Translate

Translate

Friday, February 14, 2014

උතුරු පළාත් සභාව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි
- නෝර්වේ තානාපතිනිය යාපනේදී කියයි

දිනසේන රතුගමගේ

උතුරු පළාත් සභාව මේ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා රජය සමග ඉතා සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක්‌ බව ශ්‍රී ලංකාවේ සිටින නෝර්වේජියානු තානාපතිවරිය වන ග්රෙට්‌ටේ ලෝහාන් මහත්මිය යාපනයේ ආගමික නායකයන්ට හා විද්වතුන්ට පෙරේදා (12 දා) සවස ප්‍රකාශ කොට තිබේ.

නෝර්වේජියානු තානාපතිවරිය මෙදින යාපනේ සංචාරය කරමින් උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයාද ප්‍රධාන අමාත්‍යවරයාද යාපනයේ රදගුරු වරයාද හමුවී පළාතේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු සාකච්ඡා කොට තිබේ.

යුද්ධය හේතුවෙන් විපතට පත්වූ පුද්ගලයන්ට ඉතා කඩිනමින් සහන සැලසීමට නම් උතුරු පළාත් සභාව ශ්‍රී ලංකා රජය සමග සෘජුවම සම්බන්ධවී කටයුතු කළ යුතු බව ඇය සියලු පාර්ශ්වවලට අවධාරණය කොට තිබේ.

එපමණක්‌ නොව උතුරු පළාත් සභාව හුදෙකලාභාවයෙන් මිදී යුරෝපීය සංගම් හා ආධාර දෙන කණ්‌ඩායම් සමගද කටයුතු කළ යුතු බව ලෝහාන් මහත්මිය අවධාරණය කොට තිබේ.
 

No comments:

Post a Comment