැතිකොට ඒවා නිශ්ක‍්‍රීය කරන්න තමන්ගේ ජීවිතය පරදුවට තියලා බෝම්බ පිපිරෙන බව අතපය නැතිවෙන බව දැන දැන තමයි ඒ තරුණ හමුදා සොල්දාදුවන් ඉදිරියට ගියේ.
මේ අය කුමන පවුල් සබඳතාවන් නියෝජනය කරන සමාජයක දරුවන්ද? කුමන සමාජ ස්වරූපයක්ද, ඔවුන් දෙස බැලූවාම පෙනෙන්නේ. අද අපි මේ සමරන, ගෞරවයෙන් සිහිපත්කරන, විනාඩි දෙකක් නොවෙයි දවස් 365ම හිටගෙන හිටියත් සමරා අවසන් කිරීමට නොහැකි, අද අපි සමරන සාමය නිර්මාණය කරන්න ලේ, කඳුළු, දහදිය පමණක් නොවෙයි ජීවිතය පවා පූජා කරපු ඒ වීරයා මේ රටේ සාමාන්‍ය අම්ම තාත්තගේ දරුවෙක්. මැද පන්තියෙ දරුවෙක්. පහළ මැද පන්තියෙ දරුවෙක්. අඩු ආදායම්ලාභී ග‍්‍රාමීය පවුල්වල දරුවෙක්. ඒ දරුවො තමයි මේ බරට කරගැහුවෙ. ඒ දෙමව්පියො තමයි මේ දරුවන්ව හමුදාවට එව්වෙ. ඒ දෙමව්පියො තමයි ලොකු පුතාව හමුදාවට යවලා කටුමැටි ගහපු බිත්තියෙ උඩින් ඔසවලා තියෙන බුදුපිළිමෙට පහන පත්තුකරලා හැමදාම උදේටයි, හැන්දෑවටයි, ‘අනේ මගේ පුතාගෙ ජීවිතය ආරක්‍ෂා කරලා දෙන්න කියලා’ කිව්වේ. ඒ රෙද්දයි හැට්ටෙයි ඇන්ද ග‍්‍රාමීය අම්මා. කුඹුරෙ වැඩ කළ ග‍්‍රාමීය තාත්තා, ඒ අය මේ සමාජයේ ආර්ථික සැකැස්මේ පරිධියේ ජීවත්වන මිනිස්සු. ඒ අය මේ ගලායන මහා ප‍්‍රාග්ධන ගංගාවෙන් බොහොම ‘සොච්චමක්’ භුක්තිවිඳින මිනිස්සු. අසම්පූර්ණ ගෙදරක් තියෙන මිනිස්සු. ගෙදරට තව කාමරයක් දෙකක් ගොඩනැ`ගීමේ හීනයත් එක්ක ජීවත්වෙන මිනිස්සු. වැස්ස වැස්සොත් බඩගින්න නිවාගන්න පුළුවන් මිනිස්සු. වැස්ස නොලැබුනොත් ජීවිතයේ අවිනිශ්චිතභාවය දෝතපුරා බදාගෙන ජීවත්වෙන්න හුරුවුණු. මිනිස්සු. ඒ නිසා අද අපි සමරන අතිමහත් බහුතරයක් වීරයො මේ රටේ සාමාන්‍ය දුගී දුප්පත් සාමාන්‍ය අම්ම තාත්තගෙ දරුවො. එහෙම නැතිනම් පහළ මැද පන්තියෙ සමාජවල දරුවො. ඒ අය තමයි ජාතිය වෙනුවෙන් මේ මහා අභියෝගය භාරගත්තෙ.
එදා 1995 ‘තවලමයි, සුදු නෙළුමයි’ චිත‍්‍රපටය පෙන්නන ගමන් ‘රිවිරැස’ චිත‍්‍රපටය පෙන්නුවාට මේ දරුවො ගියේ නැහැ. එදා 1995 තවලම් යනකොට ඒ 9 අල්ලන්න එන්න කිව්වාට මේ දරුවො ආවෙ නැහැ. හැබැයි 2005 මහා ජාතික බලවේගයක පූජනීය මැදිහත්වීමෙන්, දායකත්වයෙන්, පුරෝගාමීත්වයෙන් නව්‍යතම ජනවරමක් නිර්මාණය කරන්න පුළුවන් වුණු නිසා ඒ ජාතික බලවේගයන් සමග පැමිණි මේ ගමනේ පරස්පර විරෝධයක් නොවූ නිසා මහා දැවැන්ත ආකාරයට මේ දරුවෝ හමුදාවට එකතු වුණා. එතනින් පෙනෙනවා ඒ ජනවරමේ විශේෂතාවයේ වෙනස. මෑත ඉතිහාසයේ ජාතික බලවේගයන් හරියට අතගහපු ප‍්‍රමුඛතම ජනවරම වශයෙන් මේක අපට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි අප වෙනුවෙන් ජීවිත පූජා කළ මහා මානව පරපුර ජීවත් වූ ප‍්‍රදේශ, ඒ පරපුර ජීවත් වූ පවුල්, ඒ පරපුර ජීවත් වූ ගම පුබුදුවන ආකාරයෙන් මේ රට ගොඩනැගීමේ වගකීමක් අපට තියෙන්නේ.
ඔවුන් වෙනුවෙන් පවත්වන සමරු උත්සවවලින්වත් ඔවුන්ගේ ක‍්‍රියාවන් අගය කරමින් පවත්වන කතාවලින්වත් නොවෙයි අපි ඔවුන්ට යුතුකම නියම ආකාරයෙන් ඉටුකළා වෙන්නේ. ඒ ගම්බදව මේ සටන කරන්නට දිරිදුන් මැද පන්තියෙ, පහළ මැද පන්තියේ ඒ මහා මනාව සම්පත කෙරෙහි කෙලින්ම ප‍්‍රතිලාභ ගලාගෙන යන ආකාරයේ ආර්ථික පරිවර්තනයකට, සමාජ ආර්ථික නව මාදිලියකට මේ රට හැරවීමෙන් පමණයි ඔවුන් වෙනුවෙන් අපේ කෘතවේදීත්වය අපි නියම ආකාරයෙන් පළ කළා වෙන්නේ.
මේ විෂම චක‍්‍රයෙන් අපි දැන්වත් එළියට ආ යුතුයි. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 වීමේ සිහිනය සහ ආර්ථික වර්ධන වේගය අතින් චීනය අභිබවා යෑමේ සිහිනය යන සිහින පසුපස හඹා ගෙන යාමද අපේ ගමන විය යුත්තේ? මෙයට අපි පිළිතුරු සෙවිය යුතුයි. මෙයට පිළිතුරු සෙවීම අපේ කාර්යයක් පමණක් නොවෙයි. එය, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට පහන අල්ලන, ඒවායේ න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කරන, මෙහෙන් විශ‍්‍රාම ගන්න කොට ඒවායේ රැකියාවක් ලබා ගැනීමට පොට පාදා ගන්න අය වෙනුවට, මේ ක්‍ෂේත‍්‍රයේ සිටින ජාතික බුද්ධිමතුන්ගේද කාර්යයක් වෙනවා. මේ රටේ මුල්වලින් ගැලවුණේ නැති, ජාතික අධ්‍යාත්මයක් සහිත විද්වතුන්, ආර්ථික විශේෂඥයන් සැවොම අද මේ සාකච්ඡවට අවතීර්ණ විය යුතුයි.
රට බේරා ගැනීම ජාතික බලවේගවල න්‍යාය පත‍්‍රයක් අනුව සිදු වූවත් රට ගොඩනැගීම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල න්‍යාය පත‍්‍රයක් අනුවයි සිදු වෙමින් තිබෙන්නේ. එම තත්ත්වය වෙනස් විය යුතුයි. ඒ පිළිබඳව සංවාදයක් ඇති විය යුතුයි. පුළුල් සංවාදයක් තුළින් ‘අපේ ආර්ථික ගමන කුමක් විය යුතුද?’ යන පැනයට පිළිතුරු සොයාගත යුතුයි.
