Translate

Translate

Monday, April 28, 2014

සෙරෙප්පු දාගෙන පාසල් ආවා කියා ගුරුවරිය සිසුවියගේ බෙල්ලේ සෙරෙප්පු එල්ලයි

විශේෂ වාර්තාකරුවකු විසිනි

සපත්තු දෙකක්‌ මිලදී ගැනීමට මුදල් නොමැති නිසා සෙරෙප්පු දෙකක්‌ පැළැඳ පාසල් ගිය දැරියගේ බෙල්ලේ එම සෙරෙප්පු දෙක ගැට ගසා එල්ලා අමානුෂික දඬුවමක්‌ ලබාදුන් ගුරුවරියක පිළිබඳ පුවතක්‌ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

තම දියණියට ලබාදුන් අමානුෂික දඬුවම පිළිබඳව දැරියගේ මව සේරුනුවර පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සේරුනුවර පොලිස්‌ ස්‌ථානාධිපති එම්. බී. වීරරත්න මහතා මෙම දැරියට සපත්තු දෙකක්‌ ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම දැරිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාසලක පස්‌වැනි වසරේ ඉගෙනුම ලබන බව පොලිසිය පවසයි.

දැරියගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලා ඉගෙනීම් කටයුතු කරගෙන යන ලෙස ගුරුවරිය දැරියට පවසා ඇත. විවේක කාලයේදී දැරියගේ මව ඇයට දිවා කෑමවේල ගෙනආ අවස්‌ථාවේදී මෙම සිදුවීම සියෑසින්ම දැක ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.

පියාද නොමැති මෙම දැරිවියගේ මවට තවත් දරුවන් තිදෙනකු සිටින අතර ඇය සේරුනුවර සුමේධංකරපුර ප්‍රදේශයේ සුළු වෙළෙ¹මක්‌ කරගෙන යමින් මෙම දරුවන් පෝෂණය කරන බවද පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳ මෙම අමානුෂික දඬුවම ලබාදුන් ගුරුවරිය පොලිසියට පවසා ඇත්තේ පාසලේ විනය රැකගැනීම සඳහා මෙම දඬුවම ලබාදුන් බවයි. මෙම ගුරුවරියද දරුවන් සිටින මවකි.

No comments:

Post a Comment