Translate

Translate

Sunday, March 16, 2014

ඔවු.. මං මැතිවරණ නීති කඩනවා


තමන් මැතිවරණ නීති කැඩූ බව දකුණු පළාත් සභා එ.ජ.නි.ස අපේක්ෂක අජිත් ප‍්‍රසන්න කියයි.
ඔහු පවසන්නේ තමන් එසේ කලේ යුක්තිය වෙනුවෙන් බවයි.
‘මම මැතිවරණ නීති කඩ කරනවා. මේ මැතිවරණ නීතිය ඇති හැකි එකාට හොදයි. නැති එකා පරදවන්න තමයි මේවා හදලා තියෙන්නේ. පෝස්ටර් අලවන්න බෑ, පත‍්‍රිකා බෙදන්න බෑ, පත්තර වල,ටී.වී වල,එෆ්,එම් වල ඇඞ් දාන්න පුළුවන්. මියුසිකල් ෆෝ තියන්නත් පුළුවන්. ජනතාව අතට ලියුම් දෙන්නලූ.
මේ සියලූම ඡන්ද දායකයන්ට ලියුම් දාන්න ගියොත් ලක්ෂ ගාණක් යනවා. ගෙන් ගෙට යන්නලූ. ඒකටත් ලක්ෂ ගාණක් යනවා.
මං වගේ සාමාන්‍ය මිනිහෙක් කොහොමද ඒවා කරන්නේ. ඒක නිසා මම මැතිවරණ නීති කැඩුවා.
මම ගියා බෙන්තර ප‍්‍රාදේශීය සභාවට ගිහින් පති‍්‍රකා බෙදුවා. ප‍්‍රසිද්ධියේම. මම ගුරු වෘත්තිය අතහැරලා යුද්ධෙට ගියේ මැරෙන්න බලන්. මම මැරෙන්න බය නෑ.  ඕන නම් මට දඩුවම් කරයි. මාව අපේක්ෂකත්වයෙන් ඉවත් කරයි. ඒක කරනවානම් එයාලට  ඕන හොරෙක්ව දාගන්න පුළුවන්.
මම මේක කරන්නේ යුක්තිය වෙනුවෙන්.පැෆරල් එකෙන් මාව හෙව්වත් මම ශුද්ධ සිංහලෙන් කියන්න ඉන්නේ’ යයිද ඔහු කියා සිටියි.

No comments:

Post a Comment