Translate

Translate

Tuesday, March 25, 2014

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

අද අපි මුහුණදී තිබෙන්නේ ඉතිහාසයේ දැවැන්තම ආර්තික කඩා වැටීමටයි
- ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

ප්‍රසාද් විද්‍යාරූප - අකුරැස්‌ස

අද සාමාන්‍ය ජනතාවගේ වළල්ල, මගුල් මුද්ද තියෙන්නේ බැංකුවේ, එහෙම නැත්නම් උකස්‌ කඩේ. ආර්ථිකය නැගලලු. නැගලා නෙමෙයි බැහැල. අද අපි මුහුණදීලා තියෙන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික කඩා වැටීමකට. ඒනිසා මේ ආණ්‌ඩුවට තවදුරටත් ඡන්දය දීලා ශක්‌තිමත් කරලා ඉස්‌සරහට ගෙනියන්න ඕන ආණ්‌ඩුවක්‌ නෙවේ යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දෙනියායේ පැවැති ජනහමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් කථා කළ ඒ මහතා මෙසේද කීය.

පසුගිය ජනවාරි මාසයේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙව්වේ ලංකා බැංකුවෙන් ණය අරන්. මහා භාණ්‌ඩාගාරයේ ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 26 දාට මේ ගිනුමේ සල්ලි සතයක්‌වත් නෑ. සතයක්‌වත් නැත්නම් තව හොඳයි. වෙලා තියෙන්නේ දශ ලක්‍ෂ 76000 ක්‌ බැංකුවට ණයයි. ආණ්‌ඩුවට වෙච්ච සෙතේම නේද අපිටත් වෙලා තියෙන්නේ.

දැන් ආණ්‌ඩුව සල්ලි හොයන්න අත්‍යාවශ්‍ය ආහාරපාන වලට දඩ ගහනවා. ලෝකේ කිසිම රටක ජනතාවගේ ආහාර පාන වලට දඩ ගහන්නේ නෑ. අපි කඩේට ගිහින් කොත්තමල්ලි ග්‍රෑම් 250 ක්‌ ගෙනාවොත් රුපියල් 50.50 ක ආණ්‌ඩුවට දෙන්න ඕන. සුදු ළුEණු ග්‍රෑම් 500 කට රුපියල් 20 ක්‌ දෙන්න ඕන. සීනි 500 කට රුපියල් 15 ක්‌ දෙන්න ඕන. පරිප්පු 500 කට රුපියල් 11 ක්‌ දෙන්න ඕන. කහකුඩු 100 කට රුපියල් 20.20 ක්‌ දෙන්න ඕන. සූදුරු ග්‍රෑම් 100 කට රුපියල් 12 ක්‌ දෙන්න ඕන.

මැද පෙරදිග වගේ රටවල අවුරුදු දහයක්‌ ගියත් ආහාර පාන වල මිලේ වෙනසක්‌ වෙලා නෑ. ඒකට අපේ රටේ රුපියල් පහට තිබුණ ටී එක රුපියල් 35 යි. රුපියල් 3.50 ට තිබුණ කිඹුලා බනිස්‌ එකක්‌ දැන් කාපු කාලයක්‌ මතක නෑ. අද කිරි පිsටි පැකට්‌ එකක වැඩිපුර තියෙන්නේ බදු. ඒ නිසා මේකට දැන් කියන්න ඕනේ කිරිපිටි නෙමෙයි බදු පිටි පැකට්‌ එක කියලයි. කිරිපිටි පැකට්‌ එකටත් බදු ගැහුවට පොඩි දරුවෙක්‌ දැක්‌කම සමහරු බොරු සෙනෙහසක්‌ පෙන්වනවා. බදු ගහන ආණ්‌ඩුව ඊට පස්‌සේ ගහනවා දඩ.

මෝටර් සයිකල් ත්‍රීවිල් වලට තුන් ගුණයක බද්දක්‌ රේසිං කාර් 19 ට සම්පූර්ණ බදු සහනයම දුන්නා. රේසිං කාර් දහ නමයේ වටිනාකම ලක්‍ෂ 933 යි. බදු ගැහුවනම් ලක්‍ෂ 2022 ක බද්දක්‌ වදින්න තිබුණා. සූදුරු කොත්තමල්ලි සීනි පරිප්පු සීනි ටිකට බදු ගහන ආණ්‌ඩුව රේසිං කාර්වල බදු අයින් කරනවා. එක පැත්තකින් නාස්‌තිය. අනිත් පැත්තෙන් රටේ නීතියක්‌ නෑ. මුළුමණින්ම රටේ නීතිය කඩා වට්‌ටලා.

ඉස්‌සර කුඩු ගෙනාවේ ඊයම් කොලයක ඔතලා. කරුංකා ගෙඩියක්‌ සයිස්‌ එකේ ගුලි දෙකතුනක්‌ ගිලලා එයාර් පෝට්‌ එකෙන් පැනලා වස්‌ති කරලා ගන්න පුළුවන්. දැන් එන්නේ කන්ටේනර් පිටින්. ඉස්‌සර කුඩු බිස්‌නස්‌ කලේ නිකං මුදලාලිලා. දැන් බිස්‌නස්‌ කරන්නේ කවුද.

රටේ ඇමැතිවරු අරක්‌කු මුදලාලිලා. වයඹ ලේබල් එකෙන් එනවා. හිඟුරාන ලේබල් එකෙන් එනවා. මෙහෙම ගියොත් අපේ දරුවන්ට අත්වන ඉරණම මොකක්‌ද? මේක වෙනස්‌ කලේ නැත්නම් අපේ දරුවන්ට අනාගතයක්‌ නෑ. අවුරුදු හැට හයක්‌ තිස්‌සේ අලියට අතට අලියට පුටුවට ආණ්‌ඩු මාරු වුණත් මොකද වුණ සෙතේ. මන්ත්‍රී ඇමැති වෙනවා. ඇමතිගේ ගෙවල් ලොකු වෙනවා. වාහන ගන්නවා. තේ වතු කුරුඳු ගන්නවා. දරුවෝ රට යවනවා. ආපසු ලංකාවට ගෙන්වනවා.ආයේ ඡන්දෙට දානවා. මේ ක්‍රමේ වෙනස්‌ කරන්න ඕන.

ඒක වෙනස්‌ කරන්නම් ජනතා විමුක්‌ති පෙරමුණ බලයට ගේන්න ඕන. සමහරු කියනවා අපි එදා ඉඳලම යූඇන්පී, ශ්‍රී ලංකා කියලා. ඉතින් පක්‌ෂේ මාරු කරන්නේ කොහොමද කියලා. ඒ වුනාට නායකයෝ ඒ පැත්තට මේ පැත්තට පනිනවා. මේ අය පැන්න නම් අපිට පක්‍ෂ මාරු කරන්න හොඳ නැද්ද? හැට හය අවුරුද්දක්‌ මේ රටට වෙච්ච නස්‌පැත්තිය විපත්තිය හොඳටම ඇති. මේක නවත්වන්න ජනතා විමුක්‌ති පෙරමුණ බලයට පත් කරන්න.

No comments:

Post a Comment