Translate

Translate

Wednesday, February 12, 2014

විදුලි බලාගාර 4 ක්‌ අක්‍රියවීම හේතුවෙන් ලංවීමට බර වියදම්
ශිරාන් රණසිංහ

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ඇතුළු බලාගාර හතරක්‌ නතරවීම ඇතුළු කාරණා මුල් කරගෙන පෞද්ගලික තාප බලාගාර හතකින් අවශ්‍ය විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්‌ඩලයට පසුගිය දින හතළිහක කාලයේදී රුපියල් කෝටි අටසියයකට වඩා වැයවී ඇතැයි ගණන් බලා තිබේ.

මෙරටට අවශ්‍ය මුළු විදුලි අවශ්‍යතාවයෙන් සියයට හතළිස්‌පහක්‌ පමණ පෞද්ගලික තාප (ඩීසල්) බලාගාරවලින් මිලදී ගැනීමට සිදුවීම පිටුපස කුමන්ත්‍රණයක්‌ තිබේදැයි යන්න බරපතළ සැකයක්‌ මතුව ඇතැයි ලංකා විදුලිබල මණ්‌ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 8.50 ක්‌ පමණ වුවද පෞද්ගලික බලාගාරයකින් (තාප, ඩීසල්) මිලදී ගනු ලබන විදුලි ඒකකයක මිල රුපියල් 25, 26 ආදී මිල ගණන්වල සිට රුපියල් 33 ආදී මිල ගණන් දක්‌වා දිවෙන බවද හෙතෙම කියා සිටියේය.

අඩු මිලට විදුලිය ජනනය කළ හැකි නොරොච්චෝල ඇතුළු බලාගාර එකවර පද්ධතියෙන් ඉවත් කිරීමෙන් පෞද්ගලික බලාගාර හිමි අයට ලැබෙන ආදායම් කෝටි ගණනින් ඉහළ ගොස්‌ ඇතැයි ද හෙතෙම පැවසීය.

ලංකා විදුලිබල මණ්‌ඩලය මෙලෙස විදුලිය මිලදී ගෙන ඇත්තේ ඒෂියා පවර්, ඒ. ඊ. එස්‌ කැළණිතිස්‌ස, කොළම්බු පවර්, හෙළදනවි, වෙස්‌aකෝස්‌ සහ නදර්න් පවර් යන පෞද්ගලික තාප (ඩීසල්) බලාගාර වලිනි.

මෙරට බලශක්‌ති අර්බුදයට විසඳුම් ලෙස නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය, (මෙගාවොට්‌ 300), ඉහළ කොත්මලේ (මෙගාවොට්‌ 150), කෙරවළපිටිය (මෙගාවොට්‌ 300), කුකුලේ ගඟ (මෙගාවොට්‌ 70) ආදි ව්‍යාපෘති නිම කර තිබියදීත්, පෞද්ගලික ව්‍යාපාරිකයන් සතුව ඇති බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම බරපතළ අපරාධයක්‌ යෑයිද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment