Translate

Translate

Wednesday, February 12, 2014

කෝටි 80 ක වල්ලපට්ටා කිලෝ 13000 ක් අල්ලලා

පසුගිය කාලය තුළදී අනවසරයෙන් වල්ලාපට්ටා කැපීම් හා ප්‍රවාහනය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්ය බළකාය මගින් සිදු කළ වැටලීම් වලදී රුපියල් කෝටි 80 කට අධික වටිනාකමක් ඇති වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 13173 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ මහතා පවසයි.
මහනුවර, නුවරඑළිය, කෑගල්ල, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, කළුතර දිස්ත්‍රික්කයන්හි කිලෝග්‍රෑම් 74 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. කොළොන්නාවෙන් විශේෂ කාර්ය බළකාය කිලෝග්‍රෑම් 13099 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඒ මහතා කීය.
වලලපට්ට සම්බන්ධයෙන් වූ වන අපරාධ 85 ක් වාර්තා වී ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් ගණන 120 කි. වලලපට්ට ජාවාරම පිළිබඳව මුලින් ම අසන්නට ලැබුණේ 2012 වසරේදී බව ඒ මහතා කීය. විනාශයට ලක්වෙමින් පවතින වලලපට්ට ශාකය ආරක්ෂා කරලීම උදෙසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව , රේගු දෙපාර්තමේන්තුව දැඩි පරිශ්‍රමයක් දරන බව සතුරුසිංහ මහතා පැවසීය.

No comments:

Post a Comment