Translate

Translate

Saturday, February 15, 2014

උතුරෙන් හමුදාව ටිකෙන් ටික පන්නවා – විග්නේෂ්වරන්


උතුරු පළාත තුල රඳවා සිටින ශ‍්‍රී ලංකා හමුදාව ටිකින් ටින පලවා හැරීමට කටයුතු කරන බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
උදයන් දෙමල පුවත් පත වාර්තා කරන්නේ ඒ සඳහා මූලික වශයෙන් හමුදාව හමුදා බැරැක්ක සඳහා සීමා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව මහ ඇමති වරයා සඳහන් කල බවයි.
ගැටුමෙන් පසු උතුරු සහ නැගෙනහිර දෙපලාත්වල සංවර්ධනය සම්බන්ධයෙන් පැවති සමුළුවකදී අදහස් පල කරමින් ඔහු මේ බව පවසා ඇත.
උතුරේ සංවර්ධන කටයුතුද සිදු වන්නේ ආණ්ඩුවේ ජාතික සංවර්ධන වැඩ පිළිවෙල අනුව බවත් පවසා ඇති ඔහු දෙමළ සන්ධාන යෝජනාවලට එකඟ වන්නේ නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණෙන බවද සඳහන් කර ඇත.

No comments:

Post a Comment