Translate

Translate

Wednesday, February 12, 2014

අහේතුක යෑයි කියූ වකුගඩු රෝගයේ හේතුව සොයා ගනී

- විෂය භාර ඇමැති පිළිගනී

තලාව - එප්පාවල -  රත්න බී. ඒකනායක

වසර දහයකට වැඩි කලක්‌ තිස්‌සේ රජරට පුරාවට පැතිරෙමින් පවත්නා වකුගඩු අකරණයේ හේතුව රජරට හා කැලණි විශ්වවිද්‍යාල ඒකාබද්ධව පවත්වන ලද දිගුකාලීන පර්යේෂණය අනුව දැන් සොයාගෙන තිබේ. අවසන් වරට මෙම පර්යේෂණ ඇමෙරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයීය පර්යේෂණාගාරයේදී පවත්වනු ලැබ එහි ප්‍රතිඵල රැගෙන පැමිණි පර්යේෂණ කණ්‌ඩායමේ පර්යේෂක රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් විෂය භාර විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා වෙත රජරට වකුගඩු අකරණයේ හේතුව නිරාවරණය කරනු ලැබීය.

ගොවිතැනට භාවිත කරන කෘෂි රසායනවල ගැබ්වී ඇති කැඩ්මියම් හා ආසනික්‌ විෂකාරකයන් ආහාරපාන සමඟ මිනිසාගේ ශරීරගත වීමෙන් කල් යැමේදී වකුගඩු අකරණයට පත්වන බව වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් සහේතුකව අමාත්‍යවරයාට පැහැදිලි කර දෙන ලදී.

ඉදිරිපත් කරන ලද කරුණුවල නිරවද්‍යභාවය පිළිගත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු කණ්‌ඩායම සිය පර්යේෂණවලින් ඉක්‌බිතිව වකුගඩු අකරණයට දක්‌වන හේතුව පිළිගත්ත බව ජනතාවටද ප්‍රකාශ කළේය. දැන් අපි හේතුව දන්නවා. තවත් මේ ගැන බල බලා ඉන්න වෙලාවක්‌ නෑ. අපි පමාවූ තරමට තවත් වකුගඩු රෝගීන් ඇතිවෙනවා. නැති වෙනවා.මේ නිසා මේ පිළිබඳව ජනාධිපතිතුමන් සමඟ වහාම සාකච්ඡාකොට උපදෙස්‌ ලබාගෙන වකුගඩු රෝගය නිවාරණය කිරීමේ කඩිනම් පියවර ගන්නේ යෑයි වකුගඩු රෝගය පිළිබඳ විෂය භාර විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා අවධාරණය කළේය.



No comments:

Post a Comment