Translate

Translate

Wednesday, March 12, 2014

රනිල් ඇස් දෙක වගේ බලාගන්න ඕනෑ.. ඒ අහිංසකයට කොයි වෙලේ ගහයිද දන්නෙ නෑ

විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හොඳින් රැක බලා ගත යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මැතිවරණ ප‍්‍රචාරක රැළියක් අමතමින් ඔහු සඳහන් කලේ මේ අහිංසකයට කොයි වෙලාවේ ගහයිද දන්නේ නැති නිසා පාර්ලිමේන්තුවේදී තවත් ආරක්‍ෂාව ලබා දීමට යෝජනා කරන බවයි.
‘හැමතැනම බෝම්බ පුපුරන්න දුන්න නම් ඉස්කෝල ටික හදන්නේ නැතිව සල්ලි තියන අයට විතරක් ඉගෙන ගන්න අනෙක් අයට ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගනින් කිව්ව නං ගමේ පාරවල් ටික හදන්නෙ නැතිව ඔන්න ඔය කැලේට වෙලා හේනක් කොටා ගෙන ඉන්න දීපන් කියලා කිව්ව නං ගමේ දරුවට ලයිට් එක වතුර ටික දෙන්නෙ නැතිව කුප්පි ලාම්පුවෙන් ඉදලා කලෙන් හරි වතුර අරගෙන වතුර ටික බීපන් කියලා කිව්ව නං අද මහින්ද රාජපක්ෂ ඇමරිකාවට, බි‍්‍රතාන්‍යට හොද නායකයෙක්.  එහෙම නොකර මේ කළ සංවර්ධනය තමයි මහින්ද රාජපක්ෂ යුද අපරාධ අධිකරණයට ගෙනියන්න කළ වරද. එහෙම නං මේ මැතිවරණ කාල සීමාව තුළ ජිනීවා නුවර ඉදගෙන බලාගෙන ඉන්නවා ඉස්නාහිර වගේම බණ්ඩාරගම ජනතාවත් මොනවගේ තීන්දු තීරණද ගන්නේ කියලා.
අද විපක්ෂය ගැන කතා කරන්න යන්නේ නෑ. මොකද මේ දවස්වල ප‍්‍රශ්නේ මේ නායකයගේ ආරක්ෂාවයි. පුටුව ආරක්ෂා කර ගන්න එක නෙවෙයි ගුටි නොකා ආරක්ෂා වෙන එකයි ප‍්‍රශ්නේ. දැන් පාර්ලිමේන්තුව ඇතුළෙත් එතුමාට ආරක්ෂාව දෙන්න කියලා අපි කතානායකතුමාගෙන් ඉල්ලන්නයි හදන්නේ. මොකද කොයි වෙලාවේ කවුරු ගහයිද දන්නේ නෑ මේ අහිංසකයට. එහෙම පක්ෂයක් තමයි මේ රටේ නායකත්වය ඉල්ලන්න හදන්නේ’ යයිද මන්ත‍්‍රීවරයා එහිදී කීය.

No comments:

Post a Comment