Translate

Translate

Friday, February 28, 2014

ලස් ගැනීම් බොරුවක් නොවෙයි - නදීෂා

ලිංගික අල්ලස් ගැනීම් බොරුවක් නොවෙයි - නදීෂා
මෙවර පළාත් සභා මැතිවරණ බිමට හා හා පුරා කියා පැමිණි නිළියන් අතරින් නාමයෝජනා ලැබුණේ ඔබට පමණයි. ඊට හේතුව ඔබ විපක්ෂයෙන් තරග බිමට එක්වීම බවයි බොහෝ අය පවසන්නේ?මා ඊට එකඟවන්නේ නැහැ. කවර දේශපාලන පක්ෂය වුවත් නාමයෝජනා ලබා දෙන්නේ සුදුසු අයට.නුසුදුස්සන් ඉදිරිපත් කරන්න කවුරුත් කැමති නැහැ. මට නාම යෝජනා ලැබුණේ මා ඊට සුදුසු නිසා. නාම යෝජනා අහිමි වූ අයට එසේ වූයේ ඒ අයගෙ සුදුසුකම් අඩුවීම නිසා වන්නට ඇති.
 විපක්ෂයෙන් දේශපාලනයට එක්වී පසු කලෙක ආණ්ඩු පක්ෂයට යාම දේශපාලන මාවතේ කෙටි මගක්..?
මම නම් කිසිම දාක ඔය කෙටි මගට යොමුවන්නේ නැහැ. ඒ කෙටි මග තුළින් ඉදිරියට යන අය ඉන්නවා. මා ඒ අය සමග සංසන්දනය කරන්නවත් මා ඒ අයට සමාන කරන්නවත් එපා. නදීෂා හේමමාලි කියන්නේ කෙළින් වැඩ කරන කෙනෙක්.
 ඔබ නිතරම පවසනවා සුබවාදිව ජීවිතය දකින බව. ඒ අනුව මෙවර පළාත් සභා මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම දිනනවා කියලද ඔබ හිතන්නේ?
පැහැදිලිවම ඔව්. ඒ  ගැන දැඩි විශ්වාසයක් මා තුළ තිබෙනවා. මම කරන හැමදේම දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව කරන කෙනෙක්.
ද ඡන්දයකදී දිනන්න ආත්ම විශ්වාසය පමණක් ප්‍රමාණවත්ද? ජනතා මනාපය ඊට අවශ්‍යයයි නේද?
විශාල ජනතා මනාපයක් මට වගේම අපේ පක්ෂයටත් තිබෙනවා. මෙම රජයේ පාලනයෙන් පීඩා විඳින ජනතාව අප වටා සිටිනවා. මෙම රජය පෙරළන ප්‍රථම වෙඩි මුරය අපි තබන්නේ මෙවර පළාත් සභා මැතිවරණයෙන්.
 මා කතා කරන්නේ ඔබ නියෝජනය කරන පක්ෂය ගැන නමෛයි. ඔබ ගැන. ජනතා මනාපය ලබාගන්න දේශපාලනය තුළ ඔබ කළ දේ වැදගත්. යම් හෙයකින් ජයගතහොත් කරන්නට බලා‍පොරොත්තු වන දේ ඊටත් වඩා වැදගත්.
මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැකි ඉක්මනට ජනතාවට ඉදිරිපත් කරන්නට මා බලා‍පොරොත්තු වනවා. මම කියනදේ කරන, කරන දේ කියන කෙනෙක්. ඒ පුරුද්ද මට ඇතිවුණේ දේශපාලනයට පිවිසීමට කලින් ඉඳන්මයි. ජනතාවට හීන පෙන්වීම හා ඉන්පසුව ඒ හීන බිඳ දැමීම කිසිසේත්ම කරන්නේ නැහැ කියන අධිෂ්ඨානය තුළයි මම ඉන්නේ. ඒ හරහා තමයි මගෙ ප්‍රතිපත්ති ගොඩ නැගෙන්නේ.
 ඔබේ ප්‍රකාශය අනුව ඔබට ‍පොරොන්දු දෙන්න සිදුවන්නේ කළ හැකි දේ ගැන පමණයි. නිළියක් ලෙස ලද ජනතා
ආකර්ෂණයෙන් මේ ගමන පැමිණි නදීෂාට කලාව නියෝජනය කරමින් යම් සේවාවක් කළ හැකිවේදැයි යන ගැටලුව මේ මොහොතේ අපට ඇති වෙනවා.
කාලයක් තිස්සේ කලාවේ නිරත කෙනෙකු ලෙස එහි පවත්නා ගැටලු මම දන්නවා. වර්තමානය වන විට කලා ක්ෂේත්‍රයේ ඇතිව ඇති අර්බුද ගැන අවබෝධයක් තියෙනවා. ඒ සියලු ගැටලු විසඳන්න පළාත් සභාව තුළ සිට මට බැරි වේවි. නමුත් ඊට එරෙහිව හඬක් නගන්න මට බලය ලැබේවි.
 වර්තමානය වන විට කලාවේ ඇති අර්බුද මොනවාද?
කලාවේ හැම අංශයකම නොයෙක් අර්බුද තියෙනවා. මා වැඩි ජනතා ප්‍රසාදයක් ලැබූ ටෙලි නාට්‍යය කලාව ගැන ගතහොත් අද වනවිට එහි විශාල කඩා වැටීමක් තිබෙනවා. බාල බොළඳ නිර්මාණ බිහිවන්නේ මෙහි නිසි ප්‍රමිතිකරණයක් නොවීම නිසා. කවර නිර්මාණකරුවකු වුවත් නිර්මාණයක් කරන්නේ යම් ලාබයක් ලැබිමේ ච්ෙතනාවෙන්. අද ටෙලි නාට්‍යයක් කළොත් එය පෙන්වා ගැනීමේ අර්බුද රැසක් තියෙනවා. මේ පසුබිම තුළ අයථා ක්‍රම මගින් හරසුන් නිර්මාණකරුවන්ට මතුවීමට ඉතාමත් හොඳ ඉඩක් තිබෙනවා. මේ හේතුව මත දවසින් දවස හොඳ නිර්මාණ දුරස්වීමත් හරසුන් නිර්මාණ මතුවීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ කඩා වැටීමකුත් සිදුවනවා. මේ සියල්ල පිටුපස තියෙන්නේ දේශපාලනය. මා නියෝජනය කරන දේශපාලන පක්ෂය තුළ මෙබඳු හොර බොරු ක්‍රම නැහැ.
අද ටෙලි නාට්‍ය පෙන්වීමට ලිංගික අල්ලස් පවා දීමට  සිදුවීම ගැන පසුගිය දිනවල ප්‍රබල කතිකාවක් ගොඩ නැගුණා?
ඒක සත්‍යයක්. ඒ විදියේ දේශපාලන පසුබිමක් අද ගොඩනැගිලා. හරවත් නිර්මාණ කරන අය ඔවැනි දේ තුළින් තම නිර්මාණවලට ඉඩක් ගන්න පෙළඹෙන්නේ නැහැ. හරසුන් නිර්මාණකරුවන් තමයි අඩු මිලට හෝ ඔවැනි අයථා ක්‍රම මගින් හෝ තම නිර්මාණය පෙන්වා ගන්න ඉදිරිපත් වන්නේ.
 සියල්ලටම වරද  මේ පවතින දේශපාලන රටාව බවට ඔබ වක්‍රාකාරයෙන් චෝදනා කරනවා. අධ්‍යක්ෂවරුන් නිළියන්ට
ලිංගික බලපෑම් කරන බවටත් අද චෝදනා තිබෙනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
කලාවේ විතරක් නමෛයි වෙනත් යම් කිසි ආයතනයක වුවත් නවක ගෑනු ළමයෙක් එන විට එම ආයතනයේ යම් යම් බලවතුන්ගේ බලපෑම්වලට ලක්වීම සිදුවිය හැකියි. ‍පොදුවේ හැමෝම එසේ කළේ නැතත් ඇතැම් අය ඊට පෙළඹෙනවා. ඒ ඔවුන්ගේ පෞද්ගලික ගුණාංගවල තියෙන වැරදි.
 එසේ කියමින් මේ ගැටලුව සුළුකොට තැකිය හැකිද? නවක නිළියන්ට වගේම ඔබ කියන ලෙසින් ඕනෑම ක්‍ෂේත්‍රයක නවක යුවතියන්ට මෙය බලවත් අසාධාරණයක්?
අද අපේ රටේ කාම අපරාධ, බාලඅපචාර නිතර අසන්නට ලැබෙනවා. ඊට අමතරව නොයෙක් හිංසාවන්ට ගොදුරු වූ අය ගැන පුවත් ඇසෙනවා. ඒ වගේම ඔබ ඔය කී විදිහට ක්‍ෂේත්‍රයන්ට එන නවක ගැහැනු
ළමුන්ට බලපෑම් තියෙනවා. මේ හැමදේටම හේතුව මෙකී හිංසනයන්, පිඩනයන් සිදුකරන අයගේ මනෝභාවයයි. ඒ අය දැඩි පීඩනයකින්  සිටින නිසයි තවත් අය හිංසනයට ලක් කරන්නේ. ඒ තුළින් ඔවුන් තමන්ගේ මානසික පීඩනය, අසහනය පිට කරගන්න හදනවා.  ඒ පීඩනයට, අසහනයට හේතුව මේ පවතින සමාජ රටාවයි. අද තිබෙන්නේ එක පවුලක් වටා බලය ඒකරාශී වූ ඒකාධිපති රජයක්. ඉතින් රටේ සාමාන්‍ය ජනතාව ඉන්නේ දැඩි පීඩනයකින්. ඒ හින්දයි මේ හැමදේම වන්නේ. ඒ පීඩනය තුරන් වී ගියොත් මේ අපරාධ බොහෝ දුරට අවම කරගත හැකියි.
 ඔබ අපූරු තර්ක තුළින් මේ සියල්ලම ආණ්ඩුවේ ගිණුමට බැර කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු තිබුණු කාලවල ඔය කිසි ප්‍රශ්නයක් තිබුණෙ නැහැ කියලද ඔබ කියන්නෙ?
අඩු වැඩි වශයෙන් ප්‍රශ්න තිබුණු බව මා
පිළිගන්නවා. මා දන්නා පරිදි මට මතක පරිදි එක්සත් ජාතික පක්ෂ රජය 2002 සිට 2004 දක්වා පාලනය කළ කාලයේ ජනතාව මීට වඩා සතුටින් සිටියා. ඒකාධිපති පාලනයක් තිබෙන තැනක ජනතාව පීඩනයට පත්වනවා. ඒක ඕනෑම රටකට ‍පොදුයි. අද අපේ රටේ තිබෙන්නේ ඒ විදියේ ජීවිත, සමාජ පසුබිමක්.
 ආරියවංශ කුලතිලක

ආගම දරුවන්ට තව දුරටත් ඉගැන්විය යුතු ද? – මහාචාර්ය සරත් විජේසූරිය - 



ටේ අනාගතය සම්බන්ධව දීර්ඝ කාලීනව සිදු කළ යුතු වෙනසක් වෙනුවෙන් සංවාදයකට සිවිල් සමාජය අවතීර්ණ විය යුතුය. රටේ අනාගතය වෙනුවෙන් සංවාදය පටන් ගත යුත්තේ ‘අධ්‍යාපනය’ සහ ‘නීතියේ ආධිපත්‍යය’ මුල් කර ගනිමිනි. මේ ලිපියේ අරමුණ අධ්‍යාපනයේ පරමාර්ථ ගැන අදහසක් පළ කිරීම වන්නේය.
අප යම් යම් වෘත්තිකයන්, ලොව ඕනෑම රටකට ගොස් වැඩ කිරීමට හැකි, යම් යම් ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණතාවක් ඇත්තවුන් තනන නමුත්, අද වන විට පාසල්වලින් මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවලින් බිහි වන්නේ ‘යහපත් මනුෂ්‍ය සමාජයක’ පැවැත්මට අවශ්‍ය ‘මානව ධර්මතාවලට’ සංවේදී පුද්ගලයන් නොවන බව පැහැදිලිය. සියලූ නොපනත් කටයුතු කරන උදවිය බිහි කර තිබෙන්නේ රටේ පවතින ‘අධ්‍යාපනය’ ඔස්සේ බව කිව යුතු නැත. වඩාත් පැහැදිලිව පවසතොත් ‘නිදහස් අධ්‍යාපනය’ ඔස්සේ බව පැහැදිලිය. මෙහි වරද නිදහස් අධ්‍යාපනයේ නොව, අධ්‍යාපනය ලෙස දීර්ඝ කාලයක් තිස්සේ දරුවන්ට උරුම කරන දේවල්වල බව අප වටහා ගත යුතුය. දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය කවරාකාර විය යුතු ද යන්න පරිණත අධ්‍යාපනඥයන් ගැඹුරින් විමර්ශනය කළ යුතු කාරණයකි. මා මෙහිදී මතු කර දක්වන්නේ, පොදුවේ සියලූ දරුවන්ට ඉගැන්විය යුතු විෂයන් තුනක් ගැනයි. ඉන් පළමුවැන්න ලෙස මා දක්වන්නේ ‘සංගීතය’යි. දෙවැන්න ‘කී‍්‍රඩාව‘යි. තුන්වැන්න ‘නීතිය’ යි. මේ විෂයන් තුන ඉගැන්වීම සඳහා අද පවතින සම්මත රාමුවෙන් සහමුලින්ම වියුක්ත සංදර්භයක් තුළ අමුතුවෙන්ම සකස් කළ යුතුය. මා අවධාරණය කරන්නේ කවර ප‍්‍රධාන විෂය ධාරාවක් හදාරන දරුවන් වුව කුඩා කල සිට ක‍්‍රමානුකූලව ශික්ෂණය කළ යුතු ක්ෂේත‍්‍ර තුනක් සම්බන්ධවය.
සංගීතය ඉගැන්වීම
තමන්ට අනර්ථයක් සිදු කර නොගන්නා, අන්‍යයන්ට අනර්ථයක් නොකරන, ප‍්‍රබෝධමත් මනසකින් හා මනා සංහිඳියාවකින් දරුවෙකු වැඩිහිටි විය කරා පා එසවිය යුතුය. දරුවන්ට ආගමික අධ්‍යාපනයක් ලබා දීම නිර්දේශ කෙරෙන්නේ මේ අරමුණ ඉටු කර ගැනීම උදෙසාය. ලංකාවේ දරුවන්ට ආගම ඉගැන්වීම ඔස්සේ අපේක්ෂා කළ වටිනා දෙයක් තිබිණ. වෙසෙසින් බුද්ධාගම ඉගැන්වීම ඔස්සේ අපේක්ෂා කළේ යහ ගුණවලින් යුත් සදාචාරසම්පන්න දිවි පෙවතක් උරුම කිරීමය. එ් අරමුණ ඉටු කිරීම සඳහා බුදු දහම පොහොසත්ය. එනමුත් දරුවන්ට අද උගන්වන බුදු දහම යනු කුමක් ද? කුඩා අවධියේ දී උගන්වන කතන්දරත්, ක‍්‍රමයෙන් වැඩෙන විට දරුවන්ගේ හිත්වල රෝපණය කරන දෘෂ්ටිවාදත් ඔස්සේ බුදු දහමෙන් දරුවෙකුගේ ජීවිතයට ලබා දෙන ආලෝකය සහ දැක්ම කුමක් ද? අප දැන් කාලයක් තිස්සේ මෙරට දරුවන්ට ආගම උගන්වා තිබේ. ඉන් දරුවන්ගේ ජීවිතවලට, සමාජයට හෝ රටට සිදු වුණ යහපත කුමක් ද? බුදු දහම අද වන විට දේශපාලනයේ නිමග්න තක්කඩින්ට බල අරගලය උදෙසා පේවීමට සාරවත් ඉල්ලමක් බවට පරිවර්තනය වී තිබේ. බුදු දහමෙන් නිසි ශික්ෂණයක් කුඩා කල සිට බෞද්ධ භික්ෂුවට ලබා දුන්නේ නම් වයසින් වැඩෙන භික්ෂුව ‘ආගමික වෛරය’ රටේ පතුරුවන තත්ත්වයකට පිරිහෙන්නේ නැත. ‘බලය’ වෙනුවෙන් ආගම දඩමීමා කර ගන්නේ නැත. ආගමට මුවා වී සාහසික කටයුතු වෙනුවෙන් පෙරමුණ ගන්නේ නැත. එබැවින් ආගම ඉගැන්වීම අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ තව දුරටත් තබන්නේ ද යන්න ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය.
මා අවංකව කල්පනා කරන්නේ ආගම වෙනුවට සංගීතය ඉගැන්වීමෙන් දරුවෙකුගේ ජීවිතයට ලබා දිය හැකි ආලෝකය වඩාත් දීප්තිමත් බවයි. මෙහිදී සංගීතය ලෙසින් මා අදහස් කරන්නේ ‘සින්දු කීම’ නොවන බව අවධාරණයෙන් පවසමි. සංගීත ශාස්ත‍්‍රය හදාරමින් සංගීත භාණ්ඩ වාදනය කිරීමට ලබන පුහුණුව සමඟ දරුවෙකු උරුම කර ගන්නා විනයක් ඇත. එ් විනය වෙනත් විෂයකින් ලැබෙන්නේ දැයි නොදනිමි. කුඩා කල සිට සංගීත භාණ්ඩයක් වාදනය මැනවින් ප‍්‍රගුණ කර, අධ්‍යාපනයෙන් ද සාර්ථක වූ පුද්ගලයන් රැුසක් ගැන මම දනිමි. ඇතමුන් වෛiවරුන්ය. ඇතමුන් ඉංජිනේරුවන්ය. තව බොහෝ දෙනෙක් වෙනත් ක්ෂේත‍්‍රවල ද සිටිති. සංගීතය මිනිස් සිත දූෂණය නොකරන බව, සංගීතයෙන් මිනිස් සිත් සතන් තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ඇති නොකරන බව, පටු දෘෂ්ටි වාදවල පුද්ගලයන් සිර නොකරන බව මගේ අදහසයි. සංගීතය විශ්ව භාෂාවක් ලෙස ප‍්‍රගුණ කරන විට මානව ජීවිත සුපුෂ්පිත වන්නේය.
කී‍්‍රඩාව ඉගැන්වීම
අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ කී‍්‍රඩාවට විශේෂ අවධානයක් යොමු කර තිබෙන්නේ මූලික කාරණා තුනක් මුල් කර ගෙනය. පළමු වැන්න ශාරීරික වශයෙන් දරුවෙකුගේ නිරෝගිභාවයයි. දෙවනුව දරුවෙකු කී‍්‍රඩාවක නිමග්නවීමෙන් ජීවිතයට උරුම කර ගන්නා විනයයි. තෙවනුව කී‍්‍රඩාවෙන් ජීවිතයට ලබන සතුට ප‍්‍රීතිය සහ ජීවන ආස්වාදයයි. අද අපේ දරුවන් බහුතරයක් මේ අංශ තුනෙන්ම දුර්වල බව පෙනේ. මෙහිදී කී‍්‍රඩාව ලෙසින් මා අදහස් කරන්නේ අද පවතින අප‍්‍රසන්න ‘තරඟ වෙනුවෙන් කණ්ඩායමක කෙනෙකු වීම’ නම් නොවන්නේය.
අද පාසල්වල කී‍්‍රඩා කරන්නේ සුළු පිරිසකි. කී‍්‍රඩා කරන දරුවන්ගෙන් බහුතරය ඉගෙන ගැනීමේ නිරත වන්නේම නැති තරම්ය. අනෙක කී‍්‍රඩා කිරීමට කැමති ඇතැම් දරුවන්ට සිදුව තිබෙන්නේ ප‍්‍රථමයෙන් කී‍්‍රඩා ගුරුවරුන් දිනා ගැනීම හා සතුටු කිරීමය. එතනම කී‍්‍රඩාවට අදාළ විනය පළුදු වන්නේය. කී‍්‍රඩා තරඟයක් අවසන ගහ මරා ගන්නා, ප‍්‍රතිවාදීන් දිනුවොත් මරණ තර්ජනය කරන කී‍්‍රඩකයන් කී‍්‍රඩා කෞශල්‍යයක් විදහා පෑව ද, ඔවුහු කී‍්‍රඩාවෙන් කිසිම විනයක් උරුම කර නොගත් සාහසිකයන් විනා සැබෑ කී‍්‍රඩකයන් නම් නොවන්නෝය. එවන් කී‍්‍රඩකයන් බිහි වන්නේ කෙසේ ද? ඊට හේතුව අන් කිසිවක් නොව, කී‍්‍රඩාව අධ්‍යාපනයේ පරමාර්ථවලින් වියුක්ත වීමය. විනයකින් තොරව බලය පෙරටු කර ගනිමින් අවිනීතව ධනය කේන්ද්‍ර කරගෙන කී‍්‍රඩාවට සදාචාර විරෝධීව කඩා පාත්වීමට අද හැකි වී තිබේ.
අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ කී‍්‍රඩාව සියලූ දරුවන්ට උරුම විය යුතුය. ‘හරි පුදුම ඉස්කෝලේ’ කොබයාෂි ගුරුතුමා තම පාසලේ සිටින ශාරීරික දුබලතාවන්ගෙන් පෙළෙන ඇතැම් දරුවෙකුට පමණක් දිනිය හැකි කී‍්‍රඩා පවා නිර්මාණය කළේ හැම දරුවෙකුටම කී‍්‍රඩාවෙන් ලැබෙන වටිනා ‘විනයක් හා ජීවන කුසලතාවක්’ ඇති බැවිනි. එ් ජීවන කුසලතාවෙන් දරුවෙකුගේ පෞරුෂය උදෙසා උරුම වන අගනාම දේ වන්නේ ‘දරා ගැනීමේ ශක්තිය’යි. අද ජීවිතයේ සාමාන්‍ය ගැටලූවක්වත් බොහෝ දරුවන්ට දරා ගැනීමට නොහැකි තත්වයක් දක්නට තිබේ. ඊට හේතුව කී‍්‍රඩාව අධ්‍යාපනය හා නිසියාකාරව බද්ධ නොකිරීමයි. මෙහිදී අවධානය යොමු විය යුතු කාරණාව වන්නේ කී‍්‍රඩාවේ පමණක් නිමග්න බොහෝ දරුවන්ගේ ‘අසංයමය’ හා ‘අවිනීත’ හැසිරීම් රටාවේ ඛේදයයි. හුදු කී‍්‍ර‍්‍රඩාව උදෙසා පමණක් දරුවන් පාසල් යන එකේ අර්ථය කුමක් ද? එ් සඳහා ‘කී‍්‍රඩා පාසල්’ ටිකක් බිහි කිරීම වඩාත් හොඳ ප‍්‍රතිඵල උදෙසා සෑහේ. මෙහිදී අධ්‍යාපනය හා බද්ධ වුණ කී‍්‍රඩාව යනුවෙන් අදහස් කරන්නේ අද පාසල්වල පවතින මට්ටමේ විකෘතියක් නොවේ. නීතිය ඉගැන්වීම
නීතිය යනු මානව සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලූ පුරවැසියන් ආරක්ෂා කළ යුතු, ගරු කළ යුතු ‘අගනාම විනය’යි. රටක සැබෑ සදාචාරය පවතින්නේ පාලකයන් මෙන්ම පුරවැසියන් නීති ගරුක නම්, විනය ගරුක නම් පමණි. 
අද රාජ්‍ය පාලනයේ ප‍්‍රධාන දෙපිරිසකි. පළමු පිරිස දේශපාලනඥයන් ය. දෙවන පිරිස නිලධාරීන් ය. රටේ පවතින අධ්‍යාපනයෙන් බිහි කළ පුද්ගලයන් මේ දෙපිරිස, රාජ්‍ය පාලනයේ නියමුවන්, රටේ පිළිගත් හා සම්මත නීතිය නිතිපතා කෙළෙසන්නේ නම් ඔවුන් ලබා ඇති අධ්‍යාපනයේ බරපතළ අඩුවක් තිබෙන බව පිළිගැනීමට සිදු වේ. රටක දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමේ උසස් පරමාර්ථ අතර එකක් වන්නේ, ‘නීති ගරුකව හා විනය ගරුකව’ ජීවත්වීම උදෙසා අවැසි ශික්ෂණයයි. ඊට අදාළ අවබෝධය දරුවන්ට අධ්‍යාපනයෙන් නිසියාකාරව උරුම කළ යුතුය. සියලූම දරුවන්ට කුඩා කල සිට ‘නීතිය’ ඉගැන්වීම යන්න මා මෙහි දක්වන්නේ එවැනි පුළුල් අර්ථයකිනි. ජීවිතයට වැදගත් මානව ධර්මතා සෙමින් අවබෝධ කර ගන්නා දරුවා වයසින් වැඩෙන්නේ, හොඳ නරක ඳීයුක්තිය අයුක්තිය සද් ධර්මය අසද් ධර්මය පිළිබඳ අවබෝධයකිනි. අප දරුවන්ට ඉගැන්විය යුත්තේ ඊට අදාළ නීතියයි.
දරුවන්ට ඉගැන්විය යුතු නීතිය යනු කුමක් ද? එ් අන් කිසිවක් නොව රටේ අනාගත සංහිඳියාව වෙනුවෙන් උරුම කළ යුතු ශික්ෂණයකි. එ් ශික්ෂණය මානව ධර්මතා පිළිබඳ සියුම් අවබෝධයක් ලබා දෙන්නකි. එහි අගය අතීතයේ දී යම් ආකාරයකට මෙරට අධ්‍යාපනඥයන් හඳුනා ගෙන තිබුණ බව ද මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. එ් ගැන කුඩා කවි දෙකක් පාදක කරගෙන සරල පැහැදිලි කිරීමක් කරන්නට කැමැත්තෙමි.
”මේ ගසේ බොහෝ ඳීපැණි ෙදාඩම් තිබේ
පැහිලා ඉඳිලා බිමට නැමිලා බර වෙලා අතු
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි හෙම නොවෙයි අපි”
මේ කුඩා කවිය ඔස්සේ දරුවෙකුගේ මනසෙහි රෝපණය කරන්නේ මානව සමාජයක අනාගතයට අත්‍යන්තයෙන්ම වැදගත් වටිනා ධර්මතාවකි. ‘අපි අන්‍යයා ගැනත් කල්පනා කළ යුතුය’ යන්න සමාජයක යහ පැවැත්මට අදාළ සදාචාරාත්මක අවබෝධයකි. එ් අවබෝධය ලබන්නා ‘අපි විතරක් හිටියාම ඇති’ යන මා න සි ක ත් ව යෙ න් මිදෙන්නේය.
අනෙක් කවිය මෙයයි.
”හොඳ දේ සිතමි
හිතු දේ කියමි
කියු දේ කරමි
කරමින් හැදෙමි”
මේ කුඩා කවෙන් හෘදය සාක්ෂිය පිළිබඳ ධර්මතාවකි දරුවෙකුගේ මනසේ රෝපණය කරන්නේ. මා කල්පනා කරන්නේ ‘හොඳ දේ’ යනු සත්‍යය යි. දරුවෙකු අධ්‍යාපනයෙන් උගත යුත්තේ සත්‍යයයි. දරුවන් සත්‍ය ගරුකව වැඞීම යනු රටක අනාගතයේ පැහැබර බවයි. එ් සඳහා දරුවන් තමන්ට අවංක විය යුතුය. හිතු දේ කීම යනු තමන් තමන්ට අවංක වීමයි. හෘදය සාක්ෂියට එකඟවීමට අදාළ මූලික පාඩම එයයි. කියු දේ කරමි යනු නීති ගරුක වීම නැතහොත් නීතියට දක්වන අනුකූලතාවයි.
විද්‍යාත්මක පදනමක නොපිහිටා සිදු කළ පැලැස්තර අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ඔස්සේ සිදු වුණේ ප‍්‍රාථමික අවධියේ දරුවන්ගේ සිත් ‘අවදි’ කළ මේ කවි කතන්දර සීරුවට බැහැර කිරීමයි. එ්වා ඔස්සේ ගුරුවරයාට තිබුණ ‘ඉගැන්වීමේ අවකාශය’ නැති කර දැමීමයි. අදත් ප‍්‍රාථමික දරුවන්ගේ පොත්වල කවි කතන්දර ඇතත් එ් ඔස්සේ ගුරුවරයාට ඉගැන්වීමට තිබෙන අවකාශය සහමුලින්ම අහෝසි කර දමා ඇත.
අප මානව සමාජයක යහ පැවැත්මට අදාළ දැනුම දරුවන්ට ලබා දිය යුත්තේ ඉතා සීරුවට කුඩා කල සිට නිර්මාණශීලී අන්දමිනි. කුඩා දරුවන්ගේ සිත් සතන් තුළ යහ ගුණ වඩමින්, ඔවුන් ප‍්‍රබෝධමත් කරමින් නිර්මාණශීලී චින්තනයකින් පොහො සත් කිරීම උදෙසා ‘නීතිය’ අතිශයින් වැදගත් විෂයකි. අධ්‍යාපනයෙන් පුබුදු කරන දරුවන් රටේ යහ පාලනය වෙනුවෙන් කැප විය යුතුය. නීති ගරුකව විනය ගරුකව ජීවත් විය යුතුය. විපරීත දේශපාලනඥයන් අබිමුව කොඳු කඩා නොගන්නා පුද්ගලයන් විය යුතුය.
අපි කොන්දේසි රහිතව, මෙරට දරුවන්ගේ සිත් සතන් තුළ වෛරය හිංසනය සාධාරණීකරණය කරන, ඊට අදාළ දෘෂ්ටිවාද රෝපණය කරණ විෂයන් වෙනුවට, සියලූ ජාතීන්ට, සියලූ ආගම් අදහන උදවියට නිසි ගෞරවනීය සමාජයක් ගොඩ නැඟීමට අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතළ වෙනසකට මුල පිරිය යුතු වන්නේය. මෙය ඉතා අසීරු කටයුත්තක් වුවත් මේ රට වෙනස් කිරීම සඳහා අධ්‍යාපනයේ බරපතළ වෙනසක් අවශ්‍ය වන්නේය.
-