‘යටිතල පහසුකම් එපා’ කියා අප පවසන්නේ නැහැ. නමුත් ඒ සමග ‘කර්මාන්ත පුබුදුවන, නිෂ්පාදනයට දිරි දෙන ආර්ථික ගමනක්’ මේ රටට අවශ්‍යයි. නව උපායමාර්ගික දැක්මක් සහිතව මේ රටේ ආර්ථික ගමන වෙනස් කිරීමට කඩිනම් පියවර නොගත්තොත් ඉදිරියේදී විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ණය බර අද 80%යි. රාජ්‍ය ආදායම දිනෙන් දින අඩු වෙමින් පවතිනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බිලෙන් කොටසක් ගෙවන්නෙත් විදේශ ණය ලබාගෙන. ඒ නිසා මේ තත්ත්වය කළමනාකරණය කර ගත නොහැකි තත්ත්වයක් ඉදිරියේදී ඇති වේවි. ඒ නිසා නව ආර්ථික මොඩලයකින් ගම සහ නගරය පුබුදුවන වැඩපිළිවෙළකට, ගමනකට අපි කඩිනමින් අවතීර්ණ විය යුතුව තිබෙනවා.
දේශීය හා විදේශීය වශයෙන් ලබා ගන්නා ප‍්‍රාග්ධන අරමුදල්වලින් සාධාරණ ප‍්‍රතිශතයක්, වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත සඳහා යෙදවීමට අපට හැකි විය යුතුයි. රජයට මේ සඳහා සෘජුව ආයෝජනය කළ හැකියි. එසේම පෞද්ගලික අංශයේ නිෂ්පාදකයා බදු සහන, සහන මිලට ඉඩම් ආදී දිරි දීම් යටතේ මෙවැනි කර්මාන්ත සඳහා යොමු කළ හැකියි. කෘෂිකාර්මික ග‍්‍රාමීය බලවේගය සහ නාගරික කළමනාකරණ හා අනෙකුත් දැනුම් පද්ධති එකට එකතුකර ගෙන කාර්මික නිෂ්පාදන හා අනෙකුත් භාණ්ඩ නිපදවන ආර්ථික පරිවර්තනයකට අපි යොමු විය යුතුයි.
චෝගම් සමුළුව සඳහා ගෙන් වූ බෙන්ස් රථවලට සිදු වූ දේ බලන්න. රජය ඒවා ණයවර ලිපි විවෘත කරලයි ගෙනාවේ. ඒවා නැවත විකිණීම සඳහා බෙන්ස් සමාගමේ දේශීය නියෝජිත සමාගමට ලබා දී තිබෙනවා. මුලින් රුපියල් ලක්‍ෂ 300ක මිලකට එම රථයක් විකුණා දීමට එම සමාගම එකඟ වුවත් අවසානයේ ඒවා මිලදී ගැනීමට ගිය පිරිස්වලට එම සමාගම පවසා ඇත්තේ, ‘හමුදා රියදුරන් තමයි මේවා පාවිච්චි කළේ. මේවා වටින්නේ රුපියල් ලක්‍ෂ 250යි’ කියායි. එහෙම ලක්‍ෂ 250ක මිලක් නියම කරගෙන තිබුණත් සාමාන්‍ය ගැනුම්කරුවන්ට ඒවා අලෙවි කිරීමටද එම සමාගම කටයුතු කර නැහැ. ‘අපි ඒ බෙන්ස් රථ අපේ සුපුරුදු පාරිභෝගිකයන්ට විකුණා අවසන්’ කියලයි ඔවුන් සාමාන්‍ය ගැනුම්කරුවන්ට පවසා තිබුණේ.
චෝගම් සමුළුවට බෙන්ස් අවශ්‍ය නම් ඒවා ගෙන ඒම රටේ ආරිථිකයකට වාසිදායක ලෙස සිදු කළ හැකිව තිබුණා. මුලින් පුවත්පත් දැන්වීමක් මගින් දැනුම් දෙනවා, ‘බෙන්ස් රථ ගෙන්වීම සඳහා බදු සහන දෙනවා. එම බදු සහනය වෙනුවෙන් මාසයක කාලයක් එම රථ චෝගම් සමුළුව සඳහා යොදා ගන්නවා’ කියලා. කැමති වන අයට එසේ බදු සහන දීලා අවශ්‍ය බෙන්ස් රථ ප‍්‍රමාණය ගෙන්වා ගන්න තිබුණා. මේ රටේ එහෙම බෙන්ස් රථ මිලදී ගන්න හැකියාව තිබෙන අය ඉන්නවානේ. ඒකනේ මේ චෝගම් සමුළුවේ පාවිච්චි කරපු බෙන්ස් මිලදී ගන්න පිරිසක් ආවේ. ඒ ඉල්ලූම සපුරන්නත් බැරි වුණානේ. අපි මේ ගැන දැන ගත්තේ බැංකුවට මුදල් ගෙවලත් මේ ‘චෝගම් බෙන්ස්’ ලබා ගන්න බැරි වුණු පිරිස් අපටත් ඒ ගැන දැනුම් දීලා, අපෙන් සධාරණ මැදිහත්වීමක් ඉල්ලපු නිසයි. මේ බෙන්ස් රථ ගෙන්වීම, විපක්‍ෂයට හොඳ ‘කටගැස්මක්’ වුණා. ආණ්ඩුව රුපියල් ලක්‍ෂ 300කට මිල නියම කරන්නේ මුදල පියවා ගන්නනේ. නමුත් රුපියල් ලක්‍ෂ 250කට විකුණලා පාඩුත් විඳලා, අහන්න  ඕන සියලූ කතා අහලා, අවසානයේ දැන් මේ බෙන්ස් රථ පාවිච්චි කරන්නේ කවුද? රජයේ අය නොවෙයිනේ. මම මේ කතාව මෙතැනදී පැවසුවේ, ආර්ථිකය මෙහෙයවන අයට මේ විදියට එක එක ‘පීලි පන්නවන්න’ පුළුවන් කියලා පෙන්වන්න. ආර්ථිකය මෙහෙයවන අයට පුළුවන්, ආණ්ඩුවට ජනතාවගෙන් බැනුම් අහන්නේ නැතිව කරන්න පුළුවන් දේවල්වලට, බැනුම් අහන්න සිදු වන විදියට වැඩ හදන්න.
තවත් එවැනි උදාහරණ කිහිපයක් පෙන්වා දිය හැකියි, විශ‍්‍රාම වැටුප් පනත හැදුවේ මුදල් අමාත්‍යාංශයෙන්. හරි නම් ඒක හදන්න  ඕනෙ කම්කරු අමාත්‍යාංශයෙන්. කම්කරුවාගේ නාඩි දන්න කම්කරු අමාත්‍යාංශයයි ඒ වාඬේ කළ යුතුව තිබුණේ. පසුගිය දිනවල හෙද – පවුල් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති අතර ගැටුමක් හට ගත්තානේ. එතැනදී ‘හෙදියද, පවුල් සෞඛ්‍ය සේවිකාවද දරුවා මව් කුසයෙන් එළියට ගන්නේ?’ කියන ප‍්‍රශ්නය තිබුණානේ. එවැනි ප‍්‍රශ්නයක් සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා තින්දු කළ යුතුයි. නමුත් හෙද වෘත්තීය සමිති නායකයකු වන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඒ ප‍්‍රශ්නය පිළිබඳ සාකච්ඡ කිරීමට ගොස් තිබුණේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙතයි. මම ඒ ගරුතර ස්වාමීන් වහන්සේට වරදක් කියන්නේ නැහැ. නමුත් දැන් ‘දරුවා ගන්නේ කවුද?’ කියන එක තීරණය කරන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්.
