Translate

Translate

Friday, April 4, 2014

සිරුරේ හැඩය තබාගන්නේ ලිංගික හැසිරීමෙන් – නිරූපිකාවක් කියයි


තම සිරුරේ හැඩය පවත්වාගන්නේ ලිංගිකව හැසිරීම මගින් බව වික්ටෝරියා සීක‍්‍රට් සඟරා නිරූපිකාවක් වන මිරැන්ඩා කර් පවසා තිබේ.
30 හැවිරිදි ඇය පවසා ඇත්තේ වැඩිවැඩියෙන් ලිංගිකව හැසිරෙත්ම බාහු සහ උදරය ප‍්‍රදේශ වඩ වඩාත් හැඩ වන බවයි.
එක් දරු මවක් වන සූරූපී මිරැන්ඩා මින් සය මසකට පෙර සිය සැමියාවූ  ඕලන්ඩෝ බ්ලූම් වෙතින් වෙන්වී තිබේ.  ඇය පවසා ඇත්තේ එතැන් සිට තමාගේ ලිංගික චර්යාව පහත වැටීම තම බාහු වල හැඩයට බලපා ඇති බවයි.
කෙසේවෙතත් ලෝකයේ සරාගීම ශරීරයක් හිමි ඇයගේ බාහුවල එවැනි වෙනසක් මෙවර ඨූ  සඟරාවේ කවරය සරසා ඇති ඡුායාරූපයේ දක්නට නොලැබෙන බව විචාරකයන් පවසති.
ලිංගිත චර්යාව මෙන්ම දිනකට මිනිත්තු 30ක යෝගා ව්‍යායාම් සහ අති පෝෂණීය ආහාරවේල අඩි 5 අඟල් 9ක් උසැති මිරැන්ඩාගේ සිරුරේ අලංකාරයට ප‍්‍රධාන හේතුන් බව ඔවුන්ගේ අදහසයි.
මේ අතර සක‍්‍රිය ලිංගික ජීවිතයක් තිබීම තරුණ පෙනුමකට ප‍්‍රධාන සාධකයක් බව රාජකීය එඩින්බරෝ රෝහලේ ස්නායු මනෝවිද්‍යාඥ වෛද්‍ය ඬේවිඞ් වීක්ස් පවසා තිබේ.
වයස අවුරුදු 18 සිට 102 දක්වා ස්වේච්ඡවෙන් ඉදිරිපත්වූ පුද්ගලයන් 3500ක් ඇසුරින් කළ සමීක්ෂණයක් මගින් අනාවරණය වී ඇත්තේ සතියකට තෙවරක් ලිංගිකව හැසිරෙන යුවලක් එම වයසේ වඩා දුර්වල ලිංගික ජීවිතයක් හිමි පුද්ගලයෙකුට වඩා වසර 4-7ක් පමණ පෙනුමෙන් තරුණ යන බවයි.
ලිංගික චර්යාව මගින් ප‍්‍රතිශක්තිය ඉහළ දමන අතර රුධිර සංසරණය වේගවත් කිරීමත් මේදය දහනය කිරීමත් සිදුකරන බව පැවසේ.

No comments:

Post a Comment