FaceBook තහනම් කර ගැසට් නිවේදනයක්… ?

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාව තුල තහනම් කල බවට විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කල බව දක්වමින් ව්‍යාජ ගැසට් පත‍්‍රයක් සකසා අන්තර්ජාලයෙහි මුදා හැර තිබෙන පුද්ගලයෙකු සම්බන්ධව එම කොමිෂන් සභාව සහ රජයේ මුද්‍රණාලය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
එම ආයතන මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කිරීමට නියමිත අතර ඉන් පසු මෙම ව්‍යාජ පති‍්‍රකාව සැකසූ තැනැත්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මෙම කූට පති‍්‍රකාව රජයේ මුද්‍රණාලයෙන් ඉකුත් 21 වෙනි සිකුරාදා නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයෙන් සකස් කර ෆේස්බුක් හරහා මුදාහැර ඇත.
විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා විසින් සිදුකරන ලද නියමයක් බවටද ඊට අදාළ නිවේදනයේ දක්වා තිබිණි.
ජනතාව මුළා කිරීමට මෙවැනි වංචනික කි‍්‍රයාවක් සිදු කිරීම හා ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනා මත ඒ පති‍්‍රකාව සෑදු පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පොලීසියට පවතින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කරයි.

මාන්කුලම් උතුරු අගනුවර ?


මාන්කුලම්  උතුරු පළාතේ අගනුවර ලෙස නම් කරන්නැයි උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට දෙමළ සන්ධානයේ හවුල්කාර පක්‍ෂයක් වන ටෙලෝ සංවිධානය තීරණය කර ඇත.
ටෙලෝ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සේලම් අඩෙක්කලනාදන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් වවුනියේවේ පැවති එම පක්‍ෂ නායක හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.

කෞශල්‍ය ලොකුආරච්චි තරඟ පාවා දී පිළිගනී


ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල කෞශල්‍ය ලොකුආරච්චි අවසන් වරට පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දුන් බවට පිළිගෙන තිබේ.
ඊට අමතරව නවසීලන්තයේ ලූ වින්සන්ට් සහ බංග්ලාදේශයේ හිටපු නායක මොහොමඩ් අෂ්රෆුල්ටද මෙම චෝදනා එල්ල වී තහවුරු වී ඇත.
ලොකුආරච්චි තරග 4කට සහ එක්දින තරග 21කට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වී ඇත.

සිරිපාදය වඳින්න ඩොලර් 10ක ටිකට් එකක්


රට පුරා පිහිටා ඇති සියළුම ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා ඇතුළුවන දෙස් විදෙස් සංචාරකයින් සඳහා නව ගාස්තු ක‍්‍රමයක් හදුන්වා දීමට වනජීවී සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත.
මේ අනුව නවතම අවසර පත‍්‍රයක් නිකුත් කිරීමටත්, බදු, වාහන ගාස්තු හා සේවා ගාස්තුද ඇතුළත් කර, නිශ්චිත ගාස්තුවක් නියම කිරීමටත්, අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නව ගාස්තු අනුව යාල ජාතික වනෝද්‍යානයට ඇතුළුවන දේශීය හා විදේශීය සංචාරකයින්ගෙන්, උපරිමය දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා රුපියල් 3000 ක ගාස්තුවක්ද, වැඩිවන එක් අයකු සඳහා රුපියල් 300 කද ගාස්තුවක් අය කෙරේ.
ශ‍්‍රී පාදස්ථානය වන්දනා කිරීමට යන විදේශීය වැඩිහිටියකුගෙන් ඇමරිකානු ඩොලර් 10 කද, ළමයකුගෙන් ඩොලර් 5 කද ගාස්තුවක් අය කෙරේ.
මීට අමතරව, සංචාරක නිවාස වෙන් කිරීමේ ගාස්තු හා බෝට්ටු සවාරි සඳහා අය කෙරෙන ගාස්තුද වැඩි කර ඇත.