එක අවස්ථාවක වාහන ගෙන්වීමේදී අය කරන බදු විශාල ලෙස අඩු කළා. ඒ අනුව බොහෝ දෙනෙක් වාහන මිලදී ගන්න පෙළඹුණා. ඒ අතරේ එකවරම මේ බදු ඉහළ දැම්මා. වාහන ගෙන්වීමේ ව්‍යාපාර ඒ සමග කඩා වැටුණා. වාහන ගෙන්වීම් අඩු වුණා. රජයට ලැබුණු බදු ආදායම අඩු වුණා. වාහන තදබදය අඩු කිරීමට කියමින් තමයි මේ බදු ඉහළ දැමුවේ. නමුත් එහෙම වුණෙත් නැහැ. රජයේ විධායක නිලධාරීන් ඇතුළු පිරිස්වලට වාහන ගෙන්වීමේ බලපත‍්‍ර ලබා දීම නිසා අර වගේම වාහන තොගයක් ලංකාවට ආවා. බලපත‍්‍රයක් තියන එකෙන් දෙන්නෙත් බදු සහනයක්නේ. ඒ නිසා ඒකෙන් වුණෙත් රජයට ලැබෙන්න තිබුණු ආදායම අඩු වීම විතරයි. ලංකාවේ මාර්ගවලට දරා ගන්න බැරි තරම් වාහන තිබෙන නිසා මෙවැනි තීරණයක් ගත්තා කිව්වාට අවසානයේදී සිදු වුණේ රජයට ලැබිය යුතුව තිබූ ආදායමත් අඩු වී වාහන තදබදය වැඩි වීම පමණයි. මේ සියල්ල දෙස හොඳින් බලන්න. රට ගොඩනැ`ගීමේ අරමුණකින් නොවෙයි, මේ ආර්ථික න්‍යාය පත‍්‍රය අද ක‍්‍රියාත්මක වන්නේ.
රටට සුදුසු කර්මාන්ත හැදීම මේ න්‍යාය පත‍්‍රය තුළ නැහැ. අපි පරිභෝජනය කරන විදේශ රටවලින් ගෙන්වන පරිභෝජන ද්‍රව්‍ය ටිකවත් නිපදවීමේ වැඩපිළිවෙළක් නැහැ. අවුරුද්දකට ඩොලර් මිලියන 1304ක් අපි ආහාරපාන ගෙන්වීම සඳහා පිටරටට යවනවා. සීනි සහ රසකැවිලි සඳහා ඩොලර් මිලියන 346, කිරි නිෂ්පාදන සඳහා ඩොලර් මිලියන 307, රසායනික නිෂ්පාදිත වෙනුවෙන් ඩොලර් මිලියන 669, පොහොර වෙනුවෙන් ඩොලර් මිලියන 311 ආදී වශයෙන් වැය කරනවා. පුල්මුඬේ ඛනිජ වැලි නිධිවල ටයිටේනියම් වැනි වටිනා ලෝහ වර්ග තිබෙනවා. අපි ඛනිජ වැලි විදියට ඒවා හාරපු ගමන් පිටරට යවනවා. නමුත් ඒ ආශ‍්‍රිත කර්මාන්තශාලා කිහිපයක් ඇති කළොත් අතුරු ඵලයක් විදියට පොහොර ලබා ගත හැකියි. ඒ මගින් පොහොර සමාගම්වල මේ ඒකාධිකාරය කැඩිය හැකියි. එහෙම සැලසුම් මේ වත්මන් ආර්ථික න්‍යාය පත‍්‍රය තුළ නැහැ.
සීනි සහ රසකැවිලි ආනයනය සඳහා වැය කරන ඩොලර් මිලියන 346 මේ රට තුළ ඉතිරි කර ගන්නේ කවර වර්ෂයේ සිටද, කියන සැලසුම මේ ආර්ථික න්‍යාය පත‍්‍රය තුළ නැහැ. කිරි නිෂ්පාදන ගෙන්වීම නිසා ඩොලර් මිලියන 307ක් එළියට යනවා. මේ රටට කිරිපිටි ගෙන්වන බහුජාතික කිරිපිටි සමාගම් කටයුතු කරන ආකාරය දිහා බලන්න. පසුගිය කාලයේ ඔවුන් ගෙන්වන කිරිපිටිවල ගුණාත්මකභාවය පිළිබඳව ප‍්‍රශ්න ඇති වුණා. ඒ නිසා ඔවුන්ගේ කිරිපිටිවල අලෙවිය පහත වැටුණා. ඔවුන්ට පාඩු සිදු වුණා. ඔවුන් ඒ පාඩුව පියවා ගත්තේ කොහොමද? මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඔවුන් ජනාධිපතිතුමා හමු වීමට රැුගෙන ගියා. වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීනුත් මේ සාකච්ඡුාව සඳහා ගියාද, කියා මම දන්නේ නැහැ. කොහොම වුණත් මේ බහුජාතික සමාගම්කරුවන් පැවසුවේ, ‘ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ ගොස් ඇති නිසා කිරිපිටි මිල ඉහළ දැමීමට ඉඩ දෙන්න’ කියලයි. ඔවුන් ඉහළ ගිය ගණන විදියට පෙන්වා දී ඇත්තේ ඊට වසරකට පමණ ඉහතදී ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ ගිය ගණනයි. එය විශාල මිල ඉහළ යාමක් නොවෙයි. ඒක පෙන්වලා තමයි මිල ඉහළ දමා ගත්තේ. මිල ඉහළ දැමීමට ඉඩ දීම විතරක් නොවෙයි, ගෙන්වන කිරිපිටි කිලෝවට රුපියල් 57ක බදු සහනයක්ද ආණ්ඩුව කිරිපිටි සමාගම්වලට ලබා දුන්නා.
කිරිපිටි කිලෝවක මිල රුපියල් 152කින් ඉහළ දැමීමට ඉඩ දීම නිසා ඉහත කී බහුජාතික කිරිපිටි සමාගම් මේ රටේ පාරිභෝගිකයාගෙන් රුපියල් මිලියන 15,000ක් ගසා කෑවා. රජයට අය විය යුතු බදු මුදල් රුපියල් මිලියන 5000ක් ගසා කෑවා. දැන් ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල 20%කින් පමණ පහත වැටිලා. අද මේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් බහුජාතික කිරිපිටි සමාගම්කරුවන් ජනාධිපතිතුමා ළ`ගට රැුගෙන යනවාද, ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල අඩුවීමේ සහනය ජනතාවට ලබා දීම ගැන සාකච්ඡුා කිරීමට. දැන් යළි බදු ගැසිය යුතුයි. එසේම පාරිභෝගිකයාට සහන ලබා දිය යුතුයි. ආනයනික කිරිපිටි සඳහා බදු ගැසීමෙන් තමයි දේශීය කිරිපිටි නිෂ්පාදනය න`ගා සිටුවිය හැක්කේ. අද දේශීය කිරිපිටි නිෂ්පාදන හා ඒ ආශ‍්‍රිත කර්මාන්ත ශාලාවල යම් පිබිදීමක් ඇති වී තිබෙනවා. එය තවදුරටත් වර්ධනය කර ගත යුතුයි. දේශීය කිරි නිෂ්පාදකයා ධෛර්යවත් කරන වැඩපිළිවෙළක් වත්මන් ආර්ථික න්‍යාය පත‍්‍රය තුළ නැහැ. ‘පැකර්ට’ බදු සහන දෙන්න කතා කළාට පැල්වත්ත වැනි කිරි ආශ‍්‍රිත දේශීය කර්මාන්ත න`ගා සිටුවීම ගැන කතාබහක් නැහැ.
සීනි සහ රසකැවිලි වෙනුවෙන් වැඩ කරන ඩොලර් මිලියන 346 මේ රටේ ඉතිරි කර ගන්න බැරිද? කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අක්කර 20,000ක් අයත්. පවුල් 10,000ක් එමගින් නඩත්තු කළ හැකියි. කොටියා ගහද්දිත් එම කර්මාන්ත ශාලාව දාලා නොගිය පිරිසක් එතැන ඉන්නවා. ඒ පිරිස අපි රැක ගත යුතුයි. නමුත් ඒ උක් වගා අක්කර 20,000 තවම මුඩු බිමක්. මේ සීනි කර්මාන්ත ශාලාව නැවත පටන් ගැනීමට වැය වන්නේ රුපියල් මිලියන 3000ක් පමණයි. මේ මුදල කෙරවලපිටිය දක්වා යන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 1/2ක් ඉදිකිරීමට යන මුදලට සමානයි. ‘සීනි කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීමට වැඩපිළිවෙළක් නැත, ඒ හරහා යන අධිවේගී මාර්ගය පමණක් ඉදි වී ඇත.’ මේකෙන් නැවත වතාවක් පැහැදිලි වෙන්නේ යම් විකෘති ආර්ථික න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක වන බව නොවේද? මේ විකෘතිය, ප‍්‍රකෘති කළ යුතු නැද්ද? කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නවීකරණය කිරීම තිබියදී දැන් හම්බන්තොට වරාය ආශ‍්‍රිතව සීනි, ශුද්ධ කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. ඩොලර් මිලියන 220ක ඉන්දීය ආයෝජනයක් විදියට තමයි මේක එන්නේ. අවසානයේදී හම්බන්තොට හැදුවේ ප‍්‍රතිඅපනයන වරායක්නේ. ඒකට ගැලපෙන ව්‍යාපෘතියක් විදියට තමයි මේ ‘සීනි ශුද්ධ කිරීම’ ඇවිත් තියෙන්නේ.
හම්බන්තොට වරාය ‘මහා යෝධයෙක්’ වීමට හැකියාව තිබූ වරායක්. අද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කුමන්ත‍්‍රණකාරී විදියට ඒක ‘අඟුටුමිට්ටකු’ බවට පත් කර තිබෙනවා. විපක්‍ෂය මොන විහිළු සැපයූවත් හම්බන්තොට වරාය ලෝකයේ හොඳම වරාය 10ට ඇතුළත් වීමට හැකියාව ඇති එකක්. ඒ වරායේ වැදගත්කම ආරියශීල වික‍්‍රමනායක මහතා වැනි ඒ ක්‍ෂේත‍්‍රයට අදාළ විශේෂඥයන් විසින් මීට බොහෝ කලකට පෙර පෙන්වා දී තිබුණා.
ජනාධිපතිතුමන් හම්බන්තොට වීමත් මේ වරාය හැදෙන්න යම් බලපෑමක් වෙන්න ඇති. චීන ණය ආධාර යටතේ සිදු කරන ආයෝජන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡුාවකට යෑමට ප‍්‍රථම ජනාධිපතිතුමන් පී.බී. හෙවත් පුංචි බණ්ඩා ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබුණා. මේ ආයෝජන ව්‍යාපෘති අතරට හම්බන්තොට වරායත් ඇතුළත් කරලා අවශ්‍ය වාර්තා සකස් කරන්න කියලා. මුලින්ම පැවතුණේ නිලධාරීන් සමග සාකච්ඡුාවක්. ඊළ`ග දිනයේ තමයි චීන ජනාධිපතිතුමන් සමග සාකච්ඡුාව පැවැත්වීමට නියමිතව තිබුණේ. ජනාධිපතිතුමන් නිලධාරීන් සමග සාකච්ඡ ආරම්භ කරමින් අර පුංචි බණ්ඩා හදපු වාර්තාව බැලූවාම තමයි දැක්කේ, ‘මේ ආයෝජන ව්‍යාපෘති අතර හම්බන්තොට වරාය නැහැ’ කියලා. ‘පුංචි බණ්ඩා තම වාර්තාවෙන් හම්බන්තොට වරාය හලා ඇත’ කියලා. වෙන දෙයක් හැංගුවා නම් ජනාධිපතිතුමා නිහඩව සිටීමටත් තිබුණා. මේ ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ ඡුන්ද බල ප‍්‍රදේශයේ, උපන් ගමේ පිහිටා තිබුණේ. එනිසා එතුමා වඩාත් කලබල වුණා. මේ ගැන විමසා බැලූවා. ඊට පසුව පුංචි බණ්ඩා මේ ව්‍යාපෘතියත් ඇතුළත් කළත් චීනය ‘ගහෙන් ගෙඩි එනවා’ වගේ මේ ව්‍යාපෘතියට අනුමැතිය දීමට එකග වුණේ නැහැ. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිතුමන්ට සිදු වුණා, චීන ජනාධිපතිතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරලා මේ ව්‍යාපෘතිය චීන ණය ආධාර යටතේ සිදු කරන ආයෝජන ව්‍යාපෘති අතරට එකතු කර ගන්න. චීන – ශ‍්‍රී ලංකා මිතුදමේ ප‍්‍රතිඵලයක් විදියට ඒ අනුමැතිය ලැබුණත් පුංචි බණ්ඩා හැදුවේ ‘හම්බන්තොට වරාය’ වාෂ්ප කරන්න. නමුත් ‘හම්බන්තොට වරාය’ හැදෙන එක නතර කරන්න පුංචි බණ්ඩාට බැරි වුණා. ඔහු එතැනින් නතර වුණේ නැහැ. ඊළගට ‘හම්බන්තොට වරාය’ කැමති ‘යෝධයා’ ‘අඟුටුමිට්ටකු’ කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඔහු විසින් භාර ගෙන තිබුණා. සිංගප්පූරු වරායට  ඕනෙ මේක අගුටුමිට්ටා කරලා තියාගන්න. මේ වරාය ප‍්‍රතිඅපනයනයට පමණක් සීමා වූ වරායක් බවට පත් කිරීම ඔවුන්ගේ උවමනාව. දැන් බලන්න, සීනි ශුද්ධ කිරීමේ ව්‍යාපෘතියක් එන්නෙත් මේ උවමනාවට සරිලන පරිදියි. මේ සීනි සෝදන්න ගන්න රසායනික ද්‍රව්‍ය වරාය ආශ‍්‍රතව තැන්පත් වෙනවා. අවසානයේ වරායේ පාරිසරික තත්ත්වය පිළිබඳ සෘණාත්මක වාර්තා ලෝකයට යනවා.
මෙවැනි සීනි ශුද්ධ කිරීමේ ව්‍යාපෘතියක් හරහා තවත් රටේ ආර්ථිකයට සිදු වන හානියක් පෙන්වා දිය හැකියි. මේ රටේ අවුරුද්දකට ඩොලර් මිලියන 550ක සීනි වෙළඳපොළක් තිබෙනවා. මේ ශුද්ධ කරන සීනි ප‍්‍රතිඅපනයනයට පමණක් සීමා වෙයිද? හොරෙන් ලංකාවේ වෙළඳපොළට නොඇවිත් තියේවිද? මේ ව්‍යාපෘතියට බදු සහනත් ලැබෙනවා. ලෝකයේ මේවාට කියන්නේ ‘කසල කර්මාන්ත’ කියලා. මේවායින් රටකට, සමාජයකට, පරිසරයකට සිදු වන හානිය වැඩියි. ඒ නිසා ලෝකයේ වෙනත් රටවල් නම් මේවාට බදු සහන දෙන්නේ නැහැ, වැඩිපුර කොන්දේසි දැමීමයි සිදු කරන්නේ. නමුත් අපි බදු සහන දෙනවා. මේ සීනි වෙළඳපොළට හොරෙන් පැමිණේවි. එතනෝල් වැනි අතුරු ඵලත් ඒවි. අවසානයේ හිගුරාන, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාත් වැසී යාවි. අවසානයේදී අපේ සීනි වෙළඳපොළ මේ ‘ඉන්දියානු කසල ව්‍යාපෘතියට’ අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමේ සම්පූර්ණ ඉඩකඩ හැදේවි.
මේවා ගැන අපි සිතිය යුතු නැද්ද? අපේ ආර්ථිකයට ගැහුවේ කොටියා විතරද? පුංචි බණ්ඩලා ගහලා තියෙන ගැහිලි හරියට එළියට ආවොත්, අපට හිතේවි ‘කොටියා ගහලා තියෙන්නේ මහ බැංකුව ඇතුළු තව පුංචි පුංචි තැන් කිහිපයකට විතරයිනේ’ කියලා කොටියා ගහපු එක අපට දැනුනා, ඒවායින් අපට රිදුනා. අපි කිපුනා. නමුත් පුංචි බණ්ඩලා ගහන ඒවා අපට එන්නේ ‘ශ‍්‍රී ලංකා තැපෑලෙන්’
අපි ආණ්ඩුවේ කියලා මේ අඩුපාඩු හංගාගෙන ඉඳීමෙන් රටට අත්වන ප‍්‍රතිඵලය කුමක්ද? ‘කරතොත් කරපන් හරියට – නැතිනම් බැහැපන් එළියට’ කියන තැනට මේ රටේ ජනතාව පත් විය යුතු නැද්ද? ඒ බලපෑම කළ යුතු නැද්ද? මේ රණවිරුවන් වෙනුවෙන් අපි ඒ කාර්ය ඉටු කළ යුතු නැද්ද?
ජී. වී. එස්. ද සිල්වා කියන්නේ ශ‍්‍රී ලංකාවේ සිටි කීර්තිමත් ආර්ථික විශේෂඥයෙක්. ඔහු ටිකක් පැරණි ආර්ථික විශේෂඥයෙක්. ඒ නිසා ඔහුට සමහර විට ‘පුංචි බණ්ඩා’ අකැමැති ඇති. ඔහු එක් අවස්ථාවක මෙසේ පවසා තිබෙනවා. ‘අප රටෙහි කේනද්‍රීය ආර්ථික ප‍්‍රශ්නය වන්නේ, ගැමි ගොවි නිෂ්පාදන බලවේගයන් වර්ධනය කර ගැනීමයි. ගැමි ක්‍ෂේත‍්‍රය තෝරා ගන්නේ කුමක් නිසාද? නගර ආශ‍්‍රිත ආර්ථිකයේ ඇති වන වර්ධනය සිදු විය හැක්කේ විදේශ මූලධනයේ අන්තේවාසික ස්වරූපයෙන් නිසාත් ඊට අවශ්‍ය වන සියලූ දේම පාහේ ආනයනය කිරීම අවශ්‍ය වන නිසාත් එයට අවශ්‍ය විදේශ වත්කම් අපට නොමැති නිසාත්ය. එයට අවශ්‍ය විදේශ වත්කම් අපට නොමැති නිසාත්ය. තවද මෙම නිෂ්පාදන සඳහා වෙළඳපොළ සොයා ගත යුත්තේද ජාත්‍යන්තරවය. දෙවනුව අප සතු නගරාශ‍්‍රිත තාක්‍ෂණය හා විශේෂඥ දැනුම් සම්භාරය ගැමි ගොවි නිෂ්පාදන බලවේගයන් වේගවත්ව වර්ධනය කර ගැනීමෙහි ලා ප‍්‍රමාණවත්ය’ කියලා.
ඒක තමයි ඇත්ත, නගරාශ‍්‍රිත තාක්‍ෂණය හා විශේෂඥ දැනුම් සම්භාරය සහ ගැමි ගොවි බලවේග යන මේ දෙක එකට මුණගස්වන්න  ඕනෙ. මේ සාධක දෙක එකට එකතු කරවන ආර්ථික න්‍යාය පත‍්‍රයක් මේ රටට  ඕනෙ. නගරාශ‍්‍රිත ප‍්‍රාග්ධනය හිමියන් සහ ගැමි ගොවි නිෂ්පාදන බලවේගය එකට එකතු කළ යුතුයි. මේ රටේ 75%කට වඩා ඉන්නේ ග‍්‍රාමීය ගොවි ජනතාව. ඔවුන් මහා නිෂ්පාදන බලව්ගයක්. විශාල ඉඩමක් තියාගෙන, කෙවිටකින් හරකෙක් දක්කමින් යන අහිංසක මිනිසෙක් එතැන ඉන්නේ. එ මහා නිෂ්පාදන බලවේගයට නැත්තේ දැනුම හා ප‍්‍රාග්ධනය. එය ලබා දීමට නගරාශ‍්‍රිත ප‍්‍රාග්ධන හිමියාට හැකියි.
ඒ නව කර්මාන්ත න්‍යාය පත‍්‍රයට හරියන විදියට බදු ප‍්‍රතිපත්තිය වෙනස් කරන්න  ඕනෙ. තිරිගුපිටි, කිරිපිටි, සීනි වැනි ආහාර ද්‍රව්‍ය ආනයනය කරන සමාගම්වලට දෙන බදු සහන අපි නතර කරන්න  ඕනෙ. මේ රටේ ආහාර නිෂ්පාදනවලට දිරි දෙන්න නම් ඉහත කී ආනයනික ආහාර ද්‍රව්‍යවලට බදු සහන නොදිය යුතුයි. දේශීය කිරිපිටි, සීනි නිෂ්පාදකයාට දිය යුතු සෑම සහනයක්ම ලබා දිය යුතුයි.
මේ දෙය කිරීමට මහා ආර්ථික ඥානයක් අවශ්‍ය නැහැ. මම දන්න විදියට ඞී. එස්. සේනානායක මහතා පාසල් ගොස් තිබුණෙ පහේ පන්තියට පමණයි. නමුත් එතුමා ගොවි ජනපද හැදුවේ හොඳ ආර්ථික විද්‍යාඥයකුගේ මනසින්. එක පැත්තකින් ආර්ථික සංවර්ධනය හා අනෙක් පැත්තෙන් උතුර හා නැෙ`ගනහිර පළාත්වල තිබූ දේශපාලන වාතාවරණය වෙනස් කිරීම ඔහුගේ අරමුණ වූවා. මුලින්ම අපි මෙතැන තියෙන මේ අභියෝගය හරියට හඳුනා ගත යුතුයි.
අපට  ඕනෙ නව ව්‍යවසායක පරපුරක් බිහි කරන ගමනක්. තව නොබෝ දිනයකින් චීන – ශ‍්‍රී ලංකා ආර්ථික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. එමගින් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනවලට තීරු බදු සහන ලැබෙනවා. ඒ මහා වෙළඳපොළෙන් දශමයක් හෝ අත්පත් කර ගත හැකි ව්‍යවසායකයකු මේ මහ පොළොවෙන් හදන්න  ඕනෙ. ඒ නව ව්‍යවසායක පැළැන්තිය හදන්න අරමුණු සහගතව කැපවෙන්න  ඕනෙ.
මෙම රණවිරු සමරු උත්සවයේ පිළිගැනීමේ කතාව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ශ‍්‍රී ලංකා නීතිඥ සංසදයේ සභාපති, නීතිඥ කපිල ගමගේ මහතා විසින් පවත්වන ලදි.
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මාධ්‍ය ප‍්‍රකාශක, කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රොජර් සෙනෙවිරත්න, හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති රුවන් ප‍්‍රබෝධ පීරිස් හා කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරුන් රණවිරු සමරු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.
විශේෂ ආරාධිතයන් ලෙස දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ සභාපති, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය ගුණදාස අමරසේකර මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක, මාහාචාර්ය මාලනී ඇදගම, මාහාචාර්ය උපාලි මාරසිංහ හා ප‍්‍රවීණ අධ්‍යාපනඥ ලීලානන්ද ගමාච්චි ඇතුළු විද්වතුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

සුදු කොඩි සිද්ධියට ගෝඨාට, ශවේන්ද්‍රට චෝදනා ගොනු කෙරේ..

සුදු කොඩි සිද්ධියට ගෝඨාට, ශවේන්ද්‍රට චෝදනා ගොනු කෙරේ..

සුදු කොඩි සිද්ධියට ගෝඨාට, ශවේන්ද්‍රට චෝදනා ගොනු කෙරේ..සුදු කොඩි සිද්ධියට අදාළ පිටු 42 ක සාවද්‍ය වාර්තාවක්‌ ශ්‍රී ලාංකිකයකු ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව විසින් ඊයේ (19 දා) මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත යොමුකර ඇතැයි අනාවරණය වේ.
මෙම ශ්‍රී ලාංකිකයාට ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී ඇත.
මෙකී සාවද්‍ය වාර්තාව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන සහ මේජර් ජනරාල් ජගත් ඩයස්‌ යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනා නඟා තිබේ.
මෙකී පිටු 42 ක වාර්තාවේ කෙටුම්පත් කළ ශ්‍රී ලාංකිකයා ආරක්‍ෂක බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇත.
මොහු ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේට තොරතුරු සපයන්නකු බව තවදුරටත් අනාවරණය වී තිබේ.
- කීර්ති වර්ණකුලසූරිය/Divaina

අගමැති දි.මු.ට ඉංග‍්‍රීසි වැරදී චීන-ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රික අවුලක් හැදේ…

අගමැති දි.මු.ට ඉංග‍්‍රීසි වැරදී චීන-ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රික අවුලක් හැදේ…

අගමැති දි.මු.ට ඉංග‍්‍රීසි වැරදී චීන-ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රික අවුලක් හැදේ…

ශ‍්‍රී ලංකා අගමැති දි.මු. ජයරත්න මහතා පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වියට්නාමයේ සංවිධානය කර තිබූ වෙසක් උත්සවයේ දී ඉදිරිපත් කල කතාවේ ඉංග‍්‍රීසි පරිවර්තනය වැරදි සහගත වීමෙන් චීන-ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදයක් මතු වී ඇතැයි ආරංචි මාර්ග කියයි.
අගමැතිවරයාගේ කතාවේ වැරදි පරිවර්තනය මගින් චීනය, වියට්නාමයට කරන මැදිහත්වීම් බරපතළ ලෙස විවේචනයට ලක් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ සමුද්‍ර ප‍්‍රඥප්තිය උල්ලංඝනය කර ඇති බවද සඳහන් කර ඇතැයි වියට්නාමයේ හැනොයි ජාතික ප‍්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
මෙම වැරදි පරිවර්තනය නිසා චීනය සහ ශ‍්‍රී ලංකාව අතර ඇති මිතුදමට අයහපත් බලපෑමක් එල්ල වී තිබේ. අදාළ උත්සවය අවසන් වී පැය හතකින් චීන තානාපති වූ ජින්හා ඕ මහතා නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයාගේ අදාළ ප‍්‍රකාශය පිළිබඳ චීන රජයේ බලවත් අප‍්‍රසාදය පළ කර ඇත.
අගමැතිවරයාගේ මෙම වෙසක් උත්සව කතාව සිංහලෙන් සකස් කර ඇති අතර පසුව එය අගමැති ලේකම්වරයා විසින් ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත. එය කිසිවෙකුගේ අධීක්ෂණයකින් තොරව වියට්නාම් බලධාරීන්ට භාර දී ඇත්තේ ඔවුන්ගේ ජාතික භාෂාවට පරිවර්තනය කිරීම සඳහාය.
කෙසේ වෙතත් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ වරද නිවැරදි කිරීමේ උත්සාහයක යෙදී සිටින අතර ඒ සඳහා විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතාද මැදිහත්ව ඇතැයිද වාර්තා වෙයි.

