Translate

Translate

Tuesday, February 4, 2014

විශ්වයේ සීතලම ස්ථානය


2016 වන විට තමන් විශ්වයේ ශීතලම ස්ථානය ඉදිකිරීමට සූදානම් වෙමින් ඇති බව නාසා ආයතනය පවසයි.
ශීත පරමාණුක පර්යේෂණාගාරය ලෙස නම් කර ඇති මෙය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ පිහිටුවීමට නියමිතය.
ව්‍යාපෘතියේ ප‍්‍රධාන විද්‍යාඥ රොබ් තොම්ප්සන් පවසා ඇත්තේ මෙය තුළ පිකෝ කෙල්වින් 100ක් දක්වා උෂ්ණත්වය පහත හෙළීම තම ඉලක්කය වන බවයි.
එය කෙල්වින් අංශක බිංදුව අගයට අංශකයකින් බිලියන 10කින් කොටසකින් ළංවීමක් වන අතර විද්‍යා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇතැයි පැවසේ.
සෙල්සියස් අංශක සෘණ 273.15කට සමාන කෙල්වින් බිංදුව නම් මෙම සංකල්පීය අගයේදී පරමාණුවල සියලූ තාපජ ක‍්‍රියාවන් නවතින බව න්‍යායිකව සැලකේ.
ඊට ආසන්න අධික ශීත තත්වයන්හිදී පදාර්ථය එහි පරමාණුක හැසිරීම අත්හරින අතර ඝන, ද්‍රව හෝ වායු හැසිරීම් වෙනුවට පදාර්ථයේ ක්වොන්ටම් ආකාරයන් නිරූපණය කිරීම පටන් ගනී.
පරමාණුක පරිමාණයේදී පදාර්ථය සහ ආලෝකය හැසිරෙන සංකීර්ණ සහ විශ්මයජනක ආකාරයන් ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාව මගින් හදාරනු ලබයි.
තොම්ප්සන් පවසන්නේ නව ශීත පරමාණුක පර්යේෂණාගාරය මගින් මේ පිළිබඳ අති වැදගත් පර්යේෂණ සිදුකිරීමේ අවස්ථාව විද්‍යාඥයන්ට හිමිවන බවයි.
මෙම පර්යේෂණාගාරය තුළදී බෝස්-අයින්ස්ටයින් අංශූන් පිළිබඳ පර්යේෂණ සිදුකිරීමට නියමිත අතර අභ්‍යවකාශයේ ඇති ශුන්‍ය ගුරුත්ව තත්වය තුළදී මෙවැනි පර්යේෂණයන් තත්පර 20ක් පමණ වැඩි කාලයක් පුරා සිදුකළ හැකි බව පැවසේ.

No comments:

Post a Comment