මංගලගේ හිතවතාට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලයි
ඒ.ජේ.ඒ. අබේනායක / රූ.පී. සුසෙව්හේවා
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ නිවසට පැන ලැප්ටොප් යන්ත්‍රයක් හා විස්කි බෝතල් කිහිපයක් සොරා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ සමීප හිතවතකු වන ශිවාන් ප්‍රියංකර නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස පැමිණිලිකාර මංගල සමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (24) ඉල්ලා සිටියේය.

2013 දෙසැම්බර් 30 වැනි දා සිදුවූයේ යැයි කියන එම සොරකම පිළිබඳ මංගල සමරවීර මහතාගේ නිවස භාරව සිටි වැලිසරගේ ෂෙල්ටන් ප්‍රනාන්දු නමැත්ත කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ල අනුව අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.
එම නඩුව ඊයේ පානදුර මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ දී නිවස හිමි මංගල සමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා කරුණු දක්වමින් මේ නඩුව අපට වැඩක් නෑ. මේක කිසිම වටිනාකමක් නොමැති නඩුවක්. ඒ නිසා අපි නඩුව ඉල්ලා අස්කර ගන්නවා යැයි අධිකරණය හමුවේ දී පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා
“ඒක ඉතාම ඥානාන්විත අදහසක්. ඒ මොකද කියනවා නම් මේක තවදුරටත් ඉදිරියට ගෙනගියහොත් පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරයා වන මංගල සමරවීර මහතාගෙන් අපට මෙම චූදිත සමග ඇතිකරගත් අසම්මත ඇසුර ගැන අහන්නත් සිද්ධ වෙනවා.”
නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා
“ස්වාමීනි මේක නඩුවක් නමෛයි මඩක්.”
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා
“ඔව් මඩ ඇඟේ ගාගෙන, මඩ ගාගෙන, කාගෙන දැන් මඩ මඩ කියලා කෑගහනවා.”
නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා
“ස්වාමීනි මෙම නඩුවට අදාළව කෙසෙල්වත්ත පොලිසිය විසින් ගිය අවස්ථාවේ දී පැමිණිල්ලක් ගොනු කරනවා කියා අධිකරණයට කීවා. ඒත් අද ඒ ගැන කතා නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ ගැන විමර්ශන කරන්න ඕනෑ යැයි කියනවා. පොලිස්පතිවරයා විසින් පරීක්ෂණයක් කරන්නයැයි නියෝග දී තිබෙනවා. නැතිවෙච්චි භාණ්ඩවල වටිනාකම ලක්ෂ එකහමාරකට අඩුයි. සාමාන්‍ය වශයෙන් සී.අයි.ඩී. එක පරීක්ෂණ භාරගන්නේ මිලියන 5කට වැඩි වටිනාකමකින් යුතු නඩු පමණයි.”
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා
“ස්වාමීනි මෙම නඩුව නිසා සැකකරුට වූ අසාධාරණය පිළිබඳ අප පොලිස්පතිවරයා වෙත දිවුරුම් පෙත්සමක් මගින් පැමිණිල්ලක් කළා. මෙම භාණ්ඩ සියල්ලම මංගල මන්ත්‍රීතුමා මගේ සේවාදායකයා සමග යාළුවෙලා ඉන්න කාලේ තෑගි වශයෙන් දුන්න ඒවා. එම නිසා පොලිස්පතිතුමා විසින් මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා.”
පොලිස් පරීක්ෂක සුමින්ද කුලසේකර මහතා
“ස්වාමීනි අගතියට පත් පාර්ශ්වයේ ඉල්ලීම සම්පූර්ණයෙන්ම වැරදියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවම මුදල් ප්‍රමාණයක් නියම කොට ඇත්තේ වංචා නඩු සම්බන්ධයෙන් පමණයි. ඒ හැරුණු විට වෙනත් ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට අපට අධිකරණය මගින්, නීතිපතිවරයාගෙන් හා පොලිස්පතිතුමාගෙන් නියෝග ලැබෙනවා. ඒ අනුව අපි පරීක්ෂණ කරනවා.”
අධිකරණය
“නමුත් ගියවර කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරිවරයෙක් කිව්වා විමර්ශනය අවසන් කියලා. එසේ නම් තවදුරටත් කරන්න ඕන පරීක්ෂණය මොකක්ද?”
පොලිස් පරීක්ෂක සුමින්ද කුලසේකර මහතා
“ස්වාමීනි මෙම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අනුව මෙම නිවසට හොරෙන් ඇතුළු වුණා ද? නැතුව බලෙන් ඇතුළු වුණාද යන්න සම්බන්යෙන් කිසිම සාක්ෂියක් නෑ. ඇඟිලි සලකුණු පරීක්ෂකයන්ට කිසිම ඇඟිලි සටහනක් සොයාගැනීමට හැකි වී නෑ. නිල පොලිස් සුනඛයාටත් සැකකටයුතු කිසිවක් අනාවරණය කර ගැනීමට හැකිවී නැ. ඒ නිසා තවදුරටත් පරීක්ෂණ කරගෙන යනවා. නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය අනුව පරීක්ෂණ පවත්වාගෙන යනවා.”
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා
“ස්වාමීනි මංගල සමරවීර මන්ත්‍රීවරයා කියනවා නම් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නවා කියලා අපි ඒකට විරුද්ධත්වයක් නෑ. ඒ බව සටහන් කරගෙන මගේ සේවාදායකයා නිදහස් කරනවා නම් ඒ ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. එම නිසා එම දේ සටහන් කරගෙන මගේ සේවාදායකයා නිදහස් කර හරින්න.”
නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා
“මෙම නඩුවේ නඩු භාණ්ඩ ඉල්ලා සිටිනවා.”
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා
“නිදහස් කරන්නේ නැත්නම් අපිත් ඒ නඩු භාණ්ඩ (ප්‍රදර්ශන භාණ්ඩ) ඉල්ලා සිටිනවා. ලැප්ටොප් යන්ත්‍රයේ හොඳ පින්තූර තිබෙනවා. කුරුඳු පොලු හමුදාවත් ඉන්නවා. එම නිසා ප්‍රදර්ශන භාණ්ඩ කිසිවකුට දෙනවාට මම විරුද්ධයි.”
සැකකරුව මෙම අවස්ථාවේ දී නිදහස් කළ නොහැකි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා විධිමත් පරීක්ෂණයක් කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවට නියෝග කරමින් වැඩිදුර විභාගය ලබන මැයි 19 දින දක්වා කල්තැබිමට නියෝග කළේය.

No comments:
Post a Comment