පාදුක්කේ කොල්ලයට 3ක් දැලේ

පාදුක්ක ප්‍රදේශයේ උකස් ආයතනයක සිදුවු කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ මෙහි ප්‍රධාන සැකකරු අදාළ උකස් මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි සේවිකාවකගේ පියා බවට හඳුනාගෙන ඇති බවයි. 

ඔහු මීගොඩ ප්‍රදේශයේ කරවල වෙළඳසැලක හිමිකරුවෙකු බවට ද හඳුනාගෙන තිබේ. 

මෙම සැකකරුගේ අනුදැනුම මත කොල්ලය සිදුකර ඇත්තේ යුද හමුදාවෙන් පළා ආ ආබාධිත සෙබළුන් දෙදෙනෙකු බව පොලිසිය කියයි. 

ඔවුන් දෙදෙනාද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 

කොල්ලකන ලද රන් භාණ්ඩ වලින් කොටසක් ද මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය. 

කොල්ලයට සම්බන්ධ දැනට හමුදා සේවයේ නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් ආරංචිමාර්ග පවසයි. 

පසුගිය 12 වැනිදා පාදුක්ක ප්‍රදේශයේ පිහිටි උකස් මධ්‍යස්ථානයකින් රුපියල් කෝටි 02ට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් තොගයක් කොල්ලකා තිබුණි. 

කොළඹ දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්ය. 

නවිපිල්ලේගේ වාර්තාවට බ්‍රිතාන්‍යයෙත් සහය


එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලෙයි විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවට එකඟතාව පළ කරන බව බ්‍රිතාන්‍ය පවසයි. 

එරට විදේශ අමාත්‍ය හියුගෝ ස්වියර් පවසන්නේ නවිපිල්ලෙයිගේ වාර්තාවේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ස්වාධීන සහ පිළිගත හැකි පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති බවයි. 

ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා නවිපිල්ලෙයි සිය වාර්තාවෙන් කර ඇති ඉල්ලීම පිළිගන්නා බව ද බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. 

කෙසේ වෙතත් ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම, බිම් බෝම්බ ඉවත් කිරීම සහ යුද ගැටුම් පැවති ප්‍රදේශ ප්‍රතිසංවර්ධනය කිරීම ආදී කරුණු කෙරෙහි ශ්‍රී ලංකා රජය දක්වා ඇති දායකත්වය අගය කළ යුතු බව බ්‍රිතාන්‍ය රජය නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ අමාත්‍ය හියුගෝ ස්වියර් පවසා තිබේ. 

ඒලියන්ත වයිට්ගේ මෝටර් රථයට වෙඩි


ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ඒලියන්ත වයිට් මහතාගේ නිල රථයට අද (28) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. 

මිරිහාන,එදිරිසිංහ පාරේදී අලුයම 4.30 ට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පවසයි. 

ඒ මොහොතේ වෛද්‍යවරයා මෝටර් රථය තුළ නොසිටි බවත්, බෙල්ලන්විල රජමහාවිහාරයේ පැවැත්වීමට නියමිතව තිබූ පූජාවකට අදාළව යම් උපකරණ කිහිපයක් ගෙන ඒම සඳහා රියදුරා වෛද්‍යවරයාගේ මවගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් පොලීසිය කියා සිටියි. 

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් රියදුරුට හානියක් සිදුවී නැතත් මෝටර් රථයට හානි සිදුවී ඇති අතර උණ්ඩ 3ක සලකුණු මෝටර් රථයේ පිටුපස දැකගත හැකි බවත් පොලීසිය සඳහන් කරයි. 

වැඩිදුර විමර්ශන මිරිහාන පොලීසිය විසින් සිදුකරයි. 

Monday, February 24, 2014

නීති විද්‍යාලයට බඳවාගැනීමේදී සිංහල සිසුන්ට ආසාධාරණයක් - ජාතික හෙළ උරුමය කියයි

නීති විද්‍යාලයට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස අඩු කිරීමෙන් මෙවරත් සිංහල සිසුන්ට බලවත් ආසාධාරණයක් සිදුවී ඇතැයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඊයේ (23) දින ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.
මෙරට පමණක් නොව දකුණු ආසියාතික කලාපයේ වඩාත් තරගකාරී විභාගයක් වන ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අදාළව පසුගිය වසරේ මහත් ආන්දෝලනයක් ඇති වූයේ මුස්ලිම් සිසුන් ඇතුළත් කරගැනීම සඳහා දූෂණ අක්‍රමිකතා රැසක් සිදුවූ බව අනාවරණය වීමත් සමගය.
ඊට පිළියමක් ලෙස පසුගිය වසරේ නීති විද්‍යාලයට ශිෂ්‍යයන් 551ක් බඳවා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව සිදුවූයේ අක්‍රමිකතා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකිරීම වෙනුවට එය සඟවමින් ඒ සමගම අසාධාරණයට ලක්වූ සිංහල සිසුන්ට ද යම් සහනයක් ලබාදීමකි. එහෙත් මෙවර සිදු කර ඇත්තේ එවර සිංහල සිසුන්ට ලබාදුන් සහනය පවා කනපිට හරවන අන්දමේ බලවත් අසාධාරණයකි. එනම් ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ ලෙස නීති විද්‍යාලයට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස පහත දැමීමයි. සාමාන්‍යයෙන් නීති විද්‍යාලයට ශිෂ්‍යයන් 225ත් 250ත් අතර බඳවා ගැනුනද මෙවර බඳවා ගෙන ඇත්තේ 177ක් පමණකි. දූෂණ අක්‍රමිකතා සිදු වූ 2011 සහ 2012 වසර දෙකේ නීති ප්‍රවේශ විභාග දෙක හැරුණු විට අන් සෑම සාධාරණ නීති ප්‍රවේශ විභාගයකදීම ඉහළ ප්‍රතිශතයක් සමත්ව ඇත්තේ සිංහල සිසුන් වන බැවින් මේ කප්පාදු කිරීමෙන් අසාධාරණයට ලක්ව ඇත්තේ ඔවුන් බව ඉතා පැහැදිලිය.
දැනට ක්‍රියාත්මක වන විෂය නිර්දේශය යටතේ පැවැත්වෙන අවසාන විභාගය මේ වන බැවින් මෙවර අසාධාරණයට ලක්වූ සිසුන්ට තමන් උගත් විෂය නිර්දේශය යටතේ යළි විභාගයට පෙනී සිටිය නොහැකි බව සැලකිය යුතු කරුණකි. එබැවින් මෙවැනි විෂය නිර්දේශ වෙනස් කිරීමකට පෙර හැකි උපරිම සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට කටයුතු කිරීම සම්මත ක්‍රමවේදයයි. මේ වන විට සිසුන් විශාල පිරිසක් දැඩි කලකිරීමටත් දැඩි කම්පනයටත් පත්ව ඇත. උද්ගත වී ඇති ගැටලුව විසඳීමට ඇති එකම පිළියම වන්නේ 1981 සිට මේ දක්වා පැවැති විභාගයන්ගෙන් සමත් වූ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවේ සාමාන්‍ය අගය වන ශිෂ්‍යයන් 288ක ප්‍රමාණයවත් අවම වශයෙන් බඳවා ගැනීමට කටයුතු කිරීමයි.
අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් සිදු කරගෙන යන මෙම වර්ගවාදී පිළිවෙත නිසා අධිකරණ අමාත්‍යාංශයේ තනතුරු පිරිනැමීම, සමවිනිසුරු පත්වීම් ලබාදීම ඇතුළු සෑම අංශයකම විශාල අසමතුලිතතාවක් හටගෙන ඇත. අධිකරණ ක්ෂේත්‍රය වැනි අතිශය සංවේදී වැදගත් ක්ෂේත්‍රයකට අදාළ අමාත්‍යාංශය මෙවැනි අන්තවාදී දේශපාලනඥයින්ට ලබාදීම පිළිබඳව රජය සිය දැඩි අවධානය යොමු කළ යුතුය යන්න අපගේ විශ්වාසයයි.

