Translate

Translate

Friday, March 7, 2014

අලියාගේ මොළේ විදුලි වැට පරදයි

වගාබිම් වලට අලි ඇතුන් පැනීම වැළැක්වීමට ඉදිකර තිබූ විදුලි වැටෙන් දක්ෂ ලෙස පනින ඇතින්නක  ගත කිරීමට දකුණු අප්‍රිකාවේ ඡායාරූප ශිල්පියෙක් සමත් විය.
ඔහු එම ඡායාරූපයන් අන්තර්ජාලය වෙත එක්කර ඇති අතර ඒවා මේ දිනවල ඉතා ජනප්‍රියය.
අලි ඇතුන්ට අනෙක් සතුනට සාපේක්ෂව ඉහළ මතක තබා ගැනීමේ හැකියාවක් ඇති බව විශේෂඥයෝ කියති. මෙම ඇතින්න පළමු වර විදුලි වැටෙහි වැදී අමිහිරි අත්දැකීමක් ලබා ගන්නට ඇතැයිද නමුත් පසුව ඇය එයින් ගැලවී ගන්නේ කෙසේදැයි යන්න සොයාගන්නට ඇතැයිද ඔවුහු පවසති.
දකුණු අප්‍රිකාවේ බොහෝමයක් වනෝද්‍යාන වල සීමා ලකුණු කෙරෙන්නේ විදුලි වැට වලින් අතර ඒවායින් අලි ඇතුන් මෙන්ම අනෙක් වන ජීවීන් මිනිස් ජනාවාස වලට ඇතුළුවීම වළකයි.
නමුත් බළධාරීන් පවසන ආකාරයට අලි ඇතුන් දැන් වැට මගහැර යන ක්‍රම සොයාගෙන ඇති බවක් හදුනාගන්නට ඇති නිසා ඉදිරියේදී ඔවුන් ගම්වැදීම වැලැක්වීමට වෙනත් පියවර ගැනීමට සිදුවනු ඇතැයි කියයි.

No comments:

Post a Comment