Translate

Translate

Monday, April 28, 2014

සෙරෙප්පු දාගෙන පාසල් ආවා කියා ගුරුවරිය සිසුවියගේ බෙල්ලේ සෙරෙප්පු එල්ලයි

විශේෂ වාර්තාකරුවකු විසිනි

සපත්තු දෙකක්‌ මිලදී ගැනීමට මුදල් නොමැති නිසා සෙරෙප්පු දෙකක්‌ පැළැඳ පාසල් ගිය දැරියගේ බෙල්ලේ එම සෙරෙප්පු දෙක ගැට ගසා එල්ලා අමානුෂික දඬුවමක්‌ ලබාදුන් ගුරුවරියක පිළිබඳ පුවතක්‌ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

තම දියණියට ලබාදුන් අමානුෂික දඬුවම පිළිබඳව දැරියගේ මව සේරුනුවර පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සේරුනුවර පොලිස්‌ ස්‌ථානාධිපති එම්. බී. වීරරත්න මහතා මෙම දැරියට සපත්තු දෙකක්‌ ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම දැරිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාසලක පස්‌වැනි වසරේ ඉගෙනුම ලබන බව පොලිසිය පවසයි.

දැරියගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලා ඉගෙනීම් කටයුතු කරගෙන යන ලෙස ගුරුවරිය දැරියට පවසා ඇත. විවේක කාලයේදී දැරියගේ මව ඇයට දිවා කෑමවේල ගෙනආ අවස්‌ථාවේදී මෙම සිදුවීම සියෑසින්ම දැක ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.

පියාද නොමැති මෙම දැරිවියගේ මවට තවත් දරුවන් තිදෙනකු සිටින අතර ඇය සේරුනුවර සුමේධංකරපුර ප්‍රදේශයේ සුළු වෙළෙ¹මක්‌ කරගෙන යමින් මෙම දරුවන් පෝෂණය කරන බවද පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳ මෙම අමානුෂික දඬුවම ලබාදුන් ගුරුවරිය පොලිසියට පවසා ඇත්තේ පාසලේ විනය රැකගැනීම සඳහා මෙම දඬුවම ලබාදුන් බවයි. මෙම ගුරුවරියද දරුවන් සිටින මවකි.

බිරිය රු. ලක්‍ෂ 20ක්‌ දී සැමියා ඝාතනය කරවයි

බිරිය රු. ලක්‍ෂ 20ක්‌ දී සැමියා ඝාතනය කරවයි 
තරුණ බිරිඳ සහ හමුදා සෙබළු රිමාන්ඩ්


අර්වින් රෝයි සිල්වා - වැල්ලව

රුපියල් විසිලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක්‌ දී තම විවාහක සැමියාගේ ගෙල කපා ඝාතනය කරවූ වැල්ලව තරුණ කාන්තාවක හා අපරාධ කළ යුද හමුදා සෙබළුන් තිදෙනකු පෙරේදා (26 වැනිදා) කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

වැල්ලව නෙලියාව ග්‍රාමයේදී ඉකුත් මාර්තු 08 වැනි දින මෙසේ කෲර ලෙස ඝාතනය කර තිබුණේ ඉඩම් හිමි වැවිලිකරුවකු වූ කෝරළගේ ජනක ප්‍රියන්ත නමැති තිස්‌හත් හැවිරිදි එක්‌දරු පියෙකි.

ඝාතනයට ලක්‌වූ පුද්ගලයා තම විවාහක බිරිඳ සමග අමනාපව නිවසේ තනිවම ජීවත්ව සිට ඇත. විදේශගතවී සිට පැමිණි බිරිඳ ඔහු සතු අක්‌කර ගණනාවක පොල් ඉඩම විකුණන ලෙස ඉල්ලා ඇතත් ස්‌වාමිපුරුෂයා ඊට අකමැති වී තිබේ. මේ නිසා තම ඥති පුත්‍රයකු වන හමුදා සෙබළකු මාර්ගයෙන් දැන හඳුනාගත් කොකාවිල් හමුදා කඳවුරේ සෙබළු දෙදෙනකු ලවා සැමියා ඝාතනය කරවූ බවට අත්අඩංගුවට පත් කාන්තාව පාපොච්චාරණය කර ඇත.

හමුදා සේවයේ නිරතව සිටි රාජාංගනයේ කින්සි සඳරුවන්, දෙයියන්දර නිශාන්ත මධුසංක, කන්තලේ සජිත් ප්‍රසන්ග යන සෙබළුන් තිදෙනා සමග ඝාතනයට ලක්‌වූ පුද්ගලයාගේ විවාහක බිරිඳ වන නදීශා සරෝජනී නමැත්තිය වැල්ලව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

වැල්ලව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අනුර ගුණවර්ධන, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සමරසිංහ, පොලිස්‌ පරීක්‍ෂක උදාර, (12515) සැරයන් රන්දුල, (10978) සැරයන් මද්දුම බණ්‌ඩාර යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

තවුෆික් ජමාත් සංවිධානය බුදුන්ටත්, මහ රහතුන්ටත් අපහාස කරයි

සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා තවුෆික් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුර් රාසික් රෆික්දීන් විසින් බුදු දහමට අපහාස කිරීම, බෞද්ධ ධර්ම කාරණා පිළිබඳ වැරදි අර්ථ කථන සැපයීම, බුදුන් වහන්සේට අපහාස කිරීම හා සිංහල බෞද්ධයාට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස සිංහල රාවය සංවිධානය විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
මෙම පුද්ගලයා මාධ්‍ය හමුවක් පවත්වමින් බුදුන් වහන්සේටද මහා සංඝ රත්නයටද රහතන් වහන්සේලාට හා බෞද්ධ ජනතාවට ද අපහාස කර ජාතිවාදය අවුස්සමින් ජනතාව කුපිත කිරීමට පටන් ගෙන ඇතැයි සිංහල රාවය සංවිධානයේ ජාතික සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමියෝ කීහ.
තවුෆික් ජමාත් සංවිධානය බුදුන්ටත්, මහ රහතුන්ටත් අපහාස කරයි

මං බොදු බල සේනාවට බය නෑ.. – බැසිල්

බොදුබල සේනා සංවිධානයට තමා කිසි ලෙසකින්වත් බිය නැතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
රජයේ වගකීමක් වන ඉඩම් නැතිව අවතැන් වූ මුස්ලිම් ජනතාවට ඉඩම් ලබාදී නැවත පදිංචි කිරීමට තමන් බැදී සිටින බවත් සඳහන් කරයි.
මේ ආකාරයටම අවතැන් වූ දෙමළ ජනතාවටද ඉඩම් ලබාදී ඔවුන් යළි පදිංචි කරවූ බවද ඇමතිවරාය කියා සිටී.
‘යුද්ධය නිසා අවතැන් වූ සිංහල, මුස්ලිම්, දෙමළ සියලූම ජනකොටස් වලට අයත් වූවන් හට නැවත ඉඩම් ලබාදී පදිංචි කිරීම සිදු වෙනවා. මේ ජනතාවටත් කොහෙන් හෝ ඉඩම් ලබාදී පදිංචි කළ යුතුයි. එයාලත් මේ රටේ අය. මින් පෙරත් විවිධ ස්ථානවලින් ඉඩම් ලබාගෙන අවතැන් වූවන් පදිංචි කළා. ඔය ස්ථානයේ පාරෙන් එහා පැත්තේ හමුදා කදවුරක් තියෙනවා. බොදු බල සේනාව කියන්නේ ඒකත් ඉවත් කරන්න කියලද?’ යැයිද බැසිල් රාජපක්ෂ දැඩිව ප‍්‍රශ්මං බොදු බල සේනාවට බය නෑ.. – බැසිල්ණ කරයි.

කැසිනෝ ඕනෑමයි.. නැතොත් මම එන්නේ නෑ – ජෙම්ස් පැකර්

කැසිනෝ  ඕනෑමයි.. නැතොත් මම එන්නේ නෑ – ජෙම්ස් පැකර්පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට කැසිනෝ පිහිටුවීම යන්න පැහැදිලිව ඇතුළත් නොකරන්නේ නම් තමන් ශ‍්‍රී ලංකාවේ තරු පහේ හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට ගත් තීරණය අවලංගු කරන බව  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන කැසිනෝ රජු ලෙස හදුන්වන ජේම්ස් පැකර් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ජේම්ස් පැකර් මෙරට ආයෝජන ප‍්‍රවර්ධන ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමග පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 400කට අධික දැවැන්ත ආයෝජනයක් ඒ වෙනුවෙන් මෙරට සිදු කිරීමට ගිවිසුමක් අස්සන් කර ඇත.
යෝජිත සුපිරි හෝටල් සංකීර්ණයේ කැසිනෝ ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට 25දා සම්මත කරන ලද පනතෙහි කැසිනෝ යන්න සදහන් නොවේ.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේම ජේම්ස් පැකර් තමන්ගේ නියෝජිතයෙකු හරහා ආණ්ඩුවට දැනුම්දී ඇත්තේ කැසිනෝ යන්න නිශ්චිතව සදහන් නොකරන්නේ නම් තමන්ගේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනය මෙරට ඇති නොකරන බවයි.

බොදු බල සේනාව අරක්කු බොන, ක‍්‍රිකට් ගහන, ඩාන්ස් කරන වීඩියෝවක් මගේ ළඟ තියෙනවා

බොදු බල සේනාව අරක්කු බොන, ක‍්‍රිකට් ගහන, ඩාන්ස් කරන වීඩියෝවක් මගේ ළඟ තියෙනවාජාතික බලසේනාවේ මහ ලේකම් මහියංගන ප්‍රාදේශීය සභාවේ (එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ) මන්ත්‍රී වටරැක විජිත හිමියෝ මාධ්‍යයට මේ දිනවල හොඳ ප්‍රවෘත්ති මවන්නෙකි.
වටරැක විජිත හිමියෝ ඉකුත් සතියේ අපූරු රංගනයක යෙදුණු ආකාරය අපි මාධ්‍ය ඔස්‌සේ දුටුවෙමු. පොලිස්‌ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව උන්වහන්සේ දිවගිය ආකාරය ටෙලි නාට්‍ය දර්ශනයක්‌ බඳුය.
එදා පොලිස්‌ නිලධාරීන් නොසිටියේ නම් වටරැක විජිත හිමියෝ ගැන අපට අසන්නට ලැබෙන්නේ වෙනත් කතාවකි.
වටරැක විජිත හිමියෝ දුරකථනයට සම්බන්ධ කර ගැනීම සඳහා ඉකුත් බ්‍රහස්‌පතින්දා මම සෑහෙන වෙහෙසක්‌ ගතිමි. මා මෙන්ම වෙනත් මාධ්‍යවේදීන්ද මෙම උත්සාහය දරන්නට ඇත.
වටරැක විජිත හිමියන්ට මම කතා කළෙමි.
ප්‍රශ්නය- කොහොමද සැප… සනීප.. දැන් ඔබ වහන්සේ මොකද කරන්නේ.
පිළිතුර- මම තැනින් තැන ඉන්නවා මට කියලා එක තැනක්‌ නැහැ. මාව මරන්න ඉන්නවා.
ප්‍රශ්න- එදාත් ඔබව මරන්නද හැදුවේ…
පිළිතුර- ඇත්ත වශයෙන්ම වෙන්න පුළුවන්. පොලිසියේ මහත්වරු නැතිනම් මම ඉවරයි.
ප්‍රශ්නය- ඇයි ඒ අය ඔබවහන්සේ සමග මෙපමණ වෛර…
පිළිතුර- ඒගොල්ලන්ගේ හොඳ වීඩියෝ පටයක්‌ මා ළඟ තිබෙනවා. විල්පත්තුව අභය භූමියේ කරපු වැඩක්‌. හැබැයි ඒ වීඩියෝ පටය මාව කපලා කපලා ගඟට මුහුදට දැම්මත් මම ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ.
ප්‍රශ්නය- එවැනි වීඩියෝ පටයක්‌ තිබෙනවානම් පොලිසියට හරි රජය පිළිගත් කෙනෙකුට බාර දුන්නානම් ඒක හොඳ සාක්‌කියක්‌ වෙන්න පුළුවන්.
පිළිතුර- අපොයි නැහැ. වීඩියෝ පටය කාටවත් දෙන්නේ නැහැ.
ප්‍රශ්නය- එදා මහියංගන ප්‍රාදේශීය සභාවට යද්දී ඇතිවූ තත්ත්වය ගැන ඔබට මොකද හිතුණේ.
පිළිතුර- මොනවද ඉතින් මට ඒ මොහොතේ මරණ බිය ඇති වුණා. මම තව සුළු මොහොතකින් මැරෙයි කියලා මම හිතුවා. වාසනාවට පොලිසිය මට ආරක්‍ෂාව දුන්නා. මට තියෙන මරණ තර්ජන ගැන මම ජනාධිපතිතුමාටත් කිව්වා. එතුමා ඊට සුදුස්‌සක්‌ කරයි.
බොදුබල සේනාව මට සෑහෙන කාලයක්‌ තිස්‌සේ අරියාදු කරනවා. මා ගැන ආරංචිවෙලා එංගලන්තය, ඇමරිකාව සහ කැනඩාවෙන් මට එහේ එන්න කියලා ආරාධනා ලැබෙනවා. ඒ වගේම පිටරට මාධ්‍යවලින් පවා කතා කරනවා. මම උපන් රට දාලා යන්නේ නැහැ. ඒක ස්‌ථිරයි.
ප්‍රශ්නය- ඔබ වහන්සේ පාර්ලිමේන්තුවට එන්න අදහසක්‌ තියෙනවාද?
පිළිතුර- අපොයි නැහැ. මේ කරන ටික හොඳටම ඇති. මගේ සංවිධානය ගැන දැනගෙන විශාල බහුතරයක්‌ මට ඉන්නවා. බොදුබල සේනාව දැන් බයවෙලා ඉන්නේ. එයාලට මෙච්චර පිරිසක්‌ එකතු වන්නේ නැහැ. සෑම ජාතියක්‌ම, සෑම පූජකයෙකුම වාගේ මගේ සංවිධානයට බැඳෙන්න ලෑස්‌තිවෙලා ඉන්නේ. ජාතික සමගියක්‌ අපි ගොඩනැඟිය යුතුයි.
බොදුබල සේනාවෙ වගේ අපි ආගම් විරෝධී, ජාති විරෝධී වැඩ කරන්නේ නැහැ. මගේ ජීවිතයට මරණ තර්ජන තිබෙනවා. මම පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. පොලිසිය දැන් ලොකු පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යනවා.
මම මොහොමඩ් විජිත කියලා…. මෙහේ මඩ පෝස්‌ටර් ගහලා තියෙනවා. පොදු වැඩක්‌ කරනකොට මඩ ලැබෙනවා. ඒකට ප්‍රශ්නයක්‌ නැහැ.
බොදුබල සේනාවට විරුද්ධව පැමිණිලි 12 ක්‌ විතර දාලා තියෙනවා. බොදුබල සේනාව පිරිහෙන ලකුණු දැන් පෙනෙන්නට තිබෙනවා. මාව කපලා කොටලා දානවා කියලා කියනවා. ඔය මුස්‌ලිම් නායකවරු මට හරිම හිතවත්. අලවි මව්ලාන මහත්මයා, අසාද් සාලී මහත්මයා මා ගැන හුඟාක්‌ දුක්‌වුණා. ඔවුන් සෑම මොහොතකම මා සමඟ ඉන්නවා.
මේ දවස්‌වල මගේ කන්දෙක හොඳටම රිදෙනවා. ඒකට හේතුව මාධ්‍ය දුරකථනවලින් අහන ප්‍රශ්නවලට පිළිතුරු දීලා ඉවරයක්‌ නැහැ.
අපි බුදුදහම අනුව ජීවත් විය යුතුයි. වෛරය, ක්‍රෝධය නැහැ. ඒ හින්දා තමයි මම අර වීඩියෝ පටය එළියට දාන්නේ නැත්තේ.
ප්‍රශ්නය- මොනවද ඒ වීඩියෝ පටයේ තියෙන්නේ.
පිළිතුර- වාහන උඩ තියාගෙන අරක්‌කු බොන හැටි, ක්‍රිකට්‌ ගහන හැටි, නටන හැටි ඒ වීඩියෝ පටවල තිබෙනවා.
හැබැයි සත්‍ය ජයගන්නවා. ජාතික බලසේනාව ළඟදීම තවත් ජනප්‍රිය වෙනවා. එතකොට ඔය බොදුබල සේනාව දකින්නට ලැබෙන්නේ නැහැ. මහියංගන රොටවෙල පන්සලට ඇවිත් මාව හොයලා මට මරණ තර්ජන කරලා ගිහින් තියෙනවා. මම ඒ පන්සලටත් පොලිස්‌ ආරක්‍ෂාව ඉල්ලුවා. මටත් පොලිස්‌ ආරක්‍ෂාව ලැබිලා තියෙනවා.
මම ආයෙත් කියනවා. මට ස්‌ථිර වශයෙන්ම ඉන්න තැනක්‌ නැහැ. මම දැන් තැනින් තැන ජීවත් වෙනවා. මරණ බිය… කියමින් උන්වහන්සේ කතාව අවසන් කළේය.
නෝමන් පළිහවඩන