පාහියන්ගලින් 2012 වසරේ හමුවූ අස්ථි කොටස් වසර 47000ක් පැරණියි - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

පාහියන්ගල ඓතිහාසික ලෙනේ පසුගිය 2012 වර්ෂයේදී ජුනි මාසයේදී පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ මානව අස්ථි අවශේෂ අදින් වසර හතළිස් හත්දහසක් තරම් පැරණි ඒවා බවට ඒ පිළිබඳ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණවලින් තහවුරු කර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කියයි.
මීට වසර 37000ක මානව අවශේෂ මීට පෙර ඓතිහාසික පාහියන්ගල ලෙනේ සිදු කළ ප්‍රාග් ඓතිහාසික කැණිම්වලින් හමුවූ අතර පසුගිය 2012 වසරේ ජුනි මස සිදු කළ කැණීම්වලින් හමුවූ මානව අවශේෂවල කාබන් පිටපත් අනුව ස්ථිර වශයෙන්ම වසර 47000ක ප්‍රාග් ඓතිහාසික මානව තොරතුරු බවට තහවුරු වී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
නූතන මානවයා පිළිබඳ ලංකාවේ හමුවූ පැරණි සාධක මෙසේ වුවත් මෙම කැණිම් සිදු කළ ස්ථානයේ ඇති ගල් පතුර පාහියන්ගලෙන් ගැලවී වැටී ඇති එකක් බවත් එම නිසා එම ගල් පතුර ඉවත් කර ඊට යට ඇති පස් ස්ථර පිළිබඳව පර්යේෂණ සිදු කිරීම මගින් මීටත් වඩා ඉපැරණි ප්‍රාග් ඓතිහාසික තොරතුරු සොයාගැනීමට හැකි වෙතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
මෙරට සිදු කරන ලද ප්‍රාග් ඓතිහාසික කැණීම්වලදී පළමු වතාවට සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවූයේ පාහියන්ගල සිදු කළ කැණීමේදීය. එම ස්ථානයේ වසර 28ක් පමණ පැරණි පස් තට්ටුවකට යටින් මෙම ඇටසැකිල්ල හමුවූ බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මෙම ඇටසැකිල්ල වසර 42000ක් පමණ පැරණි යැයි මෙරට පුරාවිද්‍යාඥයන් උපකල්පනය කළ අතර එය තහවුරු කර ගැනීම සඳහා පස් තට්ටුව පිටින් ගොඩට ගෙන බ්‍රිතාන්‍යයට යැවීය.
මේ පිළිබඳ පාහියන්ගල විහාරාධිකාරී පුරාවිද්‍යාවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියන් කීවේ මෙවැනි ඓතිහාසික තොරතුරු හමුවූ පාහියන්ගල ලෙන පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් වගකිවයුතු බලධාරීනුත් කිසිම සැලකිල්ලක් නොදැක්වීම ඉතාම අවාසනාවන්ත බවයි. අවම වශයෙන් මෙවැනි තොරතුරක් තහවුරු වූ පසු ඒ බව පාහියන්ගල වෙනුවෙන් වෙහෙසෙන පිරිසට හෝ දැනුම් දීමට තරම් හෝ කටයුතු නොකළ බවයි. ඊටත් වඩා කනගාටුදායක ලොවම මවිත කරන මෙවැනි තොරතුරු  හමුවූ ලෙනට කිසිම ආරක්ෂාවක් රැකබලාගැනීමේ අවශ්‍යතාවක් පිළිබඳව වගකිවයුත්තන්ට නොමැතිවීම යැයි පාහියන්ගල විහාරාධිකාරී හිමියෝ කීහ.
වයි. ආරියතිලක - බදුරලිය

'ෆේස් බුක්' තුන්වැනි බිල්ලත් ගනී

සිය පෙම්වතා ලබා දුන් ජංගම දුරකථනයෙන් ෆේස් බුක් ඇතුළු වබේ අඩවි නිරතුරු බලමින් සිටින විට මව අවවාද කළැයි සිත රිදීමෙන් ‍පොල්පිතිගම බෝගොල්ල ප්‍රදේශයේ 16 හැවිරිදි තරුණියක සිය කාමරයේ ගෙල වැලලාගෙන පෙරේදා (22දා) සවස මියගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ ‍පොල්පිතිගම ජාතික පාසලෙන් අ‍පොස සාමාන්‍ය පෙළ විභාගය ලියා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි 16 හැවිරිදි ආර්.ඒ. ගණේෂිකා සුජීවනී රණතුංග නමැති සිසුවියකි.
සිසුවියගේ මව වන සුසිලා නිශ්ශංක (42) මහත්මිය මෙසේ කියා සිටියාය.
දුව දවසම ජංගම දුරකථනය ඔබ ඔබා ඉන්නේ. ඇයට දවසේ වෙන වැඩක් නෑ. ජීවිතය ජංගම දුරකථනය වෙලයි තිබුණේ. මම දුවට මේ ගැන අවවාද කළා. පැය දෙකකට විතර පස්සේ මම සැමියාට කිව්වා දුව කාමරේ ඉන්නවාද කියලා බලන්න කියලා. එවිට ඇය ‍පොත් මේසයට එහා පැත්තේ බෙල්ලෙ වැල දාගෙන හිටියේ සල්වාර් එකකින්.
මිය ගිය සිසුවියගේ පියා වන ගාමිණී සරත් කුමාර (47) මහතා,
දුව වෙනස් වුණේ මෑතක සිටයි. දුවට ඇගේ පෙම්වතා ජංගම දුරකථනයක් අරන් දීපු නිසා ඇය විනාශ වුණා. තාක්ෂණය දියුණු විය යුතුයි. ඒත් අපේ දරුවෝ එය වැලඳ ගන්නේ වැරදි විදිහටයි.
සිද්ධිය පිළිබඳව ‍පොල්පිතිගම ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සංජීව රත්නායක - ගල්ගමුව

