Translate

Translate

Wednesday, February 12, 2014



ජවිපෙ නයක අනුර පුදන කොටම අනකොන්ඩා

හේග් නුවර පිහිටි යුධ අපරාධ අධිකරණයට ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රධානීන් ගෙන යා නොහැකි යයි ජවිපෙ නායක පාර්ලිමේන්තු අනුර දිසානායන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ යුධ අධිකරණය සමබන්ධයෙන් ප‍්‍රඥ්ඥප්තියක් සම්මත කරගෙන තිබුණද ශ‍්‍රී ලංකාව ඊට අත්සන් නොකර ඇති බැවින් එවන් ක‍්‍රියාමාර්ග ගත නොහැකි බවයි. එනිසා ජනාධිපතිවරයා නොව සාමාන්‍ය සෙබළෙකුවත් හේග් නුවර යුධ අධිකරණයට ගෙන යා නොහැ යයිද ඒ මහතා කීවේ ජවිපෙ නව නායකකත්වයට පත් වූ අලූතම පැවති ජන හමුවකදීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ජවිපෙ නව නායකයා පළමුව හේග් යුධ අධිකරණය හා සම්බන්ධ නීති රීති යළි කියවිය යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කලක් රාජකාරී කටයුතුද කල, ජාත්‍යන්තර ආයතන සම්බන්ධයෙන් මත දැක්වීම සඳහා ප‍්‍රමාණික විද්වතෙක් වන ඒ මහතා මෑත ඉතිහාසයේ එසේ සිදු වූ අවස්ථා කිහිපයක්ද උදාහරණ සහිතව ගෙන දැක්වීය.
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් පදනම් කරගෙන ජවිපෙ නව නායකයා මෙවන් විහිළු සහගත ළදරු ප‍්‍රකාශ කිරීම එම පක්‍ෂයේ අභිමානවත් ඉතිහාස භාවිතාවට කරන මහත් අවමානයක්, නිගරුවක් බවද ඔහු සඳහන් කලේය.

No comments:

Post a Comment