Bodu Bala Sena Company (PVT LTD) – බොදු බල සේනාව පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කෙරේ

Bodu Bala Sena Company (PVT LTD) – බොදු බල සේනාව පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කෙරේබොදු බල සේනා සංවිධානය, පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට සමාගම්  මැදුර වෙත අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් එම සංවිධානය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම ගැටලුසහගත බැවින් සමාගම් මැදුර ඒ පිළිබදව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොදු බල සේනා අණ දෙන නිලධාරී ඩිලන්ත විතානගේ මහතා සඳහන් කරන්නේ එවැනි ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ බව සත්‍යයක් බවත් බැංකු කටයුතු සිදු කිරීමේ පහසුව සදහා එවැනි තීණයක් ගත් බවත්ය.
ඒ අනුව ඉදිරියේදී ගොඩනැගෙන බොදු බල සේනා පුද්ගලික සමාගම වෙනුවෙන් සභාපති වරයෙක් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කෙරෙනු ඇත.

Friday, April 25, 2014

හෝටල් විතරයි.. කැසිනෝ නෑ.. මං සහතික වෙනවා – ජනපති

හෝටල් විතරයි.. කැසිනෝ නෑ.. මං සහතික වෙනවා – ජනපති

හෝටල් විතරයි.. කැසිනෝ නෑ.. මං සහතික වෙනවා – ජනපතිපාර්ලිමේන්තු විවාදය සඳහා ඉදිරිපත් කර ඇති ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ යෝජිත හෝටල් සංකීර්ණයෙහි කැසිනෝ කී‍්‍රඩා සදහා අවසර දීමක් සිදු කර නැතැයි තමා සහතික වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.
‘අලූත් හෝටලයේ කැසිනෝ නැහැ. අනෙක් හෝටල් වලට දීලා තියෙන අවස්ථාවන් තමයි මේ හෝටල් වලටත් දීලා තිබෙන්නේ. මේකේ කැසිනෝ නැහැ. නිවුස් නැති අය එතනට ගිහින් කෑ ගහනවා. ඇත්ත කතාව නම් මෙහි කැසිනෝ නැත කියන එකයි. අනෙක කැසිනෝ ගෙනාවේ අපි නෙවෙයි. ඉස්සර ඉදලම කැසිනෝ තිබුණා.ඒවා අමතක කරන්න එපා’ යැයිද ඒ මහතා එහිදී කීය.

පනත සම්මතයි.. රතන හිමි විරුද්ධයි.. විමල් වර්ජනය කරයි..

පනත සම්මතයි.. රතන හිමි විරුද්ධයි.. විමල් වර්ජනය කරයි..

පනත සම්මතයි.. රතන හිමි විරුද්ධයි.. විමල් වර්ජනය කරයි..පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ වූ කැසිනෝ නොමැතිව හෝටල් සංකීර්ණ ඉදිකිරීම වෙනුවෙන් වූ එක් ගැසට් පත‍්‍රයක් වැඩි ඡන්ද 71 න් සම්මත විය.
ඒ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 113ද විපක්ෂව ඡන්ද 42ක්ද ලැබිනි.
ජාතික හෙළ උරුම පක්ෂයේ අතුරලියේ රතන හිමි පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල අතර එම පක්‍ෂයේ ඇමති චම්පික රණවක සහ ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිසම් කොන්ග්‍රසය ඡන්ද විමසීම වර්ජනය කර තිබිණ.

කවුද මේ නාථ දෙවිඳු…

කවුද මේ නාථ දෙවිඳු…දෙව්ලොව ගත් කල විවිධ විවිධ වූ දිව්‍ය මණ්ඩලයන් ඇත. ඒ ඒ අවස්තාවන් හි එක්ව පින් කල සත්පුරුෂයෝ බොහෝ විට එක්වම උපදී. එසේ උපන් කල්හි ඔවුනොවුන් වෙන වෙනම විමාන වල වාසය කලේද එකම දිව්ය මණ්ඩලයක් වේ. එසේ වූ දිව්‍ය මණ්ඩල අතර සම්‍යක්දෘෂ්ටික දෙව් මණ්ඩල වෙනමද මිත්‍යාදෘෂ්ටික දෙව් මණ්ඩල වෙනමද වාසය කරයි.
එහි සම්‍යක්දෘෂ්ටික දෙව් මණ්ඩල අතර ප‍්‍රධාන තැන ගනු ලබන්නේ නාථ දෙව් මණ්ඩලයයි. ඒ උන් වහන්සේ මතු බුදුවීමට සිටින පාරමිතා සම්පූර්ණ කල උතුමන් වීමයි. එනම් උන්වහන්සේට වඩා අධ්‍යාත්මික අතින් බලවත් අන් ප‍්‍රබල දෙවියකු නැත.
මෙසේ වූ දෙව්මණ්ඩල අතරේ මිත්‍යාදෘෂ්ටික දෙවියන් මාර දිව්ය පුත‍්‍රයාට පාක්ෂික වෙයි. ඔවුන් ඒ වසවත් මරුගේ සහය ගෙන බුදු දහම වැනසීමට නොයෙක් ක‍්‍රමෝපායන් යොදයි. අධිපතීන් අතර මාරයා හා සමාන අධිපතියකු නොමැති බැවින් ඔහුගේ පක්ෂය වූ අධර්මය, කාල විපත් වලදී අතිශය ප‍්‍රබල වේ. එකල්හි ධර්මය යට යයි. එසේම මිත්‍යාදෘෂ්ටික වූ සියල්ලෝම ඔහුගේ වසඟයේ සිටියි. බෞද්ධ වුවද පලයකට පත් නොවන තාක් ඔහුගේ වසඟය පවතී.
වත්මනෙහිදී ඔහු ඔහුගේ බලය යොදා බුදු දහම වැනසීමට සියලු ප‍්‍රයත්න යොදා ඇත. ලොව සියලු රටවල් පාහේ ලංකාවට සතුරුකම් කරන්නේ ඒ බලපෑමට යටත්වය. (අභ්‍යන්තර යතාර්ථය එයයි.) එහිදී නාථ දෙවියන් ප‍්‍රධාන සම්‍යක්දෘෂ්ටික දිව්‍යමණ්ඩලය බුදු දහම රැකගැනීමට කල යුතු කටයුතු සිදුකරමින් සිටී. එසේ වුවද බුදු දහම රැකීම දෙවියන්ට සෘජුව කල නොහැකි බැවින් එයට යම් කාලයක් ගත වන්නේ වෙයි. එහිදී වගකීම් භාරගෙන මනුලොවට පැමිණ සිටින පිරිසක් සිටින අතර ඔවුන් ක‍්‍රමයෙන් අධ්‍යාත්මික ශක්තිමත් වෙමින් තමා බාරගත් කටයුතු සිදු කරයි.
එසේ කටයුතු කරන අතර ඔවුන්ට සහය පල කිරීමට වෙනම පිරිසක් දෙව්ලොව සිටී. (ඔවුන් සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස හැඳින්විය හැක.) ඔවුන් කාලෙන් කාලෙට කල යුත්ත නොකළ යුත්ත දක්වමින් සහය වෙයි. එසේ කටයුතු කලේද ඔවුන්ට කල හැක්කේ සීමා සහිත වැඩ කොටසකි. ඒ ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්ති ප‍්‍රමාණය මතයි. එසේ විවිධ අංශ තුලින් ඔවුන් ඉදිරියට පැමිණේ.
අවසාන වශයෙන් ස්ථාවර විසඳුම සදහා ඒ සියල්ලෝම එකට එක්විය යුතුය. එය ඔවුන්ට සුදුසු කල්හිදී වැටහෙනු ඇත. එසේ සියලු ධර්මානුකූල පාර්ශවයන් එකට එක් වූ විට බිඳිය නොහැකි අධ්‍යාත්මික බලයක් ගොඩ නැගෙන්නේය. එය හරහා වත්මනෙහි ලොව ඇති අධර්මයට එදිරිව ධර්මය පැමිණීම සිදුවනු නියතය. එය දන්නෝ දනිති. ඒ දන්නෝ කල යුත්තේ නිහඬව තම අධ්‍යාත්මය දියුණු කිරීම පමණි.
- වැල්ලවායේ සුමනබෝධි හිමි

හම්බන්තොට නගරාධිපති සෙල්ලම් පිස්තෝල දහසක් රැගෙන මැයි පෙලපාලියට

හම්බන්තොට නගරාධිපති සෙල්ලම් පිස්තෝල දහසක් රැගෙන මැයි පෙලපාලියටහම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සෙල්ලම් පිස්තෝල දහසක් රැගෙන සිය පාක්ෂිකයන් සමග මෙවර මැයි දින රැළියට සහභාගි වන බව පවසයි.
ඉකුත් 17 වැනිදා හම්බන්තොට වරාය බැලීමට ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට මැරයන් විසින් තර්ජනය කොට පහර දුන්නැයි කියන සිද්ධියේ දී එරාජ් ප්‍රනාන්දු මහතා පිස්තෝලයකුත් රැගෙන දිව එන දර්ශනයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා අනාවරණය කෙරිණ. 
මෙම පිස්තෝලය, සෙල්ලම් පිස්තෝලයක් බව එරාජ් ප්‍රනාන්දු මහතා පසුව පැවසුවේය. මෙම පිස්තෝල සිද්ධිය ගැන වරින්වර ජනමාධ්‍ය මගින් තමන්ගෙන් ප්‍රශ්න කරන බව පවසන හම්බන්තොට නගරාධිපතිවරයා සෙල්ලම් පිස්තෝලරැගෙන ඕනෑම තැනකට යාමට කිසිවෙක්ට නීතියෙන් බාධාවක් නැතැයි කියයි. එබැවින් මෙවර කොළඹ දී පැවැත්වෙන එජනිස මැයි දින පෙළපාලියේ තමන්ගේ ආධාර කරුවන් දහසකට සෙල්ලම් පිස්තෝල ලබා දී පෙළපාලියේ ගමන් කරන්නට සලස්වන බව නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පවසයි. 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේ හම්බන්තොට නගරාධිපතිවරයා අත තිබුණේ සෙල්ලම් පිස්තෝලයක් නොවන බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි. 
කෙසේ වෙතත් සෙල්ලම් පිස්තෝලයකින් වූවත් මරණ බිය තව අයකුට ඇති වුවහොත් එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි අපරාධයක් යැයි අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.
- ලක්බිම

මං බොදු බල සේනාවට බය නෑ.. – බැසිල්

මං බොදු බල සේනාවට බය නෑ.. – බැසිල්බොදුබල සේනා සංවිධානයට තමා කිසි ලෙසකින්වත් බිය නැතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
රජයේ වගකීමක් වන ඉඩම් නැතිව අවතැන් වූ මුස්ලිම් ජනතාවට ඉඩම් ලබාදී නැවත පදිංචි කිරීමට තමන් බැදී සිටින බවත් සඳහන් කරයි.
මේ ආකාරයටම අවතැන් වූ දෙමළ ජනතාවටද ඉඩම් ලබාදී ඔවුන් යළි පදිංචි කරවූ බවද ඇමතිවරාය කියා සිටී.
‘යුද්ධය නිසා අවතැන් වූ සිංහල, මුස්ලිම්, දෙමළ සියලූම ජනකොටස් වලට අයත් වූවන් හට නැවත ඉඩම් ලබාදී පදිංචි කිරීම සිදු වෙනවා. මේ ජනතාවටත් කොහෙන් හෝ ඉඩම් ලබාදී පදිංචි කළ යුතුයි. එයාලත් මේ රටේ අය. මින් පෙරත් විවිධ ස්ථානවලින් ඉඩම් ලබාගෙන අවතැන් වූවන් පදිංචි කළා. ඔය ස්ථානයේ පාරෙන් එහා පැත්තේ හමුදා කදවුරක් තියෙනවා. බොදු බල සේනාව කියන්නේ ඒකත් ඉවත් කරන්න කියලද?’ යැයිද බැසිල් රාජපක්ෂ දැඩිව ප‍්‍රශ්ණ කරයි.

