Translate

Translate

Wednesday, February 12, 2014

නවි පිල්ලේගේ වාර්තාවට කොටි හිතවාදීහු පොහොර දමති

කීර්ති වර්ණකුලසූරිය

මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන වාර්තාව සැකසීම සඳහා කොටි හිතවාදී හයදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ සහය වී ඇතැයි අනාවරණය වෙයි.

එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරීන් දෙදෙනකු වන ගෝඩන් වෙයිස්‌, චාල්ස්‌ පෙටි්‍ර, හිටපු බී. බී. සී. වාර්තාකරු ප්‍රාන්සස්‌ හැරිසන්, චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සහ දරුස්‌මාන් මණ්‌ඩලයේ යස්‌මින් සුකා යන අය මෙම පිරිස වෙති.

මෙකී කණ්‌ඩායම නවි පිල්ලේ මහත්මියට ශ්‍රී ලංකාව සම්බන්ධව සාවද්‍ය කරුණු සපයා ඇති බව ශ්‍රී ලංකා රජයට හෙළි වී ඇත.

ද්‍රවිඩ ජාතිකයන් 40000 සිට 147000 ක්‌ දක්‌වා සංහාරය වූ බවට මොවුන් නවි පිල්ලේ මහත්මියට වාර්තා යොමු කර ඇතත් මියගිය අයගේ වගතුග ප්‍රකාශ කර නැත.

No comments:

Post a Comment