Translate

Translate

Wednesday, February 12, 2014

සාලිට ආයෙත් අලියා එපාවෙයි



එක්සත් ජාතික පක්ෂය විසින් මෙවර බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට නාමයෝජනා ලබාදී ඇත්තේ ජයග්‍රහණය ලැබිය හැකි අපේක්ෂකයින්ට නොවන බව මධ්‍යම පළාත් සභාවේ එ.ජා.ප පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා බදාදා (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කීය.ඒ අනුව තමන් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂයට සහය නොදැක්වීමට තීරණය කර ඇති බවඔහු පවසයි. 
එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජයට පත්වන පක්ෂයක් බවත් එවැනි පක්ෂයකට සහය දීමට අපේක්ෂා නොකරන බවත්මන්ත්‍රීවරයා කියා සිටී.මීට පෙරද අසාද් සාලි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූ අතර නැවත ඉකුත් පළාත් සභා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළේය.

No comments:

Post a Comment