Translate

Translate

Tuesday, March 25, 2014

ඇමැතිවරයා කෑම බීම දෙන බව වනජීවී නිලධාරීහු කියති

ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති
- ඇමැතිවරයා කෑම බීම දෙන බව වනජීවී නිලධාරීහු කියති



විල්පත්තුව වනෝද්‍යානයේ අනවසරයෙන් පිරිස්‌ පදිංචි වී සිටින අයුරු හා ඔවුන්ට ජලය සපයන අයුරු ඡායාරූපවලින් දැක්‌වේ.
සාලියවැව - සුබසිංහ බණ්‌ඩාර

මුස්‌ලිම් ජාතික ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසක්‌ නීති විරෝධි අයුරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් උතුරු විල්පත්තුව මොල්ලිකුලම ප්‍රදේශයට ඇතුල් වී එහි බලහත්කාරයෙන් පදිංචි වී ඇතැයි වනජීවී අංශ පවසයි.

මෙසේ පදිංචි වී සිටින්නේ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ එක්‌තරා ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසකි. මේ වන විට පවුල් 150 කට අයත් 250 ත් 300 ත් අතර පිරිසක්‌ වනෝද්‍යාන රක්‍ෂිතය ඩෝසර් කොට තාවකාලික කූඩාරම් ගසා පදිංචි වී සිටිති.

මෙසේ පදිංචි වී සිටින පිරිසට අවශ්‍ය ආහාර හා ජලය මෙම ඇමැති වරයා රජයේ වාහන යොදාගෙන සපයන බව වනජීවී අංශ පවසයි. මෙසේ රැඳී සිටින පිරිස්‌ පවසන්නේ පසුගිය යුද සමයටත් පෙර සිට තමන් මොල්ලිකුලම ප්‍රදේශයේ පදිංචි වී සිටි බවත් යුද්ධය හේතුවෙන් තමන් මෙම ප්‍රදෙAශය හැර ගියත් යුද්ධය නිමා වී ඇති වාතාවරණයක්‌ තුළ තමන්ට මෙම ප්‍රදේශය යළි ලබා දිය යුතු බවත් ය.

එහෙත් මේ පිළිබඳ අප වෙත කරුණු අනාවරණය කළ වනජීවි අංශ පෙන්වා දුන්නේ අපේ රටේ

ඉපැරැණි ශිෂ්ටාචාරයට අයත් (වසර 30000 ටත් එහා) නෂ්ඨාවශේෂ විල්පත්තුව තුළ තැන්පත්ව ඇති අතර එවන් තත්ත්වයක්‌ තුළ ජන කණ්‌ඩායම් පැමිණ අයිතිවාසිකම් කීවොත් එම ශිෂ්ටාචාරය විනාශ වන බවත් ය.

මේ වටිනාකම තේරුම්ගත් නිසා සුදු පාලකයන්ගේ කාලයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය, ජාතික වනෝද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ බව පෙන්වා දෙන වනජීවී අංශ වැඩිදුරටත් පවසා සිටියේ මේ නිසා මෙම ජාතික උරුමය ජන කණ්‌ඩායමකට හෝ ජන කණ්‌ඩායම් කිහිපයකට පමණක්‌ අයිති එකක්‌ නොව සමස්‌ත රටේ අනාගත පුරවැසියා සතු මිල කළ නොහැකි සම්පතක්‌ බවයි.

රජය මේ සම්බන්ධ වහා අවධානය යොමු කළ යුතුව ඇතැයි වනජීවි අංශ වැඩිදුරටත් අවධාරණය කළේය.

No comments:

Post a Comment