Translate

Translate

Saturday, February 15, 2014

කිරිපිටි මිල නැගීමත් සමග බාල ආදේශකයක් වෙළෙඳ‍පොළට

කිරිපිටි මිල ගණන් ඉහළ යාමත් සමග මෙරට කිරිපිටි සමාගමක් විසින් බාලවර්ගයේ අදේශක කිරිපිටි වර්ගයක් අඩු මිලට අලෙවි කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.
පාරිභෝගිකයන්ගෙන් මෙම ආදේශක කිරිපිටි සඳහා විශාල ඉල්ලුමක් ඇතිවී තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.ඒ අනුව ග්‍රෑම් හාරසීයේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 295කටද කිලෝවක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 690කටද අලෙවිකරන බව ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිල්ලක් යොමුකළ බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ජේ.ඩග්ලස් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ මෙම ආදේශක කිරිපිටි වර්ගයේ අඩංගු සීනි ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඉදිරියේදී එහි සාම්පල ලබාගෙන රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවත්ය.

එමෙන්ම මෙම කිරිපිටි වර්ගය ආදේශකයක් බවද අඩු මිලකට අලෙවි කරන නිසා පාරිභෝගිකයන්ගෙන් හා ආපනශාලා හිමියන්ගෙන් මේ කිරිපිටි සඳහා අධික ඉල්ලුමක් ඇතිවී තිබෙන බවද ඩග්ලස් මහතා පැවසීය.
තිළිණි මධුවන්ති

No comments:

Post a Comment