Translate

Translate

Sunday, March 16, 2014

විමල්ගෙ විඩුලි බිල

විදුලිබල මණ්ඩල ගිණුම් අංක 0794096840 යටතේ අමාත්‍ය විමල් වීරවංශ මහතා භාවිත කරන අංක ඊ13රැු6 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 ලිපිනයට අයත් නිල නිවසේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා විදුලි බිල ලෙස රුපියල් 1,18,176.80ක මුදලක් සටහන් වී ඇත. එම මාසය සඳහා විදුලි ඒකක 2091ක් භාවිත කර ඇති අතර එම මාසය සඳහා ගෙවිය යුතු මුළු මුදල ලෙස රුපියල් 1,43,870යි ශත 44ක මුදලක් විදුලි බිල්පතේ සඳහන්ව ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග තහවුරු කරන අන්දමට පසුගිය ජනවාරි මාසය සඳහාද අමාත්‍යවරයාගේ නිල නිවාසයේ විදුලි බිල රුපියල් 1,33,000ක් ලෙස සටහන්ව ඇති අතර විදුලි ඒකක 2300ක් එම මාසයේදී භාවිත කර ඇත. පෙබරවාරි මාසය සඳහා විදුලි ඒකක 2071ක් භාවිත කර ඇති අතර ඒ සඳහා රුපියල් 1,16,000ක බිල්පතක් සටහන් වී ඇත.
Wimal
ජනවාරි මස 18 වැනිදා අමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශය විසින් රුපියල් 1,42,000ක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ගෙවා ඇති අතර හිඟ මුදල් ලෙස රුපියල් 25,693යි ශත 64ක මුදලක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.
මේ පිළිබඳව කළ විමසීමකදී ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශ ලේකම් පී.එච්.එල්.ඩබ්ලියු. පෙරේරා මහතා පැවසුවේ විදුලි බිල්පතේ මුදල පිළිබඳව තමන් නොදන්නා නමුත්, අමාත්‍යවරයාට අයත් නිල නිවාසයේ විදුලි බිල, ජල බිල ආදී බිල්පත් තම අමාත්‍යාංශයෙන් ගෙවා දමන බවත්, ඒ සඳහා නිශ්චිත මුදලක් වෙන්කර නොමැති බවත්, මුළු මුදලම තම අමාත්‍යාංශයෙන් ගෙවන බවත්ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවැනි නිල නිවාස විශාල ඒවා බැවින් වායසුමීකරණ, විශාල විදුලි බුබුළු ආදිය ඇති හෙයින් විශාල විදුලි බිලක් ලැබෙනු ඇති බවත්ය.
-

No comments:

Post a Comment