Translate

Translate

Tuesday, March 25, 2014

යුනයිටඩ් මෝටර්ස්‌ සමාගම MG6 මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දෙයි


යුනයිටඩ් මෝටර්ස්‌ ලංකා පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක්‌ වන යුනිමෝ එන්ටප්‍රයිසස්‌ ලිමිටඩ්, බ්‍රිතාන්‍ය අද්විතීය ඉංජිනේරු තාක්‍ෂණයෙන් නිර්මිත MG6 මෝටර් රථය පසුගියදා මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය.

21 වන සියවසේ කීර්තියට පත් මෝටර් රථ මාදිලියක්‌ වන MG6 1990 දශකයේදී තම අවසාන මෝටර් රථ මාදිලි පෙළ වෙළෙඳපොළට නිකුත් කරන ලදී. 

ඉන් වසර 16කට පසුව නවීන තාක්‍ෂණය මුසුව නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් වන ප්‍රථම සුඛෝපභෝගි මෝටර් රථය වන්නේ ප්‍රෙෘඪ අතීතයකට හිමිකම් කියන වර්තමාන සාමාජිකයා වන MG6 මාදිලියයි. අතීතයේ MG නාමය ප්‍රකට වූයේ වේගවත්, බලසම්පන්න මෙන්ම විවෘත වහල සහිත මෝටර් රථ මාදිලි පෙළකටයි.

සියලුම MG6 මාදිලි ලීටර 1.6 ටර්බෝචාඡ් පෙට්‌ට්‍රල් එන්ජිමකින් හා වේග 5 මැනුවල් ගියර් පද්ධතියකින්, ෆ්රන්ට්‌ වීල් ඩ්‍රයිව් ක්‍රමයෙන් ධාවනය වේ. ඉදිරිපසට මැක්‌ ඵර්සන් සස්‌පෙන්ෂන් යොදා ඇති අතර Z ඇක්‌සල් මල්ටි ලින්ක්‌ස්‌ පසුපසට යොදා ඇත.

විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුත් වාහන රැසක්‌ මෙරටට වෙළෙඳපොළට හඳුන්වාදී ඇති තම ව්‍යාපාරය අතීතයේ මෙරට බෙහෙවින් ජනප්‍රිය වූ මෝටර්ථයක්‌ වූ MG මෝටර් රථ නැවත මෙරටට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බව මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ යුනයිටඩ් මෝටර්ස්‌ පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරි චානක යටවර මහතා පැවසීය.

හඳුන්වා දෙනු ලැබූ MG6 මෝටර් රථය පැරණි MG මෝටර් රථ පාරිභෝගිකයන්ටත් නව පරපුරේ තරුණයන්ට හා ස්‌පෝර්ට්‌ මාදිලි සඳහා කැමැත්තක්‌ දක්‌වන අය අතර බෙහෙවින් ජනප්‍රිය වේවි යෑයි තමන් විශ්වාස කරන බවද චානක යටවර මහතා මෙහිදී කියා සිටියේය.

යුනයිටඩ් මෝටර්ස්‌ පීඑල්සී සමූහ ප්‍රධාන විධායක නිලධාරි චානක යටවර, යුනිමෝ එන්ටප්‍රයිසස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හා ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ මහේෂ් ගුණතිලක යන මහත්වරු නව MG6 මෝටර් රථය හඳුන්වාදුන් අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

ඡායාරූපය - කමල් බෝගොඩ

No comments:

Post a Comment