Translate

Translate

Tuesday, March 11, 2014

හීනා S.T.F වෙඩි ප්‍රහාරයෙන් මරුට
කොන්ත්‍රාත් මිනිස් ඝාතකයකු හා මංකොල්ලකරුවකු ද වන සුගත් චමින්ද නොහොත්  පාලන්කඩ හීන් මල්ලි නැමැත්තා අඟහරුවාදා (11) දහවල් විශේෂ කාර්ය බලකාය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත් විය.
පොලිස් අත්අඩංගුවේ සිටි මෙම සැකකරුවා සඟවා තිබෙන අවි ආයුධ පෙන්වීම සඳහා අද (11) පොලිස් කණ්ඩායමක් සමග ගමන් කරමින් සිටියදී රත්නපුර මහවල වත්ත ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය දෙසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.එම අවස්ථාවේ දී එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සැකකරුවා ජීවිතක්ෂයට පත් වී තිබේ.
මොහු විසින් කොන්ත්‍රාත් ක්‍රමයට මිනිස් ඝාතන 21 ක්ද, කොල්ලකෑම් 31 ක්ද සිදුකර තිබෙන බව පොලිසිය කියයි. පසුගිය මාසයේ දිනෙක රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයකු වන සුමිත් ගුණසේකර මහතා ඔහුගේ නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ද පාලන්කඩ හීනා විසින් බව රත්නපුර පොලිසිය කියයි.එම සිද්ධිය හා තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් හීනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කර‍ගෙන යමින් සිට ඇත.
ගයාන් කුමාර වීරසිංහ

No comments:

Post a Comment