Translate

Translate

Saturday, February 15, 2014

‘මම නිතරම ඔබේ වැලන්ටයින්’


කුලය, බලය, වයස අනුව ආදරය වෙනස් වෙන්නේ නැත. ලෝකයේ බලවතුන් වන ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ හා බිරිඳ මිෂෙල් ඔබාමාගේ ආදරයත් නොවෙනස් ආදරයකි.
පෙබරවාරි 14 වෙනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනදාට එක්ව සැමරුවත් ඊයේ දිනයේ බැරැක් ඔබාමා ඇමරිකාවෙන් දුර බැහැරව සිටි නිසා ඔවුන් දෙදෙනාට එක්ව එම දිනය සමරන්නට නොහැකි විය. එහෙත් ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ එකිනෙකාගේ ආදරය පණිවිඩයන් හුවමාරු කරගෙන ආදරවන්තයින්ගේ දිනය සමරන්නට ඔවුහු අමතක නොකළහ.
    ‘‘හායි බැරැක්.. මම නිතරම ඔබේ වැලන්ටයින්.. සුබ ආදරවන්තයින්ගේ දිනයක් වේවා..’’ යනුවෙන් මිෂෙල් ඔබාමා, සිය ට්විටර් වෙබ් අඩවියේ සටහනක් තබා තිබිණි. එ සමඟින් ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ සුන්දර මතකයන් සහිත ඡයාරූප පෙළක් ද ඇය ට්විටර් වෙබ් අඩවියට එක් කර තිබිණි.
    බැරැක් ඔබාමා ද ඔහුගේත් ඇගේත් සුන්දර ඡයාරූපයක් සමඟින් ‘‘මෙන්න ඇත්ත.. මිෂෙල් ඔබාමා තවමත් හොඳම වැලන්ටයින්..’’ යනුවෙන් ට්විටර් වෙබ් අඩවියේ සටහනක් තබා තිබිණි.

No comments:

Post a Comment