Wednesday, April 23, 2014

ප්‍රදේශ රැසකට වැසි සුළං හා අකුණු

තුෂාරී කළුබෝවිල

දිවයින ආශ්‍රිතව හටගෙන ඇති කැළඹිලි ස්‌වභාවය තවදුරටත් පවතින බැවින් අද (24 වැනිදා) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ කීපයක වැසි, සුළං හා අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා දිවයින ට පැවැසීය.විශේෂයෙන් ම ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්‌වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල දවසේ ඕනෑම වේලාවකදීත් වැසි, සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බව ඒ මහතා කීවේය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි හා ඇතැම් ස්‌ථානවල තරමක තද සුළං ද ඇති විය හැකි යෑයි හෙතෙම පැවැසීය.

තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි ආපදා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජයසේකර මහතා අනතුරු ඇඟවීය.

මොරටුව බැංකුව කොල්ලකද්දී කිරුලපනේ කොල්ලය වරදී

කිරුළපන ආරක්‌ෂක නිලධාරීන්ගේ
දක්‌ෂකමෙන් වැඩේ වැරදී පැනලා යති


හේමන්ත රන්දුණු

කිරුළපන නගරයේ පෞද්ගලික බැංකුවක්‌ කොල්ලකෑමට ඊයේ (23 වැනිදා) දහවල් කඩාවැදුණු සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු බැංකු ආරක්‍ෂක නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ පලා ගොස්‌ ඇත. ඊයේ දහවල් 1.30 ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීම නිසා බැංකුවට පැමිණ සිටි ගනුදෙනුකරුවන් මෙන්ම නගරවාසීහු ද දැඩි භීතියට පත්ව සිටියහ.

කොල්ලකෑම වැරදී ගිය පසු කලබලයට පත් වූ කොල්ලකරුවන් දෙදෙනා තමන් පැමිණි යතුරුපැදිය ද අතහැර දමා වෙනත් යතුරු පැදියක්‌ පැහැරගෙන පලා ගොස්‌ තිබේ.

මුහුණු ආවරණය කර ගත් හිස්‌වැසුම් පැළඳ බැංකු කාර්යාල සහ මූල්‍ය ආයතන තුළට කිසිවකුටත් ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතා කිරුළපන ප්‍රදේශයේ මූල්‍ය ආයතන ප්‍රධානීන් කලින් දැනුවත් කර තිබිණි.

ඊයේ දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්‌ මුහුණු ආවරණය කරගත් හිස්‌වැසුම් පැළඳ බැංකුවට ඇතුළුවීමට උත්සාහ කරද්දී කලින් ලැබී තිබූ උපදෙස්‌ පරිදි ආරක්‍ෂක නිලධාරින් දෙදෙනා ඔවුන් වළකා ඇත.

ඒ අවස්‌ථාවේ කොල්ලකරුවන් දෙදෙනා බැංකු ආරක්‍ෂක නිලධාරින් දෙදෙනා තල්ලු කර දමා බැංකුවට ඇතුළුවීමට උත්සාහ කර තිබේ.

එක්‌ කොල්ලකරුවකු සතුව පිස්‌තෝලයක්‌ තිබෙනු දුටු ආරක්‍ෂක නිලධාරියකු ඔහු සමඟ පොරබදා ඇත.

එහිදී අනෙක්‌ බැංකු ආරක්‍ෂක නිලධාරියා වහාම ක්‍රියාත්මක වී තමන් සතු ගිනි අවියෙන් කොල්ලකරුවන්ට වෙඩි තබා තිබේ.

වෙඩි ප්‍රහාර එල්ල වීමත් සමඟම කලබලයට පත් වී ඇති කොල්ලකරුවන් දෙදෙනා මුදල් කොල්ලකෑම පසෙක තබා බැංකුවෙන් පිටතට දිවගොස්‌ ඇත. එක්‌ කොල්ලකරුවකු කලිසම් සාක්‌කුවේ තිබූ පිස්‌තෝලයක්‌ ද ඉවතට ගෙන දිව ගොස්‌ ඇති අතර එහිදී ඔහුගේ සාක්‌කුවේ තිබී රුපියල් දෙදහසක නෝට්‌ටුවක්‌ ද බිම වැටී තිබිණි.

බැංකුවෙන් පිටතට දිව ගිය කොල්ලකරුවන්ට මේ කලබලයේ තමන් පැමිණි යතුරුපැදිය සොයා ගැනීමට නොහැකි වීම නිසා වෙනත් යතුරු පැදියක්‌ පැහැරගෙන පලා ගොස්‌ තිබේ.

කොල්ලකරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන ඇති අතර ඒ ඔස්‌සේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ආරක්‍ෂක නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බැංකුවේ වීදුරුවකට හානි සිදු වී තිබිණි. හානි වූ වීදුරුවේ කුඩා කැබැල්ලක්‌ වැදීම නිසා අනෙක්‌ බැංකු ආරක්‍ෂක නිලධාරියාගේ ඇසකට සුළු තුවාල සිදු වී ඇත

පෞද්ගලික බැංකුවේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා ඉතාම බුද්ධිමත් ආකාරයට ක්‍රියා කිරීම නිසා බැංකු කොල්ලය වැරදී ගිය බව පොලිසිය පවසයි.

ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනාගේ නිර්භීත ක්‍රියාව ඉතාම අගය කළ යුතු එකක්‌ බව ද පොලිසිය කියා සිටියි.

සිද්ධිය සැළවීමත් සමඟම සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ එහි ගොස්‌ සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ඊයේ සවස්‌ වන තුරු කොල්ලකෑම පිළිබඳව කිසිදු තොරතුරක්‌ ලැබී තිබුණේ නැත.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, කොළඹ භාර නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. ඩී. එන්. ගුණවර්ධන, ජ්‍යෙෂ්‍යඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වේ.

මොරටුව බැංකුවෙන් විනාඩි 7 ක්‌ තුළ
හත්ලක්‌ෂ 77,000 ක්‌ අරන් පනිති


හේමන්ත රන්දුණු

මොරටුව නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවකට ඊයේ (23 වැනිදා) දහවල් 1.00 ට පමණ කඩාවැදුණු සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු බැංකු සේවකයන්ට මරණීය තර්ජන කර එහි තිබුණු රුපියල් හත්ලක්‌ෂ හැත්තෑහත් දහසක මුදලක්‌ කොල්ලකා පලා ගොස්‌ ඇත.මුහුණු ආවරණය වන ලෙස හිස්‌ වැසුම් පැළඳ යතුරුපැදියක පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු බැංකුවට ඇතුළුවී ඇත්තේ ගනුදෙනුකරුවන් ලෙසිනි.

ඔවුන් එහි කඩාවදින අවස්‌ථාවේ බැංකු ආරක්‌ෂක නිලධාරීන් සහ කාර්ය මණ්‌ඩලයේ සේවකයන් වැඩි පිරිසක්‌ දිවා ආහාරය සඳහා ගොස්‌ සිට ඇත.

බැංකුවට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනා පිස්‌තෝල දෙකක්‌ එල්ල කරමින් එහි සිටි ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්‌ඩලය භීතියට පත්කර මුදල් අයකැමි සතුව තිබූ මුදල් කොල්ලකා තිබේ.

විනාඩි 07 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ බැංකුව තුළ රැඳී සිටි කොල්ලකරුවන් මුදල් කොල්ලකා පලාගොස්‌ ඇත.

සිද්ධිය වන අවස්‌ථාවේ බැංකුව ආසන්නයේ පොලිස්‌ ජීප් රථයක්‌ද තිබී ඇත. එහෙත් පොලිස්‌ නිලධාරීන් මෙම කොල්ලකෑම දැනගෙන ඇත්තේ කොල්ලකරුවන් යතුරුපැදියේ නැඟී පලායද්දීය.

කොල්ලකරුවන් පලායද්දී පොලිස්‌ නිලධාරීන් ඔවුන් පසුපස පන්නාගෙන ගොස්‌ ඇතත් කිසිවකු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.

පොලිසිය පවසන්නේ බැංකුවේ ආරක්‌ෂක ක්‍රමවේදයන්හි පැවැති දුර්වලතාව නිසා කොල්ලකරුවන් පහසුවෙන් මුදල් කොල්ලකාගෙන පලාගොස්‌ ඇති බවයි.

ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්‌ෂණය යටතේ මොරටුව පොලිසිය පුළුල් පරීක්‌ෂණ ආරම්භ කර ඇත.

සමාව ගන්නෙත් නෑ.. නිවැරදි කරන්නෙත් නෑ.. සත පහක් වන්දි දෙන්නෙත් නෑ..

සමාව ගන්නෙත් නෑ.. නිවැරදි කරන්නෙත් නෑ.. සත පහක් වන්දි දෙන්නෙත් නෑ..කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් නෝටි 50ක වන්දියක් ඉල්ලා නඩු පැවරුවද කිසිවෙකුගෙන් සමාව නොගන්නා බවත්, කිසිදු නිවැරැුදි කිරීමක් නොකරන බවත්, සත පහක්වත් ලබා නොදෙන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
තමන්ගේ අනුදැනුම ඇතිව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් සිදුවූවා යැයි ඥානසාර හිමියන් කළ ප‍්‍රකාශයෙන් සිදු වූ අපහාසය සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරන බවට ඇමති බදුර්දීන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ එසේ පැවසූහ.
එම ප‍්‍රකාශය තමන් කිසිදු දිනෙක වෙනස් නොකරන අතර, නඩු දමන්නේ නම් අධිකරණය හමුවේදී එම ගැටලූව විසදා ගැනීමට තමන් සූදානම් යැයිද ඥානසාර හිමියෝ වැඩිදුරටත් පවසති.

මුතු ඇටය දැන් තග්ලන්තයක්.. ප‍්‍රභාකරන්ගේ භීතිය දැන් රාජපක්‍ෂලාගේ ගමේ

මුතු ඇටය දැන් තග්ලන්තයක්.. ප‍්‍රභාකරන්ගේ භීතිය දැන් රාජපක්‍ෂලාගේ ගමේලංකාවේ තිබෙන්නේ මැර සහ මාෆියා පාලනයක් බව මුළු ලෝකයම මේ වනවිට පිළිගෙන අවසාන බවත් දැන් ලංකාව තග්ලන්තයක් වී ඇති බවත් එජාප මාධ්‍ය ප‍්‍රධානී නායක මණ්ඩල සාමාජික සහ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා මෙසේද කීය.
‘ඒකාධිපති රාජපක්ෂ රෙජිමයේ හදවත වන හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එල්ල කළ මැර ප‍්‍රහාරය මාෆියා පාලනයේ සැබෑ තත්ත්වය මුළු ලෝකයටම හෙළි වුණා.
මන්ත‍්‍රීවරුන් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ නිරීක්ෂණය කිරීම සදහා එහි ගියේ ඒකාධිපති රෙජිමයේ සුදු අලි සංවර්ධාන කි‍්‍රයාවලියේ සැබෑ මුහුණුවර පාර්ලිමේන්තුවට රටට සහ ජනතාවට හෙළි කිරීම සදහා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට මේ මැර ප‍්‍රහාරය එල්ල වූයේ වත්මන් ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ තිස් අවුරුද්දක් මුළුල්ලේද වත්මන් කථානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා 1989 සිටද තාරුණ්‍යට හෙටක් උදා කරන බව කියන නාමල් රාජපක්ෂ ඇතුළු ඒ පවුල නියෝජනය කරන හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ.
මේ වගේම මැර සංස්කෘතියක් දශක ගණනාවක් මුළුල්ලේ එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් යටතේ උතුරේ නිර්මාණය වී තිබුණා.ඔහුගේ එම මැර සංස්කෘතිය යටතේ උතුරේ ජීවත් වූ සාමාන්‍ය සහ අහිංසක ද්‍රවිඩ ජනයා ප‍්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටියා අපට මතකයි.
මේ මැර සංස්කෘතිය විවේචනය කළ ඊට එරෙහිව කි‍්‍රයා කළ සහ එම සංස්කෘතිය ප‍්‍රතික්ෂේප කළ සාමාන්‍ය ද්‍රවිඩ ජනයා පමණක් නොව ද්‍රවිඩ දේශපාලන නායකයින් පවා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අමු අමුවේ ඝාතනය කළ ආකාරය අප දැක තිබෙනවා.
ධර්මද්වීපය සහ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ඉතිහාසයේ හැදින්වූ ශ‍්‍රී ලංකාව ඒකාධිපති රෙජිමය යටතේ ලෝකයා දැන් හදුන්වන්නේ මැර ද්වීපය (තග්ලන්තය) කියා’

