Translate

Translate

Wednesday, February 12, 2014

සන්ධානයට අභියෝග නෑ

දේශපාලන විචාරකයෝ කියති
විපක්ෂයේ පක්ෂ සෑම එකක්ම පාහේ බෙදීම් ඇතිවී අභ්‍යන්තර ආරවුල් පැනනැඟීම හේතුවෙන් බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට කිසිදු අභියෝගයකින් තොරවූ පහසු හා විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මේ මැතිවරණයේ දී ආණ්ඩුව පරාජයට පත්කිරීම සඳහා විපක්ෂයේ පොදු සන්ධානයක් ගොඩනැඟීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කීපයක් උත්සාහ කළත් එය ලත් තැනම ලොප් විය. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුම් උත්සන්න වීම නිසා එ.ජා.ප.ය තවදුරටත් දුර්වල අඩියකට වැටී තිබේ.
මේ අතර බස්නාහිර පළාතේ සියලු දෙමළ ජනතාවගේ ඡන්ද එකම සන්ධානයක් යටතට ලබාගැනීමේ අරමුණින් දෙමළ පක්ෂ එක්ව තරග කිරීමට යෝජනා වී තිබුණ ද එම පක්ෂවලට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ තනි තනිවම තරග කිරීමට අමතරව තවත් දෙමළ දේශපාලනඥයන් ස්වාධීනව තරග කිරීම තුළින් දෙමළ ඡන්ද බෙදීයාමෙන් දෙමළ නියෝජිතයින් පත්කර ගැනීම අසීරු කරුණක් වනු ඇත.
‍මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා ජනතා කොංග්‍රසය තනි තනිවම තරග කිරීම තුළින් මුස්ලිම් ඡන්ද ද බෙදී යනු ඇත.
‍මේ තත්ත්වයේ වාසිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවීමෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවනු ඇතැයි එම දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් කියා සිටියි.

No comments:

Post a Comment