Translate

Translate

Wednesday, March 12, 2014

අතුරුදහන් ගුවන් යානය චන්ද්‍රිකා සහයෝගයෙන් සොයාදෙන්න ඔබටත් අවස්ථාවක්


පසුගිය සෙනසුරාදා දිනයේ ක්වාලාලම්පූර් නගරයේ සිට චීනයේ බෙයිජිං අගනුවර බලා ගමන් කරමින් තිබියදී අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය හෝ එහි සුන්බුන් සොයාගැනීම සඳහා ලෝ ප‍්‍රකට චන්ද්‍රිකා සේවා සපයන ආයතනයක් ලෝ වැසි සියල්ලන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙයි.
ඒ සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් ලියාපදිංචි වී චන්ද්‍රිකා සහයෝගයෙන් ඊට සහාය දැක්විය හැක.
වියට්නායම සහ මැලේසියානු මුහුදු සීමාවන් වලදී මෙය අතුරුදහන් වූ බවට මුලින් අදහස් පල වුවද දැන් පලවන වාර්තා අනුව පැවසෙන්නේ මෙම යානය අතුරුදහන් වූ සීමාව ඊට වඩා විශාල විය හැකි බවයි.

No comments:

Post a Comment