Translate

Translate

Tuesday, March 11, 2014

හකීම් නොකියන, ආණ්ඩුවෙන් නොයන ඇත්ත හේතුව මේක



ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයට පාර කපා ගැනීමේ බටහිර අධිරාජ්‍යවාදයේ උවමනාවට අද එජාපය, ජවිපෙ පමණක් නොව ආණ්ඩුවේ සිටින ‘වාම සාම ඇමතිවරුද’ උඩගෙඩි දෙන බව රටට ආදරය කරන ජනතාව තේරුම් ගත යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
අද(11) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ජානිපෙ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුස්ම්මිල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය.
‘නවනීදන් පිල්ලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය, ශ‍්‍රී ලංකාව පිළිබඳවත් සඳහන් කරලා සිය වාර්ෂික වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කොට තිබෙනවා. එසේම ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් 04ක් ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් එම සමුළුවේදී සභාගත කොට තිබෙනවා. ඒ විතරක් නොවෙයි මෙම මානව හිමිකම් සමුළුව හා සමගාමීව බි‍්‍රතාන්‍යයේ චැනල් 4 නාලිකාව ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදා පිළිබඳ අසත්‍ය වාර්තා චිත‍්‍රපටයක් එළි දක්වා තිබෙනවා. මේ සියල්ල එකිනෙක බැඳුණු සිදුවීම් ලෙස අපි දකිනවා.
එක්සත් ජාතික පක්‍ෂයේ ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක යන මහත්වරු සමාජගත කරමින් සිටින්නේ එකම මතයක්, ඔවුන් පවසන්නේ, ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල වන්නේ වත්මන් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස නොතකා හරිමින් කටයුතු කරන නිසා’ බවයි. රතුපස්වල සිදුවීම, හලාවත ධීවර උද්ඝෝෂණය වැනි සිදුවීම් ඔවුන් ඊට උදාහරණ ලෙස පෙන්වා දෙනවා.
නමුත් ඉතාමත් පැහැදිලි ලෙස 2011 සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා බටහිර අධිරාජ්‍යවාදී රටවල් කටයුතු කරන්නේ තමන්ගේ කූඨ අරමුුණ සපුරා ගැනීමටයි. ඔවුනට අවශ්‍ය ශ‍්‍රී ලංකාවට එරෙහිව ඔවුන් විසින් නැගූ යුද අපරාධ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කිරීම. අද වන විට ඔවුන් ඒ අරමුණ සපුරා ගැනීමට ඉතා ආසන්නයට පැමිණ තිබෙනවා. මෙවර ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවෙහි පැහැදිලි ලෙස සඳහන් ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කළ යුතු බව.
මේ බටහිර අධිරාජ්‍යවාදීන් ක‍්‍රම ක‍්‍රමයෙන් තම අරමුණ වෙත එන විට, විපක්‍ෂය මේ ඇත්ත වසන් කරලා ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියා නිසා මානව හිමිකම් චෝදනා එල්ල වන බව රටට පෙන්වා දීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත වෙමින් සිටිනවා. නවනීදන් පිල්ලේගේ වාර්තාව, ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාව හා චැනල් 4 වාර්තා චිත‍්‍රපටය යන සියල්ල තම අරමුණ ඉටුකර ගැනීමට බටහිර අධිරාජ්‍යවාදීන් යොදා ගන්නා ක‍්‍රියාමාර්ග ලෙස දැක්විය හැකියි. තම කුලී සේනාංකය වූ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම වනසා දැමීමේ පලිය ගැනීම සඳහා කටයුතු කරන බටහිර අධිරාජ්‍යවාදයට අවශ්‍ය යළිත් ශ‍්‍රී ලංකාව තම ග‍්‍රහණයට ගැනීමට මාර්ගයක්. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා ඉඩ සලසා ගත්තාම ඔවුන්ට පුළුවන් කිසිදු හිරිකිතයකින් තොරව ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇ`ගිලි ගසන්න. ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස නොමැති බව මේ බටහිර අධිරාජ්‍යවාදීන් පවසන්නේ තමන්ගේ අර ඉහත කීව, නිර්ලජ්ජිත ක‍්‍රියාදාමයට යම් සුජාතභාවයක් ලබා ගැනීමට. ඔවුන්ගේ නිශ්චිත අරමුණ ශ‍්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කිරීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කර ගැනීම.
