Translate

Translate

Monday, February 24, 2014

මාත‍ලේ විදුහල්පතිනියක් සහ මාතර විදුහල්පතිවරයෙක් අල්ලස් දැ‍ලේ

නුවන් සේනාරත්න /පී.ඩී. ලියනගේ/පසන් රාමවික්‍රම/මහේෂ් තිලකරත්න
මාත‍ලේ විජය ජාතික පාස‍ලේ විදුහල්පතිනිය සහ මාතර උයන්වත්ත ආදර්ශ කනිෂ්ඨ විද්‍යලයේ විදුහල්පති පාසලට ළමුන් ඇතුළත් කරීමට අල්ලස් ලබාගැනීමට උත්සාහ ගැනීමේදී අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් විසින්  ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාත‍ලේ විජය ජාතික විදුහ‍ලේ විදුහල්පතිනි දයාවතී කළුඅරච්චි මහත්මිය සහ මාතර උයන්වත්ත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සරත් විජේතිලක යන විදුහල්පතිවරුන්ය.
හතර වසරට සිසුවකු ඇතුළත් කර ගැනීමට දෙමාපියන්ගෙන් රුපියල් පනස් තුන්දහස් දෙසිය පනහක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත්තා යැයි සැකපිට උයන්වත්ත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඊයේ උදෑසන 9.00 ට අත්අඩංගුවට පත්විය.
අදාළ සිසුවාගේ දෙමාපියන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
සැකකාර විදුහල්පතිවරයා තම නිල කාමරයේ දී අදාළ අල්ලස් මුදල පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි මව්පිය දෙපළගෙන් ලබාගන්නා අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගෙන් වැලිගම ‍පොලිසියේ දී කටඋත්තර ලබාගෙන තිබේ. අනතුරුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට සැකකාර විදුහල්පතිවරයා භාරදී ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ලබන වසරේ විශ්‍රාම යාමට නියමිතව සිටි අයකු බව කියති.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ අතර මාත‍ලේ විජය ජාතික පාස‍ලේ විදුහල්පතිනිය අත්අඩංගුවට පත්ව ඇත්තේ පාස‍ලේ දෙවන වසරට ශිෂ්‍යයකු ඇතුළත් කර ගැනීමට රු. ලක්ෂ එකහමාරක මුදලක් අල්ලස් වශයෙන් ලබාගනිමින් සිටින අවස්ථාවේදීය. මෙම මුදල ලබා දී ඇත්තේ විදුහල්පතිනියගේ  සමීපතමයකු වන තැපැල් දෙපාර්තමේන්තුවේ, ආරක්ෂක අංශයේ සේවය කරන අයකුටය. ඔහු මාත‍ලේ තැපැල් කාර්යාලය ඉදිරිපිට මුදල් ලබාගනිමින් සිටින අවස්ථාවේ අත්අඩංගුවට පත්විය. පසුව ඔහුගේ හෙළිකිරීම මත විදුහල්පතිනියද අත්අඩංගුවට ගන්නා ලදි.

No comments:

Post a Comment