Translate

Translate

Wednesday, February 12, 2014

ඩයස්‌පෝරාවේ සල්ලි දෙමළ ජනයාට විශාල හානියක්‌
- මහ ඇමැති විග්නේෂ්වරන් කියයි

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

ඩයස්‌පෝරාවෙන් ලැබෙන මුදල් නිසා දෙමළ ජනතාවට විශාල හානියක්‌ සිදුවන බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශකර කර ඇත.

මේ මුදල් හේතුවෙන් දෙමළ ශිෂ්‍ය ප්‍රජාවටද බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව ඇතැයි මහ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කර ඇත්තේ වරානි මධ්‍ය මහා විද්‍යාලයේ 60 වැනි සංවත්සරය සැමරීමට පැවැති උත්සවයට සහභාගි වෙමිණි.

පිටරටින් ලැබෙන මුදල් නිසා දෙමළ දරුවන් චිත්‍රපටි බලමින් අධික මිල ජංගම දුරකථන භාවිත කරමින් කාලය නාස්‌ති කරන බවත් ඔවුන් අධ්‍යාපනය ගැන දක්‌වන උනන්දුව අඩුවී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ මුදල් නිසා තරුණයන් මත්පැන් පානයටත් දුම්පානයටත් ඇබ්බැහිවී දෙමළ සමාජයේ සාම්ප්‍රදායික අගයන් බැහැර කර ඇති බවත් විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.

සිංහල සමාජයේ දරුවන් මවුපියන්ට ගරු කිරීම, ඔවුන්ට වැඳීම සිදුකරන නමුත් දෙමළ සමාජයේ සමහර තරුණයන් මවුපියන්ට හා ගුරුවරුන්ට නිසි ගෞරවය නොදක්‌වන බවත් හෙතෙම සඳහන් කර ඇත.

No comments:

Post a Comment