Translate

Translate

Friday, February 28, 2014

පාදුක්කේ කොල්ලයට 3ක් දැලේ

පාදුක්ක ප්‍රදේශයේ උකස් ආයතනයක සිදුවු කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ මෙහි ප්‍රධාන සැකකරු අදාළ උකස් මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි සේවිකාවකගේ පියා බවට හඳුනාගෙන ඇති බවයි. 

ඔහු මීගොඩ ප්‍රදේශයේ කරවල වෙළඳසැලක හිමිකරුවෙකු බවට ද හඳුනාගෙන තිබේ. 

මෙම සැකකරුගේ අනුදැනුම මත කොල්ලය සිදුකර ඇත්තේ යුද හමුදාවෙන් පළා ආ ආබාධිත සෙබළුන් දෙදෙනෙකු බව පොලිසිය කියයි. 

ඔවුන් දෙදෙනාද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 

කොල්ලකන ලද රන් භාණ්ඩ වලින් කොටසක් ද මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය. 

කොල්ලයට සම්බන්ධ දැනට හමුදා සේවයේ නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් ආරංචිමාර්ග පවසයි. 

පසුගිය 12 වැනිදා පාදුක්ක ප්‍රදේශයේ පිහිටි උකස් මධ්‍යස්ථානයකින් රුපියල් කෝටි 02ට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් තොගයක් කොල්ලකා තිබුණි. 

කොළඹ දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්ය. 

No comments:

Post a Comment