Translate

Translate

Monday, February 24, 2014

දෙකෝටියේ කොල්ලය සිදු කළේ ඡන්දයේ වියදමට සල්ලි නැති නිසා - මීගමු කොල්ලයේ මහමොළකරු රොයිස් ප්‍රනාන්දු පා‍පොච්චාරණය කරයි

ගයාන් ගාල්ලගේ
තමා අධික ලෙස ණය වී සිටින බවට තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට දැනුම් දුන් බවත් එහෙත් තමාට කෙසේ හෝ මෙවර මැතිවරණයට තරග කරන ලෙසට පක්ෂයෙන් දැනුම් දුන් බවත් අවසානයේ තමාට කොල්ලය සිදුකිරීමට සිදු වූ බව මීගමුව කෝටි දෙකේ කොල්ලයේ මහ මොළකරු වන එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මහතා ‍පොලිසිය හමුවේ පා‍පොච්චාරණය කර ඇත.
කොල්ලයෙන් පසුව ‘ඇපල් රුවන්’ ඇතුළු පිරිස තමාගේ නිවසට පැමිණි බවත් එහි දී පිරිස මුදල්වලින් කොටසක් බෙදාගෙන ඉතිරිය පසුව ගන්නා තෙක් එම මුදල් සමග සැඟව සිටින ලෙසට ඇපල් රුවන්ට’ දන්වා පිටත්කළ බවත් රොයිස් වැඩිදුරටත් අනාවරණය කර ඇත.
කෙසේ වෙතත් කොල්ලයට තවත් හෙල්මටයක් වෙනත් කඩයකින් මිල දී ගෙන ඇති බව සඳහන් වේ. ඒ මිලදී ගත් හෙල්මටය ද මේ වන විට සොයාගෙන ඇත.
දැනට හෙළිවී ඇති තොරතුරු අනුව වැඩිම මුදල් ප්‍රමාණය රැගෙන ගොස් ඇත්තේ ඇපල් රුවන් විසිනි. රොයිස් ලබාගත් මුදල් ප්‍රමාණයෙන් කොටසක් මේ වන විට සිය ඡන්ද ව්‍යාපාරයට වියදම් කොට ඇති බව ද ‍පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

No comments:

Post a Comment