මැලේසියානු MH-370 යානය කොහේ හෝ ගොඩ බාලා – පරික්‍ෂණ කණ්ඩායම්

මැලේසියානු MH-370 යානය කොහේ හෝ ගොඩ බාලා – පරික්‍ෂණ කණ්ඩායම්මැලේසියානු ගුවන්සේවයට අයත් MH-370 ගුවන් යානය පැහැරගනු ලැබුවේ දුරස්ථ පාලක භාවිතාවෙන් බව විශේෂඥයින් දෙදෙනෙකු විසින් දක්වා තිබේ.
ගුවන් විදුලි නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡවකදී මැතියස් චෑන් පවසා ඇත්තේ මෙම සිදුවීම පැහැදිලි කළ හැක්කේ දුරස්ථ පාලක පැහැගැනීමක් ලෙසින් පමණක් බවයි.
ඔහු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ්ගේ දේශපාලන ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති නීතිඥයෙකි.
විදෙස් රටක රජයක් විසින් යානයට අත්වූ ඉරණම මැලේසියානු රජය වෙත පැහැදිලි කර ඇති නමුත් ඒ පිළිබඳව කිසිවක් සිදුකිරීමට ඔවුන් අපොහොසත් බව චෑන් පවසා තිබේ.
පසුගියදා ඔහු ගුවන් යානය සොයන කණ්ඩායම් වෙත පණිවුඩයක් යවමින් පවසා ඇත්තේ සත්‍යය හෙළිදරව් වුවහොත් ඇතැම් දේවල් සම්පූර්ණයෙන් කඩාකප්පල් විය හැකි අතර ලෝක ආර්ථිකයටද බරපතල බලපෑමක් එල්ලවනු ඇති බවයි.
මතියස් චෑන් පවසන කඩාකප්පල් විය හැකි දේවල් යනු වාණිජ ගුවන් යානා විය හැකි බව ජීන් චිප් ටැටම්ගේ අදහසයි.
හිටපු විශේෂ හමුදා ගුවන් සංග‍්‍රාම මෙහෙයවන්නෙක් වන ටැටම් ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ අණ මත ක‍්‍රියාත්මකවූ ඉතා වැදගත් මෙහෙයුම් හසුරුවා ඇත්තෙකු බවද පැවසේ.
දැනට අහසේ පියාසර කරන  ඕනෑම ගුවන්යානයක් දුරස්ථ පාලක භාවිතාවෙන් පැහැරගත හැකිබව හෙළිවුවහොත් ගුවන්සේවා ක්‍ෂේත‍්‍රයේ දැඩි කැළඹීමක් ඇතිවනු ඇති බව ඔවුන් දෙදෙනා විසින් ඉගි කර තිබේ.
මේ අතර මාධ්‍යවේදීන්ගේ සහ ගවේෂකයන්ගේ අවධානය දකුණු ඉන්දීය සාගරය වෙත කැඳවූ ඉන්මාර්සැට් චන්ද්‍රිකාවේ ප‍්‍රධානතම හිමිකරුවන හාර්බින්ගර් කැපිටල් සමාගම අයත්වන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්ට බවද වාර්තා වේ.
මේ අතර එම යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී නැතැයි පවසන සෙවීමේ මෙහෙයුම්වල නිරත වූවන් එම යානය කුමන හෝ ස්ථානයකට ගොඩබස්වා ඇතැයි නිගමනය කර තිබේ.

නාථ දෙවියන්ගේ ආසනික් පරීක්‍ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්‍ෂණය සම්මානයෙන් පිදේ

නාථ දෙවියන්ගේ ආසනික් පරීක්‍ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්‍ෂණය සම්මානයෙන් පිදේලංකාවේ පළාත් ගණනාවක පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට්-පුර්ණ වල් නාශකය ඍජුව සම්බන්ධ බව හෙළි කළ පර්යේෂණය 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත.
එම විශ්ව විද්‍යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා සහ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් මෙම පර්යේෂණයට සහභාගී වුහ.
ලොව කෘෂි රසායන දැවැන්තයකු වන මොන්සැන්ටෝ සමාගම නිපද වන ග්ලයිපොසේට් පිලිබඳ මෙම හෙළි කිරීම අන්තර්ජාතික ජනමාධ්‍ය සහ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් මෙම කරුණ යටපත් කිරීමට ශ්‍රී ලංකාවේ කෘෂි රසායන මාෆියාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පලිබෝධනාශක තාක්ෂණික කමිටුව සහ මුදලට විකුනුණු විශ්ව විද්‍යාල ආචාර්යවරු කිහිප දෙනකු ප්‍රබල උත්සාහයක නිරත විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය ගුණතිලක මහතා පැවසුවේ තමන් කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් ඉදිරිපත් කලේ කල්පිතයක් පමණක් ද ඒ සදහා අවශ්‍ය විද්‍යාත්මක සාධක සතුව තිබේ ද යන්න පිළිබඳව මේ ගැන ප්‍රකාශ නිකුත් කල කිසිවකු විමසීමක්වත් නොකළ බවත්, හුදුකල්පිතවලට පමණක් හොදම පර්යේෂණය ලෙස සම්මාන ලැබෙන්නේ නැති බව මේ අය දැන ගත යුතු බවත්ය.
මෙම පර්යේෂණයට දායක වීම නිසා ලංකාවේ කෘෂි රසායන මාෆියාවේ සහ ඔවුන්ට සිය ආත්මය පාවා දුන් ඊනියා උගතුන්ගේ යටිකුට්ටු කුමන්ත්‍රණවලට ලක්වීමට ඇමෙරිකාවේ සිටිය ද තමන්ට සිදුව ඇති බව හෙතෙම සම්මානය බර ගනිමින් පැවත් වූ කතාවේ දී හෙතෙම පැවසීය.
**
මේ සම්බන්දයෙන් අදහස් දැක්වීම සඳහා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා සඳහන් කලේ ශ‍්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට ප‍්‍රධානතම හේතුව කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය බවට කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවයි.
කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් කළ මෙම පර්යේෂණයේදී පූර්ණ වල් නාශකවල අඩංගු ග්ලයිපොසේට්, ආසනික් සහ බැර ලෝහ සහ කිවුල් ජලයේ එකතුවෙන් කෘෂිකාර්මික වකුගඩු රෝගය හට ගන්නා බව හෙළි වී ඇතැයි ද මහාචාර්යවරයා කිය.
ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳව 2013 වසරේ සිදු කළ මෙම පර්යේෂණයට කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් විශිෂ්ඨතා සම්මානයක් හිමි වී තිබෙන බවද ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මේ වන විට දිවයිනේ වකුගඩු රෝගීන් 78,775 ක් හදුනාගෙන ඇතැයි ද, එයින් 16,275 ක්ම මෑතකදී සොයා ගෙන ඇතැයි ද සඳහන් කළේය.
මෙම කෘෂි රසායන භාවිතය හේතුවෙන් රජරට ප‍්‍රදේශයේ වකුගඩු රෝගයට අමතරව පිළිකා හා රක්තහීනතාවය වැනි රෝගාබාධ පවා දරුණු ලෙස වැඩි වී ඇතැයි ද ඔහු හෙළි කළේය.
ලොව කෘෂි රසායන දැවැන්තයෙකු විසින් නිපද වූ ලෝකයේ හොඳම වල් නාශකය ලෙස ප‍්‍රචාරණය සිදු කරන ග්ලයිපොසේට් පූර්ණ වල් නාශකය කෘෂිකාර්මික වකුගඩු රෝගයට සම්බන්ධ බවට කරුණු හෙළිවීමෙන් පසු මෙම නවතම පර්යේෂණයට විවිධ බලපෑම් හා චෝදනා එල්ල වන්නට පටන්ගෙන ඇතැයිද හෙතෙම කියා සිටියේය.
මෙම කරුණ වසන් කිරීමට හා නිවැරදි නොවන බව පැවසීමට මෙරට හා පිටරට ජනමාධ්‍ය ඔස්සේ පෙත්සම් ව්‍යාපාර මගින් ව්‍යාජ කරුණු එළිදක්වන්නටත්, මෙම පර්යේෂණය හුදු හිතළුවක් කල්පිතයක් බව හුවා දක්වන්නටත් වූ බවද ඔහු කීවේය.
කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලය සිදු කළ මෙම නවතම පර්යේෂණයට සහභාගි වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන (වකුගඩු රෝග පර්යේෂක* මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසිය.
‘මාස 3 ක් තිස්සේ සිදු කළ මෙම පර්යේෂණයෙන් වකුගඩු රෝගයට ප‍්‍රධානම හේතුව කෘෂි රසායන භාවිතය බවට නැවත වතාවක් සනාථ කර තිබෙනවා.
මෙහිදී පර්යේෂණය සිදු කළ මහාචාර්ය සරත් ගුණතිලක මහතාට මේ පිටුපස සිටින විවිධ පාර්ශවයන්ගෙන් බරපතල ගණයේ තර්ජන බලපෑම් එල්ල වී තිබෙනවා. කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයට පවා ශ‍්‍රී ලාංකිකයන්ගෙන් තර්ජන බලපෑම් එල්ල වෙලා.
රෝගීන්ගේ මුත‍්‍රාවල හා පානීය ජලයේ ග්ලයිපොසේට් පූර්ණ වල් නාශකය අඩංගු වී ඇති බව මෙම පර්යේෂණයෙන් ඔප්පු වුණා. ඒ බව ඇමෙරිකාවේ වෙබ් අඩවියක් පවා ප‍්‍රචාරය කර තිබෙනවා.channa-news
මේ රටේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා ලෝකයෙන් ලැබුණු ඉහළම සම්මානය ලෙස මෙය සැලකිය හැකියි.
වකුගඩු රෝගය බහුලව පැතිර යන රජරට ප‍්‍රදේශයේ ජනතාව මෙම ව්‍යසනයෙන් බේරා ගැනීම සඳහා ග්ලයිපොසේට් පූර්ණ වල් නාශකය මෙම ප‍්‍රදේශවල භාවිතය අවම කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාරය ලැබුණත්, විද්වත්හු යැයි කියා ගන්නා පිරිසක් නිසා ඒ වෑයම අසාර්ථක වුණා.
මෙම පර්යේෂණය සඳහා ලැබුණු විශිෂ්ඨතා සම්මානය පිළිබඳව මෙතෙක් මෙහිදී කිසිදු ඇගයීමක් කර නැහැ. සිනමා පටයකට සම්මානයක් ලැබුණා නම් මාධ්‍යවලින් ඉහළම ප‍්‍රතිචාරයක් ලැබෙනවා. මේ රටේ ජාතික ව්‍යසනයක් පිළිබඳව කරන ලද පර්යේෂණයකට මෙවැනි අන්දමින් සැලකීම ගැන කණගාටු වෙනවා.
මේ වන විට දිවයිනේ 1/3 ක ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වෙලා. අලූතින්ම වාර්තා වන ප‍්‍රදේශ අතර ගිරාදුරුකෝට්ටේ, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ශ‍්‍රීපුර, විල්ගමුව, හෙට්ටිපොල, නිකවැරටිය, මහව, යාපහුව, ලූණුගම්වෙහෙර, තිස්සමහාරාමය, මොණරාගල, වැල්ලවාය, බුත්තල හැඳින්විය හැකියි’

cali-03cali-04

මතකය රඳවන සිනහව

සිනහවීම  මතකය දියුණු කර ගැනීමට හොඳම මඟ බව අධ්‍යනයකින් සොයාගෙන ඇත. එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ වයසට ගිය මිනිසුන් සිනහවෙන් කල්ගෙවීම හේතුවෙන් ඔවුන්ට  යම් දෙයක් මතකයේ තබා ගැනීමට ඇති හැකියාව ඉහළ යන බවයි.
සිනහව මගින් මානසික ආතතිය අඩුකිරීම මෙයට හේතුවකි. මානසික ආතතිය මතකය අඩුකරණ සාධකයකි.
කැලිෆෝර්නියාවේ ලොමා ලින්ඩා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් විසිදෙනෙකුගෙන් ඉල්ලා ඇත්තේ හාස්‍යජනක වීඩියෝ දර්ශන මිනිත්තු 20 ක් නරඹන ලෙසයි. මේ දර්ශන නැරඹීමෙන් වැළකි සිටින කණ්ඩායමක් ද පර්යේෂණයට සහභාගී කරගෙන ඇත.
මෙම ක්‍රියාදාමයෙන් අනතුරුව කණ්ඩායම් දෙක ම මතකය පිලිබඳ පරික්ෂාවකට ලක්කළ අතර ඔවුන්ගේ ඛේටය සාම්පල් ලබාගනිමින් ආතතිය සම්බන්ධ හෝර්මෝනය වන කොටිසෝල් පරික්ෂාව ද සිදුකෙරිණි.මෙහිදී සොයාගෙන ඇත්තේ සිනහවෙමින්  හාස්‍යජනක වීඩියෝ දර්ශන  නැරඹු කංඩායමේ මතක ශක්තිය සිනහ නොවී සංසුන්ව සිටි කංඩායම් සාමාජිකයන්ගේ මතක ශක්තියට වඩා ඉහළ අගයක පැවති බවයි.
එමෙන්ම සිනහවෙමින් සිටි කංඩායමේ කෝටිසෝල් වල මට්ටම ඉතාමත් පහළ මට්ටමක පැවති බවයි.
මෙම අධ්‍යනයේ ප්‍රධානි ගුරින්ඩර් බෙයින්ස් ඒබිසි නිවුස් සේවයට පවසා ඇත්තේ ඉගෙන ගැනීමේ හැකියාව හා ස්මරණ ශක්තිය වයසට යාමේදී ඉතාමත් අභියෝගයට ලක්වන කරුණු දෙකක් බවයි. දිනපතා යහළුවන් සමගින් එක්වී විනෝද වීම හෝ හාස්‍යජනක වැඩසටහනක් රූපවාහිනියේ මිනිත්තු 20 ක් නැරඹීමෙන් මානසික ආතතිය මැඩපැවැත්මට සහයක් ලැබෙයි.
මානසික ආතතිය අඩු මිනිසුන්ගේ මතක ශක්තිය ඉහළ බව ද පර්යේෂකයෝ පවසති. සිනහවීමෙන් ශරීරයේ එන්ඩොපින්ස් නම් හෝර්මොනය ඉහළයාෙමන්  ඩොපමයින් නැමැති හොර්මොනය මොලයට යැවෙන බවත් එමගින් සතුට සහ සැනසීම වර්ධනය වන බවත් ඔවුහු කියති.  මොලයේ ඇති තරංග මාලාවන් ගේ ක්‍රියාකාරකම් ෙවනස් වීෙම් ප්‍රතිඵලයක් ලෙස මතක ශක්තිය ඉහළ යයි.