තමන්ගේ නිර්ලජ්ජිත ක‍්‍රියාදාමයට සුජාතභාවය ලබා ගැනීමට ඔවුන් චැනල් 4 නාලිකාව ලවා 2011 සිට සෑම වසරකම මාර්තු සහ සැප්තැම්බර් මාසවල ශ‍්‍රී ලංකාවට එරෙහි වාර්තා චිත‍්‍රපට එළි දක්වනවා. මාර්තු හා සැප්තැම්බර් කියන්නේ මානව හිමිකම් කවුන්සිලය වාර්ෂිකව රැස්වන මාස දෙක. ඒ විතරක් නොවෙයි, තමන්ගේ මේ ‘ජාත්‍යන්තර පරීක්‍ෂණ’  ඕනෑකම පිළිබඳ විවිධ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මගින් වාර්තා එළි දක්වනවා. දෙමළ ජාතික සන්ධානය, තමිල්නාඩු දේශපාලනඥයන් යොදා ගනිමින් ඒ ජාත්‍යන්තර පරීක්‍ෂණයක උවමනාව තහවුරු වන ආකාරයේ ප‍්‍රකාශ ඔවුන් ලවා සිදු කරවා ගන්නවා. මේ සියල්ල කරන්නේ තම නිර්ලජ්ජිත අරමුණ ඉටුකර ගැනීමට. එනම් ශ‍්‍රී ලංකාව ඊනියා යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට කොටු කර ගැනීමට. ඒ වගේම ඒ අරමුණ වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට.
ආණ්ඩුව ඇතුළේ සිටින ඇතැම් පැරණි සාම වාම කණ්ඩායම් කියන්නේ මේ තත්ත්වය හමුවේ ආණ්ඩුව යටත් විය යුතු බවයි. ‘ආර්ථික සම්බාධක පනවා ශ‍්‍රී ලංකාවට දැඩි අසීරුතාවකට පත් කිරීමට බටහිර රටවල් ක‍්‍රියා කරාවි. ඒ නිසා අපි ඔවුන් කියන ජාත්‍යන්තර පරීක්‍ෂණයකට අදාළ යෝජනාව පිළිගත යුතුයි’ කියායි මේ පිරිස කියන්නේ. මේ පිරිස යුද්ධය පැවැති සමයේ යුද විරෝධීන් ලෙස පෙනී සිටිමින් කියා සිටියේ, ‘යුද්ධ කළොත් මහා පිපිරුමක් ඇති වේවි. වහා සාම සාකච්ඡුා කර කොටින්ට ෆෙඩරල් පාලනයක් දිය යුතුයි’ කියලයි.
මේ පිරිස එදා වගේම අද හදන්නෙත්, ආණ්ඩුව බය කරලා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට ඉඩකඩ සලසා දෙන්න. 2011 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් රැුගෙන ආ අවස්ථාවේ ඉන්දියාව කටයුතු කළ ආකාරය අපට අමතක නැහැ. ඉන්දියාව පැවසුවා, ‘ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවට එක`ග වෙන්න’ කියලා. අපි ඒ කීමට එක`ග වුණා නම්, අද අපි රටක් ලෙස දැඩි දුෂ්කරතාවන්ට ලක් වෙනවා. එහෙම නම් අද වන විට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාව පිළිබඳ ගන්න, ගන්න තීරණයට අපිට හිස නමන්න වෙනවා. එහෙම වුණා නම් ඒ යෝජනාව අනුව මානව හිමිකම් කවුන්සිලයේ ක‍්‍රියාමාර්ග අවසානයේ අපට එරෙහිව යුද අපරාධ චෝදනාවක් ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් වූවොත් අපට හිතවත් රුසියාව හා චීනයටවත් නිෂේධ බලය යොදවන්න බැහැ. අපට උදව් කරන්න බැහැ. අපට එරෙහිව කටයුතු කරන්න අපි මානව හිමිකම් කවුන්සිලයට අවසර දී ඇති නිසා, අපට උදව් කිරීමට ඔවුන්ට බැරි වෙනවා.
