Translate

Translate

Sunday, March 16, 2014

දේශපාලනඥයන් සම්බන්ධයෙන් රහස් වාර්තාවක් 
මත්කුඩු ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් සම්බන්ධයෙන් රහස් වාර්තාවක් ආරක්ෂක බුද්ධි අංශ විසින් බලධාරීන් අතට පත්කර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග අනාවරණය කළේය.එම දේශපාලනඥයන් අතර රජයේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන්ද සිටින බව සඳහන්ය. භයානක මත් පෙත්තක් මෙරටට ගෙන්වන දේශපාලනඥයකුගේ පුතෙක්ගැනද බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර තිබේ. මේ වනවිට විටින් විට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින්ද අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කෙරී ඇති විමර්ශනවලින්ද දේශපාලනඥයන් සමග ඔවුන්ට ඇති සම්බන්ධකම් අනාවරණය වී ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
 ගයාන් කුමාර වීරසිංහ

No comments:

Post a Comment