මීගමුව දෙකෝටියේ කොල්ලයේ සල්ලි බෙදුවේ රොයිස්ගේ නිවසේ

මීගමුව ජුවෙල් ලංකා විදෙස් මුදල් හුවමාරු ආයතනයට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා අපේක්ෂක සහ මීගමුව නගර සභාවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු සහ ඔහුගේ රියැදුරු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මීගමුව ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දෙදෙනා මෙම කොල්ලයට පැමිණි පුද්ගලයන් දෙදෙනා රැගෙන ගිය යතුරුපැදිකරුවන් බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර ඔවුහු එහිදී මෙම කොල්ලය රොයිස් ප්‍රනාන්දුගේ උපදෙස් මත කළ බව පිළිගෙන ඇත.
මෙම කොල්ලයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ කොල්ලයට පෙර ඔවුන් මීගමුව නගරයේ පිහිටි යතුරුපැදි හිස්වැසුම් අලෙවි කරන ආයතනයකට ගොස් හිස්වැසුම් (හෙල්මට්) මිලදී ගන්නා අවස්ථාවේ ආරක්ෂිත කැමරාවක සටහන් වූ ඡායාරූපවලින් සහ එක් කොල්ලකරුවකු ඇඳ සිටි ඇඟලුම් ආයතනයක සලකුණ සහිත ටී ෂර්ට් එකකින් බව ‍පොලිසිය සඳහන් කරයි.
මෙම ඡායාරූපය අනුව අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනාගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම කොල්ලය එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා අපේක්ෂක  රොයිස් ප්‍රනාන්දුගේ මෙහෙයවීම මත සිදුව ඇති බව අනාවරණය වී ඇත. ඔහුගේ මෙහෙයවීම මත 'ඇපල් රුවන්' නමැත්තා විසින් මෙම කොල්ලය සිදුකළ බවද ඒ සඳහා රුවන්ගේ ගෝලයකු වන කෂිනා නමැත්තා ද සම්බන්ධ වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එනම් හිස්වැසුම් මිලදී ගැනීමට පැමිණ ඇත්තේ තරිඳු නමැති ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අයෙකි. ඔහු නිල් පැහැති ටී ෂර්ටයක් ඇඳ කොල්ලය සිදුවන 17දා උදෑසන 11.25ට පමණ හිස් වැසුම් වෙළෙඳසලට පැමිණ තිබේ. ඒ සුදු පාට ස්කූටරයකිනි. එලෙස පැමිණෙන තරිඳු අදාළ වෙළෙඳ ස්ථානය තුළට ගොස් දුරකථන ඇමතුමක් ලබාගෙන අවශ්‍ය හෙල්මටය කුමක්දැයි විමසා ඇත.
පසුව ඔහු හෙල්මට් දෙකක් මිලදී ගෙන  එක් හිස් වැසුමක් හිසේ දමාගෙන තිබේ. ඒ කළු පැහැති හිස්වැසුමය. පසුව ඔහු අනෙක් හෙල්මටය අතේ තබාගෙන වෙළෙඳසලෙන් එළියට පැමිණ තිබේ.
එහිදී තරිඳු ඇඳ සිටින්නේ ඔහු සේවය කරන ස්ථානයේ ටී ෂර්ට් එකකි. එම ටී ෂර්ටය ඇඳ සිටින තරිඳුගේ ඡායාරූපයක් ‍පොලිසිය විසින් රැගෙන ගොස් එම ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයට පෙන්වා ඇත. ඔවුන් පවසා ඇත්තේ එවැනි ටී ෂර්ට් 30ක් පමණ නිකුත් කර ඇති බවත් එම පුද්ගලයා තමන්ගේ ආයතනයේ සේවකයකු බවත්ය. පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.  එසේම කොල්ලය සිදුවන දින ඔහු ආයතනයෙන් නිවාඩු ගොස් සිට ඇත.
මොහු අත්අඩංගුවට ගැනීමත් සමග මෙම කොල්ලයට සම්බන්ධ අනෙක් පුද්ගලයා ගැන ද මොහු ‍පොලිසියට හෙළි කොට තිබුණි. ඒ රොයිස් ප්‍රනාන්දුගේ රියැදුරා වූ ඉර්ෂාන් නමැත්තා පිළිබඳවය. ඔහු රොයිස් ප්‍රනාන්දුගේ පාසල් මිතුරකු වන බවද ‍පොලිසිය සඳහන් කරයි.
එසේම මෙම කොල්ලයෙන් පසුව මුදල් බෑගය රැගෙන රොයිස් ප්‍රනාන්දු මහතාගේ නිවසට පැමිණි බවත් එහිදී පිරිස වෙනත් මලුවලට මුදල් බෙදාගත් බවත් ඒ බෙදීම රොයිස් ප්‍රනාන්දු විසින් සිදුකළ බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් මෙම කොල්ලය සිදුකර ඇත්තේ ඔහුට මැතිවරණ වැඩකටයුතු සඳහා වියදම් කිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට බව සැකකරුවන් විසින් හෙළිදරව් කරනු ලැබ ඇත.
සැකකරුවන්ගේ හෙළිකිරීම මත මීගමුව ගල්කන්ද හන්දියේදී පසුගිය සෙනසුරාදා (22දා) උදෑසන 10.00ට රොයිස් විජිත ප්‍රනාන්දු මහතා සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් රොයිස් ප්‍රනාන්දු සන්තකයේ තිබි රුපියල් 183000ක මුදලක්ද තවත් සැකකරුවකු සන්තකයේ තිබි 352,000ක මුදලක්ද ‍පොලිසිය මගින් සොයාගෙන ඇත. රොයිස් ප්‍රනාන්දු සහ ඔහුගේ රියැදුරු වන ඉර්ෂාන් එකට පාස‍ලේ අධ්‍යාපනය ලැබූ බව සඳහන් වේ.
1966 උපන් රොයිස් ප්‍රනාන්දු නමැත්තා 1986 අගෝස්තු 01 දින විශේෂ කාර්ය බළකායට උප ‍පොලිස් පරීක්ෂකවරයකු ලෙස එකතු වී ඇත. පසුව 1989 දී ඔහු සේවයෙන් ඉවත්ව ගොස් ඇත.
මෙලෙස ඉවත් වූ මොහු 1991 මාර්තු 09දා පෑලියගොඩ ප්‍රදේශයේදී ආයුධ පෙන්වා රුපියල් 412,000ක් වටිනා රන් ආභරණ  සහ 32000ක් වටිනා මුදල් සොරා ගැනීම පිළිබඳ චෝදනා ලබා ඇත.
එසේම මොහු 1993 වර්ෂයේ ජනවාරි 09දා අලුයම 1.00ට පමණ වෙන්නප්පුව ප්‍රදේශයේදී රුපියල් 38,300ක් කොල්ලකා තිබේ.
මොහු ඇතුළු පස් දෙනකුගෙන් යුත් කල්ලියක් කටුනායක ප්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු කරන ස්ථානයක් කොල්ලකෑමට ගොස් එහි සේවකයකු පැහැර ගෙන තිබූ බවටද ඔහුට චෝදනා එල්ල වී තිබේ. ඒ 2012 වර්ෂයේ පෙබරවාරි මාසයේය. එම කොල්ලය අසාර්ථක වී ඇති අතර ඊට ඔවුන් ‍පොලිස් නිල ඇඳුමින් එක් පුද්ගලයකු ද යොදාගෙන තිබුණි.
මේ ආකාරයෙන් මොහුට විරුද්ධව චෝදනා රැසක් ඇති බව ‍පොලිසිය සඳහන් කරයි.
ජුවෙල් ලංකා කොල්ලය පසුගිය 17 දා දහවල් 1.38 පමණ සිදුවූ අතර මෙම කොල්ලයට පැමිණි පිරිස ඊට පසුදින 18දා ඇඳුම් සහ යතුරුපැදි මග දමා ගොස් තිබියදී ‍පොලිසිය මගින් සොයා ගන්නා ලදී.
මෙම කොල්ලයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
ගයාන් ගාල්ලගේ/ චාමර අමරසූරිය / එස්. ප්‍රනාන්දු - මීගමුව

මාත‍ලේ විදුහල්පතිනියක් සහ මාතර විදුහල්පතිවරයෙක් අල්ලස් දැ‍ලේ

නුවන් සේනාරත්න /පී.ඩී. ලියනගේ/පසන් රාමවික්‍රම/මහේෂ් තිලකරත්න
මාත‍ලේ විජය ජාතික පාස‍ලේ විදුහල්පතිනිය සහ මාතර උයන්වත්ත ආදර්ශ කනිෂ්ඨ විද්‍යලයේ විදුහල්පති පාසලට ළමුන් ඇතුළත් කරීමට අල්ලස් ලබාගැනීමට උත්සාහ ගැනීමේදී අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් විසින්  ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාත‍ලේ විජය ජාතික විදුහ‍ලේ විදුහල්පතිනි දයාවතී කළුඅරච්චි මහත්මිය සහ මාතර උයන්වත්ත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සරත් විජේතිලක යන විදුහල්පතිවරුන්ය.
හතර වසරට සිසුවකු ඇතුළත් කර ගැනීමට දෙමාපියන්ගෙන් රුපියල් පනස් තුන්දහස් දෙසිය පනහක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත්තා යැයි සැකපිට උයන්වත්ත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඊයේ උදෑසන 9.00 ට අත්අඩංගුවට පත්විය.
අදාළ සිසුවාගේ දෙමාපියන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
සැකකාර විදුහල්පතිවරයා තම නිල කාමරයේ දී අදාළ අල්ලස් මුදල පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි මව්පිය දෙපළගෙන් ලබාගන්නා අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගෙන් වැලිගම ‍පොලිසියේ දී කටඋත්තර ලබාගෙන තිබේ. අනතුරුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට සැකකාර විදුහල්පතිවරයා භාරදී ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ලබන වසරේ විශ්‍රාම යාමට නියමිතව සිටි අයකු බව කියති.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ අතර මාත‍ලේ විජය ජාතික පාස‍ලේ විදුහල්පතිනිය අත්අඩංගුවට පත්ව ඇත්තේ පාස‍ලේ දෙවන වසරට ශිෂ්‍යයකු ඇතුළත් කර ගැනීමට රු. ලක්ෂ එකහමාරක මුදලක් අල්ලස් වශයෙන් ලබාගනිමින් සිටින අවස්ථාවේදීය. මෙම මුදල ලබා දී ඇත්තේ විදුහල්පතිනියගේ  සමීපතමයකු වන තැපැල් දෙපාර්තමේන්තුවේ, ආරක්ෂක අංශයේ සේවය කරන අයකුටය. ඔහු මාත‍ලේ තැපැල් කාර්යාලය ඉදිරිපිට මුදල් ලබාගනිමින් සිටින අවස්ථාවේ අත්අඩංගුවට පත්විය. පසුව ඔහුගේ හෙළිකිරීම මත විදුහල්පතිනියද අත්අඩංගුවට ගන්නා ලදි.

දමිතා සේමිණිගෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි

ඒ.ජේ.ඒ. අබේනායක
තමන්ට එරෙහිව අධිකරණය හමුවේ අසත්‍ය පැමිණිල්ලක් ගොනුකොට සිය කීර්තිනාමයට කළ අපහාසයට පැමිණිලිකාර ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ලබාදෙන ලෙස ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී දමිතා අබේරත්න හරස් ඉල්ලීමක් මගින් කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
පැමිණිලිකාර සේමිණි ඉද්දමල්ගොඩ කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති එම නඩුවේ චෝදනා සියල්ල තමන් ප්‍රතික්‍ෂේප කරන බවත් එම චෝදනා සනාථ කිරීමේ භාරය පැමිණිලිකාරිය වෙත පවරා එකී චෝදනාවලින් තමන් නිදහස් කර එම නඩුව නිශ්ප්‍රභ කරන ලෙසත් නීතිඥ සමන්ති ගමගේ මහත්මිය මගින් අතිරේක දිසා විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය හමුවේ ගොනු කළ එම හරස් ඉල්ලීමෙන් ඇය අයැද තිබුණි.
පැමිණිලිකාර සේමිණි ඉද්දමල්ගොඩ සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී ඇති පරිදි ඇයට එරෙහිව තමා කිසිදු සම්මුඛ සාකච්ඡාවක් කිසිදු මාධ්‍ය ආයතනයකට ලබා නොදුන් බවත් යම්කිසි මාධ්‍ය ආයතනයක් හෝ වබේ අඩවියක් විසින් එවැනි ප්‍රවෘත්තියක් පළ කළේ නම් එහි වගකීම එම මාධ්‍ය ආයතනය භාරගත යුතු බවත් දමිතා අබේරත්න මෙනවිය සිය හරස් ඉල්ලීම මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.
එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය දමිතා අබේරත්න කළ කරුණු දැක්වීම පිළිබඳ ප්‍රතිඋත්තර ලබන ජුනි 06 වැනි දා තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට මුල් නඩුවේ පැමිණිලිකාරිය වූ සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියට නියෝග කළාය.

රොයිස් ගැන තීරණය හෙට - එජාපය කියයි

දෙනගම ධම්මික රණවීර
අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගතයුතු පියවර කුමක්දැයි හෙට (26) පැවැත්වෙන එක්සත් නායකත්ව මණ්ඩල සාකච්ඡාවේ දී තීරණය කරන බව එහි ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
රොයිස් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරන පරීක්ෂණ අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුව ඇතැයි ද ඔහු පැවසීය.
මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් ‍පොලිසිය විසින් එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා අපේක්ෂක සහ මීගමුව ආසන  සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතා පසුගිය සෙනසුරාදා (22) අත්අඩංගුවට ගෙන තිබුණි.

මංගලගේ හිතවතාට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලයි


දෙකෝටියේ කොල්ලය සිදු කළේ ඡන්දයේ වියදමට සල්ලි නැති නිසා - මීගමු කොල්ලයේ මහමොළකරු රොයිස් ප්‍රනාන්දු පා‍පොච්චාරණය කරයි

ගයාන් ගාල්ලගේ
තමා අධික ලෙස ණය වී සිටින බවට තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට දැනුම් දුන් බවත් එහෙත් තමාට කෙසේ හෝ මෙවර මැතිවරණයට තරග කරන ලෙසට පක්ෂයෙන් දැනුම් දුන් බවත් අවසානයේ තමාට කොල්ලය සිදුකිරීමට සිදු වූ බව මීගමුව කෝටි දෙකේ කොල්ලයේ මහ මොළකරු වන එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මහතා ‍පොලිසිය හමුවේ පා‍පොච්චාරණය කර ඇත.
කොල්ලයෙන් පසුව ‘ඇපල් රුවන්’ ඇතුළු පිරිස තමාගේ නිවසට පැමිණි බවත් එහි දී පිරිස මුදල්වලින් කොටසක් බෙදාගෙන ඉතිරිය පසුව ගන්නා තෙක් එම මුදල් සමග සැඟව සිටින ලෙසට ඇපල් රුවන්ට’ දන්වා පිටත්කළ බවත් රොයිස් වැඩිදුරටත් අනාවරණය කර ඇත.
කෙසේ වෙතත් කොල්ලයට තවත් හෙල්මටයක් වෙනත් කඩයකින් මිල දී ගෙන ඇති බව සඳහන් වේ. ඒ මිලදී ගත් හෙල්මටය ද මේ වන විට සොයාගෙන ඇත.
දැනට හෙළිවී ඇති තොරතුරු අනුව වැඩිම මුදල් ප්‍රමාණය රැගෙන ගොස් ඇත්තේ ඇපල් රුවන් විසිනි. රොයිස් ලබාගත් මුදල් ප්‍රමාණයෙන් කොටසක් මේ වන විට සිය ඡන්ද ව්‍යාපාරයට වියදම් කොට ඇති බව ද ‍පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.


සැනසුම වැවෙන් සමුගෙන


වැල්ලවාය වරුණගම සැනසුම වැවේ මාළුන් 6000කට ආසන්න සංඛ්‍යාවක් එක්වරම මියගොස් තිබේ. දින තුනක පටන් මෙලෙස හදිසියේ මාළුන් මෙලෙස මිය යාමට පටන් ගත් බවත්
මාළුන්ගේ සිරුරු වැව වටා පැතිර තිබෙන බවත් ප‍්‍රදේශවාසීහු පවසති. ප‍්‍රදේශය අවට දැඩි දුගඳක් හමන බව ද ඔවුහු ප‍්‍රකාශ කරති.
(නයන කුමාර – මොණරාගල)

ඊළඟට ජනාධිපතිවරණය වෙයි


බස්නාහිර, දකුණ පළාත් සභා ජන්ද විමසීමෙන් පසු ඊළඟ මැතිවරණය ජනාධිපතිවරණය විය හැකි බව ජාතික හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණය පැවැත්වුයේ ද බස්නාහිර පළාත් සභා ජන්ද විමසීමෙන් අනතුරුව බවයි. 

රාගම ප්‍රදේශයේ පැවති උත්සවයක දී ඔහු මේ බව පැවසීය. 

නීතිය ගැන ජනතාවට දැන් පැහැදීමක් නෑ


නීති ක්ෂේත්‍රයේ හටගෙන ඇති අක්‍රමිකතා හේතුවෙන් ජනතාව කලකිරීමට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

නීති විද්‍යාලයට සිසුන් බඳවාගැනීමේ ක්‍රියාවලිය ද නිසි පරිදි සිදු නොවන බවට චෝදනා එල්ල වන බව හෙතෙම කියයි. 

පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව පැවසීය. 

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේ මේ පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හමුවේ පිළිතුරු ප්‍රකාශයක් සිදුකරන බවයි. 

නීති සිසුන් විරෝධයේ....
අද(24) පස්වරුවේ නීති අධ්‍යාපනය සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ සාමාජිකයින් පිරිසක් විසින් නීති විද්‍යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි. තම ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස පවසමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම විරෝධතාවය දියත් කරන ලදී. විරෝධතාවය අතරේදී නීති අධ්‍යාපනය සුරැකීමේ එකමුතුවේ සාමාජිකයෙකු විසින් නීති විද්‍යාලයේ වහලය මත නැග සිය විරෝධය පළ කළේය. මේ එම අවස්ථාවයි. 

ඡායා රූ - සංජීව ලසන්ත 

ජපුර සිසුන් යකා නටයි - ආරක්ෂක නිලධාරියෙක් රෝහලේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හා එහි ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. 

අද(24) පෙරවරු 8.00 පමණ මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය පවසයි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෝරත නේවාසිකාරයේ රැඳී සිටින සරසවි සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාලයේ ඇති මුරකුටියට කඩා වැදී ඇති අතර ඉන් අනතුරුව මුර කුටිය දෙසට ගල් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව වාර්තා වෙයි. 

මෙම ගල් ප්‍රහාරයෙන් තුවලා ලැබූ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ නිලධාරියෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි. 

අති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලීසිය පවසයි.