ඉන්දියාව ඒ විදිනට අපට අමාරුවේ දාන්න හැදුවා. අද මේ ඉන්දියාවේ ඔත්තුකරුවන් විදියට ඉන්න ‘වාම සාම කල්ලිය’ ‘ආර්ථික සම්බාධක බිල්ලා’ පෙන්වලා රට අමාරුවේ දාන්න හදනවා. මේ පිරිස ප‍්‍රතිපත්තියක් නොමැති පිරිසක්. අපට මතකයි, එදා යුද විරෝධියකු ලෙස සිටි රාජිත සේනාරත්න මහතා 2010 මහ මැතිවරණයට පෙනී සිටිය අන්දම. එවිට ඔහු මනාප එකතු කරගත්තේ, ‘යුද ජයග‍්‍රහණයේ පියකු’ ලෙස පෙනී සිටිමින්. දැන් ඔහු නැවත තමන්ගේ ෆෙඩරල් භූමිකාව, පරණ භූමිකාව ර`ග දක්වන්න පටන් අරගෙන.
මේ ‘වාම සාම කල්ලිය’ අද හකීම් ඇමතිවරයාගේ පව් හෝදන්නත් පටන් අරගෙන. රාවුෆ් හකීම් ඇමතිවරයා කරුණු 261කින් සමන්විත වාර්තාවත් නවී පිල්ලේට ලබා දීලා රටට කළ හතුරුකම වසා දමන්න මේ පිරිස කටයුතු කරනවා. මේ සියලූ දෙනා ‘එක අත්තක කුරුල්ලෝ’ ලෙසයි අද මේ බටහිර අධිරාජ්‍යවාදී අරමුණට සහාය දෙන්නේ.
හකීම් ඇමතිවරයා කියනවා, තමන් ආණ්ඩුවේ ඉන්නේ 3/2ක් හදන්න කියලා. ඇත්ත කාරණය එහෙම නොවෙයි. ඔහු ආණ්ඩුවට ආවෙත්, ආවේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 5 දෙනෙක් ඔහුව අතහැර ආණ්ඩුවට එක්වන ලෙසයි. අද ආණ්ඩුවෙන් හකීම් ගියත්, සියලූ මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැහැ. මේ බෙදීම වළක්වාගන්න තමයි අද හකීම් ආණ්ඩුව ඇතුළේ ඉන්නේ.
අද ජවිපෙ නව නායකයා පවසනවා, ‘ආණ්ඩුවයි, අධිරාජ්‍යවාදයයි එකට තියලා පරදවන්න  ඕනෙ’ කියලා. ආණ්ඩුවට ගහන එකයි, අධිරාජ්‍යවාදයට ගහන එකයි, එකට කරන්නේ කොහොමද කියලා අපට නම් තේරෙන්නේ නැහැ. අද ජවිපෙ නායකයා කරන්නේ ආණ්ඩුවට ගහමින් බටහිර අධිරාජ්‍යවාදයේ උවමනාව ඉටුකර දීමයි. අද මේගොල්ලෝ අධිරාජ්‍යවාදයට ‘තොග ගාණට’ ‘කඬේ’ යනවා.
ආණ්ඩුවේ සිටියත්, විපක්‍ෂයේ සිටියත් අද මේ සියලූ දෙනා කරන්නේ බටහිර අධිරාජ්‍යවාදයේ අරමුණ වූ ‘ශ‍්‍රී ලංකාවට එරෙහි ඊනියා යුද අපරාධ චෝදනා පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කිරීමට’ සෘජුව හා වක‍්‍රව සහයෝගය දීමයි.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment