Translate

Translate

Sunday, February 16, 2014

දුම්රිය වර්ජනය තවදුරටත් - අදත් සාකච්ඡාවක්


දුම්රිය රියදුරන් පිරිසක් විසින් ඉකුත් 13 වැනිදා පස්වරුවේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

ශ්‍රී ලංකා ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා සමඟ ඊයේ පැවති සාකච්ජා විසඳුමකින් තොරව අවසන් වු බවයි.

කෙසේ වෙතත් අද දිනයේ ද මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයා සාකච්ජාවක් ලබා දී ඇති බව ඔහු පැවසීය.

තම සංගමයේ සභාපති අයි.එල්.කේ දිසානායක මහතාට ලබා දුන් ප්‍රවාහන අමාත්‍යංශයේ අධීක්ෂණ නිලධාරී තනතුරෙන් ඔහු ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමය පසුගිය බ්‍රහස්පතින්දා සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරයි.

මෙතෙක් තම ඉල්ලීම සඳහා විසදුමක් නොලැබීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මත කිරීමට තීරණය කළ බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය. 

No comments:

Post a Comment