ජිරාෆ්‘ වැනි කාන්තාවෝ

මේ සමග දැක්වෙන අපූර්ව පින්තූර පෙලින් නැගෙනහිර බුරුමයේ රාෆ් කාන්තාවන් ගැන පෙන්නුම් කරයි.
මෙම කායා ජනපදික කාන්තාවන් තම ගෙල දික්ව පිහිටා ඇති බව පෙන්වීමට ගෙලවටා පිත්තල වළලු පැලඳිම පුරුද්දක් කරගෙන තිබේ. දික්වු ගෙලක් පිහිටීම කයාන් සංස්කෘතියට අනුව අලංකාරවත් බව පෙන්නුම් කෙරේ.
මෙම වළලු මගින් ගෙල දික්වු ස්වරෑපයක් පෙන්විමේ ඇත්ත තත්වය නම් මෙම වළලුවල බර හේතුවෙන් ග්‍රීවාස්ථියේ මස්පිඩු පර්ශුව දක්වා තෙරපීමයි. මෙහිදී සිදුවන්නේ මෙම කාන්තාවන්ගේ ගෙල තියෙන ප්‍රමාණයට වඩා දික්ව පෙනීමයි. මෙම කාන්තාවන් වයස අවුරුදු 5 සිට දිග පිත්තල කැබැල්ලක් තමගෙල වටා දඟරාකාරයට ඔතාගනී.
 මෙම ලෝහ ගෙලවටා ඔතා ගැනීම අතින් කරණු ලබන අතර පිත්තල ලෝහය දෘඩ බවින් යුක්ත වීම හේතුවෙන් මේ ක්‍රියාවලිය සඳහා පැය කීපයක් ගතවේ.
සම්පූර්ණ ගෙලවටා යොදනු ලබන වළලු වල බර කිලෝ ග්රෑම් 10 කට වැඩිය. කාන්තාවන් සුළු ප්‍රමාණයක් සම්පූර්ණ වළලු ප්‍රමාණයම පලඳනු ලබයි.
බොහෝ කාන්තාවන් ක්‍රමක්‍රමයෙන් මෙම දඟර වළලු ප්‍රමාණය වැඩිකරණු ලබන අතර එමගින් තම ගෙලේ ශක්තිමත් බව හා දිගප්‍රමාණය දෘෂ්‍යමාන වේයැයි ඔවුන්ගේ විශ්වාසයයි.
මෙම වළලු පැලඳීමෙන් ඔවුන්ගේ චලනයන්ට යම් යම් බාධා ඇති කරයි. එමෙන්ම මෙම දඟරයන් එතීම සහ ගැලවීමේ ක්‍රියාවලියට වැඩි කාලයක් ගත වන හෙයින් ඔවුන් දඟර ගලවන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් ගලවන්නේ අළුතින් දීර්ඝ දඟරයක් එතීමට අවශ්‍ය වු විට පමණකි.
මෙම කාන්තාවන් වඩා මෙම දඟරයන් ඉවත්කිරීමට කැමැත්තක් නොදක්වයි. ඉවත්කිරීමේ දී විදින්නට සිදුවන අපහසුතා එයට හේතුවක් වී ඇත. ඔවුන් මේ පිත්තල වළලු බුරුසු යොදා මැද එහි වර්ණය සකසා ගනී. බොහෝ කාලයක් මෙම වළලු පැලඳවු කාන්තාවන් පවසන්නේ මේවා තම ශරීරයේ කොටසක් බවට ඒත්තු ගොස් ඇති බවත් ඒවා නැතිවිට නිර්වස්ත්‍රව සිටින සේයාවක් සේ දැනෙන බවත්ය.
මෙම පිත්තල වළලු ගෙලවටා ඔතාගැනීමේ ක්‍රියාව සාම්ප්‍රදායක් වුයේ ඇයිද යන්න පැහැදිලි නැතත් මෙයට හේතුව කොටින්ගේ සපාකෑම් වලින් බේරීම හෝ ජනප්‍රවාදයේ එන මකරාවේශයක් සේ පෙන්වීම හෝ බව සමාජ විද්‍යාඥයන්ගේ මතයයි.  
අනෙක් ජනකොටස් විශ්වාස කරන්නේ කාන්තාවන් මෙලෙස වළලු ගෙලේ පැලදීම මගින් අනෙක් ගෝත්‍රිකයන් මෙන් ප්‍රිය මනාප නොවන බැවින් වහල් සේවය සඳහා මොවුන් ගෙන යන්නේ නැති බවයි.

වළලු ගෙල පැළඳි මොවුන් පවසන්නේ තම සංස්කෘතික අනන්‍යතාව සුරැකීමට මේ වළලු ගෙලේ පලඳින බවයි.
වළලු පැළඳීමේ මේ අපූරු චාරිත්‍රය පවත්වාගෙන යන ගෝත්‍රික කාන්තාවන්ද දැකීමට විදේශීකයන් ඉතා ප්‍රියකරන බැවින් ඔවුන්ට දැන් එය විශාල ආදායම් මාර්ගයක් වී ඇත.

වටරැක හිමිට දෙපා රැකවරණ

ජාතික බළ සේනාවේ නායක මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිතහිමියන්ට එරෙහි  මහියංගනයේදී  අද විරෝධතාවයත්  පැවැත්විණි.
පොලිස් ආරක්ෂාව සහිතව රැස්වීමට පැමිණී  විජිත හිමියනට එරෙහිව මහා සංඝරත්නය සමග දෙතුන් සියයක පිරිසක් ප්‍රාදේශිය සභාව ඉදිරිපිට වාඩි ලා සිටියහ.
ඔවුන් දුටු ගමන් විජිත හිමියෝ ඉක්මන් ගමනින් පිටුපස දොරෙන් ප්‍රාදේශිය සභාවට ඇතුළු වුහ.

බොදු බළේ බදුර්දීන්ගේ කන්තෝරුව පීරයි

ජාතික බළ සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් සඟවාගෙන සිටින බව කියමින් බොදුබළ සේනාවේ හිමිවරු අට නමක් අද කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ගොස් කාමර කිහිපයක් පරීක්ෂා කළහ.
ඇමැති බදුර්දීන්ගේ කාමරය පමණක් බැලීමට බොදුබල සේනා හිමිවරුනට අවසර නොලැබිණි.
අමාත්‍යංශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි හිමිවරුන් කීව ද එයට ද අවසර නොලැබිණි.
කැරලි මර්දන පොලිස් භටයෝ ද, ජල විදින වාහන දෙකක් ද අමාත්‍යංශය අසළ නවතා තිබිණි. පොලිස් නිලධාරීහු සියයක් පමණ ආරක්ෂාවට යොදවනු ලැබ සිටියහ.
අමාත්‍යංශය පරීක්ෂා කර පිටිතට පැමිණි හිමිවරුන් පැවසුවේ වැටරැක විජිත හිමි අමාත්‍යංශයේ සඟවාගෙන සිටින බවයි.

Monday, April 21, 2014

එංගලන්ත මන්ත‍්‍රීන් පස් දෙනෙක් මුරලිට පොලූ තබයි

ලෝක පූජිත හිටපු සුපිරි දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් ‘Foundation of Goodness’ නම් පුණ්‍ය ආයතනය හරහා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු වෙනුවෙන් සංවිධානය කළ ශ‍්‍රී ලංකා සංචාරයක් හදිසියේ අවලංගු කර තිබේ.
මෙලෙස අදාළ සංචාරය අවලංගු කර ඇත්තේ බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ ප‍්‍රබල ඉදිරිපෙළ මන්ත‍්‍රීවරයෙකුගේ විරෝධතාව මතයි.
මුත්තයියා මුරලිදරන් මහතාගේ අදාළ පදනම මගින් මෙම මන්ත‍්‍රීවරුන් පස් දෙනාට මෙරටට පැමිණීම සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ප‍්‍රවේශපත් වෙන් කිරීම ඇතුළු සියලූ වියදම් දරා ඇති අතර එම පිරිස උතුරේ සංචාරයක යෙදිමට මෙන්ම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයන් මුණ ගැසීමටද සැලසුම් කර තිබිණි.

සෝභිත හිමිගේ ජනාධිපති සිහිනය කුඩු.. පොදු විපක්‍ෂයේ ගැටුම්..

මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් එළැඹෙන ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් එජාපය ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ කිහිපයක මත ගැටුම් උත්සන්න වී තිබේ.
බෞද්ධ භික්‍ෂුවක් වන සෝභිත හිමියන්ට අන්‍ය ආගමික සහ සුළු ජන කොටස්වල සහයෝගය නොලැබෙනු ඇති බවට එම පක්‍ෂ අදහස් දැක්වීම නිසා මෙම අර්බුදකාරී තත්වය මතුව ඇත.

කණු උඩ දුවන කෝච්චි කොළඹ නගරයට

කොළඹ නගරය තුල ක‍්‍රියාත්මක වන තනි පීල්ලේ ධාවනය කෙරෙන නවීන මොනෝරේල් දුම්රිය පද්ධතියක් ඇති කිරීමට රජය සූදානම් වෙයි.
එහි මූලික සැලසුම් සකස් කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යංශය විසින් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.
මෙම දුම්රිය පද්ධතිය සඳහා ඉහළ පිරිවැයක් වැය වුවද එමගින් සිදුවන ඍජු හා වක‍්‍ර ප‍්‍රතිලාභ සලකා බැලීමේදී එම ප‍්‍රතිලාභ වල වටිනාකම දරන ලද වියදම පහසුවෙන් අභිබවා යනු ඇතැයි අදහස් කෙරේ.

ද්‍රවිඩ සන්ධානය උතුරේ රහස්‌ මෙහෙයුමක

කීර්ති වර්ණකුලසූරිය, නෝමන් පළිහවඩන

උතුරේ ද්‍රවිඩ ජනතාව ලවා රජයට එරෙහිව විරෝධතා ඇති කිරීමේ පරමාර්ථයෙන් ද්‍රවිඩ සන්ධානය විසින් ප්‍රජා සංවිධාන ධීවර හා සමුපකාර සමිතිවලට සාමාජිකයන් බඳවා ගැනීමේ රහස්‌ මෙහෙයුමක්‌ දියත් කර ඇතැයි ආරක්‍ෂක බුද්ධි අංශවලට හෙළිවී ඇත.

ද්‍රවිඩ සන්ධානයට එරෙහි පිරිස විසින් මේවා ආරක්‍ෂක බුද්ධි අංශවලට දැනුම් දී තිබේ.

කොටි හිතවාදීන් සමග සබඳකම් පැවැත්වූ ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් පිරිසක්‌ ගතවූ සති කීපය මුළුල්ලේ එකී සමිතිවල ප්‍රධානීන් හමුවී සාමාජිකයන් බඳවාගැනීම අරඹා ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය උතුරේ ද්‍රවිඩ ජනතාව පසුපස සිටින නිසා ශ්‍රී ලංකා රජයට බිය නොවන ලෙසද ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් උතුරේ ජනතාවට පවසා ඇත

අක්‌කලා දෙදෙනා කිඹුලා සමග පොර බදා නංගීගේ දිවි බේරා ගනිති

කල්මුනේ - ආර්. ශ්‍රීවේල්රාජා

කලපුවේ දිය නෑමට ගොස්‌ සිටියදී කිඹුලකු ඇදගෙන ගිය සොහොයුරිය බේරාගත් සොහොයුරියන් දෙදෙනකු පිළිබඳව පුවතක්‌ සමන්තුරේ හෙයිනාකාඩු ප්‍රදේශයෙන් වාර්තාවේ.

එකම පවුලේ සොහොයුරියන් තිදෙනකු හෙයිනාකාඩු ප්‍රදේශයේ කලපුවේ දියනාමින් සිටියදී කිඹුලකු විසින් බාලම නැඟණිය ඇදගෙන යැමට තැත් කර තිබේ. ඉන් පසු ඇයගේ ජීවිතය බේරා ගැනීමට අනෙක්‌ දෙදෙනා කෑ ගැසු නමුත් අහල පහල කිනිවකු සිට නැත. මේ නිසා මෙම සහෝදරියන් දෙදෙනා කිඹුලාගේ පිට උඩ නැග කිඹුලා සමග පොර බදා සිය නැඟණිය බේරාගෙන තිබේ.

කිඹුලාගෙන් ජීවිතය බේරාගත් නැඟණියගෙ පාදයට බරපතළ තුවාල සිදු වී ඇති අතර ඇය සමන්තුරේ රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලටත් ඇතුළත් කර තිබේ.

හම්බන්තොට නගරාධිපති ළඟ පිස්‌තෝලයක්‌ තිබුණු බව දැන ගත්තේ මාධ්‍ය මගින්

හම්බන්තොට නගරාධිපති ළඟ
පිස්‌තෝලයක්‌ තිබුණු බව  දැන ගත්තේ මාධ්‍ය මගින්
හම්බන්තොට ඒ. එස්‌. පී. කියයි

නෝමන් පලිහවඩන

හම්බන්තොට නගරාධිපතිවරයා ළඟ පිස්‌තෝලයක්‌ තිබූ බව තමාට දැන ගැනීමට ලැබුණේ මාධ්‍යයෙන් පමණක්‌ යෑයි හම්බන්තොට සහකාර පොලිස්‌ අධිකාරී ජී. ජී. ධනපාල මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

තමා දන්නා තරමට මෙම ප්‍රහාරය ඇති වූයේ මාධ්‍යවේදීන් සහ එම ප්‍රහාරයට සම්බන්ධ කීපදෙනා අතර හටගත් ප්‍රශ්නයක්‌ නිසා බවද හෙතෙම කීවේය.

හම්බන්තොට සංවර්ධන කටයුතු සොයා බැලීමට ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්‌දෙනාට කිසිදු හිරිහැරයක්‌ සිදුනොවූ බවද පොලිසිය මැදිහත් වී ඔවුන් ඉතා ආරක්‍ෂාකාරිව බස්‌රියට නැංවූ බවද හෙතෙම පැවසීය.

මේ අතර සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ගිය රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමට ඇතැම් පොලිස්‌ නිලධාරීන් පරස්‌පර විරෝධී ප්‍රකාශ ලබාදී ඇත.

නගරාධිපතිවරයා සතු පිස්‌තෝලය සෙල්ලම් පිස්‌තෝලයක්‌ බව සනාථ කිරීමට හම්බන්තොට පොලිසිය ක්‍රියා කර ඇති අතර ඇතැම්විට මෙම පිස්‌තෝලය මාරුකර ඉදිරිපත් කිරීමට හම්බන්තොට පොලිස්‌ නිලධාරීන් ක්‍රියා කරනු ඇතැයි වැඩ බලන විපක්‍ෂනායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා "දිවයින"ට ඊයේ ප්‍රකාශ කළේය.

මෙම රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු සාධාරණව සිදුවෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම කීවේය.

මේ අතර මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස්‌දෙනාට බැණවැදි හූ කියමින් ගල්මුල් හා බිත්තරවලින් ප්‍රහාර එල්ල කළ තිදෙනකු රහස්‌ පොලිසිය මගින් දැන් සම්පූර්ණයෙන්ම හඳුනාගෙන ඇත.

හම්බන්තොට සිද්ධිය අත්අඩංගුවට ග න් න වා ද ?

හම්බන්තොට සිද්ධිය අත්අඩංගුවට  ග න් න වා ද ?
දිවයින විමසයි
'නෑ.. නෑ.. නීතිය  ක්‍රියාත්මක කරනවා'

- පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක

අජිත් අලහකෝන්

මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කිරීමට ගිය එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට පහර දුන්නේ යෑයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා හම්බන්තොට නගරාධිපති එරාඡ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (20 දා) "දිවයින" ට කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේදැයි අප පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ විට "නෑ... නෑ.... පරීක්‍ෂණ අවසන් වූ පසුව ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යෑයි අජිත් රෝහණ මහතා කීවේය.

මේ සම්බන්ධව සිදුකරන පරීක්‍ෂණවලදී නගරාධිපතිවරයාට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් වෙනවා නම් ඔහු අත්අඩංගුවට ගන්නේදැයි අප යළිත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටියෙමු.

"පරීක්‍ෂණවලින් පසුව නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹෙනවා" යෑයි ඔහු නැවතත් ප්‍රකාශ කළේය.

එමෙන්ම හම්බන්තොටදී එජාප මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල වෙද්දී එම ස්‌ථානයේ රාජකාරි කළ පොලිස්‌ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්‌දැයි අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටියෙමු.

"ඒ සම්බන්ධයෙන් තවම පරීක්‍ෂණ සිදුකරනවා... අජිත් මාන්නප්පෙරුම, ආර්. යෝගරාජන් සහ නලින් බණ්‌ඩාර යන මන්ත්‍රීවරුන්ගේ කටඋත්තර මේ වන විට සටහන් කරගෙන තිබෙනවා යෑයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා කීවේය.

කටුනායක ගුවන්තොටුපළේදී තුන් කෝටි 84 ලක්‍ෂයක වල්ලාපට්‌ටා අල්ලා ගනී

ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය සහ ජගත් කණහැරආරච්චි

නීති විරෝධී ලෙස ගුවන් මගින් ගෙනයැමට තැත්කළ රුපියල් තුන්කෝටි අසූහතර ලක්‍ෂයක්‌ පමණ වටිනා වල්ලාපට්‌ටා කිලෝ 48 ක තොගයක්‌ ඊයේ (20 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුම සුරැකීමේ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ගුවන් මගින් මෙතෙක්‌ ගෙනයැමට තැත් කළ විශාලතම වල්ලාපට්‌ටා තොගය මෙය බවත්, රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුම සුරැකීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා පැවසීය.

එමෙන්ම මෙම වල්ලාපට්‌ටා තොගය සුද්දකර ඉස්‌තරම් ලෙස සකස්‌ කරන ලද තොගයක්‌ බවද හෙතෙම පැවසීය.

මෙම තොගය ඉන්දියාවේ චෙන්නායි බලා ගෙන යැමට ඊයේ (20) අලුයම ගුවන් තොටුපළ වෙත පැමිණි ඉන්දියන් ජාතිකයන් දෙදෙනකුගේ හා ශ්‍රී ලාංකිකයකු සතු ගමන් මලු තුනක අසුරා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා සඳහන් කළේය.

මෙම තොගය ඉන්දියාවට ගෙන ගොස්‌ එහි සිට සුවඳ විලවුන් නිෂ්පාදනය කෙරෙන පැරීසිය, අරාබිය වැනි රටවලට යෑවීම ඊළඟ පියවර බවත් සහකාර රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා පැවසීය.

වනජීවී හා වෘක්‌ෂලතා ආඥපනත යටතේ වල්ලාපට්‌ටා අපනයනය කිරීම තහනම් වේ.

රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුම සුරැකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරිවරුන් වන නුවන් අබේනායක, මනෝඡ් සමරසේකර, මංජුල කුමාර, තිලංක සමරවීර, චින්තක ශාමල්, නිරෝෂා විඡේතුංග යන නිලධාරීහු මේ ගැන වැඩිදුර විමර්ශන කටයුතු කරති.

Divaina News Paper

Divaina news paper read from here


Click here  Divaina paper

Saturday, April 19, 2014

කෙටි කාලයකින් සුන්දර දියඇලි 18ක් නරඹන්න අලූත් පාරක් මෙන්න

දෙස් විදෙස් සංචාරයන් සඳහා   පැය හයක පමණ් වේලාවක් තුල නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඇති සුන්දර දියඇලි 18ක් තුළදී නැරඹිය හැකි මාර්ග සිතියමක් නුවරඑළිය නගර සභාව විසින් හඳුන්වා දී ඇත.
නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ මහතා පවසන්නේ නුවරඑළිය නගරයේ සිට බ්ලැක්ෆූල් හන්දිය හරහා නානුඔය, තලවාකැලේ, පූඩළුඔය, කොත්මලේ, තවලන්තැන්න, රම්බොඩ හරහා යළි නුවරඑළිය නගරයට පැමිණිය හැකි පරිදි මෙම මාර්ග සිතියම සකසා ඇති බවයි.
නගරය හරහා වැටී ඇති මාර්ග භාවිත කිරීමේදී අධික වෙහෙසක් නොදරා මධ්‍යම කඳුකර ප‍්‍රදේශයේ පිහිටි උසින් වැඩි අතිසුන්දර දියඇලි 18ක් පැය හයක් වැනි කෙටි කාලයකින් දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹිය හැකි බවද ඒ මහතා කීය.
ලවර්සිල්ප් දියඇල්ල, ග්ලේන් දියඇල්ල, සිල්වර් දියඇල්ල, නානුඔය දියඇල්ල, සෙන්ටර්ක්ලෙයාර් දියඇල්ල, ඩෙවන් දියඇල්ල, සෙන් ඇන්ඩෲස් දියඇල්ල, ෂින් දියඇල්ල, ගැරඩිඇල්ල, රම්බොඩ පළමු හා දෙවන දියඇල්ල, ග‍්‍රීන් හිල්ටොප් දියඇල්ල, වින්ඩි කෝනර් පළමු හා දෙවන දියඇළි මෙසේ නැරඹිය හැකිය.

ඒක සෙල්ලම් පිස්තෝලයක්.. මං ආවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවටයි – හම්බන්තොට නගරාධිපති

තමාට සිදුවූයේ වඳින්නට ගිය දේවාලය ඉහේ කඩාගෙන වැටුණාක් මෙන් සිදුවීමක් බව හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පවසයි.
ඊයේ (17) මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය ආශ්‍රිතව සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම,එරාන් වික්‍රමරත්න, ආර්.යෝගරාජන්, නලීන් බණ්ඩාර ඇතුළු පිරිසක් ඊයේ දිනයේ මත්තල ගුවන්තොටුපළත්, හම්බන්තොට වරායත් දැක බලාගැනීම සඳහා ගිය අවස්ථාවේදී මැර ප්‍රහාරයක් එල්ලවිය.
ගල්මුල් ප්‍රහාර, තර්ජන, බියවැද්දීම්, කුණු බිත්තර ප්‍රහාර, හූ හඬ මධ්‍යයේ මන්ත්‍රී පිරිස දැඩි අපහසුතාවයට පත්වූ අතර ඔවුන් ගමන්ගත් බස් රථයේ වීදුරු ජනෙල් පවා කුඩු පට්ටම් කර තිබුණි.
මන්ත්‍රීවරුන්ට පහරදීම සඳහා දිව ආ මැර පිරිස් අතර රිවෝල්වරයක් රැගෙන එන හම්බන්තොට නගරාධිපතිවරයාද දකින්නට ලැබුණු අතර පොලිස් නිලධාරීන් මධ්‍යයේ නගරාධිපතිවරයා ගිනි අවිය මානා තර්ජනය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.යෝගරාජන් මහතා ද පවසා තිබිණි.
කෙසේ වෙතත් අද දවසේ මාධ්‍යයට ප්‍රතිචාර දක්වමින් නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමා පැමිණියේ එ.ජා.ප මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට බවයි.
තමා මුහුදේ නාමින් සිටියදී කොළඹින් පැමිණි එ.ජා.ප මන්ත්‍රීවරුන් පිරිසකට මත්තල ගුවන්තොටුපළේදී කිසියම් පිරිසකගෙන් බාධා එල්ලවූ බව තමන්ට සැලවුණු බවත්, එම මන්ත්‍රී පිරිස වරාය බැලීම සඳහා යාමට සූදානමින් සිටින බව දැනගත් හෙයින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා තමන් වරාය ප්‍රදේශයට ගිය බවත් නගරාධිපතිවරයා කියා සිටියි.
එම අවස්ථාවේ වරාය ආශ්‍රිතව යම් කිසි පිරිසක් සිටිනු තමා දුටු බවත්, ඔවුන් අතර එක්සත් ජාතික පාක්ෂිකයන්ද සිටි බවත්, කොළඹින් පැමිණි මන්ත්‍රීවරුන්ට බාධා නොකරන ලෙස තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එහෙත් එහි සිටි එක්සත් ජාතික පක්ෂයේ උදවිය මෙම මන්ත්‍රීවරුන් පිරිසට වරාය නැරඹීම සඳහා යාමට අවස්ථාව නොදෙන බව කියා සිටි බවත්, මෙම මන්ත්‍රී පිරිස මැතිවරණ සමයේ හම්බන්තොටට පැමිණ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට හෝ සම්බන්ධ නොවී කොළඹට වී විවේචනය කර කර සිටි බවටත් චෝදනා කළ බව නගරාධිපතිවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන සිතා තමන් එතනට පැමිණි බවත්, ඒ අවස්ථාවේ අසළ සිටි අයෙකුගේ ඉණ අත ගා සෙල්ලම් පිස්තෝලයක් ලබා ගත් බවත්, තමා අත තිබුණේ එකී සෙල්ලම් පිස්තෝලය බවත් , එය මන්ත්‍රීවරුන් බියවැද්දීම සඳහා නොව මන්ත්‍රීවරුන්ට විරුද්ධව කලකෝලාහල කළ අය පළවා හැරීමට බිය ගැන්වීම සඳහා තමා පාවිච්චි කළ බවත් නගරාධිපතිවරයා පවසා සිටියේය.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා රිවෝල්වරයක් අතැතිව කඩාවැදෙන ඡායාරූප අද බොහෝ පුවත්පත් වල පළවී තිබේ.

