Translate

Translate

Sunday, February 16, 2014

සෙන්ට් ක්ලෙයාර් රක්ෂිතයටත් ගිනි තියලා?


තලවකැලේ පොලිස් බල ප්‍රදේශය තුල පිහිටා ඇති සෙන්ට් ක්ලෙයාර් ආශ්‍රිත රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. 

අද දහවල් ගින්න හටගෙන ඇති බව සඳහන්ය. 

දිය ඇල්ල ආසන්නයේ ඇති ඉලුක් රක්ෂිතය තුළ ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි. 

අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් මේ වන විට ගින්නට හසු වී ඇති බව සඳහන්ය. 

දියඇල්ල ආශ්‍රිතව ඇති දැඩි සුළං තත්ත්වය ගින්න පැතිරි යාමට හේතු වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. 

කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට තලවකැලේ පොලිසිය සැක පළ කරයි. 

ඡායා රූ - රංජිත් රාජපක්ෂ 

No comments:

Post a Comment