Translate

Translate

Wednesday, February 12, 2014

'විපක්ෂයෙන් ඉදිරිපත් වීම නිසා අපට රංගන වාරණ'


අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 12 බදාදා - 12:27 GMT
'විපක්ෂයෙන් අවොතින් එයාට ඕනෑ තරම් කැපිලි කෙටිලි'
විපක්ෂයෙන් දේශපාලනයට පිවිසීම නිසා තමන් රඟපාමින් සිටි රූපවාහිනී නාට්‍යවලින් අසාධාරණ ලෙස ඉවත් කළ බවට රංගන ශිල්පීන් වන රවින්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම චෝදනා කරති.
මෙම රංගන ශිල්පීන් දෙදෙනා මෙවර බස්නාහිර පළාත් සභාවට තරඟ කරන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්.

තමන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම මෙම වැඩසටහන අත්හිටවීමට හේතු වී ඇතැයි රවින්ද්‍ර යසස් සංදේශයට කියා සිටියේය.ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ 'ඇන්ඩ් කොම්පැනි' දේශපාලන ප්‍රහසන මාලාව දේශපාලන බලපෑම් මත හදිසියේ ම නවතා දැමීමට එම නාලිකාව තීරණය කර තිබෙන බවයි එම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පි රවින්ද්‍ර යසස් පවසන්නේ.

'ඇන්ඩ් කොම්පැනි'

"ෂූටින් තියෙන දවසට කලින් දවසේ අපිට කතා කරලා කිව්වා'ඇන්ඩ් කොම්පැනි' නැවැත්තුවා කියලා, මම නිෂ්පාදක තුමාගෙන් ඇහුවා, එතුමා කිව්වා ඉහළින් මේ වැඩසටහන නවත්තන්න කියලා තියෙනවා කියලා... රජය පැත්තෙන් ආවොතින් ඒ අයට දෙන්න පුළුවන් හැම රුකුලක් ම දෙනවා, විපක්ෂයෙන් අවොතින් අන්න එයාට ඕනෑ තරම් කැපිලි කෙටිලි තියෙනවා," රවීන්ද්‍ර යසස් පැවසීය.
ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ ‘ඇන්ඩ් කොම්පැනි’ දේශපාලන ප්‍රහසන මාලාව
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තවත් අපේක්ෂකයෙකු වන රංගන ශිල්පී ජගත් බෙනරගම පවසන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන 'පබසරා' ටෙලි නාට්‍යයෙන්, දේශපාලන හේතු මත තමා ඉවත් කර ඇති බවයි.
"කොටස් 100 ක නාට්‍යයක කොටස් 30ක් රඟපාල තියෙද්දී එක්වරම මම නොදැනුවත්වම මගේ චරිතය මරා දමල, මම වෙනුවෙන් වෙනත් කෙනෙක් දාල තමයි ඒ මරා දැමුණු දර්ශනය අරගෙන තියෙන්නේ, මට ඒ ගැන කිව්වෙත් නැහැ, මේක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ බලධාරීන්," ජගත් බෙනරගම පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ධ මෙම කලාකරුවන් ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් චෝදනා නැගීම සාධාරණ නොවන බවයි රජයේ ජනමාධ්‍ය අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසන්නේ.

'අසාධාරණයක් නෑ'

"මේක ආණ්ඩුව හෝ ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කරන නාට්‍යයක් නම් අපිට මේ ගැන කතා කරන්න තිබුනා. මේක පෞද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරන නාට්‍යයක්. දැන් ඔය කියන සමහර වැඩසටහනුත් පෞද්ගලික ආයතන කරන ඒවා," යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය.
"රටම ඉල්ලන කලාකරුවන් හැම මාධ්‍යයකම වැඩ කරනවනේ. එච්චරම හයියක් නැති ඔහේ එල්ලිල ඉන්න අය තමන්ට මොකක් හරි අඩුපාඩුවක් උනාම ඒක ආණ්ඩුව පිටේ දානව"
ජනමාධ්‍ය අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර
ආණ්ඩුවට හිතවත් කලාකරුවන්ට ඇතැම් විට ආණ්ඩුවේ සහයෝගයක් හිමි වන බව මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පිළිගත් නමුත් ආණ්ඩුවට හිතවත් නොවන කිසිදු කලාකරුවෙකුට අසාධාරණයක් සිදු කර නැතැයි ද පැවසුවේය.
"රටම ඉල්ලන කලාකරුවන් හැම මාධ්‍යයකම වැඩ කරනවනේ. එච්චරම හයියක් නැති ඔහේ එල්ලිල ඉන්න අය තමන්ට මොකක් හරි අඩුපාඩුවක් උනාම ඒක ආණ්ඩුව පිටේ දානව. වැඩසටහනකට හොඳ ඉල්ලුමක් තියෙනව නම්, වෙළඳ දැන්වීම් තියෙනව නම්, ජනතාවගේ ප්‍රසාදය තියෙනව නම් ඒකෙ ඉන්න කලාකරුවන් කවදාවත් කැපෙන්නේ නැහැ," යන්න මන්ත්‍රීවරයාගේ තර්කයයි.
'ඇන්ඩ් කොම්පැනි' වැඩසටහන නැවැත්වීම පිළිබඳව ස්වර්ණවාහිනී ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර ගෙන් අදහස් විමසීමට ගත් උත්සාහය අසාර්ථක වූ අතර, ජගත් බෙනරගම ඉවත් කල බව පවසන 'පබසරා' නාට්‍යයේ අධ්‍යක්ෂ ජෝශප් පෙරේරා තමන්ට මේ සම්බන්ධයෙන් දුරකථන මාර්ග ඔස්සේ අදහස් ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටියේය.

No comments:

Post a Comment