මං ජනාධිපති වුණොත් කසාද බඳින එක තහනම් කරනවා – රන්ජන්

මාර්ටින් ලූතර් කිං කියලා තියෙනවා මේ ලෝකෙ වැඩියෙන්ම විනාශ කරන්නේ දූෂකයෝ, මංකොල්ලකාරයෝ, මිනීමරුවෝ නෙවෙයි නිහඬව ඉන්න හොද මිනිස්සු කියලා. ඒ නිසා මං ජනාධිපති වුණොත් නිහඬව ඉන්න හොඳ මිනිහෙක් නම් වෙන්නෙ නෑ. හොරකම නැති වුණාම, යහපාලනය ඇති වුණාම මිනිස්සු නම්බුව ගැන හිතන්න පටන් ගන්නවා. නම්බුව ගැන හිතන සමාජයක් ඇති වෙන්න ඕන. අද දේශපාලනයේ ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නෙ මේ දේශපාලනඥයන්ගේ ලැජ්ජා නහර නැතිකම. ලැජ්ජා නැති මිනිහාට ඕනම හොරකමක් කරන්න පුළුවන්. ඕනම වංචාවක් කරන්න පුළුවන්. මං ජනාධිපති වුණොත් මුලින්ම නීතියට, ආගමට, නම්බුවට බය මිනිහෙක් හදනවා.
ඇමෙරිකන් ජනාධිපති වගේ වෙනවා 
ඊළඟට තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ධුරයට මානසික රෝගියෙක් පත් වුණත් ඉවත් කරන්න බෑ. අපේ රටේ තියෙන විධායක බලය අන්තිම දරුණුයි. විධායකය අධිකරණයටවත් වගකියන්න ඕන නෑ. මොකද අගවිනිසුරු පත්කරන්නෙත් ජනාධිපතිවරයා. ජනාධිපති උසාවියට ගේන්න බෑ. අඩුම තරමේ ජනාධිපතිවරයාගේ ආර්යාවවත් ගේන්න බෑ. ආර්යාවට හදිසියේ දික්කසාද වෙන්න ඕන වුණොත්, එතැනදී රටේ දෙවැනි පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් කඩලා තියෙනවා. මං ආවොත් ඒ සිද්ධාන්ත සේරම වෙනස් කරනවා.  සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියන ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ ලක්‍ෂණ ලංකාවට ගේනවා.
කකුළුවෙක් වෙන්නෙ නෑ 
අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ මං හිතන්නේ දූෂණය. දූෂණය පටන්ගන්නෙම ජනාධිපති ධුරයෙන්. අපේ රටේ භයානක ත්‍රස්තවාදය ඉවරයි. නමුත් රටේ හැමදේම පටන් ගන්න මුල් පුරුක වෙලා තියෙන්නේ දූෂණය, වංචාව, හොරකම. මේක නැති කරනවා නම් කරන්න තියෙන එකම දේ තමයි ජනාධිපතිවරයා පරමාදර්ශ චරිතයක් විය යුතුයි. ඔහුට බෑ කකුළුවා වගේ ඇදේට ගිහින් අනෙක් අයට කෙළින් යන්න කියන්න. ඒක බුද්ධ ධර්මයේත් තියෙනවානේ. රජු අධාර්මික වුණාම ඇමැති මණ්ඩලය අධාර්මික වෙනවා. ඇමැති මණ්ඩලය අධාර්මික වුණාම නිලමෙලා අධාර්මික වෙනවා. නිලමෙලා අධාර්මික වුණාම රටවැසියා අධාර්මික වෙනවා. ඒක තමයි අද රටට වෙලා තියෙන්නෙ.
ටෝනි ඇබර්ට්ගෙන් පාඩම් ගන්නවා 
ඕස්ට්‍රේලියාවේ ටෝනි ඇබර්ට්ගෙන් අපිට හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. ඒ නීතිය අපි මෙහේට ගේන්න ඕන. ටෝනි ඇබර්ට්ට අපේ ජනාධිපතිවරයා දුන්නා ප්‍රකෝටි ගාණක් වටිනා තෑග්ගක්. ඔහුට ඕස්ට්‍රේලියා නීතිය අනුව ඕස්ට්‍රේලියා අගමැති හැටියට ඩොලර් 750කට වඩා තෑග්ගක් භාරගන්න බෑ. ඩොලර් 750කට වැඩි තෑග්ගක් නම් ඔහු ඒක රාජ්‍ය භාණ්ඩාගාරයට දෙන්න ඕන. ඒ කියන්නේ පගා ගහන්න තහනම්. අද අපේ රට කොච්චර දූෂණය වෙලාද කිව්වොත් කවදාවත් අහලා නැති විදියට විනිසුරුවරු පගා ගහනවා. පොලිසිය කොන්ත්‍රාත් අරන් මිනී මරනවා. කවදාවත් අහලා නැති විදියට අද අධිකරණයට ඇමැතිලා ගිහින් තර්ජනය කරනවා. අද ආණ්ඩුව දීල තියෙනවා පූර්වාදර්ශයක් ඕනම දෙයක් කරලා දෑත් ශක්තිමත් කරන්න ගියා නම් ඔහු නි‍ෙදාස් කොට නිදහස් පුද්ගලයෙක් වෙනවා කියලා. ඒක මේ ජනාධිපති ධුරයේ තියෙන ඉතාම නරක තත්ත්වයක්. ඒක ජේ.ආර්.ගේ කාලෙත් වුණා. ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවත් ආවා. විජය කුමාරතුංග මහත්තයා සිරගත කළා. සොත්ති උපාලි වගේ මැරයෙක් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ආවා.
ජනාධිපතිවරුන්ට කසාද බැඳීම තහනම් 
අද බලන්න කොනක ඉඳන් සියලු දෙනා හොරකම් කරනවා. මං ජනාධිපති වුණොත් ජනාධිපතිවරු අනිවාර්යයෙන්ම කසාද බඳින්න ඕන කියන එක නවත්තනවා. මොකද කසාද බැඳපු ගමන් ලොකු පවුල් සමාගමක් ඇතිවෙනවනේ. ජනාධිපතිවරයෙක් කසාද බඳින්න බෑ. අබ්දුල් කලාම් කසාද බැඳලා නෑ. ඩඩ්ලි සේනානායක මහත්තයා කසාද බැඳලා නෑ. ජනාධිපතිවරයෙක්ට පුතෙක් හිටියොත් ෆුල් ටයිම් එයා වැඩ කරන්නේ එයාගේ පුතා වෙනුවෙන්. රට වෙනුවෙන් වැඩ කරන්න වෙලාවක් නැති වෙනවා.
නක්‍ෂත්‍රකරුවන්ටත් නීති දානවා 
ඊළඟට ලංකාව විනාශ කරන්නේ රජයේ ඉන්න නක්‍ෂත්‍රකාරයොයි, ජේ‍යාතිර්වේදියොයි. ඒ අයට දීලා තියෙනවා ඩිප්ලොමැටික් පාස්පෝර්ට් සහ ජනපති උපදේශකකම්. ඒ අය තමයි මුළු ලංකාවේම ඉන්න දේශපාලනඥයන්ව නොමඟ යවන්නෙ. මේ අය ඕනම බොරුවක් අනාවැකියක් කියලා හොඳට බබ්බු වගේ ඉන්නවා. මං ආවොත් ඒ අය නීතිය ඉදිරියට ගේන්න ක්‍රමයක් හදනවා.
අවමංගල සහ කසාදවලටත් ඇමැතිවරයෙක් 
ජනාධිපතිවරයා හැටියට මම උදේ ඉඳන් හවස් වෙනකල් උපන්දිනවලට කතා කරන්නෙ නෑ. උපන්දින උත්සවවලට, වෙඩින්වලට, අවමඟුල් හැම එකටම සහභාගි වෙන්නෙත් නෑ. ඒකට මම වෙනම කැබිනට් එකේ අවමංගල සහ කසාද කියලා ඇමැති කෙනෙක් පත් කරනවා. දැන් ඉන්න ඇමැතිවරු, මන්ත්‍රිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු කරන්නේ දවසකට මළගෙවල් පහළොවකට විතර යනවා.  කොටහළු මඟුල් පහකට විතර යනවා. ජනාධිපතිවරයකුගේ කාලය හරියට වටිනවා. ඒ නිසා මං වෙනුවෙන් අවමංගල ඇමැතිවරයා තමයි මල් වඩමක් එක්ක එතැනට සහභාගි වෙන්නෙ.
ඩලස්ගේ තියරියත් ගේනවා 
ඊළඟට ඩලස් අලහප්පෙරුම කියපු නීතිය ගේනවා. මහජන මුදලින් හදන පාරවල්, ගොඩනැඟිලි, අධිවේගී මාර්ග එකකටවත් මගේ මූණ දැමීම තහනම්. මේ ළඟදී මගේ යාළුවෙක් චීනෙ ගියා. අධිවේගී මාර්ග හැමදාම හදනවලු. හදලා ඉවර වුණාට පස්සෙ වාහනවලට ඒ වෙලේම යන්න දෙනවා. දවස ගාණේ ඕපන් කරන්නෙ නෑ. ඒක විහිළු ක්‍රමයක්. ඇමෙරිකාවේ මීට ලොකු උමං මාර්ග හදනවා. විවෘත කරන්නේ ජනතාව.
රත්තරන් රාජ්‍ය භාණ්ඩාගාරයට 
එල්.ටී.ටී.ඊ. එක කියන්නේ අග්නිදිග ආසියාවේ පෝසත්ම ත්‍රස්ත සංවිධානයක්. ජනරාල්ම කිව්වා එක පාරක් කිලෝ දෙසීයක රත්තරන් ලැබුණා කියලා. අද වෙනකල් ඒ මුදලට වුණු දෙයක් නෑ. මම ඒ මුදල් සේරම රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාගෙන ඒක  ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවනවා.
මේක පිම්පි රටක් කරන්නඉඩදෙන්නෙ නෑ 
අපේ රටේ අම්මලා අක්කලා නංගිලා ලිංගික සේවාවන් වෙනුවෙන් මැද පෙරදිගට විකිණීම නතර කරලා පුහුණු ශ්‍රමිකයන්ව පිටරට යවනවා. නමට විතරක් ආසියාවේ ආශ්චර්යය කියන්නේ නැතිව සැබවින්ම ආසියාවේ ආශ්චර්යය බවට පත් කරනවා. ඒ වගේම මං කරන හැමදේටම මං වගකියනවා, උසාවි යනවා.
ලී ක්වාන් යූ කළා වගේ කරනවා 
අද අපේ පැත්තෙන් ආණ්ඩුවට ගිහින් ඉන්න බොහෝ දෙනකුට නීති ප්‍රශ්න තියෙනවා. අපි බලයට පත්වුණ ගමන්ම ඒ දූෂිතයෝ ටික අනිවාර්යයෙන්ම මේ පැත්තට පනිනවා. මං ජනාධිපති වුණොත් එහෙම එන්න බෑ. අපේ පැත්තට එන්න ඕන නම් නීතිය ඉදිරියට ගිහින් නඩුවක් අහලා නි‍ෙදාස්කොට නිදහස් වෙලා එන්න පුළුවන්. නැත්නම් බෑ. ලී ක්වාන් යූගේ රටේ එහෙම තියෙනවා.
විමල්ට ගෙවල් බෙදන්න බෑ 
ඒ වගේම කලාකරුවන් මං වෙනුවෙන් මහරජාණෝ කියලා සින්දු කියන්න ඕන නෑ. මාව ශාක්‍ය වංසික බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෝ කරන්න ඕනත් නෑ. මම  මේ මීගමුවේ කොච්චිකඩේ ඉපදුණු සාමාන්‍ය මිනිහෙක්. අනෙක් අතට ජනතාව අතර අද ලොකු වැරැදි මතයක් තියෙනවා විමල් කලාකරුවන්ට ගෙවල් දෙනවා කියලා. ‘විමල් කොස්තාට ගෙයක් දෙයි’, විමල් චිත්‍රා වාකිෂ්ඨට ගෙයක් දෙයි කියලා’. මේ ගෙවල් විමල් කළුතර ඔහුගේ ගමේ අම්මාගේ අප්පගේ බූදලෙන් දෙන ගෙවල් නෙවෙයි. මහජනතාවගේ මුදල්වලින් දෙන ගෙවල්. මං ආවොත් එහෙම විමල්ට ගෙවල් දෙන්න බෑ. නිවාස සංවර්ධන අධිකාරියට ගෙවල් දෙන්න පුළුවන්.
හර්ෂ නැත්නම් එරාන් එයි 
මගේ අගමැති විදියට මං කැමැතියි නම් කරන්න හර්ෂ ද සිල්වා වගේ කෙනෙක්. මොකද ඔහුට හොඳ ඥානයක් තියෙනවා. ආචාර්යවරයෙක්. ඔහු නැත්නම් එරාන් වික්‍රමරත්න වගේ කෙනෙක් හොඳයි.
අනුර නැත්නම් හඳුන්නෙත්ති ඕන 
මේ දූෂිත සමාජයේ හොරු ඉන්නවාමයි. හොරු අල්ලලා දෙන්න නම් අනුර කුමාර හරි හඳුන්නෙත්ති හරි විපක්‍ෂ නායකකමට එනවා නම් හොඳයි.
සුභාෂිණී ගුණරත්න
මව්බිම

හම්බන්තොටදී UNP මන්ත‍්‍රීවරුන්ට ගහද්දී ප‍්‍රභූ ආරක්‍ෂකයන් කටබලියන් ඉඳලා

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ඊයේ දිනයේ මත්තල ගුවන් තොටුපළට සහ හම්බන්තොට වරාය ගැන සොයා බැලීමට ගොස් සිටියදී පහර දීමක් සිදු වූ අවස්ථාවේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන් රාජකාරි හරි හැටි කළා දැයි විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ  පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
අවම වශයෙන් ප‍්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙකු බැගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති ඇති බවත් මන්ත‍්‍රීවරයෙකුගේ ආරක්ෂාව පිළිබදව් ගැටලූවක් ඇතොත් ඒ ගැන අදාළ පොලීසිවලට දැනුම් දීම එම ආරක්ෂකයින්ගේ වගකීම බවත් කී මාධ්‍ය ප‍්‍රකාශකවරයා එජාප මන්ත‍්‍රීන් සමග ගිය ආරක්ෂකයින් එසේ කිසිවක් දැනුම් දී නැති බවද සඳහන් කරයි.
‘මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව යොදවා ඉන්න ප‍්‍රභූ ආරක්ෂකයින් මේ පිරිසට ආරක්ෂාවේ ගැටලූවක් තිබෙන බවට පොලීසියට දැනුම් දුන්න්නා නම් පොලීසිය එතැනට ගිහින් විශේෂ ආරක්ෂාවක් සලසනවා. ඒ වුණත් ඔවුන් එසේ දැනුම් දී තිබුණේ නෑ. පොලීසිය පැත්තෙන් අඩුපාඩුවක් සිදුවුණාද කියන එක අපි සොයා බලනවා’ යයිද අජිත් රෝහණ මහතා කීය.

BBC මෙරට ප‍්‍රධානියාට ලංකාවෙන් පිටවන්නැයි දැනුම් දෙයි

බීබීසී පුවත් සේවයේ මෙරට ප‍්‍රධානී චාල්ස් හැවුලන්ට රජයෙන් ලබා දී ඇති වීසා බලපත‍්‍රය ඉදිරි දෙවසර සඳහා දිගු නොකිරීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
මෙම මාසයෙන් අවසන් වන ඔහුගේ වීසා බලපත‍්‍රය අලූත් කර ගැනීමට ඉල්ලූම් කර ඇතත් මාස තුනක් සඳහා පමණක් වීසා නිකුත් කරන බව විදේශ කටයුතු බලධාරීන් දන්වා ඇත.
මෙම මාස තුන සඳහා ලබා දෙන වීසා අවසන් වූ වහාම මෙරටින් පිටවන ලෙසද චාල්ස් හැවුලන්ට දැනුම් දී තිබේ.

