Translate

Translate

Saturday, March 15, 2014

දෙමළ සටන සිංහලයන්ගේ සටනට සමාන කරන්න බෑ – නිමල්කා


දෙමළ සටන සිංහලයන්ගේ සටනට සමාන කල නොහැකි යයි රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියෙකු වන නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය පවසයි.
ඉන්දීය මාධ්‍යයක් වෙත අදහස් පල කරමින් ඇය මෙසේ සඳහන් කර ඇත.
‘සිංහල ජනතාවගේ සටන සමග දෙමළ ජනතාවගේ සටන සංසන්දනය කල නොහැක. නමුත් සාමාන්‍ය සිංහල ජනතාවගේ ජීවන වියදම අධික වී ඇත. මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිය, පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතාවල මිල ඉහල නංවා ඇත. සැබෑ අර්ථික දියුණුවක් ලබා නැත. අභ්‍යන්තර ගැටුමේදී පීඩාවට පත් දෙමළ ජනතාවගේ තත්වය ඉතාමත් දුෂ්කරවී ඇත. වන්නියේ ජිවත්වන කාන්තාවන් එමගින් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.
බොහෝ ග්‍රාමයන්වල 80% ක් පමණ කාන්තාවන් ජීවත් වේ. ඔවුන් තම ස්වාමිපුරුෂයා සමග ගොවිතැන් හා ධීවර කටයුතුවල නිරත වෙමින් ජීවත්වූවන්වේ.
මේ වන විට ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ ජීවනෝපාය නගාසිටුවීමට කිසිදු පියවරක් ගෙන නොමැත. ගොවිතැන් කල හැකි ඉඩම් හමුදාව පවරා ගෙන ඇත. ඔවුන්ට නව රැකියාවක් ආරම්භ කිරිමට හැකියාවක් නොමැත.
දකුණේ ජීවත්වන සිංහල කාන්තාවන්ගේ ජීවිත වලට වඩා මෙම කාන්තාවන්ගේ ජන ජීවිතය ඉතාමත් දුෂ්කර වී ඇත. නිවසේ සිටින ගැහැණු දරුවන් තනියෙන් දමා කුලී වැඩට යෑමටද නොහැකිය. එම කාන්තාවන් තම රන් ආභරණ උකස් කර එම මුදලින් ජීවත් වෙමින් සිටියි’

No comments:

Post a Comment