Sunday, May 18, 2014

සූර්යයා සිදුරු වෙයි…

සූර්යයා සිදුරු වෙයි…

සූර්යයා සිදුරු වෙයි…
සූර්යයා මතු පිට ඇති දැවැන්ත සිදුරක් වීඩියෝගත කිරීමට නාසා විද්‍යාඥයින් විසින් සමත්ව ඇතැයි වාර්තා වේ.  මෙම කොරෝනා සිදුර හතරැස් හැඩයකින් යුක්ත වන අතර එය සූර්ය ගති විද්‍යා නිරීක්ෂණාගාරය විසින් සොයා ගෙන තිබේ.
විද්‍යාඥයින් පවසන්නේ සූර්ය සුළං ලෙස කෙතරම් දැඩි වේගයකින් සූර්ය පදාර්ථ ඉවත් වන්නේද යන්න මෙයින් පැහැදිලි වන බවයි.
නාසා ආයතනය විසින් නිකුත් කර ඇති වීඩියෝව තුල අදාළ හිඩැස අඳුරු පැහැයකින් දැක්වෙන අතර සූර්ය පෘෂ්ඨය වඩා පැහැදිලිව දැකගැනීම සඳහා පාරජම්බුල කිරණ පෙරහනක් භාවිතා කර තිබීම එයට හේතුවයි.
සූර්ය ගති විද්‍යා නිරීක්ෂණාගාරය පවසන්නේ මෙම සිදුර සූර්යයාගේ දකුණු කොටසේ තිබීම හේතුවෙන් නිකුත්වූ සූර්ය කොරෝනා අංශු පෘථිවිය වෙත ළගාවීමට ඇති ඉඩකඩ අඩු බවයි.
ගති විද්‍යා නිරීක්ෂණාගාරය සූර්යයා නිරීක්ෂණය කිරීම සඳහා කක්ෂගත කර ඇති යානාවන් කිහිපයෙන් එකක් බව පැවසේ.
සූර්යයා සෑම වසර 11ක කාලපරිච්ෙඡ්දයක් තුළදී සිය චුම්භක ධැව මරු කරන අතර ඒ කාලසීමාවේදී සූර්ය කුණාටු තත්වයන් උත්සන්න වේ.
එවැනි ප‍්‍රබල සූර්ය කොරෝනා විමෝචනයක් පෘථිවිය වෙත බලපෑවහොත් විදුලි බල ජාලයන් විනාශ වී යාමට පවා ඉඩ ඇතැයි පැවසේ.
කෙසේවෙතත් නාසා විද්‍යාඥයින් පවසා ඇත්තේ සූර්ය චක‍්‍රය පසුගිය වසරේදී අවසන් වීම සමග අනතුරුදායක කාලසීමාව මේ වන විට අවසන්ව ඇති බවයි.

කුරුණෑගලදී පොලිස් නිලධාරියා ඝාතනය අනියම් පෙමක් නිසා..?

කුරුණෑගලදී පොලිස් නිලධාරියා ඝාතනය අනියම් පෙමක් නිසා..?

කුරුණෑගලදී පොලිස් නිලධාරියා ඝාතනය අනියම් පෙමක් නිසා..?
පසුගියදා කුරුණෑගල පොලීසියේ රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දිවි බේරාගෙන සිටින කොස්තාපල්වරයාගේ අනියම් පෙම් සබදතාවක් හේතු වී ඇත්දැයි යන්න පරීක්ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම් සොයා බලමින් සිටී.
එම සිද්ධියෙන් ප‍්‍රතිකාර ලබමින් සිටින පොලිස් කොස්තාපල්වරයා විසින් ලබාදී තිබූ ප‍්‍රකාශයෙහි විස්තර එකිනෙකට නොගැළපීම හේතුවෙන් ඔහුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීමෙන් මෙම කරුණු අනාවරණය වී ඇත.
ආරක්ෂක අංශ සාමාජිකයෙකු අදාල ඝාතනයට සම්බන්ධ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙන අතර, එම පුද්ගලයාගේ බිරිද සමග දිවි බේරාගත් කොස්තාපල්වරයාගේ අනියම් සබදතාවක් තිබුණාද යන්න පිළිබදව මේ වනවිට විමර්ශනය කෙරෙමින් තිබේ.
සිද්ධියට මුහුණ දුන් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පෙර හැදුනුම්කමකට අනුව දෙදෙනාගේම ඝාතකයන්ගේ ආරාධනාවකට අනුව සැකයක් නොසිතා වෑන් රියට ගොඩවන්නට ඇති බවද, ඉන්පසුව මෙවැනි ආකාරයේ සිද්ධියකට මුහුණපෑමට සිදුවනු ඇතැයි දෙදෙනාම නොසිතන්නට ඇති බවද එම පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කළේය.
ඝාතකයා සමග පොරබදා ජීවිතය බේරාගත් බව දිවි ගලවාගත් කොස්තාපල්වරයාගේ ප‍්‍රකාශකයෙහි සදහන් වුවද, ඔවුන් දෙදෙනාම මෙවැනි ආකාරයට පැහැර ගැනීමට සිදුවූ අවස්ථාවේදීම පොරබදා බේරීමට හොදින් අවස්ථාව තිබූ බවද පෙන්වා දෙන එම නිලධාරියා, එවැනි දෙයක් සිදු නොවීමෙන්ම පැහැදිලි වන්නේ ඔවුන් පැහැරගැනීමට ලක්ව නොමැති බවද පැවසීය.
මේ අතර සිද්ධියට සැක කරන ආරක්ෂක අංශ සමාජිකයන් ඇතුළු සිවු දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ දින අත් අඩංගුවට ගනු ලැබ ඇත. ගුවන් හමුදා භටයකු, යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු ඒ අතර සිටී.

ඔය කෑගැහුවට චම්පිකලා, විමල්ලා සන්ධානෙන් යන්නේ නෑ

ඔය කෑගැහුවට චම්පිකලා, විමල්ලා සන්ධානෙන් යන්නේ නෑ

ඔය කෑගැහුවට චම්පිකලා, විමල්ලා සන්ධානෙන් යන්නේ නෑකොතරම් කෑගහුවත් චම්පිකලා විමල්ලා සන්ධානෙන් යන්නේ නැතැයි ඇමති මහින්ද අමරවීර පවසයි.
‘එ.ජා.ප. ජ.වි.පෙ. අය හිතාගෙනම ඉන්නේ මේ ආණ්ඩුව අද වැටෙයි කියලා.
විමල්, පාඨලී යයි කියලා හිතාගෙන ඉන්නවා.
ඔය කොයිතරම් කට්ටිය කෑගැහුවත් ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් ආවම සේරම ඉල්ලන්නේ හැමදාම දිනන එ.ජ.නි සන්ධානයෙන්’ යයිද ඔහ අදහස් දැක්වීය.