මා සම්බන්ධ පොලිස් පරීක්‍ෂණ සතුටට කරුණක්

පොලීසිය විසින් තමන් ගැන විමර්ශනයක් ආරම්භ කිරීම සතුටට කරුණක් යයි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ තමාට එරෙහිව ඇති පැමිණිලි විභාග කිරීමට යොමු වීමෙන් මෙතෙක් හෙළිකිරීමට නොහැකි වූ අන්තවාදීන් සිදුකරන ජාවාරම් විශාල ප‍්‍රමාණයක් පොලීසිය හමුවේ ප‍්‍රකාශ කිරීමට හැකිවන බවයි.
බුද්ධාගම විකෘති කළ පොත් මැදපෙරදිග සිට ශ‍්‍රී ලංකාවට ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කි‍්‍රයාත්මක වන බවත් ඒවා ඇතුළු අන්තවාදී කි‍්‍රයා රැසක තොරතුරු පොලීසියට ලබාදීමට මෙතෙක් තමාට අවස්ථාවක් නොලැබුණු බැවින් මෙම අවස්ථාව ඉතා වටිනා අවස්ථාවක් බවද උන්වහන්සේ පවසති.
සුළුදේටත් පොලිස් ස්ථාන වලට ගොස් අන්‍ය ආගමිකයන් පැමිණිලි දමන බවත් බෞද්ධ ජනතාව කොතරම් පීඩා සිදු වුණත් එසේ නොකිරීම කනගාටුවට කරුණක් බවද පෙන්වා දෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ තමන්ගේ ආගමට ජාතියට හානියක් සිදුවන  ඕනෑම අවස්ථාවක නොබියව පොලිස් ස්ථානයක් වෙත ගොස් පැමිණිලි කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කීහ.

නිශාන්ත රණතුංග හරි.. ක‍්‍රීඩකයන් සීමාව ඉක්මවා ගිහින්.. – ජයසූරිය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනය තුල විශිෂ්ඨ මෙහෙයක් සිදු කරන බවත් ඔහුගේ වැරැද්දක් තමන් නොදකින බවත් ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
සති අන්ත පුවත් පතක් හා සාකච්චාවට එක් වෙමින් ඔහු පවසන්නේ ක‍්‍රිකට් බලධාරීන් විවේචනය කරන්නට කිසිම ක‍්‍රීඩකයෙකුට අයිතියක් නැති බවත් සමහර ඉදිරිපෙල ක‍්‍රීඩකයන් තම සීමාව ඉක්මවා කටයුතු කරන බවත්ය.
ජයසුරිය එහිදී මෙහේද කියයි.
‘මේ ජයග‍්‍රහණය එක් එක් ක‍්‍රීඩකයා කල ජයග‍්‍රහණයක් නෙමෙයි. මේ පිටුපස විශාල පුහුණුකරුවන් ප‍්‍රමාණයක් ඉන්නවා. ක‍්‍රිකට් බලධාරීන් තේරීම් කමිටු සාමාජිකයන් සියළු දෙනා ඉන්නවා.
මේ එක ක‍්‍රීඩකයෙක්වත් ක‍්‍රිකට් ආයතනය නැතිනම් බිහිවෙන්නේ නෑ. අපි ඔවුන්ගේ ගෙවීම් දෙස ඉතා හොඳින් බලා හොඳ යෝජනා ඉදිරිපත් කලා. නමුත් තවමත් ගිවිසුම් අත්සන් කරන්නට ඔවුන් ප‍්‍රමාද වෙනවා. මෙය වැරදි ආදර්ශයක්.
ක‍්‍රිකට් බලධාරීන් විවේචනය කරන්න කිසිම ක‍්‍රීඩකයෙකුට අයිතියක් නෑ. සමහර ඉදිරිපෙල ක‍්‍රීඩකයෝ සීමාව ඉක්මවන බව පේන්න තියෙනවා. එය වැරදි පූර්වාදර්ශයක් බවට පත්විය හැකියි. මෙය එක් ක‍්‍රීඩකයෙකුගේ ජයග‍්‍රහණයක් නොවන නිසා එවැනි පුද්ගලික මත ඉදිරිපත් නොකල යුතුයි.
නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනය තුල ඉතා විශිෂ්ඨ මෙහෙයක් ඉටු කරනවා. විවිධ කණ්ඩායම්වලින් යුතු ක‍්‍රිකට් ආයතනය ඉතා හොඳ පාලනයකින් ඔහු පවත්වාගෙන යනවා. ඔහුගේ වැරැද්දක් මට නම් පෙන්න  නෑ. ඔහු පාලකයෙක්. ඔහු සමස්ථ ක‍්‍රිකට් ක‍්‍රීඩාවටම වගකිව යුතුයි. එක් ක‍්‍රීඩකයෙක් වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ නෑ’

Thursday, April 17, 2014

ප‍්‍රවේශමෙන්.. කොළඹ මහා පරිමාණ වකුගඩු ජාවාරමක්

ශ‍්‍රී ලංකාවේ කොළඹ නගරය මූලික කරගෙන සිදු කෙරෙමින් ඇති වකුගඩු ජාවාරමක් පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කර ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
හයිද්‍රාබාද්හි පදිංචිකරුවෙකු වන දිලීප් මාරු (20)  නැමැත්තකු කොළඹදී වකුගඩු ජාවරමට ගොදුරුවී මිය ගොස් ඇති බවට එම තැනැත්තාගේ සොහොයුරෙකු හයිද්‍රාබාද් මධ්‍යම අපරාධ ස්ථානයට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම ජාවාරම පිළිබද ඉන්දීය ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ‘ද හින්දු’වෙබ් අඩවි වාර්තාවේ සදහන්ය.
ඉකුත්  මාර්තු 22 වෙනිදා එම තරුණයා රැකියාවක් සොයා ගෙන සිය නිවසින් පිටව ගොස් ඇති බවත් ඊට දින 6කට පසු ඔහු කොළඹට  පැමිණ ඇති බවත් පැමිණිලිකරු දැනුම්දී ඇති අතර ශ‍්‍රී ලංකා පොලීසිය දිලිප් මාරු තරුණයාගේ නිවසට ඉකුත් දා කතා කර ඔහු හෘදයාබාධයකින් මිය  ගොස් ඇති බවත් මළ සිරුර රජයේ රෝහලක තැන්පත් කර ඇති බවට දැනුම් දී ඇති බවත් සදහන් කරයි.
පසුගිය අපේ‍්‍රල් 3 වැනිදා හයිද්‍රාබාද් වෙත ඔහුගේ සිරුර ගෙන්වා ගෙන තිබෙන අතර වකුගඩු ජාවාරමක ප‍්‍රතිඵලයක් ලෙස මාරු මියගොස් ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.
පරීක්‍ෂණවලදී හෙළිව ඇත්තේ ඔහුගේ වකුගඩුවක් රුපියල් ලක්ෂ 15කට විකිණීම සදහා ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ සදහා ඔහුට ලංකාවට පැමිණීමට වීසා පාස්පෝට් ගුවන් ටිකට්පත් හා නවාතැන් පහසුකම් නොමිලේ ලබාදී ඇති බවත්ය.

නොරොච්චෝල වියදම පියවා අවසන්.. දැන් ලාබ හොයනවා

නොරොච්චෝල විදුලි බලාගාරය ඉදිකිරීමට ගිය වියදම උපයාගෙන අවසන් වී දැන් ලාභ ලබන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා පවසයි.
‘නොරොච්චෝලේ තාප බලාගාරයෙන් අපට දැනටමත් ප‍්‍රතිලාභ ලැබෙනවා.කොටින්ම ඒ සදහා අපට ගිය වියදම දැන් අපි උපයාගෙනත් ඉවරයි. ඕනෑම යන්ත‍්‍ර සූත‍්‍රයක් කැඩෙනවා තමයි.කැඩුනම හදනවා.ඒවාට තමයි ඉංජිනේරුවන් ඉන්නේ.
හෙජිත් වගේ ගිවිසුම් ලෝකයේ වෙනත් රටවලත් අති කරගැනෙනවා.තෙල් මිල නිතර ඉහළ පහළ යනකොට අපේ මිල ගණන් එකම මට්ටමක පවත්වාගෙන යන්නයි එමගින් අපි උත්සාහ කෙරුවේ.ඉතින් ඒවා වරදින අවස්ථාවලත් තියෙනවා.මේකත් අන්න ඒ වගේ අවස්ථාවක් විපක්ෂයේ ඉන්න සමහර මැටි මෝල් දේශපාලඥයින්ට ඒවා තේරුම් ගන්න අමාරුයි.
ඒ ගැන දොස් දකින එක විතරමයි විපක්ෂයේ අයට කරන්න පුළුවන්.ඒ මිසක් එමගින් ලැබෙන ප‍්‍රයෝජන ගැන හිතන්නේ නෑ.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ මහ ගලක් තිබෙන නිසා නැව් එන්නේ නැහැයි කියන එක වගේම මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා නොයෙන බව කීමත් පට්ටපල් බොරුවක්. කලින් අපට තිබුණේ එක ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් විතරයි.ඒත් දැන් අපට ජාත්‍යන්තර ගුවන් ගුවන් තොටුපළ 2ක් තිබෙන නිසා අයහපත් කාලගුණික හේතුවක් මත කටුනායක ගොඩබාගන්න බැරි අවස්ථාවක වුණත් මත්තලට යන්න පුළුවන්’ යයිද ඇමතිවරයා අදහස් පල කරයි.

ඇමති මෛත‍්‍රී ඊශ්වර දෙවියන්ට කුණු පළතුරු පූජා කරලා.. කපුවා පොලීසි යයි

සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය අවුරුදු දා මුන්නේශ්වරම ඊශ්වර මහ දෙවෙල වැද පුදා ගැනීමට පැමිණ දෙවියන්ට පූජා කිරීමට මිලදීගත් පූජා වට්ටියේ කුණු වූ පලතුරු තිබූ බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලීසිය කියයි.
ඊශ්වර දෙවෙල කරා පැමිණි ඇමතිවරයා දෙවියන් පිදීම පිණිස දේවාලය අසල ඇති පූජා වට්ටි කඩයකට  ගොස් රුපියල් 1500 ක පමණ වටිනාකමක් ඇති බව කියන පූජා වට්ටියක් මිලදී ගෙන ඇත. එයට විවිධ පළතුරු මල් හා පොල් ගෙඩියක් ඇතුළත්ව තිබුණි.
එම පූජා වට්ටිය ගෙනැවිත් මහා දේවලයේ සිව ලිංගය ඇති ක්ිය ඉදිරිපිටට පැමිණි ඇමතිවරයා පූජා වට්ටිය එහි පූජා පවත්වන පූජකවරයෙකුට දී දේව පූජාවක් පවත්වා ඇත .  දේවාශිර්වාදය ලබාගත් ඇමතිවරයා මොහොතක් දේවලයෙහි  රැදී සිට පසුව පිටව ගොස් තිබේ.
පූජකවරයා ඇමතිවරයා පූජා කළ පූජාවට්ටියේ වූ පළතුරු ඉවත් කිරීමට යාමේදී ඒ තුළින් දුගදක් දැනී පරීක්ෂා කළ විට වට්ටියේ ඇති පළතුරු අතර කුණු වූ පළතුරු ඇති බව දැක ඇත.
ජූජා වට්ටිය සකස් කළ අය එයට කුණු වූ පළතුරු තැබීම නිසා එම තත්ත්වය සිදුවී ඇති බව තේරුම් ගත් පූජකවරයා වහාම මේ අසල ඇති පොලිස් මුරපොළට පැමිණිලි කර තිබේ.
පසුව සිද්ධිය හලාවත කොට්ඨාශ පාරිසරික පොලිස් ඒකකයට දැන්වීමෙන් පසුව එහි නිලධාරියෙකු පැමිණ පරීක්ෂා කළ විට එම පූජා වට්ටියට කුණු වූ පළතුරු ඇතුළත් කර ඇති බව තහවුරු කරගෙන එම පූජාවට්ටිය අලෙවි කළ  කඞ් හිමියා කැදවා ඔහුට දැඩි ලෙස අවවාද කළ බව පොලීසිය කියයි

උඩින් ගියාට 2013 පාඩුව කෝටි 2860 යි

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය 2013 වසරේදී රුපියල් කෝටි 2860ක මෙහෙයුම් අලාභයක් ලබා ඇති බව බවද  ශ‍්‍රී ලංකා මහබැංකුවේ 2013 වාර්ෂික වාර්තාවේ සදහන් වේ.
2012 වසරේ රුපියල් කෝටි 2700 ක මෙහෙයුම් අලාභයක් සමාගම ලබා ඇති අතර එය ඉකුත් වසරේදී රුපියල් කෝටි 2860 දක්වා ඉහළ ගොස් ඇත.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය 2013 වසරේ දී රුපියල් කෝටි 10950 ක් ආදායමක් ලබා තිබූ අතර එහි මෙහෙයුම් වියදම රුපියල් කෝටි 13810 ක් වූ බව එම වාර්තාවේ සදහන් වේ.
ඉන්ධන මිල ගණන් ඉහළ යෑම යුරෝපයේ පැවති ආර්ථික අවශ්‍යතා මෙහෙයුම් සතුටුදායක මට්ටමක නොවීම වෙනත් ගුවන් සේවාවන්ගෙන් ඇතිවූ තරගකාරීත්වය අතිරේක ධාරිතාවන් එක්කර ගැනීම ආදී කරුණු ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් අලාභය ඉහළ යෑමට හේතු වූ බවද ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සදහන් වේ.
මිහින් ලංකා ගුවන් සේවය 2013 වසරේ දී රුපියල් කෝටි 150 ක මෙහෙයුම් අලාභයක් ලබා තිබුණු බවද මහ බැංකු වාර්ෂික වාර්තාවේ දැක්වේ.