Translate

Translate

Wednesday, February 12, 2014


ජගත් බාලපටබැඳිට එරෙහි අල්ලස් පැමිණිල්ල අහකට

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එල්ල කළ අල්ලස් චෝදනාව පදනම් විරහිත හා අසත්‍ය චෝදනාවක් බව එම චෝදනාව සම්බන්ධ පැමිණිල්ල සලකා බැලු කොමිසමේ කොමසාරිස්වරයකු සනාථ කර ඇතැයි සඳහන් වේ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ මේ පැමිණිල්ල විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කොමිසම තීරණය කර ඇත.
තොරතුරු නොමැති පැමිණිල්ලක් බැවින් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බව ද කොමිසම සඳහන් කරයි.
අදාළ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ප්‍රතිරූපය කෙලෙසීමේ චේතනාවෙන් ඉදිරිපත් කළ එකක් යැයි හැඟීයන බව ද කොමසාරිස්වරයා සඳහන් කර ඇත.
මේ පැමිණිල්ල කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව පැමිණිල්ලක් බැවින් කොමිෂන් සභා පනත අනුව සෙසු කොමසාරිස්වරු දෙදෙනාගෙන් එක් අයකු යටතේ විමර්ශනය කිරීම සිදු කෙරිණි.
කොමිසමට විරුද්ධව ඉදිරිපත් වූ පැමිණිල්ලක් කොමිසමේ වෙනත් කොමසාරිස්වරයකු යටතේ විභාග කිරීම පිළිබඳව කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙක් පැවසුවේ තම කොමිසමට ඉදිරිපත් වන ඕනෑම පැමිණිල්ලක් 1994 අංක 19 දරන කොමිෂන් සභා පනත අනුව විමර්ශනය කිරීමේ බලය කොමිසම සතු වන බවයි.
ඉදිරිපත් කරන පැමිණිල්ලක් අසත්‍ය වුවහොත් පැමිණිලිකරුට එරෙහිව කොමිෂන් සභා පනත අනුව අධිකරණයක් හමුවේ අපරාධමය නඩුවක් පැවැරීමේ නෛතික බලය ද කොමිසම සතු වන බව ද එම නිලධාරියා පැවැසීය.
හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල හෝ මොන යම් පැමිණිල්ලක් මාධ්‍යයට හෝ කිසියම් හෝ පුද්ගලයකුට අනාවරණය කිරීමට කොමිසම බැඳි නොමැති බව ද හෙතෙම පැවැසීය.

No comments:

Post a Comment